News Category
From Date
To Date
Maximum Number of Result

ශ්‍රී ලංකා අනන්‍ය ඩිජිටල් හැඳුනුම්පත් (SLUDI) ව්‍යාපෘතියේ සංවර්ධනය, ක්‍රියාත්මක කිරීම සහ නඩත්තුව සඳහා මාස්ටර් පද්ධති ඒකාබද්ධ කරන්නකු (MSI) පත් කිරීම වෙනුවෙන් ජාතික ස්මාර්ට් රාජ්‍ය ආයතනය (NISG) විසින් කැඳවන ලද පූර්ව සුදුසුකම් වටයෙන් පසුව ඉන්දීය සමාගම් පහක් ලංසුකරුවන් ලෙස අවසන් වටයට සුදුසුකම් ලබා තිබේ.

රුපියල් බිලියන හතළිහක් වැය කරමින් ඩීසල් ඩබල් කැබ් රථ 1,775ක් මිලදී ගැනීමට රජය ගත් උත්සාහය, මේ වන විට ජාතික ප්‍රසම්පාදන වංචාවක් ලෙස පුපුරා ගොස් ඇති අතර, එය ශ්‍රී ලංකාවේ රාජ්‍ය නිලධාරීන්ගේ ඉරණම තීරණය කරන තීරණාත්මක සන්ධිස්ථානයක් බවට පත්ව තිබේ.

වඩා වැදගත් වන්නේ ජනාධිපතිවරයා අයවැය ඉදිරිපත් කිරීමේ දී සිටගෙන සිටි පැය ගණන නොවන බවත්, වඩා වැදගත් වන්නේ එම අයවැය යෝජනාවලියේ ගමන කුමක්ද යන්න බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි.

මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉකුත් දා ශ්‍රී ලංකාවේ 80 වැනි (2026 වර්ෂයට අදාළ) අයවැය කෙටුම්‍පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අතර, නමුත් එම අයවැය ප්‍රකාශනයෙන් පසුව බොහෝ ආර්ථික විද්‍යා විශ්ලේෂකයින් තර්ක කරන්නේ, රටේ ආර්ථික අර්බුදකාරී තත්වයට හේතු සාධක වූ න්‍යායාත්මක සහ ප්‍රයෝගික මුලධර්ම තවදුරටත් මෙම අයවැය තුලින්ද පිළිබිඹු කරන බවයි.

ආචාර්ය ගුණදාස අමරසේකරයානන් මෙලොව එළිය දුටුවේ වර්ෂ 1929 නොවැම්බර් මස 12 වෙනිදාය. 2025 නොවැම්බර් මස 12 වන දින එතුමා සිය දිවි මගේ 96 වන විය සපුරණු ලබන්නේය.

දේශීය ගොවි හඬ සංවිධානය දීපව්‍යාප්ත ගොවි වර්ජනයක් අද ආරම්භ කිරීමට නියමිතය.

බෙරලපනාතර සමූපකාර සමිතියට නිලධාරීන් තෝරා පත් කර ගැනීම සඳහා වන නිලවරණය ඊයේ දිනයේ පැවැත්විණ.

2025 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අදින් (10) ආරම්භ වන අතර එය දෙසැම්බර් මස 05 වනදා දක්වා දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,362කදී පැවැත්විමට නියමිතය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමේ දී ඉදිරිපත් කළ මැතිවරණ ප්‍රකාශනයේ ලබාදී තිබූ පොරොන්දු 1359න් එකක්වත් ජනාධිපති වී වසරක් සම්පූර්ණ වන විට ඉටුකර නොතිබූ බවත්, පාර්ලිමේන්තු මැතිවරණය පවත්වා ආණ්ඩුව පත්වී වසරක් ගතවී ඇතත් ආණ්ඩුව විසින් ඉටුකර ඇත්තේ ජනතාවට ප්‍රයෝජනයක් නොමැති පොරොන්දු කිහිපයක් පමණක් බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පවසයි.


ප්‍රධාන පුවත්

පාස්කු ප්‍රහාරයේ නියම සත්‍ය කියන්නේ මාලිමාවට අවශ්‍ය සත්‍ය නෙවෙයි.. සහරාන් වරෙන්තු වී සිටියදී මඩකලපුව අධිකරණයට හංගගෙන ආපු නීතිඥයා ගැනත් හෙළිකරන්න.. - සිරිල් ගාමිණී පියතුමාට පොහොට්ටුවෙන් ප්‍රතිචාර

පාස්කු වින්දිතයන්ට පාස්කු ප්‍රහාරයේ සත්‍ය දැනගැනීමට අයිතියක් ඇති බවට සිරිල් ගාමිණී පියතුමා පැවසූ බවත්, එය පිළිගන්නා නමුත් එම සත්‍ය වන්නේ මාලිමා රජයට අවශ්‍ය සත්‍ය හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකට අවශ්‍ය සත්‍ය නොව ඇත්තම සත්‍ය බවත් නීතිඥ මනෝජ් ගමගේ මහතා පවසයි.

සුරේෂ් සලේගේ ආරක්ෂාව වෙනුවෙන් දියත් කර ඇති සත්‍යග්‍රහයට උපරිමයෙන් දායක වන්න.. - ජාතික සංවිධාන එකමුතුවෙන් ඉල්ලීමක්

හිටපු බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ මහතා පෞද්ගලිකව ඉලක්ක කර ගනිමින් ව්‍යාජ චෝදනා එල්ල කිරීම පිටුපස ආරක්ෂක හමුදා බිය වද්දා බෙදුම්වාදී අරමුණු ඉටුකර ගැනීමට අධිරාජ්‍යවාදී බලවේග දියත් කරන කුමන්ත්‍රණකාරී මෙහෙයුමක් පවතින බව ජාතික සංවිධාන එකමුතුව පවසයි.

ආගමික නායකයින් පාස්කු ප්‍රහාරය හරහා දේශපාලනය කරනවා.. - සුරේෂ් සලේගේ මව සත්‍යග්‍රහයට එක්වෙමින් කියයි

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධ පරීක්ෂණ සඳහා රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන සිටින හිටපු බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පිටකොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට පැවැත්වෙන සත්‍යග්‍රහයට අද (08) ඔහුගේ මව සහභාගී විය.

ගින්දරත් එක්ක සෙල්ලම් නොකරනු! පිලිපීන දේශපාලනඥයන් කිහිප දෙනෙකුට අනතුරු ඇඟවීමක්! ග්ලෝබල් ටයිම්ස් කතුවැකිය"

පසුගියදා පිලිපීනයේ චීන තානාපති කාර්යාලය නැවත වරක් අනතුරු ඇඟවීමක් නිකුත් කරමින් සඳහන් කළේ, පිලිපීන හමුදා සහ නීතිය බලාත්මක කිරීමේ ආයතන විසින් පිලිපීනයේ වෙසෙන චීන පුරවැසියන් සහ ව්‍යවසායන් ඉලක්ක කරගනිමින් සිදු කරන පරීක්ෂා කිරීම්, හිරිහැර කිරීම් සහ තෝරා බේරා නීතිය බලාත්මක කිරීම් වැඩි වැඩියෙන් සිදුවන බවයි.

සලේ වෙනුවෙන් අඛණ්ඩ සත්‍යග්‍රහය ආරම්භ වෙයි..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාට අමානුෂික සහ කෘෘර අයුරින් සැලකීමට විරෝධය පළකරමින් විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක් සංවිධානය කළ සත්‍යග්‍රහය අද (08) කොළඹ කොටුව දුම්රිය පොළ පරිශ්‍රයේදී ආරම්භ විය.

සුරේෂ් සලේගේ බිරිඳගෙන් CID අධ්‍යක්ෂ ශානිට ලිපියක්..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර වෙත ලිපියක් යොමු කර තිබේ.

මේ පිරිමහන්නේ නන්දිකඩාල් පරාජයේ වෛරයයි.. මාලිමාවේ ඊබ්‍රාහිම් නිදොස් කොට රණවිරු සලේ පාස්කු පාස්කු ප්‍රහාරයේ “කුරුසය” මත තබා ඇන ගසන්නට ඉඩ නොදෙනු! - විමල්ගෙන් සටහනක්

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් ජානිපෙ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සිය මුහුණු පොතේ තබා ඇති සටහනක් පහළින්..

සලේ වෙනුවෙන් අද සිට අඛණ්ඩ සත්‍යග්‍රහයක්..

තමන්ගේ මරණය ආසන්න බව හැඟෙන බැවින් දෑස් දන්දීමට හා සිය අවසන් කැමැති පත්‍රය සැකසීමට අවශ්‍ය ලිපිලේඛන රැගෙන කඩිනමින් එන්නැයි සුරේෂ් සලේ මහතා දැනුම්දුන් බව ඔහුගේ නීතිඥයින් ඊයේ (07) අනාවරණ කර තිබිණි.

වීදුරු ගෙවල් වල හිඳිමින් අනුන්ට ගල් ගහන්න එපා!- ශ්‍රී ලංකාවේ රුසියානු තානාපතිගෙන් ශ්‍රී ලංකාවේ යුරෝපා සංගමයේ නියෝජිතයන්ට අවවාදයක්

ශ්‍රී ලංකාවේ යුරෝපීය සංගමයේ නියෝජිත කණ්ඩායම විසින් "X" (ට්විටර්) සමාජ මාධ්‍ය තුළ රුසියානු සමූහාණ්ඩුවට එරෙහි කරන ලද නොමඟ යවන තොරතුරු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.