කැනඩාව දිගින් දිගටම LTTEය තහනම් කරන එක ගැන ඉලංකෙයි තමිල් අරසු පක්ෂය කනස්සල්ලෙන්..
කැනඩාව විසින් එල්.ටී.ටී.ඊ. (LTTE) සංවිධානය තහනම් කර ඇති ලැයිස්තුව නැවත සමාලෝචනය කරන ලෙස ඉලංගෙයි තමිල් අරසු පක්ෂයේ (ITAK) පාර්ලිමේන්තු මන්ත්‍රී සිවඥානම් ශ්‍රීධරන් කැනඩා කොන්සර්වේටිව් පක්ෂයේ මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.
ඔටාවා හි පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති හමුවකදී මෙම ඉල්ලීම සිදු කර ඇති බව Tamil Guardian පුවත වාර්තා කරයි.
යාපනය දිස්ත්‍රික්කය නියෝජනය කරන ශ්‍රීධරන් මන්ත්‍රීවරයා, කැනඩා කොන්සර්වේටිව් පක්ෂ මන්ත්‍රීවරුන් වන ෂුවලෝයි මජුම්දාර් සහ කොස්ටාස් මෙනෙගාකිස් මෙන්ම විපක්ෂ නායක කාර්යාලයේ නියෝජිතයෙකුද හමුවී මෙම සාකච්ඡාව පවත්වා ඇත.
2006 වසරේදී කැනඩාව විසින් එල්.ටී.ටී.ඊ. සංවිධානය තහනම් කිරීම හේතුවෙන් සාකච්ඡාමය විසඳුමක් කරා යාමට තිබූ උත්සාහයන් අඩපණ වූ බවත්, එමගින් ශ්‍රී ලංකා රජයට එල්ල වන ජාත්‍යන්තර බලපෑම දුර්වල වූ බවත් ඔහු මෙහිදී පෙන්වා දී තිබේ. සන්නද්ධ ගැටුම් අවසන් වී වසර 17ක් ගතවී තිබුණද යළි කිසිදු සන්නද්ධ නැගී සිටීමක් සිදුව නැති නමුත්, ද්‍රවිඩ ජනතාවට තවමත් නිසි දේශපාලන විසඳුමක් ලැබී නොමැති බවද ඔහු අවධාරණය කරයි.
එමෙන්ම, දැනට මිනිස් අස්ථි කොටස් 583ක් සොයාගෙන ඇති චෙම්මනි සමූහ මිනීවල පිළිබඳ විමර්ශන සඳහා ජාත්‍යන්තර විශේෂඥයින්ගේ සහභාගීත්වයෙන් යුත් ස්වාධීන අධිකරණ වෛද්‍ය පරීක්ෂණයක් පවත්වන ලෙසත්, ඊට අවශ්‍ය වෛද්‍ය විශේෂඥ දැනුම හා උපකරණ ලබා දෙන ලෙසත් මන්ත්‍රීවරයා කැනඩාවෙන් ඉල්ලා ඇත.
මීට අමතරව ශ්‍රී ලංකා හමුදාව භාරයේ පවතින කේප්පාපිලවු හි අක්කර 171ක ඉඩම් ප්‍රමාණය සහ වලිගාමම් උතුරේ අක්කර 2,117ක ඉඩම් ප්‍රමාණය නැවත ලබා දීමට කටයුතු කරන ලෙසද ඔහු ඉල්ලා තිබේ.
මෙම හමුවට පෙර, කැනඩා විදේශ කටයුතු අමාත්‍යාංශයේ ඉන්දු-පැසිෆික් කලාපය භාර සහකාර නියෝජ්‍ය අමාත්‍ය වෙල්ඩන් එප් ඇතුළු නිලධාරීන් පිරිසක් හමුවී අතුරුදහන් කරවීම්, ඉඩම් අත්පත් කරගැනීම් සහ ද්‍රවිඩ ජනතාව මුහුණපා ඇති ගැටලු පිළිබඳවද සාකච්ඡා කර ඇති අතර, මෙම සියලු කරුණු සම්බන්ධයෙන් තම පක්ෂ නායකත්වය දැනුවත් කිරීමට කැනඩා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එකඟ වී තිබේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මේක තමයි මේ රටේ ලොකුම හමුදා පාවාදීම.. UN ප්‍රශ්න 27 ට රජය නිහඬයි.. - සරත් වීරසේකර
හිඟුරක්ගොඩ සමුපකාර ඉන්ධනහලේ ඩීසල් ටැංකියට පෙට්‍රල් බාලා..: මාලිමා මන්ත්‍රීගේ කළමනාකාරීත්වය නිසා සිදුවූ ලොකු පාඩුවක් ගැන හෙළිදරව්වක්..
හඳුනා නොගත් පියාඹන වස්තූන්වල රහස් ලිපිගොනු 40ක් අමෙරිකාව ප්‍රසිද්ධ කරයි.. - UFO අබිරහස් වීඩියෝ දර්ශන තුනකුත් එළියට..
අතීත උරුමයන් හා ජාතික විරුවන් නොසලකා හැරීමෙන් ජාතියක් ලෙස පැවතිය නොහැකියි.. - අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමි
මාතලේ ඓතිහාසික පුදබිම රැකගැනිම වෙනුවෙන් පූජ්‍ය ගලගම කුසලධම්ම හිමි නඩු මගට..
ත්‍රෛනිකායික මහා සංඝරත්නය ඇතුළු 5,000කගේ සහභාගීත්වයෙන් ජගත් බොදු සමුළුව අද ඇරඹේ..
ඉරාන හෝමූස් තරණය සාර්ථක වෙයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..
යාපනයේ 'මාතර ඇඹුල' කඩයේ කොටසක් කඩා දමයි..
නොවැම්බර් 30 වැනිදා දීපව්‍යාප්ත වැඩ වර්ජනයට වෘත්තීය සමිති රැසක් එක්වෙයි.. වර්ජනයට සහාය දෙන බව බව GMOA කියයි..
ඇමරිකානු මැතිවරණ සහ මාධ්‍ය වාර්තාකරණය පාලනය කිරීමට USAID මැදිහත් වූ බවට චෝදනා.. - රහස්‍ය ලේඛන මඟින් තොරතුරු රැසක් හෙළිවේ..
ලාල් කාන්ත පල් මෝඩයෙක් සේ අධිරාජ්‍යවාදීන්ගේ දීර්ඝ කාලීන වුවමනාවක් ඉටුකරනවාද?.. ගාස්තුවකට සේවය කරනවා ද? - ජාතික සංවිධාන ප්‍රශ්න කරයි
චීන – රුසියානු – ඇමරිකා සාකච්ඡා මැද ට්‍රම්ප් පරාජය පිළිගත්තාද?.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ජී. වීරසිංහගෙන් අනාවරණයක්..
යුද සමයේ ප්‍රහාර ගැන රජය ප්‍රසිද්ධියේ සමාව ගත යුතු යැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාල වාර්තාවකින් නිර්දේශ..
රුසියාවේ නීතිපතිවරයා සහ ශ්‍රී ලංකාවේ නීතිපතිවරයා අතර හමුවක්
සිවාජලිංගම්ට අවසන් ගෞරවය දක්වන්න ඇවිත් මහවිරු දිනයේ කතාවකුත් කරලා.. - සිවාජලිංගම්ගේ අවමංගල්‍යයට පැමිණි ඉන්දීය මන්ත්‍රීවරයාගේ සංචාරය ගැන ආචාර්ය සුරේන් රාගවන්ගෙන් දැඩි විවේචන
ඉන්දියාව අනුරාධපුර ව්‍යාපෘතිය පිළිබඳ සවිස්තරාත්මක යෝජනාවක් අපේක්ෂාවෙන් අරමුදල් තීරණය කිරීමට නියමිතයි..