News Category
From Date
To Date
Maximum Number of Result

"සෞභාග්‍යමත් රටක් සහ සුන්දර ජීවිතයක්" අපේක්ෂා කරන ජාතික ජන බලය ප්‍රතිපත්ති ප්‍රකාශනයේ දක්වා ඇති පරිදි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) ඉදිරියේදී අහෝසි කරන බව අගමැති ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය පැවසුවාය.

ඉදිරි ආරක්ෂක වලල්ල අසල පිහිටි යුක් රේනයේ නගරයක් වන සුමි නගරයේ පැවැති යුක්රේන හමුදාවේ සම්මාන ප්‍රදානෝත්සවයක් සඳහා පෙළ ගැසී සිටි යුක්රේන හමුදා වෙත රුසියානු මිශයිල මගින් පහර දී ඇති බව යුක්රේන නීති සම්පාදකවරියක් වන ව්ලැඩිමීර් සෙලෙන්ස්කිගේ දේශපාලන පක්ෂයේ හිටපු සාමාජිකා මරියානා බෙසුග්ලායා පැවසීය.

ලැබුවා වූ සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද සියලුම ජනතාවට සුබ අලුත් අවුරුද්දක් වේවා.

ඇතමුන් රාජපක්ෂලාට සමාව දිය යුතු යැයි පවසන බවත්, එහෙත් තමන්ට එසේ සමාවක් අවශ්‍ය නැති බවත්, අවශ්‍ය වන්නේ සාධාරණත්වය පමණක් බවත් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

අභිනව චන්ද්‍ර මාස වර්ෂය සඳහා අභිනව සූර්ය වර්ෂ සඳහා මැයි 01 වැනි බ්‍රහස්පතින්දා නව සඳ බැලීම මැනවි.

මම අපේ සමහර මන්ත්‍රීවරුන් අඳුනන්නේ නෑ

වංචා නඩුවක සැකකරුවකු ලෙස වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ නම් කළ යුතුද යන්න සම්බන්ධයෙන් ගල්කිස්ස මහේස්ත්‍රාත් ඒ.ඩී. චතුරිකා ද සිල්වා ලබන ජුනි 16 වැනි දින නියෝගයක් ලබා දීමට නියමිතව තිබේ.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) අහෝසි කිරීම පිළිබඳව සොයා බැලීම සඳහා අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ රියන්සි අර්සකුලරත්නගේ (PC) සභාපතිත්වයෙන් යුත් කමිටුවක් පත් කරන ලද බව එම අමාත්‍යාංශය නිවේදනය කරනු ලබනවා.

2019 පාස්කු ඉරිදා ශ්‍රී ලංකාවේ සිදු වූ විනාශකාරී බෝම්බ ප්‍රහාරවලට වගකිව යුතු ඉස්ලාමීය රාජ්‍ය (ISIS) යේ ලංකාවේ පිහිටුවා තිබු තිප්පොලෙහි ප්‍රධාන නායකයෙකු වන මොහොමඩ් නවුෆර්, ෆෙඩරල් විමර්ශන කාර්යාංශය හෙවත් එෆ්.බී.අයි. සමඟ කළ සම්මුඛ සාකච්ඡා කිහිපයකින්, මාරාන්තික ත්‍රස්තවාදී ක්‍රියාව ක්‍රියාත්මක කිරීමට හේතු වූ ව්‍යුහය, සැලසුම් කිරීම, පුහුණුව සහ ඉගැන්වීම හෙළිදරව් කළ ආකාරය එෆ්.බී.අයි. වර්තාව උපුටා දක්වමින් ශ්‍රීලංකා ගාඩියන් වර්තා කර ඇත.


ප්‍රධාන පුවත්

නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)

ඉන්දියාව සම ශ්‍රී ලංකා ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් අවබෝධතා ගිවිසුම්වලට ලඝුකළ නොහැකි බවත්, මෙම ගිවිසුමේ ඇති වගන්ති මගින් ලංකාව තුළ මෙම ගිවිසුමේ අඩංගු කරුණු ක්‍රියාත්මක වීමේ දී නීතිය අනුව කටයුතු කිරීම පවා වළක්වා ඇති බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සභික දුමින්ද නාගමුව මහතා පවසයි.

නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..

දෙවන ලෝක යුද්ධය අවසන් කළ දිනය සහ, නාසිවාදී පැසිස්ට්වාදය පරාජය කළ දිනයද මැයි 9 වැනි දා වන අද දිනය බවත්, ලෝකයේ සියලු ජනයාට සහ සතා සිවුපාවාට පවා නිදහසේ ජීවත්විය හැකි ලෝකයක් නිර්මාණය කිරීම වෙනුවෙන් නාසිවාදී පැසිස්ටිවාදය පරාජයට පත්කළ දිනය වන්නේ අද බවත් ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පවසයි.

යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි

කියෙව් පරිපාලනය කිසිදු පූර්ව කොන්දේසියකින් තොරව “සම්පූර්ණ සටන් විරාමයකට” සූදානම් බව යුක්රේන නායක ව්ලැඩිමීර් සෙලෙන්ස්කි නිවේදනය කර තිබේ.

මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)

බලයට පත්වී මාස 6ක් තුළ මෙතරම් පසුබෑමකට ලක්වූ ආණ්ඩුවක් ලොව කිසිඳු රටක නැති බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.

1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.

අවුරුදු අසූවක් යනු දිගු කාලයකි. එවැනි කාලයක් තුළ, ලෝකය සිතාගත නොහැකි තරමට වෙනස් වන අතර, වරක් සමීප යැයි හැඟුණු සිදුවීම් පුරාවෘත්තය තුළ මැකී යයි.

මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල

‘මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්’ යයි පිවිතුරු හෙල උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..

පසුගියදා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුම් බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ආචාර්ය ගුණදාස අමරසේකර මහතා ඇතුළු පිරිසක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඊයේ (07) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.

කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්

අල්ලස් කොමිසම විසින් අද (7) පස්වරුවේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කරනු ලැබූ හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා මැයි 20වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.

බෞද්ධයන්ගේ පූජනීයත්වයට පත් බුදුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වෙන්දේසි කිරීම වහාම නවත්වා, ඒය ඉන්දියාවට බාරදිය යුතු බව පූජ්‍ය ඉදුරාගාරේ ධම්මරතන හිමියන් පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.