වත්මන් ආණ්ඩුව නීතිය කාටත් පොදුයි කියා පැවසුවද, උතුරු නැගෙනහිර දෙමළ බෙදුම්වාදී අන්තවාදයට සහ ත්‍රස්තවාදය ප්‍රවර්ධනය කිරීමට පූර්ණ නිදහස ලබා දෙමින් දකුණේ දේශපාලන ප්‍රතිවාදීන් දඩයම් කිරීමේ දෙබිඩි පිළිවෙතක් අනුගමනය කරන බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා චෝදනා කරයි. අද 18 පෙරවරුවේ බත්තරමුල්ල පිහිටි ජාතික නිදහස් පෙරමුණේ පක්ෂ කාර්යාලයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී වීරවංශ මහතා මෙම අදහස් පළ කළේය.
අධිකරණය විසින් ගියවර නඩු දිනයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ හට ලබා දුන් නියෝගය සම්බන්ධයෙන් සැප්තැම්බර් 12 වැනිදා විමල් වීරවංශ රැස්වීමක දී කළ ප්‍රකාශය මගින් අධිකරණයට අපහාස වීමක් වී ඇද්ද යන්න සම්බන්ධයෙන් සලකා බලා කටයුතු කරන ලෙස නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් ජනක බණ්ඩාර කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට දැන්වීය.
අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් තමන්ට එරෙහිව ඉදිරිපත් කර ඇති පැමිණිල්ල බලරහිත කරන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා ගොනු කළ රිට් පෙත්සම සම්බන්ධයෙන් නියෝගය මේ මස 30 වනදා ප්‍රකාශයට පත්කරන බව අභියාචනාධිකරණය අද (18) දැනුම් දුන්නේය.
ප්‍රධාන පුවත්
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල