රුසියානු සමූහාණ්ඩුවේ ආරක්ෂක කවුන්සිලයේ ලේකම් සර්ජි ෂොයිගු අද(14) දකුණු චීනයේ Guangdong පළාතේ Zhuhai හි පැවැත්වෙන "එයාර් ෂෝ චයිනා 2024" නැරඹීමට පැමිණ ඇති බව වාර්තාවේ.. ෂෝයිගු අද උදෑසන ගුවන් සංදර්ශන භූමියේ ස්ථානගත කර ඇති ආයුධ ශාලාවට ගිය අතර එහිදී යුද ටැංකි, සන්නද්ධ වාහන, කාලතුවක්කු, ඩ්‍රෝන සහ සැහැල්ලු අවි ඇතුළු චීනය වැඩි දියුණු කළ යුද උපකරණ ප්‍රදර්ශනය නරඹා ඇති බවද වාර්තා වේ.
වත්මන් ආණ්ඩුව ත්‍රිපෝෂ සමාගම ඈවර කිරීම සම්බන්ධයෙන් පසුගිය 07 වනදා පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් පුබුදු ජයගොඩ සහෝදරයා කරුණු එලිදරව් කරණු ලැබීය. එයට ප්‍රතිචාර දක්වමින් පසුගිය 09 වනදා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරන මුදල්, ආර්ථික සංවර්ධන, ප්‍රතිපත්ති සම්පාදන, සැලසුම් සහ සංචාරක අමාත්‍යාංශ නිවේදනයක් නිකුත් කරමින් ත්‍රිපෝෂ සමාගම ඈවර කරන බවට පුබුදු ජයගොඩ කළ හෙළිදරව්ව මුසාවක් බව පවසයි. එයට ප්‍රතිචාර දක්වමින් සිය මුහුණුපොතෙහි සටහනක් තබන පුබුදු ජයගොඩ සාක්ෂි සහිත ත්‍රිපෝෂ සමාගම විකුණන බව පෙන්වයි.
"ECONOMYNEXT" වෙබ් අඩවිය විසින් පල කල පුවතක් වන ශ්‍රී ලංකාව BRICS කණ්ඩායමට ඇතුලත් වීමට කළ ඉල්ලීම ප්‍රතික්ෂේප වේ යනුවෙන් කළ පුවත පදනම් කරගනිමින් ලංකා ලීඩ් පුවත් වෙබ් අඩවිය ඇතුළු වෙනත් පුවත් වෙබ් අඩවි කිහිපයක්ද එම පුවත ප්‍රචාරය කර තිබුණි. ඒ අතර ඊයේ(09) වෙළෙඳ පොළට නිකුත් කළ අද(10) "Sunday Isaland" පුවත් පතද එම පුවත සිය මුල් පිටුවේම පල කර තිබුණි. මේ සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරන ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය එම පුවත සාවද්‍ය පුවතක් බව පවසයි. රුසියානු තානාපති කාර්යාලය නිකුත් කළ මාධ්‍ය නිවේදනයට අනුව ශ්‍රී ලංකාව ඇතුළු තවත් බොහෝ රටවල් ගණනක් BRICS කණ්ඩායමට ඇතුළත් වීමට ඉල්ලා ඉදිරිපත් කළ අයදුම්පත් නුදුරේදී BRICS කණ්ඩායමේ ඊට අදාල අංශ විසින් සමාලෝචනය කර අවශ්‍ය පියවර ගනු ලබනු ඇත.
ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැතිවරණ ජයග්‍රහණය පිළිබඳව රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සුබ පැතුම් එක් කර ඇති බව වාර්තාවේ. එලෙසම එක්සත් ජනපදයේ තේරී පත් වූ ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කිරීමට තමන් සූදානම් බවද පුටින් අවධාරණය කර ඇතැයිද එම වාර්තා පවසයි. ජුලි මාසයේදී ට්‍රම්ප්ව ඝාතනය කිරීමට ගත් උත්සාහයේදි සහ ඉන් පසුව ට්‍රම්ප් දැක්වූ “ධෛර්ය සම්පන්න” ප්‍රතිචාරය සම්බන්ධයෙන්ද පුටින් ප්‍රශංසා මුඛයෙන් අදහස් දැක්වූ බවද පැවසේ. ඊයේ(07) දකුණු රුසියානු නගරයක් වන සෝචි හි Valdai ජාත්‍යන්තර සාකච්ඡා සමාජයේ රැස්වීමකට එක් වෙමින් පුටින් පැවසුවේ, “ට්‍රම්ප් එක්සත් ජනපදයේ ජනාධිපති ලෙස තේරී පත්වීම සම්බන්ධයෙන් මගේ සුබ පැතුම් පිරිනැමීමට අවස්ථාවක් කරගන්නවා." යනුවෙනි. ට්‍රම්ප් යුක්රේන ගැටුම අවසන් කිරීමට අභිලාශයක් ඇති බව ප්‍රකාශ කර ඇති බවත්, එවැනි ප්‍රකාශයන් “අවම වශයෙන් අවධානය යොමු කළ යුතු” බවත් පුටින් එම රැස්වීමේ අදහස් දක්වමින් පැවසුවේය.
ප්‍රධාන පුවත්
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති