News Category
From Date
To Date
Maximum Number of Result

මේ වසරේ, ශ්‍රී ලංකාව දරුණු සන්ධිස්ථානයක් සනිටුහන් කරයි - කුප්‍රකට මහ බැංකු බැඳුම්කර මගඩියට වසර දහයක් සපිරෙන, ජාතියේ වසර 5,000ක ඉතිහාසයේ පෙර නොවූ විරූ පරිමාණයේ මූල්‍ය සෝලිය. 2015 පෙබරවාරියේ සිදු වූයේ හුදෙක් වංචාවේ හුදකලා සිදුවීමක් නොව, රටේ ආර්ථිකය වියලි, පොලී අනුපාත හසුරුවා, සහ මිලියන ගණනක වියදමින් තෝරාගත් කිහිප දෙනෙකු පොහොසත් කළ ඉතා සූක්ෂම ලෙස සැලසුම් කරන ලද යෝජනා ක්‍රමයකි.

ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා ජිනීවා හි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 58 වැනි සැසිවාරයේ අමතා විශේෂ ප්‍රකාශයක් කළේය. එහිදී විජිත හේරත් අමාත්‍යවරයා සිය දේශනය පවත්වමින් පැවසූවේ, මානව හිමිකම්, සංහිඳියාව සහ තිරසාර සංවර්ධනය සඳහා ශ්‍රී ලංකාවේ කැපවීම යලි තහවුරු කරමින්, රටේ ප්‍රගතිය සහ ජාත්‍යන්තර ප්‍රජාව සමඟ අඛණ්ඩව සම්බන්ධ වීම රජයේ උපාය මාර්ගික සැළසුම බවයි.

වසර 3ක් තිස්සේ පවතින රුසියාවට එරෙහි යුක්රේන යුද්ධය පිළිබඳව මෙරට ජනයා තුළ පවතින ආකල්පය නිර්මාණය කර ඇත්තේ අමෙරිකා එක්සත් ජනපදයෙන්, යුරෝපා සංගමයෙන් සහ ඔවුන්ට හිතවාදී රටවලින් මෙන්ම එම රටවලට සමීප මෙරට දේශපාලන සහ සමාජ කණ්ඩුයම්වලින් විසින් බව ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පවසයි.

නූතන යුගයේ ජාතිකවාදී රාජ්‍යයක් අර්ථ දැක්විය හැක්කේ කෙසේද යන ප්‍රශ්නයට හොවාඩ් නිකලස් නම් සුප්‍රකට ආර්ථික විද්‍යා මහාචාර්යවරයා අප්‍රිකාව පිළිබඳ සිදුකරන ලද සාකච්ඡාවකදී පැහැදිලි කරනුයේ මෙසේය. ඔහු නෙදර්ලන්තයේ, රොටර්ඩෑම් හි පිහිටි එරස්මස් විශ්ව විද්‍යාලයේ සමාජ අධ්‍යයන අංශයේ සේවයේ නියුතු කීර්තිමත් ආර්ථික විද්‍යා මහාචාර්යවරයෙකි. පහත දැක්වෙන ඔහුගේ මෙම අර්ථ දැක්වීම ජාතිකවාදී රාජ්‍යය පිළිබඳව පමණක් නොව සැබෑ ජාතිකවාදය හෝ සැබෑ ජාතිකවාදියා යනු කවරෙක්ද යන ප්‍රශ්නයටද එක සේ අදාළ වේ.

