News Category
From Date
To Date
Maximum Number of Result

මෙම වසරේ පළමු මාස පහ තුළ මෙරට සංචාරක කර්මාන්තයෙන් ලැබුණු ආදායම පසුගිය වසරේ එම කාලසීමාවට සාපේක්ෂව අඩුවී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

රුසියානු සමූහාණ්ඩුවේ විදේශ කටයුතු අමාත්‍යාංශය සහ බෙලාරුස් ජනරජයේ විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් තෝරාගත් රටවල් කිහිපයක මානව හිමිකම් තත්ත්වය පිළිබඳ ඔවුන්ගේ තෙවන ඒකාබද්ධ වාර්තාව ප්‍රකාශයට පත් කර ඇත.

ශ්‍රී ලංකාවේ චීන තානාපති චි චෙන්හොන්ග් මහතා හා ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා සහෝදරයා අතර හමුවක් පසුගිය 20 වෙනි දින ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී සිදු වී තිබේ.

කියුබානු විප්ලවයේ ප්‍රමුඛතම නායකයෙකු මෙන්ම එර රටේ නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයෙකු ද වූ රාමිරෝ වැල්ඩෙස් මෙනෙන්ඩෙස් (Ramiro Valdés Menéndez) අභාවප්‍රාප්ත වී තිබේ.

ඇමෙරිකා එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර පවතින ආරක්ෂක සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින්, ඇමෙරිකානු පැසිෆික් ගුවන් හමුදා අණදෙන නිලධාරී ජෙනරාල් කෙවින් ස්නයිඩර් තෙදින නිල සංචාරයක් සඳහා ඊයේ (21) ශ්‍රී ලංකාවට පැමිණියේය.

එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු සමයේ ගෙන ආ ධවල පත්‍රිකාවට එරෙහිව ජනතාව දැනුවත් කිරීමට බස්වලින් ගමන් කළේ ටිකට් නොගෙන බව අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති පවසයි.

තමන්ගේ පැවැත්ම වෙනුවෙන් පාස්කු ප්‍රහාරය පල්ලියෙනුත් විකුණන බවත්, ආණ්ඩුවෙනුත් විකුණන බවත් පාස්කු ප්‍රහාරය සිදුවීමට පෙර තමන් විසින් කළ හෙළිදරව් නිසා තමන්ට ප්‍රහාර එල්ල කළ බවත් හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

ලංකා පොහොර සමාගමට අයත් අරමුදල් අවභාවිත කරමින් රජයට රුපියල් මිලියන 8.8කට අධික පාඩුවක් සිදුකළ බවට චෝදනා එල්ල වී සිටින එහි හිටපු සභාපති කුමාර ජයකොඩි මහතා, තමන් එම චෝදනාවලට නිවැරදිකරු බව (චෝදනා ප්‍රතික්ෂේප කරන බව) ප්‍රකාශ කිරීමෙන් අනතුරුව නඩුවේ සාක්ෂි විභාගය කොළඹ මහාධිකරණයේදී ආරම්භ විය.

වර්තමාන මාලිමා රජය බලයට පත් කිරීම සඳහා දිවා රෑ නොබලා කැපවූ මෙරට ගොවි ජනතාව අද වන විට එහි අනපේක්ෂිත ප්‍රතිඵල බුක්ති විදිමින් සිටින බවත්, ගොවියා නගාසිටුවන්නට පැමිණි රජයේ සුරංගනා කතා හා පරණ පොරොන්දු අමතක කිරීම හමුවේ අන්ත අසරණ වී, යන එන මං නැති තත්ත්වයකට ලොවි ජනතාව පත්ව සිටින බවත් ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක ජයන්ත සමරවීර මහතා ප්‍රකාශ කළේය. ඒ මහතා මේ බව අවධාරණය කළේ (21) දින කොළඹ බත්තරමුල්ලේ පැවැති විශේෂ මාධ්‍ය හමුවක් අමතමිනි.


ප්‍රධාන පුවත්

මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..

පූජ්‍ය ගලබඩඅත්තේ ඥානසාර හිමියන් අධිකරණ කටයුතු සඳහා ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේගේ සිවුර ඉවත් කර වෙනත් ඇඳුමකින් සැරසවීම බන්ධනාගාර නීති හා ස්ථාවර නියෝගවලට සම්පූර්ණයෙන්ම පටහැනි බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ප්‍රකාශ කරයි.

බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පවසන්නේ, බලවත් ජාතීන්ගේ අවශ්‍යතා මත වර්තමානයේ ලෝකය සහ කලාපය ගමන් කරන මාවත ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් කෙළවර වීමට ඉඩ ඇති බවයි.

ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..

සිරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සහ භික්ෂු ශාසනික අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම අරමුණු කරගනිමින් මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් "සිවුරට යුක්තිය - ජාතික අධිෂ්ඨාන පූජාව" සහ "නිදහසේ පාද යාත්‍රාව" අද (10) උදෑසන මහනුවර ශ්‍රී දළදා මාලිඟාව අබියසින් ආරම්භ විය.

බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..

​නවනීදන් පිල්ලේ (Navi Pillay) මහත්මියට නොබෙල් සාම ත්‍යාගය පිරිනැමීම සහ ඊට පසුව ඇමරිකා එක්සත් ජනපදය විසින් ජාත්‍යන්තර අපරාධ අධිකරණයට (ICC) එරෙහිව සම්බාධක පැනවීම, ජාත්‍යන්තර මානව හිමිකම් පද්ධතියේ පවතින ද්විත්ව ප්‍රමිතීන් (Double Standards) සහ බලදේශපාලනයේ හැඩගැස්ම විදහාපාන වැදගත් සංසිද්ධියකි.

බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?

බ්‍රසීල ව්‍යවස්ථාදායක සභාවේ දක්ෂිණාංශික සෙනෙට් සභිකයකු වන ෆ්ලාවියෝ බොල්සොනාරෝ, සිරගත කර සිටින හිටපු බ්‍රසීල ජනාධිපති ජයිර් බොල්සොනාරෝගේ පුත්‍රයා වන අතර, ඔහු බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් ජයග්‍රහණය කිරීමට සමත්ව තිබේ.

ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..

ඊශ්‍රායලය තුළ දැඩි අභ්‍යන්තර අර්බුදයක් නිර්මාණය වෙමින් පවතින අතර, එය සිවිල් යුද්ධයක් දක්වා වර්ධනය වීමේ දැඩි අවදානමක් මතුව ඇති බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..

බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක වන බවත්, අනුරාධපුරය පූජාභූමියටද වෙනත් ආගමික ස්ථාන ඇතුළත් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙර, උන්වහන්සේ අයත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රිධර්ම මහා සංඝ සභාව සමග සාකච්ඡාවක් සඳහා එක්වන්නැයි එම සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි ජනාධිපතිවරයාට ලිපියක් මගින් ඊයේ (09) දැනුම්දී තිබේ.

සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි

සියලු සාමණේර හිමිවරුන් අනාගතයේදී ගලගොඩඅත්තේ හිමියන් කෙනෙක් පත්විය යුතු බව ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ ශ්‍රී උපාලි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රකාශ කරති.

"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..

බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.