News Category
From Date
To Date
Maximum Number of Result

රෙදිපිළි හා ඇඟලුම් අපනයන ආදායම මෙම වර්ෂයේ මුල් මාස හතරේ දී (ජන – අප්‍රේල්) ඇමරිකානු ඩොලර් මිලියන 1624.7 දක්වා සියයට 7.3කින් පහත වැටී ඇති බැව් ශ්‍රී ලංකා මහ බංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව විසින් අප්‍රේල් මාසයට අදාළව නිකුත් කර ඇති වාර්තාවක සඳහන් වෙයි.

අමෙරිකාව සහ ඉරානය අතර සාම ගිවිසුම අත්සන් කිරීම පිළිබඳ දින ප්‍රකාශයට පත්වීමත් සමඟ ලෝක වෙළඳපොලේ බොරතෙල් බැරලයක මිල තවදුරටත් පහළ ගොස් තිබේ.

කැළණිය විශ්වවිද්‍යාලයේ ලළිත කලා අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරියක ලෙස කටයුතු කරන ප්‍රශාන්ති නාරංගොඩ මහත්මිය විසින් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ (UGC) සභාපතිවරයා ඇතුළු වගඋත්තරකරුවන් 20 දෙනෙකුට එරෙහිව අභියාචනාධිකරණය ඉදිරියේ විශේෂ රිට් පෙත්සමක් (Writ Petition) ගොනු කර තිබේ.

අමෙරිකා එක්සත් ජනපදය සහ ඉරානය අතර සාම ගිවිසුමකට එළඹ ඇති බව පාකිස්ථාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් නිල වශයෙන් නිවේදනය කර තිබේ.

රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) භාරයේ සිටියදී උපවාසයක් ආරම්භ කිරීම හේතුවෙන් මේ වන විට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන විශ්‍රාමික මේජර් ජෙනරාල් තුවාන් සුරේෂ් සලේට දෛනිකව නීතිඥ සහාය ලබාදීම ප්‍රතික්ෂේප කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

රජය විසින් ක්‍රියාත්මක කිරීමට සැරසෙන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය තුළ බරපතල ප්‍රශ්න ගණනාවක් පවතින බැවින් එය වහාම නතර කරන ලෙස අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය ආණ්ඩුවට බලකර සිටියි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පාලන සමයේ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සභාපතිවරයා ලෙස කටයුතු කළ භාෂ්වර ගුණරත්න, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට එරෙහිව රජයේ සාක්ෂිකරුවකු ලෙස පෙනීසිටීමට එකඟතාව පළකර ඇති බව වාර්තා වේ.

චීනයේ සාම්ප්‍රදායික උත්සව හතර අතරින් එකක් වන ම්කර ඔරු උත්සවය (අනෙක් ඒවා: වසන්ත උත්සවය, සොහොන් පවිත්‍ර කිරීමේ දිනය, සහ මධ්‍යම සරත් උත්සවය) චන්ද්‍ර දින දර්ශනයේ 5 වන මාසයේ 5 වන දින පවත්වනු ලබයි.

සලේගේ සෞඛ්‍ය තත්වය හොයන්න බාරදී ඇති වෛද්‍ය මණ්ඩලයේ කටයුතු කරන චිත්තහරී අබේනායක නමැති වෛද්‍යවරිය සම්බන්ධයෙන් විවිධ පාර්ශ්ව විසින් දැඩි විවේචන එල්ලකර ඇති පසුබිමික ඇය සම්බන්ධයෙන් අදහස් දක්වන පිවිතුරු හෙළඋරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පවසන්නේ 2022 අරගල සමයේදී ඇය විසින් සිය මුහුණු පොතට එක්කර ඇති අදහස් අනුව ඇය සම්බන්ධයෙන් දැඩි මතබේදාත්මක තත්ත්වයක් මතුවන බවය.


ප්‍රධාන පුවත්

මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..

පූජ්‍ය ගලබඩඅත්තේ ඥානසාර හිමියන් අධිකරණ කටයුතු සඳහා ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේගේ සිවුර ඉවත් කර වෙනත් ඇඳුමකින් සැරසවීම බන්ධනාගාර නීති හා ස්ථාවර නියෝගවලට සම්පූර්ණයෙන්ම පටහැනි බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ප්‍රකාශ කරයි.

බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පවසන්නේ, බලවත් ජාතීන්ගේ අවශ්‍යතා මත වර්තමානයේ ලෝකය සහ කලාපය ගමන් කරන මාවත ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් කෙළවර වීමට ඉඩ ඇති බවයි.

ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..

සිරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සහ භික්ෂු ශාසනික අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම අරමුණු කරගනිමින් මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් "සිවුරට යුක්තිය - ජාතික අධිෂ්ඨාන පූජාව" සහ "නිදහසේ පාද යාත්‍රාව" අද (10) උදෑසන මහනුවර ශ්‍රී දළදා මාලිඟාව අබියසින් ආරම්භ විය.

බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..

​නවනීදන් පිල්ලේ (Navi Pillay) මහත්මියට නොබෙල් සාම ත්‍යාගය පිරිනැමීම සහ ඊට පසුව ඇමරිකා එක්සත් ජනපදය විසින් ජාත්‍යන්තර අපරාධ අධිකරණයට (ICC) එරෙහිව සම්බාධක පැනවීම, ජාත්‍යන්තර මානව හිමිකම් පද්ධතියේ පවතින ද්විත්ව ප්‍රමිතීන් (Double Standards) සහ බලදේශපාලනයේ හැඩගැස්ම විදහාපාන වැදගත් සංසිද්ධියකි.

බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?

බ්‍රසීල ව්‍යවස්ථාදායක සභාවේ දක්ෂිණාංශික සෙනෙට් සභිකයකු වන ෆ්ලාවියෝ බොල්සොනාරෝ, සිරගත කර සිටින හිටපු බ්‍රසීල ජනාධිපති ජයිර් බොල්සොනාරෝගේ පුත්‍රයා වන අතර, ඔහු බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් ජයග්‍රහණය කිරීමට සමත්ව තිබේ.

ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..

ඊශ්‍රායලය තුළ දැඩි අභ්‍යන්තර අර්බුදයක් නිර්මාණය වෙමින් පවතින අතර, එය සිවිල් යුද්ධයක් දක්වා වර්ධනය වීමේ දැඩි අවදානමක් මතුව ඇති බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..

බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක වන බවත්, අනුරාධපුරය පූජාභූමියටද වෙනත් ආගමික ස්ථාන ඇතුළත් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙර, උන්වහන්සේ අයත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රිධර්ම මහා සංඝ සභාව සමග සාකච්ඡාවක් සඳහා එක්වන්නැයි එම සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි ජනාධිපතිවරයාට ලිපියක් මගින් ඊයේ (09) දැනුම්දී තිබේ.

සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි

සියලු සාමණේර හිමිවරුන් අනාගතයේදී ගලගොඩඅත්තේ හිමියන් කෙනෙක් පත්විය යුතු බව ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ ශ්‍රී උපාලි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රකාශ කරති.

"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..

බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.