
එක්සත් ජනපද උප ජනාධිපති ‘ශිෂ්ටාචාරමය සියදිවි නසාගැනීම්’ සම්බන්ධයෙන් යුරෝපා සංගමයට අනතුරු අඟවයි
ළිහිල් දේශසීමා පාලන ප්‍රතිපත්ති සහ නිදහස් භාෂණයට ඇති සීමාවන් හේතුවෙන් බොහෝ යුරෝපීය රටවල් “ශිෂ්ටාචාරමය සියදිවි නසාගැනීමේ” අද්දරට පැමිණිය හැකි බවට එක්සත් ජනපද උප ජනාධිපති ජේ.ඩී. වාන්ස් අනතුරු ඇඟවීය. එම අනතුරු ඇඟවීම පසුගිය මාසයේ මියුනිච් ආරක්ෂක සමුළුවේදී ඔහු කළ ප්‍රකාශය නැත ප්‍රතිරාවය නැංවීමක් බව දේශපාලන විෂ්ලේශකයෝ පවසති.
ඊයේ(14) ප්‍රකාශයට පත් කරන ලද ෆොක්ස් නිවුස් ප්‍රවෘත්ති නාලිකාව සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින්, වාන්ස් එක්සත් ජනපදය සහ යුරෝපය අතර ගැඹුරු සංස්කෘතික හා ආගමික සබඳතා ඉස්මතු කරමින් කරුණු දැක්වූ ඔහු යුරෝපා මහාද්වීපය “බටහිර ශිෂ්ටාචාරයේ තොටිල්ල” ලෙස සඳහන් කළ අතර, යුරෝපා මහාද්වීපය දැන් විශාල අවදානමක පවතින බවට ඔහු කරුණු ගෙන හැර පෑවේය.
“ඇමරිකා එක්සත් ජනපදය පිහිටුවීමට හේතු වූ ක්‍රිස්තියානි ශිෂ්ටාචාරය පිළිබඳ සමස්ත අදහසම යුරෝපයේ නිර්මාණය වූවා. සංස්කෘතික බැඳීම්, ආගමික බැඳීම් වැනි දෑ දේශපාලන එකඟ නොවීම්වලින් ඔබ්බට පවතිනු ඇත.” වාන්ස් පැවසීය.
නීතිවිරෝධී සංක්‍රමණ වැනි ගැටළු සම්බන්ධයෙන් පුරවැසියන් විරෝධතා දක්වන විට නිදහස් භාෂනයට සීමා දැමීමට ගන්නා උත්සාහයන් සමඟ ඒකාබද්ධව දේශසීමා පාලනය කිරීමට ඇති අකමැත්ත හෝ නොහැකියාව බරපතල ප්‍රතිවිපාක ඇති කළ හැකි බවට වාන්ස් අනතුරු ඇඟවීය.
“ [එක්සත් ජනපද ජනාධිපති] ඩොනල්ඩ් ට්‍රම්ප් සහ යුරෝපීය නායකයින් ගණනාවක් තේරී පත් වූ දේශසීමා ආක්‍රමණය වැනි මාතෘකා පාදක කරගෙන වුවද ඔවුන්ට ඔවුන්ගේ දේශසීමා පාලනය කිරීමට නොහැකි හෝ අකමැති - බොහෝ රටවල් .. එම පුරවැසියන් ඔවුන්ට එරෙහිව විරෝධතා දක්වන විට, ඔවුන් තමන්ගේම පුරවැසියන්ගේ අදහස් දැක්වීමේ නිදහසට සීමා පැනවීමට පටන් ගන්නා බව ඔබට නිරීක්ෂනය කළ හැකියි.” උප ජනාධිපතිවරයා පැහැදිලි කළේ යුරෝපීය රටවල් මෙම ගැටළු විසඳීමට පටන් ගනු ඇතැයි බලාපොරොත්තුව පළ කරමිනි.
ඔහුගේ ස්ථාවරය එක්සත් ජනපදය සහ එහි යුරෝපීය හවුල්කරුවන් අතර සබඳතා පළුදු කළ හැකි බවට එල්ල වන විවේචනවලට ප්‍රතිචාර දක්වමින්, මිත්‍ර පාක්ෂිකයින් අතර අවංක සාකච්ඡා අත්‍යවශ්‍ය බව වාන්ස් තර්ක කළේය.
“ඔබට ජර්මනිය වැනි රටක් සැලකිල්ලට ගත හැකි නම්, ඔබට ජර්මනිය සමඟ සංස්කෘතික වශයෙන් නොගැලපෙන රටවලින් තවත් මිලියන කිහිපයක් සංක්‍රමණිකයන් පැමිණෙන්නේ නම්, යුරෝපය ගැන මා සිතන දේ වැදගත් නොවේ,” ඔහු පැවසීය.
යුරෝපා සංගමය තුළ පාලනය නොකළ සංක්‍රමණ එක්සත් ජනපදයට ප්‍රතිවිපාක ඇති කළ හැකි බව වාන්ස් තවදුරටත් පැවසීය. මන්ද සමහර පුද්ගලයින් අවසානයේ ඇමරිකාවට ඇතුළු වීමට උත්සාහ කළ හැකි යැයි ඔහු අවධාරණය කළේය.
“යුරෝපය සමෘද්ධිමත් වීම දකින්නට මට අවශ්‍යයි. ඔවුන් අමෙරිකාවේ වැදගත් සගයෙකු වීම දැකීමට මට අවශ්‍යයි. එලෙස නවගමනක එක් කොටසක් වනුයේ යුරෝපය තමන්ගේම ජනතාවට ගරු කිරීම, තමන්ගේම ස්වෛරීභාවයට ගරු කිරීමයි. තේරුම්ගත යුතු කාරණය නම් ඇමරිකාවට ඔවුන් වෙනුවෙන් එම කාර්යය කළ නොහැකි වීමයි.” ඔහු පැවසීය.
පෙබරවාරි මාසයේදී, මියුනිච් ආරක්ෂක සමුළුවේදී වාන්ස් ආන්දෝලනාත්මක දේශනයක් පැවැත්වූ අතර, යුරෝපීය නායකයින් තමන්ගේම ඡන්දදායකයින්ට බිය වීම සහ ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් ආරක්ෂා කිරීමට අපොහොසත් වීම සහ "වැරදි තොරතුරු" වලට එරෙහිව සටන් කිරීමේ මුවාවෙන් විරුද්ධ හඬවල් වාරණය කිරීම සම්බන්ධයෙන් විවේචනය කළේය.
"යුරෝපයට සාපේක්ෂව මම වැඩිපුරම කනස්සල්ලට පත්වන තර්ජනය රුසියාව නොවේ, එය චීනය නොවේ, එය වෙනත් කිසිදු බාහිර නළුවෙකුද නොවේ... මම කනස්සල්ලට පත්වන්නේ ඇතුළතින් එන තර්ජනය සම්බන්ධවයි." වාන්ස් පැවසූ අතර පසුව ට්‍රම්ප් පවසා සිටියේ වාන්ස් "ඉතා දක්ෂ" කරුණු දැක්වූ කතාවක් බවයි.
Vance warns EU of ‘civilizational suicide’
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ජවිපෙ අත්හැරපු ඉන්දියන් විරෝධී සටන විජේවීරගේ පුතා අතට ගනී.. (වීඩියෝ)
අනුර - මෝදි ගිවිසුම්වලින් රටේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකියි - වෛද්‍ය අනුලා විජේසුන්දර (වීඩියෝ)
අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට සහ ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනියි... ජනාධිපති ලේකම් වගකීම් පැහැරහැරියා - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් චෝදනා (වීඩියෝ)
අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට මහජන පෙත්සම භාර දුන් අවස්ථාව (වීඩියෝ)
ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් අත්සන් කර ඇත්තේ රටේ ස්වාධීනත්වයට, නීතියට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ලෙසයි - නීතිඥ මධුමාලි අල්විස් (වීඩියෝ)
ඉන්දියාව සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් නීති විරෝධීයි.. ඒ ගිවිසුම්වලින් රටේ ස්වෛරීත්වය පාවා දීලා - ආචාර්ය ගුණදාස අමරසේකර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක ගැසූ හොර ගිවිසුම් ගැන කරුණු කියන්න ජනපති ලේකම් කාර්යාලයට ගිය ජාතික සංවිධාන නියෝජිතයන්ට කුඩම්මාගේ සැලකිලි..
අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදෙයි..
ඉන්දියාව අසල්වාසී රාජ්‍යයක් මිස ලොකු අයියා නොවෙයි.. ඉන්දියාවේ උපකාර පිටුපස සැඟවුණු යටි අරමුණු වටහාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි (වීඩියෝ)
ගිවිසුම් 7ක් මගින් ලංකාව යටත් කර ඉන්දියානු ව්‍යාප්තවාදයේ ගොදුරක් බවට පත් කිරීමේ ඉන්දියානු මෙහෙයුම මේ මොහොතේ නිවැරදිව හඳුනාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි (වීඩියෝ)
ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි... අනුර වටේ ඉන්න පාර වරද්දන උපදේශකයන්ගේ කෙරුවාව මෙන්න (වීඩියෝ)
ලෝක කම්කරු දිනය අදයි..
රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තබති.. (ඡායාරූප)
රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම් 7ට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තැබීම අද..
මැතිවරණ කොමසාරිස් ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්ම නොදන්නා උද්දච්ච පුද්ගලයෙක්: තනතුරට සුදුසු නැහැ - ජාතික සංවිධාන කියයි
පාකිස්තානයකට එරෙහි ප්‍රහාරයකට මෝදි අවසර දෙයි..
