ඉරානය ඊශ්‍රායලට එරෙහිව ඊශ්‍රායල භූමියට මිලිටරි ප්‍රහාරයක් දියත් කිරීමෙන් පසු යුද ආතතිය තවදුරටත් උත්සන්න වීම ස්ම්බන්ධයෙන් චීනයේ දැඩි කනස්සල්ල පළ කළ අතර ආතතිය වැළැක්වීම සඳහා සන්සුන්ව හා සංයමයෙන් ක්‍රියා කරන ලෙස චීනය ඊයේ ගැටුමට මැදිහත්ව ඇති සියළු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටියේය. සිරියාවේ ඉරාන තානාපති කාර්යාලයට ඊශ්‍රායලය බෝම්බ හෙලීමට ප්‍රතිචාර වශයෙන් ඉරානය ප්‍රතිප්‍රහාර එල්ල කිරීම නොවැලැක්විය හැකි බව චීන විශේෂඥයෝ විශ්වාස කරති. කෙසේ වෙතත් දෙරට අතර ආතතීන් උත්සන්න වීම වැලැක්වීමට නම්, තත්වය තවත් උග්‍ර කළ හැකි සහ ඉරානයට වැඩි හානියක් විය හැකි ප්රකෝපකාරී ක්‍රියාමාර්ග තවදුරටත් ගැනීමෙන් ඊශ්‍රායලය වැළකී සිටීම අත්‍යවශ්‍යවන බව එම විශේෂඥයෝ පවසති.
රුසියාවේ විදේශ අමාත්‍යාංශය ඉරානයෙන් සහ ඊශ්‍රායලයෙන් ඉල්ලා ඇත්තේ සංයමයෙන් කටයුතු කරන ලෙසත් කලාපයේ සතුරුකම් තවදුරටත් උත්සන්න වීම වළක්වා ගන්නා ලෙසත්ය. සති අන්තයේ ඊශ්‍රායලයට ටෙහෙරානයේ ඩ්‍රෝන් සහ මිසයිල ප්‍රහාර එල්ල කිරීමෙන් පසු ඊයේ(14) ප්‍රකාශයක් නිකුත් කරමින් රුසියානු විදෙශ අමාත්‍යවරයා මෙම අභියාචනය කරන ලදී.
ඉරානයේ විප්ලවවාදී ආරක්ෂක බළකාය ඊශ්‍රායලයට එරෙහිව සාර්ථක මහා පරිමාණ මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කර ඇති බව ඉරානයේ ඓර්‍ණැ ප්රවෘත්ති ඒජන්සිය විප්ලවවාදී ආරක්ෂක බළකායේ ප්‍රරුත්ති නිවේදනයක් උපුටා දක්වමින් පවසයි. ඉරාන ඉස්ලාමීය ජනරජයේ හමුදාව "වැදගත් මිලිටරි ඉලක්ක" වෙත පහර දී විනාශ කිරීමට සමත් විය යනුවෙන් එම ප්‍රවෘත්තිය පවසයි.
ප්‍රධාන පුවත්
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි