News Category
From Date
To Date
Maximum Number of Result

යුරෝපය සමඟ යුද්ධයක් අවශ්‍ය නැහැ; සංවාදයට රුසියාව සූදානම් – පුටින්

Oct 30, 2026 at 12:17 PM
|

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසන්නේ ෆින්ලන්තයේ සහ නෝර්වේහි නායකයන් සමඟ පැවැති දුර්ලභ දුරකථන සංවාදය තමන් සාදරයෙන් පිළිගත් බවයි. යුරෝපා රටවල් සමඟ සබඳතා සාමාන්‍ය තත්ත්වයට පත් කිරීමේ උත්සාහයන්ට මොස්කව් පාලනය සැමවිටම සහාය දක්වා ඇති බව ද ඔහු සඳහන් කළේය.

ෆින්ලන්ත ජනාධිපති ඇලෙක්සැන්ඩර් ස්ටබ් සහ නෝර්වේ අග්‍රාමාත්‍ය ජෝනාස් ගාර් ස්ටෝරේ පසුගිය අඟහරුවාදා(27) පුටින් සමඟ දුරකථන සංවාදයක නිරත වූහ. 2022 පෙබරවාරි මාසයේදී යුක්රේන ගැටුම උත්සන්න වීමෙන් පසුව යුරෝපා නායකයන් මොස්කව් පාලනය සමඟ සෘජු සම්බන්ධතා පැවැත්වීමෙන් වැළකී සිටීමේ දිගුකාලීන පිළිවෙතෙන් බැහැර වූ අවස්ථාවක් ලෙස මෙය සැලකේ.

කෙසේ වෙතත්, මෙම පියවර ඩෙන්මාර්ක අග්‍රාමාත්‍ය මෙට් ෆ්‍රෙඩ්රික්සන්ගේ විවේචනයට ලක්විය. එහි ප්‍රතිඵලදායකත්වය පිළිබඳව ප්‍රශ්න කළ ඇය, එම සංවාදය යුරෝපා හවුල්කරුවන් සමඟ සම්බන්ධීකරණය කර නොතිබූ බව ද ප්‍රකාශ කළාය.

බ්‍රහස්පතින්දා(29) ක්‍රෙම්ලිනයේ පැවැති මාධ්‍ය හමුවකදී පුටින් කියා සිටියේ, යුක්රේනයට බටහිර රටවල් හමුදාමය සහාය ලබාදෙමින් රුසියාවට එරෙහිව සම්බාධක පනවා තිබුණ ද, බටහිර රටවල් සමඟ සංවාදයක් පැවැත්වීම තමන් සාදරයෙන් පිළිගන්නා බවයි.

“මා විශ්වාස කරන්නේ එය නිවැරදි පියවරක් බවයි. සියල්ලට පසු, අනෙක් සමහර පුද්ගලයන් මෙන් රුසියාවට ‘උපායමාර්ගික පරාජයක්’ අත්කර දීමට අවශ්‍ය නොවන, ඒ වෙනුවට යම් ආකාරයක ඵලදායී සංවාදයක් ගොඩනැගීමට කැමැත්තක් දක්වන පුද්ගලයන් යුරෝපයේ සිටිනවා” යැයි ඔහු පැවසීය.

යුරෝපා සංගමය හරහා හෝ ද්විපාර්ශ්වික පදනමක් මත හෝ යුරෝපා රටවල් සමඟ “පූර්ණ සහ පුළුල් සබඳතා යළි ස්ථාපිත කිරීම අරමුණු කරගත් ඕනෑම පියවරකට” රුසියාව සහාය දක්වන බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

යුරෝපා සංගමය හෝ නේටෝ සංවිධානය සමඟ පුළුල් ගැටුමක් ඇති කරගැනීමේ අරමුණක් රුසියාවට නොමැති බව පුටින් යළි අවධාරණය කළේය.

“අපට යුරෝපය සමඟ කිසිදු යුද්ධයක් අවශ්‍ය නැහැ. ඔවුන්ගෙන් ඇතැමුන්ට එවැනි යුද්ධයක් අවශ්‍ය නම්, ඔවුන් ඒ සඳහා සූදානම් විය යුතුයි. නමුත් රුසියාවට ‘උපායමාර්ගික පරාජයක්’ අත්කර දීමේ ඔවුන්ගේ අරමුණ මෙතෙක් ඉටු වී නැහැ. 2030 වන විට හෝ එය සාක්ෂාත් කරගැනීමට හැකි වේ යැයි සිතීම ද දුෂ්කරයි” යනුවෙන් ඔහු පැවසීය.

නෝර්වේ සහ ෆින්ලන්ත නායකයන් ප්‍රකාශ කළේ, ඉදිරියේදී පැවැත්වීමට නියමිත සාකච්ඡා මගින් යුද්ධය අවසන් කිරීමට ඇති හැකියාව සම්බන්ධයෙන් තම අදහස් පුටින් වෙත සෘජුවම ඉදිරිපත් කිරීම මෙම දුරකථන සංවාදයේ අරමුණ වූ බවයි.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අබුඩාබි නුවරදී නුදුරු අනාගතයේදී පැවැත්වීමට අපේක්ෂිත, ඇමෙරිකානු මැදිහත්වීම සහිත රුසියානු-යුක්රේන සාකච්ඡාවලට පෙර මෙම සංවාදය සිදුවිය.

ඔක්තෝබර් 20 වැනිදා ඔස්ලෝ නුවරදී යුක්රේන නායක ව්ලැදිමීර් සෙලෙන්ස්කි සමඟ පැවැත්වූ හමුවේ පසු විපරමක් ලෙස මෙම දුරකථන සංවාදය පැවැත්වූ බව ද ඔවුහු සඳහන් කළහ.

කෙසේ වෙතත්, මෙම දුරකථන සංවාදයේ වැඩි කාලයක් පුටින් රුසියානු සහ ස්ලාව් ජාතික ඉතිහාසය පිළිබඳව අනෙක් නායකයන්ට දේශන පැවැත්වීමට වැය කළ බවට Financial Times පුවත්පත පළ කළ වාර්තාව නෝර්වේ රජය සහ ක්‍රෙම්ලිනය ප්‍රතික්ෂේප කළහ.

ෆින්ලන්ත ජනාධිපති ස්ටබ් ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟ සමීප සබඳතාවක් ගොඩනගාගෙන ඇති අතර, යුක්රේන ගැටුම සම්බන්ධයෙන් ඔහු සමඟ නිතර සාකච්ඡා පවත්වා තිබේ. ඒ හේතුවෙන් මාධ්‍ය තුළ ඔහුට ‘ට්‍රම්ප්ගේ රහස් උපදේශකයා’ (The Trump Whisperer) යන අන්වර්ථ නාමය ද පටබැඳී ඇත.

රුසියාව සමඟ ගනුදෙනු කිරීම සම්බන්ධයෙන් ෆින්ලන්තයට දිගුකාලීන අත්දැකීම් ඇති බව ද ස්ටබ් පෙන්වා දුන්නේය. ෆින්ලන්තය තම නැගෙනහිර අසල්වැසියා වන රුසියාව සමඟ කිලෝමීටර් 1,340ක දේශසීමාවක් බෙදාගන්නා අතර, සීතල යුද සමය පුරාම විටින් විට නොසන්සුන්කාරී තත්ත්වයන් පැවතිය ද, මොස්කව් සමඟ සාමකාමී සබඳතා පවත්වාගෙන ගොස් තිබේ.

මෙම දුරකථන සංවාදය සිදුවූයේ කියෙව් පාලනය සහ වොෂින්ටනය අතර ආතතීන් වර්ධනය වෙමින් පවතින පසුබිමකය.

ට්‍රම්ප් රුසියානු ඩීසල් අපනයනය සම්බන්ධ සම්බාධක ඉවත් කිරීමෙන් පසුව, යුක්රේන ජනාධිපති සෙලෙන්ස්කි රුසියානු තෙල් පිරිපහදු මධ්‍යස්ථානවලට එල්ල කරන ප්‍රහාර නතර කිරීම ප්‍රතික්ෂේප කළේය. ඉන් අනතුරුව ට්‍රම්ප් අතිරේක සීමා කිරීම් ද ඉවත් කිරීමට පියවර ගත්තේය. ඉන්ධන මිල ඉහළ යෑමට හේතුව ලෙස ඔහු එම ප්‍රහාර පෙන්වා දී තිබිණි.

2022 වසරේ යුක්රේනය සමඟ පැවැති සාම සාකච්ඡා කඩාකප්පල් කළේ යුරෝපා නායකයන් බවට මොස්කව් පාලනය චෝදනා කර තිබේ. එසේම, රුසියානු-යුක්රේන ගැටුම විසඳීම සඳහා ට්‍රම්ප් මේ වන විට ගෙන යන මැදිහත්වීමේ උත්සාහයන් ද අඩපණ කිරීමට යුරෝපා නායකයන් උත්සාහ කරන බවට රුසියාව චෝදනා කරයි.

සම්බන්ධිත පුවත් | Related News

30 වැනිදා රට පුරා ක්‍රියාත්මක කිරීමට නියමිත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සඳහා සහාය දක්වන්නේ ද යන්න පිළිබඳ තීරණය අද (29) ගැනීමට නියමිත බව ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය සඳහන් කරයි.
වත්මන් රජය අමු අමුවේ හමුදාව පාවා දෙමින් ඉතාම පහත් දේශද්‍රෝහී ක්‍රියාවක් සිදු කර ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර මහතා පවසයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්කියන් රාසමාණික්කම් පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ශ්‍රී ලංකාවේ ආරක්ෂක අංශයේ ප්‍රමාණය හා එහි නඩත්තු වියදම් සම්බන්ධයෙන් විවාදාත්මක අදහසක් පළ කර තිබේ.
යාපනය ප්‍රදේශයේ පසුගියදා පැවති මහවිරු සැමරුම් සහ වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් සර්වජන බලය පක්ෂයේ යාපනය දිස්ත්‍රික් සංවිධායක අරුන් සිද්ධාර්ථන් සිය අදහස් පළ කර තිබේ.
අමාත්‍යාංශ නිල නිවාස ලබා නොගන්නා බවට ප්‍රකාශ කළ අමාත්‍යවරුන් දස දෙනෙකු මේ වන විට නිල නිවාස ලබාගෙන සිටින බව සමගි ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
හිඟුරක්ගොඩ විවිධ සේවා සමුපකාර සමිතියට අයත් ඉන්ධන පිරවුම්හලකදී, ඉන්ධන බවුසරයකින් ඉන්ධන බාමින් සිටියදී ඩීසල් භූගත ටැංකියට පෙට්‍රල් ලීටර් 2,000කට ආසන්න ප්‍රමාණයක් මුසු වීමේ සිද්ධියක් හේතුවෙන් ඉන්ධන නිකුත් කිරීම ඇණහිට ඇති බව වාර්තා වේ.
හඳුනා නොගත් පියාසර වස්තූන් (UFO) සම්බන්ධයෙන් දශක හතකට අධික කාලයක් සිදුකළ විමර්ශනවලට අදාළ රහස් ලිපිගොනු 40ක් සහ මීට පෙර ප්‍රසිද්ධ නොකළ හමුදා වීඩියෝ දර්ශන තුනක් අමෙරිකාව විසින් ප්‍රසිද්ධ කර ඇත.
ජාතික ජන බලවේග රජය බලයට පත්වූ පසු රාජ්‍ය සේවකයින්ට උද්ධමනයට සාපේක්ෂව වැටුප් ගැලපීමක් සිදුකර නොමැති බව නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර පවසයි.
ඊයේ (නොවැම්බර් 27) දිනට යෙදී තිබූ මහවිරු දිනයට සමගාමීව පැවති සැමරුම් උත්සවයකදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට අපහාස වන අන්දමේ වේදිකා නාට්‍යයක් රඟ දක්වා ඇති අතර, ඊට අදාළ වීඩියෝ කොටස් මේ වන විට සමාජ මාධ්‍ය ජාල ඔස්සේ හුවමාරු වෙමින් පවතින බව වාර්තා වේ.

ප්‍රධාන පුවත්

මේක තමයි මේ රටේ ලොකුම හමුදා පාවාදීම.. UN ප්‍රශ්න 27 ට රජය නිහඬයි.. - සරත් වීරසේකර

වත්මන් රජය අමු අමුවේ හමුදාව පාවා දෙමින් ඉතාම පහත් දේශද්‍රෝහී ක්‍රියාවක් සිදු කර ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර මහතා පවසයි.

හිඟුරක්ගොඩ සමුපකාර ඉන්ධනහලේ ඩීසල් ටැංකියට පෙට්‍රල් බාලා..: මාලිමා මන්ත්‍රීගේ කළමනාකාරීත්වය නිසා සිදුවූ ලොකු පාඩුවක් ගැන හෙළිදරව්වක්..

හිඟුරක්ගොඩ විවිධ සේවා සමුපකාර සමිතියට අයත් ඉන්ධන පිරවුම්හලකදී, ඉන්ධන බවුසරයකින් ඉන්ධන බාමින් සිටියදී ඩීසල් භූගත ටැංකියට පෙට්‍රල් ලීටර් 2,000කට ආසන්න ප්‍රමාණයක් මුසු වීමේ සිද්ධියක් හේතුවෙන් ඉන්ධන නිකුත් කිරීම ඇණහිට ඇති බව වාර්තා වේ.

හඳුනා නොගත් පියාඹන වස්තූන්වල රහස් ලිපිගොනු 40ක් අමෙරිකාව ප්‍රසිද්ධ කරයි.. - UFO අබිරහස් වීඩියෝ දර්ශන තුනකුත් එළියට..

හඳුනා නොගත් පියාසර වස්තූන් (UFO) සම්බන්ධයෙන් දශක හතකට අධික කාලයක් සිදුකළ විමර්ශනවලට අදාළ රහස් ලිපිගොනු 40ක් සහ මීට පෙර ප්‍රසිද්ධ නොකළ හමුදා වීඩියෝ දර්ශන තුනක් අමෙරිකාව විසින් ප්‍රසිද්ධ කර ඇත.

අතීත උරුමයන් හා ජාතික විරුවන් නොසලකා හැරීමෙන් ජාතියක් ලෙස පැවතිය නොහැකියි.. - අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමි

ශ්‍රී ලංකාවේ අතීත උරුමයන් සහ නිදහස් සටනේ විරුවන් නොසලකා හරින ආකල්පමය පරිහානියක් වර්තමානයේ දක්නට ලැබෙන බවත්, එසේ අතීත උරුමයන් නොසලකා හරින්නේ නම් රටක් හා ජාතියක් ලෙස පැවතිය නොහැකි බවත් ශ්‍රී ලංකාවේ ස්‍යාමෝපාලී මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමියෝ පවසති.

මාතලේ ඓතිහාසික පුදබිම රැකගැනිම වෙනුවෙන් පූජ්‍ය ගලගම කුසලධම්ම හිමි නඩු මගට..

මාතලේ අලුවිහාරය ආශ්‍රිතව මුස්ලිම් පල්ලියක ඉදිකිරීම් සම්බන්ධයෙන් පළ වූ පුවතක් පිළිබඳව නීතිමය තත්ත්වය සොයා බැලීමට සහ අවශ්‍ය නීතිමය පියවර ගැනීමට සූදානම් බව පූජ්‍ය ගලගම කුසලධම්ම හිමියෝ පවසති.

ත්‍රෛනිකායික මහා සංඝරත්නය ඇතුළු 5,000කගේ සහභාගීත්වයෙන් ජගත් බොදු සමුළුව අද ඇරඹේ..

ලෝක බෞද්ධ සංඝ සම්මේලනයේ 60 වන සංවත්සර උත්සවය අද පෙරවරුවේ කැළණිය - නාගානන්ද අන්තර්ජාතික විශ්වවිද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.

ඉරාන හෝමූස් තරණය සාර්ථක වෙයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..

මැදපෙරදිග කලාපයේ උද්ගතව ඇති යුදමය වාතාවරණය හමුවේ හෝමූස් සමුද්‍ර සන්ධියේ පාලනය ඉරානය සහ ඕමානය එක්ව පිහිටුවා ගන්නා ඒකාබද්ධ යාන්ත්‍රණයකට නතුවීම නොවැළැක්විය හැකි බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

යාපනයේ 'මාතර ඇඹුල' කඩයේ කොටසක් කඩා දමයි..

යාපනය ප්‍රධාන වීදියේ (Main Street) වසර නවයක පමණ කාලයක් තිස්සේ පවත්වාගෙන ගිය 'මාතර ඇඹුල හෝටලය' නම් ආපනශාලාවේ ඉදිරිපස කොටස යාපනය මහ නගර සභාව මගින් කඩා බිඳ දැමීමත් සමඟ, එම නගරයේ නීති ක්‍රියාත්මක කිරීමේ සමානාත්මතාවය සහ සංහිඳියාව පිළිබඳව ප්‍රදේශවාසීන් අතර දැඩි කතාබහක් මතු වී තිබේ.

නොවැම්බර් 30 වැනිදා දීපව්‍යාප්ත වැඩ වර්ජනයට වෘත්තීය සමිති රැසක් එක්වෙයි.. වර්ජනයට සහාය දෙන බව බව GMOA කියයි..

එළඹෙන නොවැම්බර් 30 වැනිදා දිවයින පුරා රාජ්‍ය සේවයේ ක්ෂේත්‍ර කිහිපයක් ඒකාබද්ධව දීපව්‍යාප්ත වැඩ වර්ජනයක නිරත වීමට තීරණය කර තිබේ.

ඇමරිකානු මැතිවරණ සහ මාධ්‍ය වාර්තාකරණය පාලනය කිරීමට USAID මැදිහත් වූ බවට චෝදනා.. - රහස්‍ය ලේඛන මඟින් තොරතුරු රැසක් හෙළිවේ..

ඇමරිකානු පුරවැසියන්ගේ අදහස් වාරණය කිරීමට සහ 2024 ජනාධිපතිවරණය ඇතුළු මැතිවරණ ක්‍රියාවලීන්ට බලපෑම් කිරීමට ඇමරිකානු ජාත්‍යන්තර සංවර්ධන නියෝජිතායතනය (USAID) කටයුතු කර ඇති බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පාලනාධිකාරිය විසින් ප්‍රසිද්ධියට පත් කරන ලද නවතම ලේඛන මඟින් අනාවරණය වී තිබේ.

ලාල් කාන්ත පල් මෝඩයෙක් සේ අධිරාජ්‍යවාදීන්ගේ දීර්ඝ කාලීන වුවමනාවක් ඉටුකරනවාද?.. ගාස්තුවකට සේවය කරනවා ද? - ජාතික සංවිධාන ප්‍රශ්න කරයි

කෘෂිකර්ම අමාත්‍ය ලාල් කාන්ත මහතා විසින් වී ගොවිතැන අධෛර්යමත් කිරීම සඳහා ගොවීන්ට බලපෑම් කරමින් සිදුකරන ප්‍රකාශ පිළිබඳව ලංකා ලීඩර් විසින් ජාතික සංවිධාන වලින් මතය විමසන ලදී.

