News Category
From Date
To Date
Maximum Number of Result

ශ්‍රී ලාංකීය ආර්ථික දුෂ්කරතා ඇති ජනතාවට බෙදාදීමට ඉන්දීය ව්‍යාපාරිකයෙක් නොමිලයේ යොමු කළ සහල් මෙටි රක්ටොන් 130 ක් හෙවත් කිලෝග්‍රෑම් 130,000 ක කන්ටේනර් 5 ක් මාස තුනකට අධික කාලයක් කොළඹ වරායේ රඳවා ගෙන සිටින බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සංවිධානයේ සභාපති රුවන් අසුරමුණි මහතා පැවසීය.

ලිංගික අපචාර සහ පීඩනවලින් වැළකී සිටීම සඳහා වයසට සුදුසු පරිදි ලිංගික අධ්‍යාපන ක්‍රමවේදයක් දරුවන් වෙත ඉදිරිපත් කළ යුතු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.

රටේ වෘතීයවේදීන්ට ලබාදුන් වාහන පර්මිට් එකත් ආණ්ඩුව විසින් අහෝසිකර ඇති බවත්, ඒ වෙනුවට පක්ෂය ගොඩනැගීම සඳහා පක්ෂයේ කාඩර්වරුන්ට ලබාදීමට ඩබල් කැබ් 1700ක් ගෙනවිත් ඇති බවත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

නුවරඑළියේ එළවලු අස්වැන්න අලෙවි කිරිමෙන් සහ ප්‍රවාහනය කිරිමෙන් වැළකී සිටින බවත්, ඒ අනුව රජයට විරෝධය දැක්වීමක් වශයෙන් නුවරඑලියේ එළවලු ගොවීන් සහ එළවලු ගොවිතැනේ නියැලී සිටින සියලුම පාර්ෂවයන් (10) දින තම දෛනික කටයුතු වලින් ඉවත් වන බව නුවරඑලිය දිස්ත්‍රික් ගොවි සංවිධානයේ සභාපති තරිදු රත්නායක මහතා පැවසීය.

ලංකා සතොසට අයත් සුදුළූණු කිලෝග්‍රෑම් 54,860 ක් නීතිවිරෝධී ලෙස පෞද්ගලික ව්‍යාපාරික ආයතනයකට අලෙවි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ව්‍යාපාරිකයන් දෙදෙනකු නිදහස් කිරීමට වැලිසර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.

මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා සියලු කටයුතු සූදානම් කර ඇති බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

ජාත්‍යන්තර සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් දෙකක් ලෙස සැළකෙන දාවුඩ් ඊබ්‍රාහිම්ගේ කණ්ඩායම (D gang) සහ හිටපු දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානයේ (LTTE) ක්‍රියාකාරිකයින් අතර මත්ද්‍රව්‍ය ජාවාරම සඳහා ගිවිසුමක් ඇති වී ඇති බව පවසමින් ඉන්දීය බුද්ධි අංශ විසින් දැඩි අවධානයක් යොමු කර ඇති බව එරට මාධ්‍ය වාර්තා කර තිබේ.

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ දේශපාලන බලපෑම් මත සිදුවන අක්‍රමිකතා සහ රාජ්‍ය දේපල අවභාවිතය මෙන්ම සිදුවන දූෂණ පිළිබඳව හෙළිකරමින් අන්තර් ජාලයේ ලිපියක් සංසරණය වන අතර, මෙම ලිපියෙන් පෙන්වා දෙන්නේ නව රජය පත්වීමත් සමගම එම ආයතනය මේ වනවිට විශාල වශයෙන් දේශපාලන බලපෑම් වලට ලක්වී ඇති බවයි.

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා විසින් ඉදිරිපත්කළ අයවැය තුළ ඇතුළත් වන බොහෝ කාරණා යථාර්තවාදී නොවන බවත් ඒවා සැබෑ ලෙස සාර්ථක කර ගැනීමට අපහසු කතාන්දරයක් බවත් ටිල්වින්ලාගේ සහ අනුර කුමාරලාගේ ආර්ථික දැක්ම එකිනෙකට පැටලී තිබෙන බව මෙම අයවැයෙන් මනාව පැහැදිලි වන බවත් අයවැය විවාදයට එක් වෙමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, මුදල් කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා පැවසීය.


ප්‍රධාන පුවත්

පාස්කු ප්‍රහාරයේ නියම සත්‍ය කියන්නේ මාලිමාවට අවශ්‍ය සත්‍ය නෙවෙයි.. සහරාන් වරෙන්තු වී සිටියදී මඩකලපුව අධිකරණයට හංගගෙන ආපු නීතිඥයා ගැනත් හෙළිකරන්න.. - සිරිල් ගාමිණී පියතුමාට පොහොට්ටුවෙන් ප්‍රතිචාර

පාස්කු වින්දිතයන්ට පාස්කු ප්‍රහාරයේ සත්‍ය දැනගැනීමට අයිතියක් ඇති බවට සිරිල් ගාමිණී පියතුමා පැවසූ බවත්, එය පිළිගන්නා නමුත් එම සත්‍ය වන්නේ මාලිමා රජයට අවශ්‍ය සත්‍ය හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකට අවශ්‍ය සත්‍ය නොව ඇත්තම සත්‍ය බවත් නීතිඥ මනෝජ් ගමගේ මහතා පවසයි.

සුරේෂ් සලේගේ ආරක්ෂාව වෙනුවෙන් දියත් කර ඇති සත්‍යග්‍රහයට උපරිමයෙන් දායක වන්න.. - ජාතික සංවිධාන එකමුතුවෙන් ඉල්ලීමක්

හිටපු බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ මහතා පෞද්ගලිකව ඉලක්ක කර ගනිමින් ව්‍යාජ චෝදනා එල්ල කිරීම පිටුපස ආරක්ෂක හමුදා බිය වද්දා බෙදුම්වාදී අරමුණු ඉටුකර ගැනීමට අධිරාජ්‍යවාදී බලවේග දියත් කරන කුමන්ත්‍රණකාරී මෙහෙයුමක් පවතින බව ජාතික සංවිධාන එකමුතුව පවසයි.

ආගමික නායකයින් පාස්කු ප්‍රහාරය හරහා දේශපාලනය කරනවා.. - සුරේෂ් සලේගේ මව සත්‍යග්‍රහයට එක්වෙමින් කියයි

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධ පරීක්ෂණ සඳහා රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන සිටින හිටපු බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පිටකොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට පැවැත්වෙන සත්‍යග්‍රහයට අද (08) ඔහුගේ මව සහභාගී විය.

ගින්දරත් එක්ක සෙල්ලම් නොකරනු! පිලිපීන දේශපාලනඥයන් කිහිප දෙනෙකුට අනතුරු ඇඟවීමක්! ග්ලෝබල් ටයිම්ස් කතුවැකිය"

පසුගියදා පිලිපීනයේ චීන තානාපති කාර්යාලය නැවත වරක් අනතුරු ඇඟවීමක් නිකුත් කරමින් සඳහන් කළේ, පිලිපීන හමුදා සහ නීතිය බලාත්මක කිරීමේ ආයතන විසින් පිලිපීනයේ වෙසෙන චීන පුරවැසියන් සහ ව්‍යවසායන් ඉලක්ක කරගනිමින් සිදු කරන පරීක්ෂා කිරීම්, හිරිහැර කිරීම් සහ තෝරා බේරා නීතිය බලාත්මක කිරීම් වැඩි වැඩියෙන් සිදුවන බවයි.

සලේ වෙනුවෙන් අඛණ්ඩ සත්‍යග්‍රහය ආරම්භ වෙයි..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාට අමානුෂික සහ කෘෘර අයුරින් සැලකීමට විරෝධය පළකරමින් විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක් සංවිධානය කළ සත්‍යග්‍රහය අද (08) කොළඹ කොටුව දුම්රිය පොළ පරිශ්‍රයේදී ආරම්භ විය.

සුරේෂ් සලේගේ බිරිඳගෙන් CID අධ්‍යක්ෂ ශානිට ලිපියක්..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර වෙත ලිපියක් යොමු කර තිබේ.

මේ පිරිමහන්නේ නන්දිකඩාල් පරාජයේ වෛරයයි.. මාලිමාවේ ඊබ්‍රාහිම් නිදොස් කොට රණවිරු සලේ පාස්කු පාස්කු ප්‍රහාරයේ “කුරුසය” මත තබා ඇන ගසන්නට ඉඩ නොදෙනු! - විමල්ගෙන් සටහනක්

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් ජානිපෙ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සිය මුහුණු පොතේ තබා ඇති සටහනක් පහළින්..

සලේ වෙනුවෙන් අද සිට අඛණ්ඩ සත්‍යග්‍රහයක්..

තමන්ගේ මරණය ආසන්න බව හැඟෙන බැවින් දෑස් දන්දීමට හා සිය අවසන් කැමැති පත්‍රය සැකසීමට අවශ්‍ය ලිපිලේඛන රැගෙන කඩිනමින් එන්නැයි සුරේෂ් සලේ මහතා දැනුම්දුන් බව ඔහුගේ නීතිඥයින් ඊයේ (07) අනාවරණ කර තිබිණි.

වීදුරු ගෙවල් වල හිඳිමින් අනුන්ට ගල් ගහන්න එපා!- ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිගෙන් ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ නියෝජිතයන්ට අවවාදයක්

ශ්‍රී ලංකාවේ යුරෝපීය සංගමයේ නියෝජිත කණ්ඩායම විසින් "X" (ට්විටර්) සමාජ මාධ්‍ය තුළ රුසියානු සමූහාණ්ඩුවට එරෙහි කරන ලද නොමඟ යවන තොරතුරු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.