එක්සත් ජනපද උප ජනාධිපති ‘ශිෂ්ටාචාරමය සියදිවි නසාගැනීම්’ සම්බන්ධයෙන් යුරෝපා සංගමයට අනතුරු අඟවයි
ළිහිල් දේශසීමා පාලන ප්‍රතිපත්ති සහ නිදහස් භාෂණයට ඇති සීමාවන් හේතුවෙන් බොහෝ යුරෝපීය රටවල් “ශිෂ්ටාචාරමය සියදිවි නසාගැනීමේ” අද්දරට පැමිණිය හැකි බවට එක්සත් ජනපද උප ජනාධිපති ජේ.ඩී. වාන්ස් අනතුරු ඇඟවීය. එම අනතුරු ඇඟවීම පසුගිය මාසයේ මියුනිච් ආරක්ෂක සමුළුවේදී ඔහු කළ ප්‍රකාශය නැත ප්‍රතිරාවය නැංවීමක් බව දේශපාලන විෂ්ලේශකයෝ පවසති.
ඊයේ(14) ප්‍රකාශයට පත් කරන ලද ෆොක්ස් නිවුස් ප්‍රවෘත්ති නාලිකාව සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින්, වාන්ස් එක්සත් ජනපදය සහ යුරෝපය අතර ගැඹුරු සංස්කෘතික හා ආගමික සබඳතා ඉස්මතු කරමින් කරුණු දැක්වූ ඔහු යුරෝපා මහාද්වීපය “බටහිර ශිෂ්ටාචාරයේ තොටිල්ල” ලෙස සඳහන් කළ අතර, යුරෝපා මහාද්වීපය දැන් විශාල අවදානමක පවතින බවට ඔහු කරුණු ගෙන හැර පෑවේය.
“ඇමරිකා එක්සත් ජනපදය පිහිටුවීමට හේතු වූ ක්‍රිස්තියානි ශිෂ්ටාචාරය පිළිබඳ සමස්ත අදහසම යුරෝපයේ නිර්මාණය වූවා. සංස්කෘතික බැඳීම්, ආගමික බැඳීම් වැනි දෑ දේශපාලන එකඟ නොවීම්වලින් ඔබ්බට පවතිනු ඇත.” වාන්ස් පැවසීය.
නීතිවිරෝධී සංක්‍රමණ වැනි ගැටළු සම්බන්ධයෙන් පුරවැසියන් විරෝධතා දක්වන විට නිදහස් භාෂනයට සීමා දැමීමට ගන්නා උත්සාහයන් සමඟ ඒකාබද්ධව දේශසීමා පාලනය කිරීමට ඇති අකමැත්ත හෝ නොහැකියාව බරපතල ප්‍රතිවිපාක ඇති කළ හැකි බවට වාන්ස් අනතුරු ඇඟවීය.
“ [එක්සත් ජනපද ජනාධිපති] ඩොනල්ඩ් ට්‍රම්ප් සහ යුරෝපීය නායකයින් ගණනාවක් තේරී පත් වූ දේශසීමා ආක්‍රමණය වැනි මාතෘකා පාදක කරගෙන වුවද ඔවුන්ට ඔවුන්ගේ දේශසීමා පාලනය කිරීමට නොහැකි හෝ අකමැති - බොහෝ රටවල් .. එම පුරවැසියන් ඔවුන්ට එරෙහිව විරෝධතා දක්වන විට, ඔවුන් තමන්ගේම පුරවැසියන්ගේ අදහස් දැක්වීමේ නිදහසට සීමා පැනවීමට පටන් ගන්නා බව ඔබට නිරීක්ෂනය කළ හැකියි.” උප ජනාධිපතිවරයා පැහැදිලි කළේ යුරෝපීය රටවල් මෙම ගැටළු විසඳීමට පටන් ගනු ඇතැයි බලාපොරොත්තුව පළ කරමිනි.
ඔහුගේ ස්ථාවරය එක්සත් ජනපදය සහ එහි යුරෝපීය හවුල්කරුවන් අතර සබඳතා පළුදු කළ හැකි බවට එල්ල වන විවේචනවලට ප්‍රතිචාර දක්වමින්, මිත්‍ර පාක්ෂිකයින් අතර අවංක සාකච්ඡා අත්‍යවශ්‍ය බව වාන්ස් තර්ක කළේය.
“ඔබට ජර්මනිය වැනි රටක් සැලකිල්ලට ගත හැකි නම්, ඔබට ජර්මනිය සමඟ සංස්කෘතික වශයෙන් නොගැලපෙන රටවලින් තවත් මිලියන කිහිපයක් සංක්‍රමණිකයන් පැමිණෙන්නේ නම්, යුරෝපය ගැන මා සිතන දේ වැදගත් නොවේ,” ඔහු පැවසීය.
යුරෝපා සංගමය තුළ පාලනය නොකළ සංක්‍රමණ එක්සත් ජනපදයට ප්‍රතිවිපාක ඇති කළ හැකි බව වාන්ස් තවදුරටත් පැවසීය. මන්ද සමහර පුද්ගලයින් අවසානයේ ඇමරිකාවට ඇතුළු වීමට උත්සාහ කළ හැකි යැයි ඔහු අවධාරණය කළේය.
“යුරෝපය සමෘද්ධිමත් වීම දකින්නට මට අවශ්‍යයි. ඔවුන් අමෙරිකාවේ වැදගත් සගයෙකු වීම දැකීමට මට අවශ්‍යයි. එලෙස නවගමනක එක් කොටසක් වනුයේ යුරෝපය තමන්ගේම ජනතාවට ගරු කිරීම, තමන්ගේම ස්වෛරීභාවයට ගරු කිරීමයි. තේරුම්ගත යුතු කාරණය නම් ඇමරිකාවට ඔවුන් වෙනුවෙන් එම කාර්යය කළ නොහැකි වීමයි.” ඔහු පැවසීය.
පෙබරවාරි මාසයේදී, මියුනිච් ආරක්ෂක සමුළුවේදී වාන්ස් ආන්දෝලනාත්මක දේශනයක් පැවැත්වූ අතර, යුරෝපීය නායකයින් තමන්ගේම ඡන්දදායකයින්ට බිය වීම සහ ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් ආරක්ෂා කිරීමට අපොහොසත් වීම සහ "වැරදි තොරතුරු" වලට එරෙහිව සටන් කිරීමේ මුවාවෙන් විරුද්ධ හඬවල් වාරණය කිරීම සම්බන්ධයෙන් විවේචනය කළේය.
"යුරෝපයට සාපේක්ෂව මම වැඩිපුරම කනස්සල්ලට පත්වන තර්ජනය රුසියාව නොවේ, එය චීනය නොවේ, එය වෙනත් කිසිදු බාහිර නළුවෙකුද නොවේ... මම කනස්සල්ලට පත්වන්නේ ඇතුළතින් එන තර්ජනය සම්බන්ධවයි." වාන්ස් පැවසූ අතර පසුව ට්‍රම්ප් පවසා සිටියේ වාන්ස් "ඉතා දක්ෂ" කරුණු දැක්වූ කතාවක් බවයි.
Vance warns EU of ‘civilizational suicide’
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..