චීන – රුසියානු – ඇමරිකා සාකච්ඡා මැද ට්‍රම්ප් පරාජය පිළිගත්තාද?.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ජී. වීරසිංහගෙන් අනාවරණයක්..

1990 දශකයේ සෝවියට් සංගමය බිඳ වැටීමෙන් පසු ගොඩනැඟුණු ඇමරිකානු නායකත්වයෙන් යුත් ඒකධ්‍රැව ලෝක රටාව නිල වශයෙන් අවසන් වීමේ සන්ධිස්ථානයක් ලෙස චීනයේ ෂෙන්ෂෙන් නගරයේ පැවති 33 වැනි APEC සමුළුවට සමගාමීව සිදු වූ ඇමරිකානු, චීන සහ රුසියානු නායකයන්ගේ හමුව හැඳින්විය හැකි බව ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය ජී. වීරසිංහ මහතා පවසයි.

යුද සමයේ ප්‍රහාර ගැන රජය ප්‍රසිද්ධියේ සමාව ගත යුතු යැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාල වාර්තාවකින් නිර්දේශ..

මෙරට යුද සමයේදී සහ ඉන් අනතුරුව මානුෂීය සහ වෛද්‍ය සේවකයින්, පහසුකම් සහ මෙහෙයුම් වෙත එල්ල වූ ප්‍රහාර සම්බන්ධයෙන් රාජ්‍ය ආරක්ෂක අංශවල මැදිහත්වීම පිළිගෙන, රජය විසින් ප්‍රසිද්ධියේ සමාව අයැදිය යුතු බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලය නිකුත් කළ නවතම වාර්තාවක් හරහා නිර්දේශ කර තිබේ.

රුසියාවේ නීතිපතිවරයා සහ ශ්‍රී ලංකාවේ නීතිපතිවරයා අතර හමුවක්

රුසියානු අධීක්ෂණ ආයතනයේ ප්‍රධානියාගේ කොළඹ සංචාරයේ වැඩසටහන ආරම්භ කරමින් රුසියානු නීතිපති ඇලෙක්සැන්ඩර් ගුට්සාන් මහතා ශ්‍රී ලංකාවේ නීතිපති පාරින්ද රණසිංහ මහතා හමුවිය.

සිවාජලිංගම්ට අවසන් ගෞරවය දක්වන්න ඇවිත් මහවිරු දිනයේ කතාවකුත් කරලා.. - සිවාජලිංගම්ගේ අවමංගල්‍යයට පැමිණි ඉන්දීය මන්ත්‍රීවරයාගේ සංචාරය ගැන ආචාර්ය සුරේන් රාගවන්ගෙන් දැඩි විවේචන

මෑතකදී අභාවප්‍රාප්ත වූ සිවාජලිංගම්ගේ අවසන් කටයුතුවලට අවසන් ගෞරව දැක්වීම සඳහා මෙරටට පැමිණි බව සඳහන් ඉන්දීය පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුගේ (තිරුවාමාවලන්) හැසිරීම සහ එම සංචාරය හමුවේ රජය දක්වන ප්‍රතිචාර සම්බන්ධයෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය සුරේන් රාගවන් මහතා දැඩි විවේචන එල්ල කරයි.

ඉන්දියාව අනුරාධපුර ව්‍යාපෘතිය පිළිබඳ සවිස්තරාත්මක යෝජනාවක් අපේක්ෂාවෙන් අරමුදල් තීරණය කිරීමට නියමිතයි..

අනුරාධපුර පූජා නගර සංවර්ධන ව්‍යාපෘතිය සඳහා ඉන්දීය මූල්‍ය ආධාර මෙතෙක් අවසන් වශයෙන් තීරණය කර නොමැති බව කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ ප්‍රකාශකයෙක් පවසයි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.