News Category
From Date
To Date
Maximum Number of Result

පුද්ගලික වෛද්‍ය විද්‍යාල ඇති කිරීමෙන් රාජ්‍ය වෛද්‍ය විද්‍යාල බිඳ වැටෙනවා - GMOA

Dec 7, 2023 at 10:53 AM
|

හෙළිදරව්  වී ඇති තොරතුරු අනුව ඉදිරියේදී  විවෘත කිරීම සඳහා පිඹුරුපත් සැකසෙන රාජ්‍ය නොවන වෛද්‍ය පීඨ හරහා අනතුරුදායක තත්ත්වයක් නිර්මාණය වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

රාජ්‍ය නොවන වෛද්‍ය පීඨ විසින් ආචාර්ය මණ්ඩල ආකර්ශණය කර ගැනීම සඳහා ලබා දීමට නියමිත සුවිශේෂ  ප්‍රතිලාභ හා වරප්‍රසාද හරහා දැනට ස්ථාවරව පවතින රාජ්‍ය වෛද්‍ය පීඨ වල ඉගෙනුම් ක්‍රියාවලියට අදාල මානව සම්පතට මරු පහරක් එල්ලවන බව එම සංගමය මාධ්‍ය නිවේදනක් නිකුත්කරමින් පවසයි.

අදාළ මාධ්‍ය නිවේදය පහළින්...

නිසි සැලසුමක් හා අධ්‍යයනයක් නොමැතිව හා අතීතයෙන් පාඩම් ඉගෙන නොගෙන සිදු කරන කටයුතු හරහා මතුව ඇති වෛද්‍ය අධ්‍යාපනයේ ඉදිරි අභියෝග.

ගුණාත්මක වෛද්‍යවරයෙක් බිහි වීම සඳහා වෛද්‍ය අධ්‍යාපනයේ ගුණාත්මකභාවය හා ප්‍රමිතිය රැක ගැනීම අත්‍යවශ්‍ය කොන්දේසියකි.

වෛද්‍ය වෘත්තිය මිනිස් ජීවිත සමඟ තීරණාත්මක ලෙස බැදි පැවතීම ඉහත අවශ්‍යතාවයේ වැදගත්කම තවදුරටත් ඉහල නංවයි.

අනාදිමත් කාලයක සිට ශ්‍රී ලංකාව තුළ වෛද්‍ය අධ්‍යාපනය ජාත්‍යන්තර පිළිගැනීමක් සහිතව ක්‍රියාත්මක විය. ඒ සඳහා තවදුරටත් අගය එකතු කරමින් ලෝක වෛද්‍ය අධ්‍යාපන ප්‍රමිතිකරණ නිර්ණායක වලට අනුව ශ්‍රී ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනය පිළිගැනීමට ලක් වූයේ මීට ටික කලකට ඉහතදීය. ආසියානු කලාපය තුල ශ්‍රී ලංකාව හැරුණු විට එවන් කීර්තිනාමයක් හිමි කර ගත් වෙනත් රටවල් ඇත්තේ 2 ක් පමණි. ශ්‍රී ලංකාවෙන් බිහි වන වෛද්‍යවරුන් සඳහා ලෝකය පුරා ඉහළම ඉල්ලුමක් ලැබි ඇත්තේ මේ නිසාය.

තත්ත්වය එසේ තිබියදි මෑත කාලීනව දුටු නිසි සැලසුමකින් තොර හා අතීත අත්දැකිම් හරහා පාඩම් උගෙන නොගත් ක්‍රියාකාරකම් හේතුවෙන් මේ වන විට ශ්‍රී ලංකාවේ වෛද්‍ය අධ්‍යාපන ක්ෂේත්‍රය අභියෝග රාශීයකට මුහුණ දෙමින් සිටියි.

මේ වන විට ආරම්භ වී ක්‍රියාත්මක වන වයඹ, සබරගමුව හා මොරටුව වෛද්‍ය පීඨ ආශ්‍රිතව මතුවී ඇති හා මතුවෙමින් පවතින ප්‍රවණතා පිළිබඳ විශේෂ අවධානයක් යොමු විය යුතුය.

විශේෂයෙන්ම සබරගමුව වෛද්‍ය පීඨය තුල මතුව ඇති අවසන් වසරේ සිසුන්‌ගේ පුහුණුවට අත්‍යවශ්‍ය මහාචාර්ය ඒකකයන් පවා නිශ්චිත ලෙස ස්ථාපිත නොවු අවාසනාවන්ත තත්ත්වය වහා නිවැරදි විය යුතුය. උසස් පෙල ඉහළම ප්‍රතිඵල සහිතව රාජ්‍ය වෛද්‍ය පීඨයන්ට සුදුසුකම් ලබන සිසුන් මහ පාරට ඇද වැටීමේ ඛේදජනක යථාර්තයට බලධාරීන් දක්වන ප්‍රතිචාර පිළිබඳව තවමත් ඇත්තේ අපැහැදිලි පසුබිමකි.

වෙනත් කිසිදු ක්ෂේත්‍රයක නොවන අයුරින් වෛද්‍ය අධ්‍යාපනය පුලුල් කිරීමේදි අවධානයට යොමු විය යුතු පහත දැක්වෙන සීමාකාරි සාධක කෙරෙහි නිසි අවධානය යොමු කරමින් කටයුතු කිරීමත්, සිහින ලෝක වල සිටිමින් හුදු ජනප්‍රියවාදී තීන්දු තීරණ වලට නිසි සැලසුමකින් තොරව එළඹීමත් වර්තමාන අර්බුදයට ප්‍රධාන ලෙස හේතු වී ඇත.

හඳුනාගත් සීමාකාරි සාධක

ඉගෙනුම් කටයුතු සඳහා අත්‍යවශ්‍ය පුහුණුව හා අත්දැකීම් සහිත මහාචාර්යවරුන් හා ආචාර්ය මණ්ඩල.

සායනික පුහුණුව සඳහා සුදුසු ශික්ෂණ රෝහල්.

වෛද්‍ය උපාධියෙන් පසු අනිවාර්ය සීමාවාසික පුහුණුව ලැබීම සඳහා ගැලපෙන පහසුකම් සහිත රෝහල් පද්ධතියක්.

අද වන විට ඉහත සාධක වල දැඩි සීමා සහිත බව නිසා මේ වන විට ස්ථාවරව පවතින රාජ්‍ය වෛද්‍ය පීඨ වල පාඨමාලාවන් පවා ගුණාත්මකභාවය හා ප්‍රමිතිය රැක ගනිමින් ඉදිරියටත් පවත්වා ගැනීම දැඩි අභියෝගාත්මක වී ඇත.

රට තුල වෛද්‍ය අධ්‍යාපනය පුලුල් වීම නිසි සැලැස්මක් සහිතව හා අතීතයෙන් උගත් පාඩම් අනුව සිදු නොවනුයේ නම් ප්‍රතිඵල අර්බුදකාරි වනු නොඅනුමානය.

මේ වන විට හෙළිදරව්  වී ඇති තොරතුරු අනුව ඉදිරියේදී  විවෘත කිරීම සඳහා පිඹුරුපත් සැකසෙන රාජ්‍ය නොවන වෛද්‍ය පීඨ හරහා මතු විය හැකි අනතුරුදායක තත්ත්වය  පිළිබඳ  විශේෂ අවධානයකින් කටයුතු කළ යුතුමය.

රාජ්‍ය නොවන වෛද්‍ය පීඨ විසින් ආචාර්ය මණ්ඩල ආකර්ශණය කර ගැනීම සඳහා ලබා දීමට නියමිත සුවිශේෂ  ප්‍රතිලාභ හා වරප්‍රසාද හරහා දැනට ස්ථාවරව පවතින රාජ්‍ය වෛද්‍ය පීඨ වල ඉගෙනුම් ක්‍රියාවලියට අදාල මානව සම්පතට එල්ල වීමට නියමිතව ඇත්තේ මරු පහරකි.

එමෙන්ම නිසි සැලසුමකින් හා ඉදිරි දැක්මකින් තොරව අලුතින් ආරම්භ කිරීමට නියමිත ඌව වෙල්ලස්ස වෛද්‍ය පීඨය වැනි රාජ්‍ය වෛද්‍ය පීඨ හරහා ද සමස්ථ වෛද්‍ය අධ්‍යාපනයේ ගුණාත්මකභාවය  හා ප්‍රමිතියට ඍණාත්මක  බලපෑම් එල්ල වනු ඇත.

ඒ අනුව වෛද්‍ය අධ්‍යාපන ක්ෂෙත්‍රය තුළ මතු වීමට නියමිත ඉදිරි අභියෝග නිසි ලෙස කලමනාකරණය කරගනිමින් වෛද්‍ය අධ්‍යාපනයේ ගුණාත්මකභාවය හා ප්‍රමිතිය රැක ගනිමින් රෝගීන්ගේ ජීවත්වීමේ අයිතියට නිසි වටිනාකමක් ලබා දෙන ගුණාත්මක වෛද්‍යවරුන් බිහි කිරීමේ ක්‍රියාවලිය තහවුරු කිරීම සඳහා පහත අත්‍යාවශ්‍ය කොන්දේසි සම්පූර්ණ විය යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ලෙස දැඩි ලෙස අවධාරණය කරමු.

වෛද්‍ය අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඉදිරි ඕනෑම පුලුල් කිරීමක් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ අවම ප්‍රමිති නිර්ණායකයන්ට යටත්ව සිදුවිය යුතුයි.

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ වපසරියට යටත්ව විය යුතුයි.

මූලික ශක්‍යතා අධ්‍යනයකින් හෙළිවන තොරතුරු හා සංඛ්‍යා ලේඛන මත පදනම් වන පුලුල් කිරීමක් පමණක් විය යුතුයි.

වෛද්‍ය අධ්‍යාපනය පුලුල් කිරීම සඳහා බලපාන ඉහත පෙන්වාදුන් සීමාකාරි සාධක පිලිබද අනිවාර්ය හැදෑරීමකින් පසුව පමණක් ආරම්භ විය යුතුය.

සෘජු හා වක්‍ර ලෙස දැනට ස්ථාපිත රාජ්‍ය වෛද්‍ය පීඨයන්හි ගුණාත්මකභාවය හා ප්‍රමිතිය කෙරෙහි ඍණාත්මක බලපෑම් එල්ල නොකළ යුතුය

පාර්ශවකරුවන් සමඟ පුලුල් කථිකාවතකින් පමණක් නිත්‍යානූකූල ප්‍රවේශයන් ඔස්සේ සිදු කල යුතුය.

ලෝකය පුරා අනිකුත් රටවලින් ලබා ගත හැකි අත්දැකීම් භාවිත කරමින් කටයුතු කල යුතුය.

ශ්‍රී ලංකාව තුල අනිකුත් වෘත්තීය ක්ෂේත්‍ර සැලසුම් රහිතව පුලුල් කිරීම හරහා මේ වන විට මතුව ඇති ප්‍රවණතා අත්දැකීම් ලෙස භාවිත කල යුතුය.

මේ මොහොත වන විට මතුවෙමින් පවතින බැරූරැම් ප්‍රවණතාවයන් ගණනාවක් පිළිබඳ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ලෙස නිරන්තර සැලකිල්ලෙන් පසු වන බව දන්වා සිටිමු.

සැබෑ අවශ්‍යතා හඳුනා ගනිමින් විද්‍යාත්මක ප්‍රවේශයක් හරහා සිදු කරන වෛද්‍ය අධ්‍යාපනයේ වැඩිදියුණු කිරීම් සඳහා පමණක් ඉඩ කඩ විවර විය යුතු බව අප සංගමයේ මතයයි.

මේ මොහොත වන විට ස්ථාපිත වී ඇති රාජ්‍ය වෛද්‍ය පීඨ තුල මතුව ඇති හා මතුවෙමින් පවතින අර්බුදකාරී තත්ත්වයන් සඳහා වෛද්‍ය සභාවේ මඟ පෙන්වීම යටතේ ප්‍රායෝගික හා නිත්‍යානුකූල විසඳුම් ලබා දිමේ ක්‍රියාවලියට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ලෙස අපගේ උපරිම සහයෝගය ප්‍රකාශ කර සිටිමු.

ස්තූතියි.
මීට විශ්වාසී,
වෛද්‍ය හරිත අලුත්ගේ,
ලේකම්.

සම්බන්ධිත පුවත් | Related News

වත්මන් රජය විසින් ක්‍රියාත්මක කිරීමට සැරසෙන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සහ දුෂ්කර පාසල්වල වැඩබලන විදුහල්පතිවරුන්ගේ දීමනා කපා හැරීමට ගෙන ඇති තීරණයට එරෙහිව ජාතික ගුරු ව්‍යාපාරය සිය දැඩි විරෝධය පළ කර සිටියි. බත්තරමුල්ල ජාතික නිදහස් පෙරමුණු කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම ව්‍යාපාරයේ ප්‍රධාන ලේකම් සඳුන් බණ්ඩාර බෝදරගම මහතා මේ බව සදහන් කළේය.
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඊයේ(12) දින සිසුකළ සාකච්ඡාවෙන් පසුව අන්තර්ජාල නාලිකාවක් සමග පැවති සාකච්ඡාවකදී නීතිඥ සංගමයේ සභාපති රජිව් අමරසූරිය මහතා පවසන්නේ, මෙම විශ්‍රම වයස දීර්ඝ කිරීම සම්බන්ධ ප්‍රශ්නය ඇත්තේ එක තැනක බවත් එහෙත් පිළිතුර ඇත්තේ තවත් තැනක බවත් ය.
කුච්චවේලි පිච්චමල් විහාරස්ථානයේ පිහිටි වසර 2300 කට වඩා පැරණි ඓතිහාසික බෞද්ධ නටඹුන් සහිත පූජනීය භූමිය විනාශ වීමේ අනතුරකට මුහුණ පා ඇති බව වාර්තා වේ.
යෝජිත සංශෝධනය මඟින් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතල බලපෑමක් එල්ල වන බවත්, වත්මන් පද්ධතිය වැඩිදියුණු කිරීම සඳහා මෙය හදිසි අවශ්‍යතාවක් නොවන බවත් ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඊයේ (12) ජනපති අනුර කුමාර දිසානායක හමුවී පෙන්වා දී තිබේ.
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහාවන යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ, විනිසුරුවරුන්ගේ සහ නීතිඥයින්ගේ ස්වාධීනත්වය පිළිබඳ විශේෂ නියෝජිත මාග්‍රට් සැටර්ත්වයිට් කනස්සල්ල පළකර තිබේ.
තෛනිකායික මහනාහිමිවරුන් රටේ පාලකයන්ට විවිධ අවස්ථාවන්හි යම් යම් කරුණු කාරණා සම්බන්ධයෙන් අර්ථයෙන්, ධර්මයෙන් අනුශාසනා කොට වාචිකව මෙන්ම ලිඛිතව දැනුම්දීම, අතීතයේ සිට සිදුකළ දෙයක් බව මල්වතු මහනාහිමියන් පවසා තිබේ.
අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු අධිකරණ පද්ධතියේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව ඉහළ නැංවීම සඳහා කැබිනට් මණ්ඩලය ගෙන ඇති තීරණය සහ ඊට අදාළ ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ත්‍රෛනිකායික මහා නායක හිමිපාණන් වහන්සේලා විසින් විරෝධය පළකරමින් ජනාධිපතිවරයා වෙත යවන ලද ලිපිය මේ වන විට සමාජ මාධ්‍යයේ සංසරණය වෙයි.
අරගල සමයේ සිට මේ දක්වා මෙරට හමුදා බුද්ධි අංශවලට මෙන්ම ත්‍රිවිධ හමුදාවට සහ පොලිසියට අවලාද, අපහාස, ගැරහුම් සිදුකරමින් ඇති පසුබිමක, මේ වන විට යුද්ධය විජයග්‍රාහී ලෙස අවසන් කළ රණවිරුවන් නොයෙකුත් අභියෝගයන්ට ලක්ව ඇති බව නීතිඥ මධුමාලි අල්විස් මහත්මිය පවසයි.
ඉරානය ආසන්නයේ යුද මෙහෙයුම්වල නිරතව සිටින ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකාවක සිටින නාවිකයන්, දිගුකාලීන මෙහෙයුම් හේතුවෙන් ඇති වූ අධික වෙහෙස සහ බිඳ වැටුණු මානසික තත්ත්වය හේතුවෙන් නෞකාවෙන් මුහුදට පැනීමට උත්සාහ කර ඇති බව, කාර්ය මණ්ඩල සාමාජිකයන්ගේ පවුල් උපුටා දක්වමින් අමෙරිකානු මාධ්‍ය කිහිපයක් වාර්තා කර තිබේ.

ප්‍රධාන පුවත්

LGBTQ+ සංකල්ප ඇතුළත් අධ්‍යාපන පැකේජය යළි පාසල් පද්ධතියට ඇතුළත් කරන්නට සූදානම් වන්නේ නම් ඊට එරෙහිව පාරට බහිනවා.. - ජාතික ගුරු ව්‍යාපාරය

වත්මන් රජය විසින් ක්‍රියාත්මක කිරීමට සැරසෙන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සහ දුෂ්කර පාසල්වල වැඩබලන විදුහල්පතිවරුන්ගේ දීමනා කපා හැරීමට ගෙන ඇති තීරණයට එරෙහිව ජාතික ගුරු ව්‍යාපාරය සිය දැඩි විරෝධය පළ කර සිටියි. බත්තරමුල්ල ජාතික නිදහස් පෙරමුණු කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් එම ව්‍යාපාරයේ ප්‍රධාන ලේකම් සඳුන් බණ්ඩාර බෝදරගම මහතා මේ බව සදහන් කළේය.

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම: ප්‍රශ්නය තියෙන්නෙ එක තැනක.. උත්තර දීල තියෙන්නේ වෙනත් තැනකට.. මේක වැරදියි.. - නීතිඥ සංගමයේ සභාපති රජිව් අමරසූරිය

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඊයේ(12) දින සිසුකළ සාකච්ඡාවෙන් පසුව අන්තර්ජාල නාලිකාවක් සමග පැවති සාකච්ඡාවකදී නීතිඥ සංගමයේ සභාපති රජිව් අමරසූරිය මහතා පවසන්නේ, මෙම විශ්‍රම වයස දීර්ඝ කිරීම සම්බන්ධ ප්‍රශ්නය ඇත්තේ එක තැනක බවත් එහෙත් පිළිතුර ඇත්තේ තවත් තැනක බවත් ය.

කුච්චවේලි පිච්චමල් විහාරය අනතුරේ.. බෞද්ධ නටඹුන් විනාශයි..

කුච්චවේලි පිච්චමල් විහාරස්ථානයේ පිහිටි වසර 2300 කට වඩා පැරණි ඓතිහාසික බෞද්ධ නටඹුන් සහිත පූජනීය භූමිය විනාශ වීමේ අනතුරකට මුහුණ පා ඇති බව වාර්තා වේ.

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවෙන් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතළ බලපෑමක්..

යෝජිත සංශෝධනය මඟින් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතල බලපෑමක් එල්ල වන බවත්, වත්මන් පද්ධතිය වැඩිදියුණු කිරීම සඳහා මෙය හදිසි අවශ්‍යතාවක් නොවන බවත් ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඊයේ (12) ජනපති අනුර කුමාර දිසානායක හමුවී පෙන්වා දී තිබේ.

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එක්සත් ජාතීන්ගේ සංවිධානය කනස්සල්ලෙන්..

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහාවන යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ, විනිසුරුවරුන්ගේ සහ නීතිඥයින්ගේ ස්වාධීනත්වය පිළිබඳ විශේෂ නියෝජිත මාග්‍රට් සැටර්ත්වයිට් කනස්සල්ල පළකර තිබේ.

ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..

තෛනිකායික මහනාහිමිවරුන් රටේ පාලකයන්ට විවිධ අවස්ථාවන්හි යම් යම් කරුණු කාරණා සම්බන්ධයෙන් අර්ථයෙන්, ධර්මයෙන් අනුශාසනා කොට වාචිකව මෙන්ම ලිඛිතව දැනුම්දීම, අතීතයේ සිට සිදුකළ දෙයක් බව මල්වතු මහනාහිමියන් පවසා තිබේ.

අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..

අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු අධිකරණ පද්ධතියේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව ඉහළ නැංවීම සඳහා කැබිනට් මණ්ඩලය ගෙන ඇති තීරණය සහ ඊට අදාළ ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ත්‍රෛනිකායික මහා නායක හිමිපාණන් වහන්සේලා විසින් විරෝධය පළකරමින් ජනාධිපතිවරයා වෙත යවන ලද ලිපිය මේ වන විට සමාජ මාධ්‍යයේ සංසරණය වෙයි.

කිසිඳු රජයක් බන්ධනාගාර ගතකළ අයගේ මානුෂීය ගෞරවය ආරක්ෂාවෙන පරිදි පරීක්ෂණ කටයුතුවලට මුහුණදීමේ තත්ත්වයක් ස්ථාපිත කර නෑ.. මේ රජයත් එහෙමයි.. - නීතිඥ මධුමාලි අල්විස්

අරගල සමයේ සිට මේ දක්වා මෙරට හමුදා බුද්ධි අංශවලට මෙන්ම ත්‍රිවිධ හමුදාවට සහ පොලිසියට අවලාද, අපහාස, ගැරහුම් සිදුකරමින් ඇති පසුබිමක, මේ වන විට යුද්ධය විජයග්‍රාහී ලෙස අවසන් කළ රණවිරුවන් නොයෙකුත් අභියෝගයන්ට ලක්ව ඇති බව නීතිඥ මධුමාලි අල්විස් මහත්මිය පවසයි.

ඉරානය ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි වෙහෙසට පත් වූ ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා නාවිකයන් මුහුදට පැනීමට උත්සාහ කරලා – Military Times

ඉරානය ආසන්නයේ යුද මෙහෙයුම්වල නිරතව සිටින ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකාවක සිටින නාවිකයන්, දිගුකාලීන මෙහෙයුම් හේතුවෙන් ඇති වූ අධික වෙහෙස සහ බිඳ වැටුණු මානසික තත්ත්වය හේතුවෙන් නෞකාවෙන් මුහුදට පැනීමට උත්සාහ කර ඇති බව, කාර්ය මණ්ඩල සාමාජිකයන්ගේ පවුල් උපුටා දක්වමින් අමෙරිකානු මාධ්‍ය කිහිපයක් වාර්තා කර තිබේ.

ධනපතියන්ට බිලියන ගණනින් බදු සහන දෙද්දී ජනතාවට බදු බර.. - ළමා මන්දපෝෂණයත් ඉහළට..

පසුගිය කාලය තුළ ආයෝජන මණ්ඩලය (BOI) හරහා පැමිණි සමාගම් සඳහා රුපියල් බිලියන 276ක බදු සහනයක් ලබා දී ඇති බව Daily FT පුවත්පත වාර්තා කර තිබේ. එමෙන්ම, මෙම වසරේ පළමු කාර්තුවේ මාස තුන තුළ පමණක් අදාළ සමාගම්වලින් අය නොකර අතහැර ඇති වැට් බදු ප්‍රමාණය රුපියල් බිලියන 9.58ක් වන අතර, අය නොකර අත්හැර දමා ඇති ආදායම් බදු ප්‍රමාණය රුපියල් බිලියන 20ක් පමණ වේ.

රනිල් අරගලයේ පිටපත තුළ ස්ථානගත වූ ආකාරය ගැන ජයන්ත සමරවීරගෙන් අනාවරණයක්..

මෙරට ඇතිවූ "ඊනියා අරගලය" තුළ රනිල් වික්‍රමසිංහ මහතා ස්ථානගත වූ ආකාරය පිළිබඳව ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක, හිටපු රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතා අදහස් දක්වා තිබේ.

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අවසාන වින්දිතයා ජනාධිපතිවරයායි.. - නීතිඥ කණිෂ්ක විතාරණ

ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණ විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සහ ඊට අදාළ ව්‍යවස්ථාපිත පසුබිම පිළිබඳව නීතිඥ කණිෂ්ක විතාරණ මහතා සිය අදහස් පළ කර තිබේ.

විශ්‍රාමික හමුදා නිලධාරීන් බන්ධනාගාරයට බඳවා ගැනීම ආණ්ඩුවේ මර්දන අවිය ශක්තිමත් කිරීමේ අරමුණක්.. – ජයන්ත සමරවීර

විශ්‍රාමික හමුදා නිලධාරීන් බන්ධනාගාර නිලධාරීන් ලෙස බඳවා ගැනීමට ආණ්ඩුව තීරණය කර ඇත්තේ සිය මර්දන අවිය ශක්තිමත් කිරීමේ අරමුණින් බව ජාතික නිදහස් පෙරමුණ චෝදනා කරයි.

චීන ශ්‍රී ලංකා සාම්ප්‍රදායික මිත්‍රත්වය ඉදිරියට ගෙන යමින්, දීප්තිමත් අනාගතයක් උදා කරමු!-අභිනවයෙන් පත්වූ ශ්‍රී ලංකාවේ චීන තානාපති ගරු වෙයි හුවාෂියං

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ චීන මහජන සමූහාණ්ඩුවේ අභිනව අතිවිශේෂ හා පූර්ණ බලතල සහිත තානාපතිවරයා ලෙස පත් කර ඇති ගරු වෙයි හුවාෂියං මහතා සිය ධුරයේ රාජකාරි භාර ගැනීම සඳහා අද(11) ශ්‍රී ලංකාවට සම්ප්‍රාප්ත විය.

දේශපාලන විරුද්ධවාදීන් මර්දනයට රජය නීතියේ ආධිපත්‍යය අවභාවිත කිරීම හෙළා දකිනවා.. - දිනන දකුණ

මෙරට ප්‍රජාතන්ත්‍රවාදී රාමුව සීඝ්‍රයෙන් බිඳවැටෙමින් පැවතීම පිළිබඳව "දිනන දකුණ" සාමූහිකය සමස්ත ශ්‍රී ලාංකික ජනතාව වෙත සිය දැඩි කනස්සල්ල පළ කර සිටි.

චීනයෙන් ඇමරිකානු සහ මෙක්සිකානු පිකාන් ආනයන සඳහා සියයට 54.3ක් දක්වා ප්‍රපාතන(Dumping) විරෝධී බදු පැනවේ: MOFCOM

මෙක්සිකෝව සහ ඇමරිකා එක්සත් ජනපදය වෙතින් ආනයනය කරන පිකාන් (Carya illinoensis) සඳහා සියයට 54.3ක් දක්වා ප්‍රපාතන(Dumping) විරෝධී බදු ආරක්ෂිත තැන්පතු ලෙස පැනවීමට චීනය සඳුදා(10) තීරණය කළේය.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.