
පසුගිය පැය 24 තුළ ඊශ්‍රායල හමුදා මර්මස්ථාන 10කට ප්‍රහාර එල්ල කළා- හිස්බුල්ලා සංවිධානය
ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය පසුගිය පැය 24 තුළ ඊශ්‍රායල හමුදාවට එරෙහිව සටන් මෙහෙයුම් 10 ක් සිදු කර ඇතැයි හිස්බුල්ලා සංවිධානය පවසයි. ඉහළ ගලීලයේ ජනාවාස ඉලක්ක කර එල්ල වූ දැවැන්ත මිසයිල ප්‍රහාරයද මෙම මෙහෙයුම් වලට ඇතුලත් වූ බව හිස්බුල්ල සංවිධානය වැඩිදුරටහ් අද(11) ප්‍රකාශ කළේය.
හිස්බුල්ලා සංවිධානයේ ප්‍රකාශයන්ට අනුව, ලෙබනන-ඊශ්‍රායල් දේශසීමාවේ ස්ථානගත කර තිබූ දෘශ්‍ය පාලන පද්ධති කිහිපයක් විනාශ වූ අතර ඊශ්‍රායල හමුදා බලකොටු හතරකටද මිසයිල ප්‍රහාර එල්ල කර ඇත. Sa'ar ප්‍රදේශයේ දී, ඊශ්‍රායල හමුදා සාමාජිකයින් පිරිසක් වෙත එල්ල කරන ලද මිසයිල ප්‍රහාරයක්ද මේ ප්‍රහාර වලට එකතු වන බවද සංවිධානය පවසයි. 08 වනදා සවස ද හිස්බුල්ලා සංවිධානය ඩ්‍රෝන යානා යොදා ගනිමින් සෆෙඩ් නගරයට නිරිත දෙසින් පිහිටි උතුරු හමුදා සැපයුම් කඳවුරකට ප්‍රහාර එල්ල කළේය.
හිස්බුල්ල සංවිධානය කළ ප්‍රකාශයකට අනුව ඊශ්‍රායල හමුදාව ලෙබනනයේ ජනාවාස 16කටද පහර දී ඇත.
2023 ඔක්තෝම්බර් මාසයේදී ගාසා තීරයේ ඊශ්‍රායල හමුදා ක්‍රියාමාර්ග ආරම්භ කළදා සිට ඊශ්‍රායල-ලෙබනන් දේශසීමාවේ තත්වය උත්සන්න වී ඇත. ඊශ්‍රායල හමුදාව සහ හිස්බුල්ලා සටන්කාමීන් දේශසීමාවේ ප්‍රදේශවල දිනපතා එකිනෙකාගේ ස්ථාන වෙත ෂෙල් වෙඩි ප්‍රහාර එල්ල කරති. ලෙබනන් විදේශ අමාත්‍යාංශයට අනුව, ඊශ්‍රායලයේ ෂෙල් වෙඩි ප්‍රහාර හේතුවෙන් 100,000 කට පමණ දකුණු ලෙබනනයේ සිය නිවෙස් අතහැර යාමට සිදුවිය. ඊශ්‍රායල පාර්ශවය වාර්තා කළේ උතුරු ඊශ්‍රායලයේ පදිංචිකරුවන් 80,000 ක් පමණ නිවාස අතහැර යාමට ස්දිවන තත්වයකට පත්ව ඇති බවයි.
මෑත සතිවලදී, ඊශ්‍රායල හමුදාව දකුණු ලෙබනනයේ ගුවන් ප්‍රහාරවල ඉහළ පෙළේ හිස්බුල්ලා අණ දෙන නිලධාරීන් සහ ක්‍රියාකාරීන් කිහිප දෙනෙකු ඝාතනය කිරීම් වාර්තා කර ඇත.හිස්බුල්ල ව්‍යාපාරය සෑම ඝාතනයකටම ප්‍රතිචාර දක්වන්නේ උතුරු ඊශ්‍රායලයට දැවැන්ත ෂෙල් ප්‍රහාර එල්ල කරමින්, රොකට් සහ ඩ්‍රෝන දුසිම් ගනනක් දියත් කිරීමෙනි. බොහෝ විට, ලෙබනනයේ ෂෙල් වෙඩි ප්‍රහාර හේතුවෙන් උතුරු ඊශ්‍රායලයේ ලැව්ගිනි ඇති වන අතර, දැනටමත් හෙක්ටයාර් සිය ගණනක් භූමි ප්‍රමාණයක් දැවී ගොස් ඇත. ජූනි මස මැදදී, ඊශ්‍රායල හමුදා විධානය ලෙබනනයේ ප්‍රහාරයක් සඳහා සටන් සැලසුම් අනුමත කරන බව නිවේදනය කළේය. මෙයින් පසු විදේශ අමාත්‍ය ඊශ්‍රායල් කැට්ස් හිස්බුල්ලා සංවිධානය විනාශ කරන බවට තර්ජනය කළ අතර පූර්ණ පරිමාණයේ යුද්ධයක් ඇති වුවහොත් ලෙබනනයට බරපතල හානියක් සිදු කරන බවත් ඊශ්‍රායලය උතුරු පෙරමුණේ නීති වෙනස් කරන තීරණයක් ගැනීමට ආසන්න බවත් පැවසීය. අනෙක් අතට, හිස්බුල්ලා මහලේකම් හසන් නස්රල්ලා ජූනි 19 දා කියා සිටියේ ගැටුම තවදුරටත් උත්සන්න වුවහොත් හිස්බුල්ලා සංවිධානයට උතුරු ඊශ්‍රායලය ආක්‍රමණය කිරීමට හැකියාව ලැබෙන බවයි. BEIRUT (Sputnik)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..
ජවිපෙ අත්හැරපු ඉන්දියන් විරෝධී සටන විජේවීරගේ පුතා අතට ගනී.. (වීඩියෝ)
අනුර - මෝදි ගිවිසුම්වලින් රටේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකියි - වෛද්‍ය අනුලා විජේසුන්දර (වීඩියෝ)
අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට සහ ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනියි... ජනාධිපති ලේකම් වගකීම් පැහැරහැරියා - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් චෝදනා (වීඩියෝ)
අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට මහජන පෙත්සම භාර දුන් අවස්ථාව (වීඩියෝ)
ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් අත්සන් කර ඇත්තේ රටේ ස්වාධීනත්වයට, නීතියට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ලෙසයි - නීතිඥ මධුමාලි අල්විස් (වීඩියෝ)
ඉන්දියාව සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් නීති විරෝධීයි.. ඒ ගිවිසුම්වලින් රටේ ස්වෛරීත්වය පාවා දීලා - ආචාර්ය ගුණදාස අමරසේකර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක ගැසූ හොර ගිවිසුම් ගැන කරුණු කියන්න ජනපති ලේකම් කාර්යාලයට ගිය ජාතික සංවිධාන නියෝජිතයන්ට කුඩම්මාගේ සැලකිලි..
අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදෙයි..
ඉන්දියාව අසල්වාසී රාජ්‍යයක් මිස ලොකු අයියා නොවෙයි.. ඉන්දියාවේ උපකාර පිටුපස සැඟවුණු යටි අරමුණු වටහාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි (වීඩියෝ)
ගිවිසුම් 7ක් මගින් ලංකාව යටත් කර ඉන්දියානු ව්‍යාප්තවාදයේ ගොදුරක් බවට පත් කිරීමේ ඉන්දියානු මෙහෙයුම මේ මොහොතේ නිවැරදිව හඳුනාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි (වීඩියෝ)
ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි... අනුර වටේ ඉන්න පාර වරද්දන උපදේශකයන්ගේ කෙරුවාව මෙන්න (වීඩියෝ)
ලෝක කම්කරු දිනය අදයි..
රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තබති.. (ඡායාරූප)
රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම් 7ට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තැබීම අද..
මැතිවරණ කොමසාරිස් ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්ම නොදන්නා උද්දච්ච පුද්ගලයෙක්: තනතුරට සුදුසු නැහැ - ජාතික සංවිධාන කියයි
