News Category
From Date
To Date
Maximum Number of Result

රාජ්‍ය අංශයේ පවතින වෛද්‍ය සහ තාක්ෂණික වෘත්තිකයන්ගේ හිඟයට කඩිනම් පිළියමක් ලෙස, ජ්‍යෙෂ්ඨ සහ වෘත්තීය මට්ටමේ නිලධාරීන් සඳහා වසර දෙකක සේවා දිගුවක් ලබාදීමට රජය තීරණය කර ඇති බව 'සන්ඩේ ටයිම්ස්' පුවත්පත වාර්තා කරයි.

පුද්ගලයකු මියගිය වහාම එය සියදිවි නසා ගැනීමක් ලෙස සමාජය තුළට පණිවුඩයක් ලබා දෙන්නේ කවුරුන්ද යන්න මුලින්ම සොයා බැලිය යුතු බවත්, හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාගේ සිට ඊට පෙර සිදුවූ මියයෑම් පිළිබඳවද මුලින්ම සමාජගත කරන ලද්දේ සියදිවි නසා ගැනීම් ලෙස බවත්, පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසාද් සිරිවර්ධන මහතා පවසයි.

ප්‍රබල නඩු සහ ඉතා සංවේදී කාරණා සම්බන්ධයෙන් ප්‍රබල සාක්ෂිකරුවන් හෝ විත්තිකරුවන් වන පුද්ගලයන් ඝාතනය වීම හෝ සියදිවි නසා ගැනීම දිගින් දිගටම සිදුවෙමින් පවතින බවත්, ඔවුන්ගේ ජීවිත සම්බන්ධයෙන් ආණ්ඩුවට වගකීමක් ඇති බවත් සර්වජන බලය දේශපාලන පක්ෂය පවසයි.

වර්තමාන පාසල් අධ්‍යාපන ක්‍රමය තුළ වසර 13ක කාලයක් ගත කිරීම කාලය නාස්ති කිරීමක් බවට සමාජය තුළ මතයක් ගොඩනැගී ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.

අද (20) සිට සුදු බිත්තරයක විකුණුම් මිල රුපියල් 41ක් දක්වාත්, රතු බිත්තරයක මිල රුපියල් 42ක් දක්වාත් ඉහළ දැමීමට තීරණය කර ඇති බව සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය පවසයි.

2026 ජූලි මස 06 ,07 , 08 යන දිනයන් හිදි පස්වරු 4.00 න් පසු කොළඔ පිහිටි පුරාවිද්‍ය දෙපාර්තමෙිින්තු මූලස්ථානයේ දී පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජෙනරාල් සෙනරත් වික්‍රමසිංහ, පාර්ලිමෙිින්තු මන්ත්‍රී චානක්‍ය සහ සුමන්තිරන් අතර රහසිගත හමුවක් සිදු වී ඇති බවට විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසයි.⁣

විනිසුරුවරුන් මේ වන විට අභියෝග රැසකට මුහුණ දී සිටින බව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා පවසයි.

හිටපු රාජ්‍ය බුද්ධි අංශ ප්‍රධානී, මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතාට පනවා ඇති රැඳවුම් නියෝග වහාම හකුලා ගන්නා ලෙස බලකරමින් ප්‍රංශයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් පිරිසක් විසින් දැවැන්ත උද්ඝෝෂණයක් සංවිධානය කර තිබේ.

වර්තමාන මිනිස් සමාජය තුළ ආගමික සහ ආධ්‍යාත්මික ජීවිතය කෙරෙහි පවතින උනන්දුව ශීඝ්‍රයෙන් අඩුවෙමින් පවතින බව කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමියෝ පවසති.


ප්‍රධාන පුවත්

NLDB ගොවිපළවල් පෞද්ගලික අංශයට බදු දීමේ තීරණය හකුළා ගන්න.. - කෘෂි අරගල ව්‍යාපාරයෙන් ඇමති ලාල් කාන්තට විවෘත ආයාචනයක්..

කෘෂිකර්ම, පශු සම්පත්, භූමිය සහ වාරිමාර්ග අමාත්‍ය කේ. ඩී. ලාල් කාන්ත මහතා වෙත විශේෂ විවෘත ආයාචනයක් යොමු කරමින්, ජාතික මෘග සම්පත් සංවර්ධන මණ්ඩලයට (NLDB) අයත් ගොවිපළවල් පෞද්ගලික අංශයට බදු දීමට ගෙන ඇති යෝජනාව වහාම නැවත සමාලෝචනය කරන ලෙස 'කෘෂි අරගල ව්‍යාපාරය' ඉල්ලා සිටියි.

"ඉරාන යුද්ධය අනිවාර්යයෙන්ම අවසන් විය යුතුයි... ඇමරිකාව සතු THAAD මිසයිලවලින් 80% ක් සහ පැට්‍රියට් (Patriots) මිසයිලවලින් 65% ක්ම භාවිත කර අවසන්".. - මහාචාර්ය ජෝන් මියර්ෂයිමර්

ඉරානය සමග පවතින දීර්ඝකාලීන යුධමය තත්ත්වය හේතුවෙන් ඇමරිකා එක්සත් ජනපදයේ අතිනවීන ගුවන් ආරක්ෂක සහ ප්‍රහාරක මිසයිල තොග දැඩි ලෙස ක්ෂය වී ඇති බැවින්, මෙම යුද්ධය වහාම අවසන් කළ යුතු බව ප්‍රකට ජාත්‍යන්තර සබඳතා පිළිබඳ විශාරද මහාචාර්ය ජෝන් මියර්ෂයිමර් (John Mearsheimer) අවධාරණය කරයි.

