News Category
From Date
To Date
Maximum Number of Result

අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මුවාවෙන්, ජීවිතයේ තීරණාත්මක මංසන්ධියකට පැමිණෙන 6 වසරෙහි ළමුන් ඉලක්ක කරමින් සියුම්ව LGBTQ මතවාද ළමුන්ගේ ඔළු තුල කාවැද්දීමට පාඩම් මාලා සැකසීමට නායකත්වය දුන් අධ්‍යාපන ඇමති හරිනි අමරසූරිය මෙනෙවියගේ ක්‍රියා කලාපයට එරෙහිව සමාජයෙන් එල්ල වූ දැඩි පීඩනය ඇයට සහ මාලිමා ආණ්ඩුවට දරා ගත නොහැකි සීමාවකට තල්ලු වී ඇති බව අප වෙත විවිධ සමාජ විද්‍යාඥයෝ පෙන්වා දුන්හ.

එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධිත ආයතන ඇතුළු ජාත්‍යන්තර සංවිධාන 66 කින් ඉවත් වීමට ට්‍රම්ප් පරිපාලනය තීරණය කර ඇත.

පීඩන අවපාතය හෙට (09) පස්වරුවේ දී හම්බන්තොට සහ කල්මුණය ප්‍රදේශයෙන් දිවයිනට ඇතුල් විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්, අතුල කරුණානායක මහතා පවසයි.

අගමැති හරිනි අමරසූරියට එරෙහිව ගෙන එන විශ්වාසභංග යෝජනාව හෙට කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න වෙත භාරදීමට සැලසුම් කර ඇති බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක පවසයි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් නිකුත් කර ඇති මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඉලක්ක කරගනිමින් ද්වේෂ සහගසෛහ අපහාසාත්මක ව්‍යාපාරයක් ආරම්භ වී ඇති බව විද්වත් සහ සිවිල් ක්‍රියාකාරීන් පිරිසක් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කර තිබේ.

ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ස්ථාපිතව පවතින පීඩන අවපාතය ඉදිරි පැය 12 තුළ ගැඹුරු පීඩන අවපාතයක් දක්වා තවදුරටත් වර්ධනය වීමට බොහෝ දුරට හැකියාව පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම්දෙයි.

ස්වාධීන රාජ්‍යයක් වන වෙනිසියුලාව මත එක්සත් ජනපදය විසින් මෑතකදී සිදු කරන ලද හදිසි ප්‍රහාරය සහ ජනාධිපති මධුරෝ සහ ඔහුගේ බිරිඳ පැහැර ගැනීම නූතන ලෝකයේ රාජ්‍ය ත්‍රස්තවාදයේ ක්‍රියාවක් ලෙස දැඩි ලෙස හෙළා දකින බව ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ පවසයි.

6 වසර ඉංග්‍රීසි මොඩියුලයේ සමලිංගික වෙබ් අඩවියක සබැඳියක් අන්තර්ගතවීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් පවසන්නේ මෙම මොඩියුලය සෑදීමට දායක වූ ජාතික අධ්‍යාපන ආයතනයේ සිටින බහුතරයක් අනුරාධපුරයේ අයවළුන් බවය.


ප්‍රධාන පුවත්

ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹීමේ ආදර්ශය අනුගමනය කරමින් රුසියාව සමඟ ආර්ථික සබඳතා යළි ස්ථාපිත කරන ලෙස ජර්මනියේ විපක්ෂ දේශපාලන පක්ෂ දෙකක් ඉල්ලා ඇතැයි වාර්තාවේ.

රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්

රුසියාව සහ යුක්‍රේනය අතර වහාම ක්‍රියාත්මක වන පරිදි බලශක්ති ඉලක්ක වෙත එල්ල කරන ප්‍රහාර අත්හිටුවීමේ එකඟතාවක් ඇති කරගෙන තිබෙන බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)

ඊයේ(11) දිනයේ උතුරු නේපාලයට බලපෑ හදිසි මහා ගංවතුර හේතුවෙන් නිවාස හා පාලම් රැසක් ගසාගෙන ගොස් ඇති අතර, පුද්ගලයන් පස්දෙනකුට අධික පිරිසක් අතුරුදන්ව සිටින බව වාර්තා වේ.

ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායකය 'දෙමළ ජන සංහාරයක්' නිල වශයෙන් පිළිගෙන නැහැ.. කොටි හිතවාදීන් ගොතන ලද ජන සංහාරක ප්‍රබන්ධය බිඳ වැටිලා.. - ආචාර්ය නෙවිල් හේවගේ

කැනඩාවේ ඔන්ටාරියෝ (Ontario) පළාත් ව්‍යවස්ථාදායකය විසින් 'දෙමළ ජන සංහාරය' (Tamil Genocide) යන සංකල්පය හෝ එය නිල වශයෙන් පිළිගෙන නොමැති බව එරට අධිකරණ තීන්දු මඟින් තහවුරු වී ඇති බව ආචාර්ය නෙවිල් හේවගේ මහතා පෙන්වා දෙයි.

ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද..

බන්ධනාගාර ගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි වෙනුවෙන් හා භික්ෂූන්ගේ ආගමික අයිතිවාසිකම් වෙනුවෙන් මහා සංඝරත්නයේ මූලිකත්වයෙන් ආරම්භ කළ පා ගමන අද (12) තෙවන දිනටත් පැවැත්වේ.

"ජේවීපී එකෙන් මගෙ සිවුර ගලවනවා.. සිරගත වුනත් කවදාවත් මෙහෙම දෙයක් වෙලා නෑ මහත්තයෝ.." - අත්අඩංගුවට ගැනීමට පෙර ඥානසාර හිමි පැවසූ කතාව නීතිඥ සංජීව වීරවික්‍රම හෙළිකරයි..

ඥානසාර හිමි අත්අඩංගුවට ගැනීමට පෙර තමන්ට ඇමතුමක් ලබාදී හමුවන ලෙස දැන්වූ බවත්, එහිදී උන්වහන්සේ පැවසුවේ උන්වහන්සේව අත්අඩංගුවට ගත් පසු සිවුර ගැලවීම අනිවාර්යෙන් සිදුකරන බව යැයිද, කළින්ම උන්වහන්සේ මේ පිළිබඳව දැනසිටි බවත්, තමන් සමග මේ සම්බන්ධයෙන් උන්වහන්සේ කතා කළ බවත් නීතිඥ සංජීව වීරවික්‍රම මහතා හෙළිදරව්වක් සිදුකරමින් පවසයි.

අනුරාධපුර පූජා නගරය ගොඩනැගීමට ඉන්දියාවෙන් විශාල ආධාරයක් ලැබෙනවා.. - ජනපති ඉබ්බාගමුවේදී පවසයි

අනුරාධපුර පූජා නගරය ගොඩනැගීම සඳහා විශාල ආධාර මුදලක් ඉදිරියේදී ඉන්දියානු රජයෙන් ලැබීමට නියමිත බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.

මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..

මාලිමාවට රැවටී තමන් වහන්සේද මාලිමාවට ඡන්දය දුන් බවත්, රට හදනවා කියා, උගන්ඩාවේ සල්ලි ගේනවා කියා, දූෂණ වංචා නොකරනවා කියා, ජනතාවට නැති කිසිවක් අපිට එපා කියා, ජනතාව අන්දවා ඡන්දය ගත් හැටි අද හොඳින් අවබෝධවී ඇති බවත් මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමියෝ පවසති.

රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි

ඇමරිකාව සහ ජාත්‍යන්තර වෙළෙඳපොළ තුළ මතු වී ඇති දැඩි ඉන්ධන හිඟයට විසඳුමක් ලෙස, රුසියාව සහ එක්සත් ජනපදය අතර සුවිශේෂී සහ ඓතිහාසික බලශක්ති ගිවිසුමකට එළඹ තිබේ.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.