අපේ රටට ජාතික ප‍්‍රතිපත්තියක් අවශ්‍ය බවට සහ එසේ නොමැති නිසා වත්මන් අර්බුදය පැන නැගුණු බවට බොහෝ පිරිසක් හඬ න`ගන බව දක්නට ඇත. එහෙත් මන්තරයක් සේ එම වචන ද්විත්වය පුනරුච්චාරණය කළ ද එවැනි ප‍්‍රතිපත්තියක අඩංගුව හෙවත් මූලික උපායමාර්ගික රාමුව කුමක් විය යුතුද යන්න පිළිබඳව ඔවුන් විසින් කිසිදු කොන්දේසියක් පනවන්නේ නැත. ඒ නිසා ජාතික ප‍්‍රතිපත්තියක නාමයෙන් විවිධ විෂය ක්ෂේත‍්‍රවලට අදාළව ඉතා උසස් අරමුණු සහ විචිත‍්‍රවත් අපේක්ෂා සහිත සංකල්පීය රාමු ඉදිරිපත් කරමින් පවතින සමාජ ආර්ථික මොඩලය එසේම පවත්වා ගන්නා අතර ඒ තුළ යම් රූපලාවන්‍ය වෙනස්කම් සඳහා යෝජනා ඉදිරිපත් කිරීමේ හැකියාව ලැබී ඇත.

එක පෑන් පහරින් රටේ ප්‍රශ්න විසඳන බවට පවසමින් බලයට පැමිණි ජාතික ජනබලවේගය ආණ්ඩුව ජනතාවගේ බලාපොරොත්තු ඉටු නොකරන්නේ නම් මෙවර පළාත් පාලන මැතිවරණයේ දී දැඩි අභියෝගයකට මුහුණ දීමට සිදුවන බව ප්‍රවීන මාධ්‍යවේදී ශමීන්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ මහතා පවසයි.

ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් නීතීපතිගේ උපදෙස් මේ වන විට අර්බුදයක් මතුව ඇත එම කරුණු මගින් පෙන්වා දෙන්නේ නීතිපති දෙපාර්තමේන්තුව රජය අල්ලා පොලවේ ගැසිමක් සිදුකල ඇති බවයි එසේම නිසි නීති උපදෙස් නියමිත කාලයට නොලැබීම නිසා වත්මන් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල සම්බන්ධ අර්බුදය දෙවන වරටත් රජය අල්ලා පොලවේ ගැසිමක් බව මේ වන විට සිදුවෙමින් පවතින කරුණු අනුව පෙනී යයි රටේ නීතිපති දෙපාර්තමේන්තුව පෙනී සිටින්නේ රජය වෙනුවෙන් ක්‍රියා කිරීමට සහ රජයට නීති උපදෙස් දීම වෙනුවෙන් ය

ජනාධිපති අනුර කුමාර දිසානායක රටේ බලය එකමිටට හිමිකර ගැනීම පිළිබඳ ලංකාවේ විවිධ වාද විවාද ඇති වන අතරේ විදෙස් විශ්ලේෂණ ද රැසක් ඉදිරිපත් වූ ආකාරය දැකගත හැකිවිය. බොහෝ විට වාද විවාද සහ විශ්ලේෂණවල දැකිය හැකි වූ කේන්ද්‍රීය තර්කය නම් අන් කිසිවක් නොව අනුර කුමාර සහ ඔහු නායකත්වය දෙන ජාතික ජන බලවේගය ලංකාවේ රාජ්‍යතන්ත්‍රය තුළ කාලයක් තිස්සේ වර්ධනය වෙමින් තිබෙන දූෂණය, වංචාව, අල්ලස, අකාර්යක්ෂමතාව, පවුල් වාදය, ප්‍රභූවාදය ආදියට එරෙහිව නැගූ විරෝධය එකී දේශපාලන ජයග්‍රහණයට හේතු වූ බවය. සාම්ප්‍රදායික දේශපාලනය පිළිබඳ කාලයක් තිස්සේ රටේ වර්ධනය වූ අප්‍රසාදය ඒ පිටුපස තිබුණු ප්‍රධාන සාධකය බව දේශීය දේශපාලන පණ්ඩිතයෝ සඳහන් කරති.

මහජනයා විසින් ඓතිහාසික ජනවරමක් ලබාදෙමින් වර්තමාන ආණ්ඩුව බලයට පත් කරන්නේ පෙර සිටි පාලකයන් විසින් නිර්මාණය කළ බහුවිධ අර්බුද ජය ගැනීම සඳහා බව ඉතා පැහැදිලිය. එහිදී අතීත පාලකයෙන් ප‍්‍රතික්ෂේප කිරීම මගින් ඔවුන්ට දඬුවම් කිරීමේ අපේක්ෂාවද මහජනයාගෙන් යම් ප‍්‍රතිශතයක හදවත් තුළ තිබූ බව රහසක් නොවේ. මහජනයා රනිල් වික‍්‍රමසිංහ ජනාධිපතිවරයා අත තිබූ ‘‘රිලේ බැටන්’’ එක උදුරා අනුර දිසානායක මහතා අතට දුන්නද ඔහුට දිවීමට සිදුව ඇත්තේ මීට පෙර සිටි පාලකයින් විසින් නිර්මාණය කළ ධාවන පථයේම බව දැන් ඉතා හොඳින් දැකගත හැක. එහෙත් බහුතර ජනයාට ඒ පිළිබඳව අවබෝධයක් නැත. එහිදී විශේෂයෙන්ම රනිල් වික‍්‍රමසිංහ මහතා එම ධාවන පථය ශක්තිමත් කිරීම හෙවත් ඉන් එළියට පැනගැනීම වැළැක්වීම සඳහා බරපතල බාධක ප‍්‍රමාණයක් පැනවුවද ඒ පිළිබඳව බරපතල සමාජ කතිකාවක් ගොඩනැගෙන්නේ නැත. එහෙත් රනිල් වික‍්‍රමසිංහ අගමැතිවරයා ලෙස ඊනියා යහපාලන ආණ්ඩුව කාලයේදී සහ ඉන් පසුව පශ්චාත් අරගල ඊනියා පත් කළ ජනාධිපතිවරයා ලෙස රෝපණය කළ ‘‘අර්බුද බීජවල’’ අස්වනු නෙලීමට සිදුවන්නේ වර්තමාන ආණ්ඩුවටය.


ප්‍රධාන පුවත්

අනුර නොදකින රනිල් දකින යථාර්ථය (වීඩියෝ)

"ඝන වන මීදුම තුළ සැරිසැරීම: අවට ඇති සියල්ල වෙනස් වන විට තෝරාගත් උපාය මාර්ගම අනුගමනය කළ හැකිද?" යන මාතෘකාව යටතේ SPIEF හි වැල්ඩායි සමාජ වටමේසයේ පළමු සැසියට සහභාගි වෙමින් හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා G7 "කුණු කූඩයට" යන ගමනක යෙදී සිටින බව පැවසුවේය.

ගිහි අධිකරණයෙන් භික්ෂුනී සසුන ස්ථාපිත කෙරේ.... බලංගොඩ කස්සප හිමි

බෞද්ධ භික්ෂුණීන්ට සිල් මාතා වෙනුවට භික්ෂුණි යන පිළිගැනීම ලබා දී ජාතික හැඳුනුම්පත් ලබා දෙන ලෙස පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබෙනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඊජිප්තුවට කළ දේ ලංකාවටත් කරයිද? - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණයක්..

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) රනිල් වික‍්‍රමසිංහ සහ අනුර කුමාර දිසානායක යන දෙදෙනාගේම රජයන්හි ප‍්‍රධානතම ආර්ථික උපදේශකයෙකුගේ භූමිකාව ඉටු කළ බව හා ඉටුකරමින් සිටින බවත්,

ඊශ්‍රායල් - ඉරාන ගැටුම නිසා මතුවන ලෝක අර්බූද.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශ සිදුකරන විග්‍රහය..

2023 ඔක්තෝබර් 07 වැනිදා හමාස් සංවිධානය ඊශ්‍රායලයට එල්ල කරන ලද ප්‍රහාරයෙන් පසුව ඊශ්‍රායලය විසින් හමාස් සංවිධානයට සහ පලස්තීනයට එරෙහිව යුද ප්‍රකාශ කරන ලද අතර මෙම ගැටුම අතරතුර පලස්තීනය වෙනුවෙන් නිරන්තරයෙන් පෙනීසිටියේ ඉරානයයි. පසුගිය දා ඊශ්‍රායලය විසින් ඉරානයට ද ප්‍රහාර එල්ල කිරීමත් සමග ලෝකය පුරා දැඩි ව්‍යාකූලත්වයක් නිර්මාණය වී තිබේ.

ඊශ්‍රායලය නමින් රාජ්‍යයක් මැද පෙරදිග නැති වුණා නම් අමෙරිකාවට සිදුවෙන දේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක හෙළිකරයි.. (වීඩියෝ)

ඊශ්‍රායලය නමැති රාජ්‍යයක් මැදපෙරදිග නොතිබුනා නම් ඊශ්‍රායලය නමින් රාජ්‍යයක් නිර්මාණය කිරීමට අමෙරිකාවට සිදුවන බව 1986 දී ජෝ බයිඩන් විසින් ප්‍රකාශකර තිබූ බව ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පවසයි.

ගැටුම් කලාපයෙන්: ඉරානයේ සන්සුන් භාවය පිළිබඳ රුසියානු විශේෂඥයාගේ නිරීක්ෂණ සහ ඉරානයේ ඊළඟ පියවර

දැනට ටෙහෙරානයේ පැවැත්වෙන BRICS ආශ්‍රිත සමුළුවකට අනෙකුත් රුසියානු විද්වතුන් සමඟ සහභාගී වී සිටින රුසියානු විදේශ ප්‍රතිපත්ති විශේෂඥයෙකු වන ඇඩ්ලාන් මාගෝව්, හමුදා සහ න්‍යෂ්ටික ඉලක්ක වෙත ඊශ්‍රායලය එල්ල කළ විස්මය ජනක ගුවන් ප්‍රහාරවලින් පසු ඉරාන අගනුවර ඇති මනෝභාවය පිළිබඳව පැහැදිළි චිත්‍රයක් ලෝකයට ඉදිරිපත් කරයි.

අනුර - මෝදි ගිවිසුම් වලට එරෙහිව ජාතික සංවිධාන විසින් ගොනුකරනු ලැබූ පෙත්සම ගැන අධිකරණය අද ලබාදුන් තීරණය මෙන්න..

වත්මන් රජය යටතේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුම් බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ජාතික සංවිධාන නියෝජිතයින් විසින් ගොනු කරනු ලැබු මූලික අයිතිවාසිකම් පෙත්සම සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලයෙන් උපදෙස් ලබාගෙන කරුණු දක්වීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය අද (ජූනි 16) නීතිපතිවරයාට කල් ලබා දුන්නේ ය.

කොළඹ නගරාධිපති ධුරය මාලිමාවට

මෙවර පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී කිසිදු පක්ෂයක් විසින් බහුතර බලයක් හිමි නොවූ කොළඹ මහ නගර සභාවේ බලය ජාතික ජන බලවේගයට හිමිවුණි.

ඊශ්‍රායලය, ප්‍රවේශම් වන්න: ඉරානය තවමත් එහි නවතම ආයුධ භාවිතා කර නැහැ!-ප්‍රවීණ යුද මාධ්‍යවේදී ඇලෙක්සි බෝර්සෙන්කෝ

ඊශ්‍රායලය දියත් කළ "ඔපරේෂන් රයිසින් ලයන්" මෙහෙයුමට ප්‍රතිචාර වශයෙන් ඊශ්‍රායලයේ හයිෆා වෙත පහර දීම සඳහා හජ් කසෙම් ලෙස හඳුන්වන දියුණු නියාමනය කරන ලද බැලස්ටික් මිසයිලයක් භාවිතා කර ඇති බව ප්‍රවීණ යුද මාධ්‍යවේදී ඇලෙක්සි බෝර්සෙන්කෝ ස්පුට්නික් පුවත් සේවය වෙත පැවසීය.

විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද කැපිල්ල රජයේ ක්‍රියාකාරී සැලැස්මෙන් හැලෙයි..

විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල විශ්‍රාම වැටුප් සහ විශේෂ වරප්‍රසාද අහෝසි කිරීම අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ක්‍රියාකාරී සැලැස්මෙන් ඉවත්කර ඇති බව තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත හරහා ලබාගත් ලේඛනයකින් පෙනීගොස් තිබේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.