බෞද්ධ විහාර දේවාලගම් ඒකීය රාජ්‍ය රකින පවුරයි... ඇමති හදන්නේ පන්සලට විරුද්ධව ජනතාව නඩු මගට දාලා පවුර බිඳින්න...! - මතුගම සෙනෙවිගෙන් හිනිදුම සුනිල් සෙනෙවිට පණිවිඩයක්

විහාරගම් හා දේවාලගම් පනත වෙනස් කරමින්, එම ඉඩම්වල පදිංචිකරුවන් විහාරස්ථානවලට එරෙහිව නඩු මඟට යොමු කිරීමට බුද්ධශාසන අමාත්‍ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා උත්සාහ කරන බවට මතුගම සෙනෙවිරුවන් මහතා චෝදනා කරයි.

ට්‍රම්ප්ගේ සාම සැලැසුම නෙතන්යාහු ප්‍රතික්ෂේප කරයි..

ගාසා තීරයේ පවතින අර්බුදය විසඳීම සඳහා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉදිරිපත් කළ කරුණු 15කින් සමන්විත සාම සැලැස්ම ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු විසින් ප්‍රතික්ෂේප කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

ආසියානු අපරාධ කල්ලිවල නව පාරාදීසය ශ්‍රී ලංකාව ද?..

පිලිපීනය සහ කාම්බෝජය වැනි රටවලින් පලවා හරින ලද ආසියානු පාතාල කල්ලි සහ නීති විරෝධී අන්තර්ජාල සූදු ජාවාරම්කරුවන්ගේ ප්‍රධාන නවාතැනක් බවට ශ්‍රී ලංකාව, විශේෂයෙන්ම කොළඹ වරාය නගරය පත්වෙමින් පවතින බව 'The Island' පුවත්පත මගින් අනාවරණය කර ඇත.

ඉන්දු-ලංකා නිදහස් වෙළඳ ගිවිසුම තර කිරීමට එකඟවේ...

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින නිදහස් වෙළඳ ගිවිසුම වර්තමාන අවශ්‍යතාවන්ට ගැලපෙන පරිදි යාවත්කාලීන කිරීම සඳහා දෙරටේම නියෝජිතයන්ගෙන් සමන්විත ඒකාබද්ධ ක්‍රියාකාරී කණ්ඩායමක් පිහිටුවීමට එකඟතාව පළ වී තිබේ.

විනිසුරුවන්ගේ විශ්‍රාම වයස සහ ධුර කාලය වෙනස් කරන ව්‍යවස්ථා සංශෝධනයට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් හෙළි කරයි

ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම ගන්නා වයස සහ ධුර කාලය වෙනස් කිරීම සඳහා වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් පාර්ලිමේන්තු අනුමැතියෙන් පමණක් සිදු කළ නොහැකි බවත්, ඒ සඳහා ජනමත විචාරණයක් පවත්වා මහජන අනුමැතිය ලබා ගැනීම අවශ්‍ය වන බවත් හෙළි වී තිබේ.

NLDB ගොවිපළ 32න් 26ක්ම පුද්ගලික සමාගම්වලට!.. විද්වතුන් සහ වෘත්තීය සමිති නිහඬයි..

ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට (NLDB) අයත් අක්කර දහස් ගණනක භූමි ප්‍රමාණයකින් යුත් ගොවිපළ 32න් 26ක් වසර 30ක කාලයක් සඳහා පෞද්ගලික සමාගම් 7ක් වෙත බදු දීමට රජය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් කෘෂිකාර්මික හා පශු වෛද්‍ය ක්ෂේත්‍රය තුළ දැඩි සංවාදයක් සහ විරෝධයක් නිර්මාණය වී තිබේ.

ජාතික ජනබලවේගයට ලැබුනේ අතීත ජනතා විමුක්ති පෙරමුණට ලැබී තිබුණු වටිනාකම.. බෙදුම්වාදය පරාජය කිරීම වෙනුවෙන් එදා පෙරට ආ ජවිපෙ අද නෑ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ජාතික ජන බලෙව්ගයට ලැබී ඇත්තේ අතීතයේ ජනතා විමුක්ති පෙරමුණට ලැබී තිබූ වටිනාකම බවත්, මේ සිදුවෙමින් පවතින ක්‍රියාවලිය දෙස බැලීමෙදී අතීතයේ ජනතා විමුක්ති පෙරමුණ ගොඩනැගීමට උරදුන් පුද්ගලයකු ලෙස තමන් ඉතාමත් කණගාටුවට පත්වන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

කන්කසන්තුරේ තිස්ස රජමහා විහාරය දෙකට කරමින් මැදින් පාරක්.. අමරපුර නිකායේ දැඩි විරෝධය..

කන්කසන්තුරේ පිහිටි ඓතිහාසික තිස්ස රජමහා විහාර භූමිය දෙකඩ කරමින් බලහත්කාරයෙන් මාර්ගයක් ඉදිකිරීමට වලිකාමම් උතුර ප්‍රාදේශීය සභාව දරන උත්සාහයට ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ ශ්‍රී කල්‍යාණිවංශ පාර්ශ්වය සිය බලවත් විරෝධය පළ කර සිටියි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.