සමාව ඉල්ලන්නේ නෑ.. ප්‍රකාශය ගැන සාගරගෙන් කනගාටුව විතරයි..
පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාට තර්ජනය කළ බවට එල්ල වූ චෝදනා අපැහැදිලි බව පවසමින්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා ඇප මත මුදා හැරීමට කඩුවෙල ප්‍රධාන මහෙස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා නියෝග කළේය.
පිටු 17 කින් යුත් නියෝගයක් ප්‍රකාශයට පත් කරමින් මහෙස්ත්‍රාත්වරයා සැකකරු රුපියල් ලක්ෂ 20 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටත්, ඔහුගේ විදෙස් ගමන් තහනම් කරමින් ආගමන විගමන දෙපාර්තමේන්තුව දැනුවත් කිරීමටත් නියෝග කලේය.
මධ්‍යම අපරාධ විමර්ශන කොට්ඨාසයට ප්‍රකාශයක් ලබා දීමට පැමිණි අවස්ථාවේදී ඊයේ (10) පෙරවරුවේ අත්අඩංගුවට ගත් ඔහු, පස්වරුව වන විට කඩුවෙල අධිකරණය හමුවට ඉදිරිපත් කරනු ලැබිය.
පසුගිය අගෝස්තු 03 වනදා පැවැති මාධ්‍ය හමුවකදී, වත්මන් පොලිස්පතිවරයා ආණ්ඩුවට සේවය නොකර ජනතාවට සේවය කළ යුතු බවත්, මහපාරේ මිනිසුන්ගෙන් ගුටි කෑමෙන් මියගිය 37 වන පොලිස්පතිවරයා ලෙස ඉතිහාසගත නොවනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවත් පවසමින් තර්ජනය කළ බවට මධ්‍යම අපරාධ විමර්ශන ඒකකය අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේය.
පොලිස්පතිවරයා සහ විහාරාධිපතිවරුන් තිදෙනෙකු කළ පැමිණිලි මත දණ්ඩ නීති සංග්‍රහයේ වගන්ති කිහිපයක් යටතේ චෝදනා ගොනු කළ බවත්, වැඩිදුර විමර්ශන සඳහා සැකකරු අගෝස්තු 24 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසත් පොලිසිය ඉල්ලා සිටියේය.
කෙසේ වෙතත්, පොලිසිය ගොනු කළ චෝදනා අධිකරණය හමුවේ තහවුරු කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් ප්‍රශ්න කළ මහෙස්ත්‍රාත්වරයා, අනුබල දීම සහ තැත් කිරීම වැනි චෝදනා ස්වාධීනව පවත්වාගෙන යා නොහැකි බවත්, ඉදිරිපත් කළ කරුණු තුළින් චෝදනා පැහැදිලිව ගම්‍ය නොවන බවත් පෙන්වා දුන්නේය.
සාගර කාරියවසම් මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා කරුණු දක්වමින් කියා සිටියේ අදාළ ප්‍රකාශයේ කොතැනකවත් පොලිස්පතිවරයාට මරණ තර්ජනයක් කර නොමැති බවත්, ඉදිරිපත් කර ඇති සියලු චෝදනා ඇප දිය හැකි මට්ටමේ පවතින බවයි.
දේශපාලන නායකයෙකු ලෙස භාවිත කළ යුතු ශිෂ්ට සම්පන්න භාෂාව සහ ප්‍රකාශයේ බරපතලකම සම්බන්ධයෙන් මහෙස්ත්‍රාත්වරයා මෙහිදී විත්ති පාර්ශ්වයේ අවධානය යොමු කළ අතර, නීතිඥවරයා විත්තිකරුගෙන් විමසා එම ප්‍රකාශය සම්බන්ධයෙන් පොලිස්පතිවරයා වෙත කනගාටුව පළ කර සිටියේය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව සැකකරු ඇප මත මුදා හැරීමට නියෝග කළ මහෙස්ත්‍රාත්වරයා, සිද්ධියට අදාළ විමර්ශන ප්‍රගතිය ලබන සැප්තැම්බර් 24 වන දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මධ්‍යම අපරාධ විමර්ශන ඒකකයට නියෝග කළේය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා