News Category
From Date
To Date
Maximum Number of Result

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහුට ඉල්ලා අස්වන ලෙස බල කරමින් ටෙල් අවිව් නුවර පසුගිය 6 වෙනිදා විරෝධතාවයක යෙදුනු පිරිසක් වෙතට මෝටර් රථයක් කඩා වැදීම හේතුවෙන් පස් දෙනෙකු තුවාල ලබා ඇතැයි එරට මාධ්‍ය පවසයි. කෙසේ වුවද රියදුරු එම ස්ථානයේදීම අත්අඩංගුවට ගෙන ඇත. එරට පොලිසිය සමාජ ජාලා වෙත කරන ලද කෙටි ප්‍රකාශයකට අනුව, මෙම සිදුවීම සිදුව ඇත්තේ රාජ්‍ය විරෝධී රැලියක් පැවැත්වෙන ටෙල් අවිව් නුවර "නමිර්" මාර්ගයේය.. මෙම රැළිය ඊශ්‍රායලය පුරා අගමැති නෙතන්යාහුට ඉවත්වන ලෙස බල කරමින් පැවැත්වෙන විරෝධතාවල කොටසක් වූ අතර එහිදී ඊශ්‍රායල ජනතාව තවමත් ගාසා තීරයේ හමාස් ත්‍රස්තයන් විසින් රඳවාගෙන සිටින ප්‍රාණ ඇපකරුවන් ආපසු ලබා දෙන ලෙසද බල කර සිටියේය.

ජර්මානු පොලිස් සංගමයේ (DPolG) ඹවරිඅන් අංශය නිල ඇඳුම් හිඟයක් සම්බන්ධයෙන් කලකිරීම ප්‍රකාශ කිරීමට කලිසම් නොමැතිව නිලධාරීන් පෙනී සිටින වීඩියෝවක් නිකුත් කර තිබේ. පසුගිය 01 දා සමාජ මාධ්‍යවල සංසරණය වූ වීඩියෝ දර්ශන පෙලක් මගින්, ජර්මානු පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඔවුන්ගේ මුර සංචාර මෝටර් රථයෙන් බැස කෙටි සංවාදයක් පවත්වනු ලබති. "ඉතින්, ඔබ කොපමණ කාලයක් බලා සිටියාද?" එවිට එක් අයෙකු මාස හතරක් ලෙස්ත් අනෙක් නිලධාරියා මාස හයක් ලෙසත් පවසයි. ඉන් පසුව ඔවුන් දෙදෙනා සිය බී.එම්.ඩබ්ලිව් මුර සංචරණ රථයෙන් බිමට බහින්නේ කලිසම් නැති බව පෙන්වමිනි.

අද (03) උදෑසන තායිවානයේ නැගෙනහිර පළාතේ Hualien Country වෙරළට ඔබ්බෙන් සිදු වූ රිච්ටර් මාපක 7.2 ක භූමිකම්පාවකින් ගොඩනැගිලිවලට හානි සිදු වූ අතර සුනාමි අනතුරු ඇඟවීමක් ද නිකුත් විය. එරට වේලාවෙන් පෙරවරු 7.58 ට Hualien Country වෙරළට ඔබ්බෙන් සිදු වූ භූමිකම්පාව එහි අගනුවර වන තායිපේ ඇතුළු දිවයින පුරාවටම සංවේදනය වූ බව බලධාරීහු පවසති.

පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට පනවා තිබූ වසර 14ක සිර දඬුවම අත්හිටුවීමට එරට ඉස්ලාමාබාද් මහාධිකරණය නියෝග කර ඇති බව වාර්තා වේ.

ක්‍රිප්ටො රජු ලෙස සැළකෙන සෑම් බෑන්ක්මන් ෆ්‍රයිඩ් හට වසර 25ක සිරදඬුවමක් නියම කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.

ක්‍රොකස් සිටි හෝල් ප්‍රහාරය සිදු කළේ කවුරුන්ද යන්න රුසියාව දන්නා නමුත් නියෝගය ලබා දුන්නේ කවුරුන්ද යන්න පිළිබඳව දැන් විමර්ශනය කරමින් සිටින බව ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ඊයේ (25) ප්‍රකාශ කළේ යුක්රේනය වැරදිකරුවෙකු විය හැකි බව පෙන්වා දෙමිනි.

පසුගිය 22 වනදා මොස්කව් හි ක්‍රොකස් සිටි ප්‍රසංග ශාලාවට එල්ල වූ ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරය සමච්චලයට ලක් කරමින් කියෙව්හි පිහිටි ‘ආර්ට්-බාර්’ ඔෆෙන්සිවා ආපනශාලව එහි මතභේදාත්මක මෙනුවට නව අයිතමයක් හඳුන්වා දී තිබේ.

පුද්ගලයන් 130කට අධික පිරිසකගේ ජීවිත බිලිගත් පසුගිය 22 වනදා "ක්‍රොකස් සිටි හෝල්" ප්‍රහාරයෙන් පසුව රුසියානු ආරක්ෂක අංශ වල අත්අඩංගුවට පත් වූ පසුවූ පුදගලයන් පිරිසක් මොස්කව් අධිකරණයට ඊයේ(24) සවස ඉදිර්පත් කරනු ලැබීය.

ක්‍රොකස් සිටි හෝල්හි සංගීත ප්‍රසංගය නැරඹීමට පැමිණි ප්‍රේක්ෂකයන් වෙත එල්ල කළ ම්ලේච්ඡ ප්‍රහාරයෙන් පසුව පළමු වරට ජාතිය ඇමතූ පුටින් පවසා සිටියේ ම්ලේච්ඡ ප්‍රහාරයට වග කිව යුතු සියළු දෙනාට දැඩි දඬුවම් පමුණුවන බවයි. ප්‍රහාරයෙන් පසුව තුවාලකරුවන් බේරා ගැනීම මැදිහත් වූ සහන සේවකයන් ඇතුළු ප්‍රතිචාර දැක්වූ සියලු නිළධාරින්ට, නීතිය ක්‍රියාත්මක කරන අංශවල නිළධාරින්ට සහ ප්‍රහාරයට ගොදුරු වූවන්ට උපකාර කළ සාමාන්‍ය පුරවැසියන්ට පුටින් සිය කෘතඥතාව පළ කළේය. එලෙසම මෙවැනි ප්‍රහාර ඉදිරියේදී එල්ල වීම වැලැක්වීම කෙරෙහි අවධානය යොමු කරන බවත් ත්‍රස්ථවාදීන් මෙවැනිම ප්‍රයත්නයන් ඉදිරියේදීද ක්‍රියාත්මක කිරීමට කටයුතු කිරීමට උත්සහා ගනු ඇති බවද ජනාධිපතිවරයා අවධාරණය කළේය.


ප්‍රධාන පුවත්

ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..

සිරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සහ භික්ෂු ශාසනික අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම අරමුණු කරගනිමින් මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් "සිවුරට යුක්තිය - ජාතික අධිෂ්ඨාන පූජාව" සහ "නිදහසේ පාද යාත්‍රාව" අද (10) උදෑසන මහනුවර ශ්‍රී දළදා මාලිඟාව අබියසින් ආරම්භ විය.

බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..

​නවනීදන් පිල්ලේ (Navi Pillay) මහත්මියට නොබෙල් සාම ත්‍යාගය පිරිනැමීම සහ ඊට පසුව ඇමරිකා එක්සත් ජනපදය විසින් ජාත්‍යන්තර අපරාධ අධිකරණයට (ICC) එරෙහිව සම්බාධක පැනවීම, ජාත්‍යන්තර මානව හිමිකම් පද්ධතියේ පවතින ද්විත්ව ප්‍රමිතීන් (Double Standards) සහ බලදේශපාලනයේ හැඩගැස්ම විදහාපාන වැදගත් සංසිද්ධියකි.

බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?

බ්‍රසීල ව්‍යවස්ථාදායක සභාවේ දක්ෂිණාංශික සෙනෙට් සභිකයකු වන ෆ්ලාවියෝ බොල්සොනාරෝ, සිරගත කර සිටින හිටපු බ්‍රසීල ජනාධිපති ජයිර් බොල්සොනාරෝගේ පුත්‍රයා වන අතර, ඔහු බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් ජයග්‍රහණය කිරීමට සමත්ව තිබේ.

ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..

ඊශ්‍රායලය තුළ දැඩි අභ්‍යන්තර අර්බුදයක් නිර්මාණය වෙමින් පවතින අතර, එය සිවිල් යුද්ධයක් දක්වා වර්ධනය වීමේ දැඩි අවදානමක් මතුව ඇති බව ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පවසයි.

බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..

බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක් ක්‍රියාත්මක වන බවත්, අනුරාධපුරය පූජාභූමියටද වෙනත් ආගමික ස්ථාන ඇතුළත් කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට පෙර, උන්වහන්සේ අයත් කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රිධර්ම මහා සංඝ සභාව සමග සාකච්ඡාවක් සඳහා එක්වන්නැයි එම සංඝ සභාවේ අනුනායක මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමි ජනාධිපතිවරයාට ලිපියක් මගින් ඊයේ (09) දැනුම්දී තිබේ.

සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි

සියලු සාමණේර හිමිවරුන් අනාගතයේදී ගලගොඩඅත්තේ හිමියන් කෙනෙක් පත්විය යුතු බව ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ ශ්‍රී උපාලි අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රකාශ කරති.

"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..

බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..

රටේ බෞද්ධ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය පරාජය කිරීමේ යුද ජයග්‍රහණයට නායකත්වය දුන් දේශපාලන හා හමුදාමය පාර්ශ්ව ඉලක්ක කරගනිමින් වත්මන් ආණ්ඩුව විසින් සංවිධානාත්මක මර්දනයක් සහ දේශපාලන දඩයමක් දියත් කර ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි. බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ අද (08) උදේ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් වීරවංශ මහතා මේ බව කියා සිටියේ මාතෘකා කීපයක් ඔස්සේ උණුසුම් හා වේගවත් කරුණු දැක්වීමක් පෙන්නුම් කරමිනි.

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි

සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු වැඩිම පිරිසක් එකම ස්ථානයක සිටිනවා නම් ඒ සිටින්නේ ජාතික ජනබලවේගයේ 159 යේ කණ්ඩායමේ බවත්, සිවුර හැරගිය 50කට වැඩි ප්‍රමාණයක් මාලිමා ආණ්ඩුව තුළ සිටින බවත් අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.