News Category
From Date
To Date
Maximum Number of Result

මොස්කව්හි ඊශ්‍රායල තානාපතිවරිය සමූලඝාතනය සහ ගාසා ගැටුම ඇතුළු ප්‍රශ්න සම්බන්ධයෙන් කළ ප්‍රකාශයන් හෙළා දකිමින් ඒවා “ප්‍රකෝපකාරී සහ පිළිගත නොහැකි” ප්‍රකාශ ලෙස රුසියානු විදේශ අමාත්‍යාංශය ඊයේ(05) හඳුන්වනු ලැබීය.

2050 වසර වන විට ගෝලීය පිළිකා රෝගීන් මිලියන 35 දක්වා ඉහළ යනු ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) පිළිකා රෝග ඒජන්සිය පුරෝකථනය කර ඇත. සෞඛ්‍ය විශේෂඥයන්ට අනුව මෙම අගය 2022 දී වාර්තා වූ අගයට වඩා 77% ක වැඩිවීමකි.

රුසියාවේ ලුගන්ස්ක් මහජන ජනරජයේ (LPR) ලිසිචන්ස්ක් නගරයට එල්ල වූ යුක්රේන මිසයිල ප්‍රහාරය හේතුවෙන් මියගිය සංඛ්‍යාව 28 දක්වා ඉහළ ගොස් ඇති බව කළාපයේ වැඩබලන ප්‍රධානියා සහ හදිසි සේවා අංශ ප්‍රකාශ කරයි.

ගෝලීය මිලිටරි ගැටුම් නිසා ඉහළ යන යුද අවි අවශ්‍යතාවය හේතුවෙන් 2023 මූල්‍ය වර්ෂයේ එක්සත් ජනපදය විදේශීය රාජ්‍යයන්ට ආයුධ අලෙවියෙන් ඩොලර් බිලියන 238ක වාර්තාගත ආදයමක් උපයා ගැනීමට සමත්ව ඇති බව වාර්තා වේ.

ඕස්ට්‍රේලියාව වාර්ගික ගැටුම් නිර්මාණය කරගැනීමේ රාජ්‍යයක් බවට පත්කර ගැනීමේ උවමනාවෙන් ක්‍රියාත්මක වන පිරිසකගේ කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් ලෙස ඕස්ට්‍රේලියාවේ නව නාසි ප්‍රවණතා ඉහළ යමින් පවතින බව වාර්තා වේ.

රාජ්‍ය රහස් හෙළිකිරීමේ චෝදනාව මත පාකිස්තානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට වසර 10ක සිරදඬුවමක් ලබාදී තිබේ.

දැවැන්ත ජාතික ණය අඛණ්ඩව ඉහළ යන බැවින් එක්සත් ජනපද ආර්ථිකය ව්‍යසනය කරා ගමන් කරමින් සිටින බව ජේ පී මෝර්ගන් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ජැමී ඩිමොන් ෆොක්ස් නිව්ස් ආයතනය සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී පැවසීය.

එක්සත් ජනපද ෆෙඩරල් ගුවන් සේවා පරිපාලනය (FAA ) මගීන්ගේ ආරක්‍ෂාව ගැන සඳහන් කරමින් බෝයිං සමාගමට එහි 737 MAX ගුවන් යානා නිෂ්පාදන ධාරිතාවය පුළුල් කිරීම තාවකාලිකව තහනම් කර ඇත.

75 වැනි ඉන්දීය ජනරජ දිනයේ ප්‍රධාන අමුත්තා වශයෙන් ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් ඉන්දියාවට පැමිණ ඇති බව වාර්තා වේ.


ප්‍රධාන පුවත්

ආණ්ඩුවේ ආයුෂ උතුරු නැගෙනහිර පළාත් සභා ඡන්දය තියන තුරු විතරයි.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

බෙදුම්වාදීන්ගේ ප්‍රකාශ සම්බන්ධයෙන් සහ ඔවුන්ගේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් ආණ්ඩුවත් විපක්ෂයත් බරපතළ ලෙස මානසික බාධක පනවාගෙන සිටින බවත්, එල්.ටී.ටී.ඊ කොටි ත්‍රස්තයන් සැමරීම ඔවුන් විසින් කිසිඳු බාධාවකින් තොරව පාර්ලිමේන්තුව තුළ දී පවා සිදුකරමින් සිටින බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

මනෝගෙන් අතිශය ආන්දෝලනාත්මක ප්‍රකාශයක්..- පළාත් සභා උභතෝකෝටිකය!

දෙමළ බෙදුම්වාදී ත්‍රස්තවාදීන්ගේ (අවි දැරූ/නොදැරූ) සහ ඉන්දියාවේ වුවමනාවට 80 දශකයේදී ලංකාවේ ස්ථාපිත කළ පළාත් සභා ක්‍රමය පිළිබඳව නැවතත් විමසා බැලිය යුතුය.

මහ බැංකුව වගකීම් විරහිත ආයතනයක් වෙලා.. මහ බැංකු අධිපති පැනල යන බව කළින් කියා පැනල යයිද? - විමල් ප්‍රශ්න කරයි..

වැරදි විදිහට කටයුතු කරන මූල්‍ය ආයතන රට තුළ තිබේ නම් මහ බැංකුව ඊට නීතිමය පියවර ගතයුතු බවත්, එසේ නොමැතිව දැන්වීම් ප්‍රචාරය කිරීමෙන් පමණක් ඒවාට එරෙහිව කටයුතු කළ නොහැකි බවත් ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පවසයි.

ඇමරිකා අලුත් බද්දෙන් ලංකාව අමාරුවේ..- ලංකා වාණිජ මණ්ඩලය

රටවල් කිහිපයක් ඉලක්ක කරගනිමින් ශ්‍රම සාධක මත පදනම් වූ නව තීරුබදු ක්‍රමවේදයක් හඳුන්වා දීමට ඇමරිකා එක්සත් ජනපදය පියවර ගෙන ඇත. මෙරටින් යවන අපනයන භාණ්ඩ සඳහා ද සියයට 12.5 ක බද්දක් මෙයට ඇතුළත් වන අතර, මෙම තීරණය සම්බන්ධයෙන් ලංකා වාණිජ මණ්ඩලය සිය කනස්සල්ල පළ කර සිටියි.

මහා සංඝරත්නයට, සම්බුද්ධ සාසනයට ද්වේෂසහගතව අගෞරව කිරීම පිළිබඳව කුප්‍රකට

සිදත්ත තිලකසිරි හෙවත් "සුදා" නමැති කුප්‍රකට අන්වර්ථ නාමයෙන් හඳුන්වන යූටියුබ් කරුවකුට එරෙහිව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරය විසින් ලිඛිතව පොලිස්පතිට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.

ගම්මන්පිල සහ ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු සුරනා අතර හමුවක්.. සාකච්ඡාව පිටුපස සැඟවුනු ඉන්දීය න්‍යාය පත්‍රයක් තිබුනාද?

ඉන්දීය නීති සමාගමේ පාලන හවුල්කරු ආචාර්ය විනෝද් සුරනා සහ පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා අතර හමුවක් සිදුව ඇති බව වාර්තා වේ.

චීනය සහ ශ්‍රී ලංකාව දේශසීමා හරහා සිදුවන මාර්ගගත සූදු හා විදුලි සංදේශ වංචා මර්දනය කිරීමට දැඩිව එක්ව ක්‍රියා කරනවා!-ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය

ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටින්නේ එක්සත් ජාතීන්ගේ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ කාර්යාලය (UNODC) ද පෙන්වා දෙන ආකාරයට මාර්ගගත වංචා මධ්‍යස්ථාන අග්නිදිග ආසියාවේ සිට අනෙකුත් කලාප වෙත ව්‍යාප්ත වෙමින් පවතින බවයි. එලෙසම අපරාධ ජාල මිනිස් ජාවාරම් සමඟ වඩාත් සංකීර්ණ ලෙස සම්බන්ධ වෙමින් ඇති බවද එම නිවේදනය පවසයි.එලෙසම චීන ජාතිකයන් මෙම අපරාධවල ප්‍රධාන ගොදුරු කණ්ඩායම් අතර සිටින බවද තහවුරු වී තිබෙන බවද එම නිවේදනය මගින් පවසයි.

සිංහල ජාතිකවාදී රාජ්‍ය ජාතිය ආගම පදනම්කර ගෙන වර්ග සංහාරයක් සිදුකළා.. දෙමළ ජනතාවට එරෙහිව වර්ග සංහාරයක් සිදුකළා කියලා උතුරු පළාත් සභා ප්‍රකාශනයෙන් කියවෙනවා.. - ජීවන්ත පීරිස් පූජකවරයා යළිත් කියයි..

දකුණේ සිංහල ජාතිකවාදී රාජ්‍ය ජාතිය ආගම පදනම්කර ගනිමින් වර්ග සංහාරයක් සිදුකර ඇති බවත්, එය ආරම්භ වූයේ උතුරට එරෙහිව නොව දකුණට එරෙහිව බවත් ජීවනිත පීරිස් පියතුමා පවසයි.

භාණ්ඩාගාර කොල්ලය ගැන භාණ්ඩාගාර වාර්ෂික වාර්තාවේ කිසිම සඳහනක් නෑ.. - රජිත් කීර්ති තෙන්නකෝන්

මහා භාණ්ඩාගාරයේ සිදුවූ අපකීර්තිමත්ම මංකොල්ලය ඩො.මි. 2.5 ක මුදල තුන්වන පාර්ශවයක් අතට පත්වීම පිළිබඳ මුදල් අමාත්‍යාංශයේ 2025 වාර්ෂික වාර්තාවේ කිසිදු සදහනක් නොවේ යයි හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් මහතා පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.