News Category
From Date
To Date
Maximum Number of Result

පුද්ගලික වෛද්‍ය විද්‍යාල ඇති කිරීමෙන් රාජ්‍ය වෛද්‍ය විද්‍යාල බිඳ වැටෙනවා - GMOA

Dec 7, 2023 at 10:53 AM
|

හෙළිදරව්  වී ඇති තොරතුරු අනුව ඉදිරියේදී  විවෘත කිරීම සඳහා පිඹුරුපත් සැකසෙන රාජ්‍ය නොවන වෛද්‍ය පීඨ හරහා අනතුරුදායක තත්ත්වයක් නිර්මාණය වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

රාජ්‍ය නොවන වෛද්‍ය පීඨ විසින් ආචාර්ය මණ්ඩල ආකර්ශණය කර ගැනීම සඳහා ලබා දීමට නියමිත සුවිශේෂ  ප්‍රතිලාභ හා වරප්‍රසාද හරහා දැනට ස්ථාවරව පවතින රාජ්‍ය වෛද්‍ය පීඨ වල ඉගෙනුම් ක්‍රියාවලියට අදාල මානව සම්පතට මරු පහරක් එල්ලවන බව එම සංගමය මාධ්‍ය නිවේදනක් නිකුත්කරමින් පවසයි.

අදාළ මාධ්‍ය නිවේදය පහළින්...

නිසි සැලසුමක් හා අධ්‍යයනයක් නොමැතිව හා අතීතයෙන් පාඩම් ඉගෙන නොගෙන සිදු කරන කටයුතු හරහා මතුව ඇති වෛද්‍ය අධ්‍යාපනයේ ඉදිරි අභියෝග.

ගුණාත්මක වෛද්‍යවරයෙක් බිහි වීම සඳහා වෛද්‍ය අධ්‍යාපනයේ ගුණාත්මකභාවය හා ප්‍රමිතිය රැක ගැනීම අත්‍යවශ්‍ය කොන්දේසියකි.

වෛද්‍ය වෘත්තිය මිනිස් ජීවිත සමඟ තීරණාත්මක ලෙස බැදි පැවතීම ඉහත අවශ්‍යතාවයේ වැදගත්කම තවදුරටත් ඉහල නංවයි.

අනාදිමත් කාලයක සිට ශ්‍රී ලංකාව තුළ වෛද්‍ය අධ්‍යාපනය ජාත්‍යන්තර පිළිගැනීමක් සහිතව ක්‍රියාත්මක විය. ඒ සඳහා තවදුරටත් අගය එකතු කරමින් ලෝක වෛද්‍ය අධ්‍යාපන ප්‍රමිතිකරණ නිර්ණායක වලට අනුව ශ්‍රී ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනය පිළිගැනීමට ලක් වූයේ මීට ටික කලකට ඉහතදීය. ආසියානු කලාපය තුල ශ්‍රී ලංකාව හැරුණු විට එවන් කීර්තිනාමයක් හිමි කර ගත් වෙනත් රටවල් ඇත්තේ 2 ක් පමණි. ශ්‍රී ලංකාවෙන් බිහි වන වෛද්‍යවරුන් සඳහා ලෝකය පුරා ඉහළම ඉල්ලුමක් ලැබි ඇත්තේ මේ නිසාය.

තත්ත්වය එසේ තිබියදි මෑත කාලීනව දුටු නිසි සැලසුමකින් තොර හා අතීත අත්දැකිම් හරහා පාඩම් උගෙන නොගත් ක්‍රියාකාරකම් හේතුවෙන් මේ වන විට ශ්‍රී ලංකාවේ වෛද්‍ය අධ්‍යාපන ක්ෂේත්‍රය අභියෝග රාශීයකට මුහුණ දෙමින් සිටියි.

මේ වන විට ආරම්භ වී ක්‍රියාත්මක වන වයඹ, සබරගමුව හා මොරටුව වෛද්‍ය පීඨ ආශ්‍රිතව මතුවී ඇති හා මතුවෙමින් පවතින ප්‍රවණතා පිළිබඳ විශේෂ අවධානයක් යොමු විය යුතුය.

විශේෂයෙන්ම සබරගමුව වෛද්‍ය පීඨය තුල මතුව ඇති අවසන් වසරේ සිසුන්‌ගේ පුහුණුවට අත්‍යවශ්‍ය මහාචාර්ය ඒකකයන් පවා නිශ්චිත ලෙස ස්ථාපිත නොවු අවාසනාවන්ත තත්ත්වය වහා නිවැරදි විය යුතුය. උසස් පෙල ඉහළම ප්‍රතිඵල සහිතව රාජ්‍ය වෛද්‍ය පීඨයන්ට සුදුසුකම් ලබන සිසුන් මහ පාරට ඇද වැටීමේ ඛේදජනක යථාර්තයට බලධාරීන් දක්වන ප්‍රතිචාර පිළිබඳව තවමත් ඇත්තේ අපැහැදිලි පසුබිමකි.

වෙනත් කිසිදු ක්ෂේත්‍රයක නොවන අයුරින් වෛද්‍ය අධ්‍යාපනය පුලුල් කිරීමේදි අවධානයට යොමු විය යුතු පහත දැක්වෙන සීමාකාරි සාධක කෙරෙහි නිසි අවධානය යොමු කරමින් කටයුතු කිරීමත්, සිහින ලෝක වල සිටිමින් හුදු ජනප්‍රියවාදී තීන්දු තීරණ වලට නිසි සැලසුමකින් තොරව එළඹීමත් වර්තමාන අර්බුදයට ප්‍රධාන ලෙස හේතු වී ඇත.

හඳුනාගත් සීමාකාරි සාධක

ඉගෙනුම් කටයුතු සඳහා අත්‍යවශ්‍ය පුහුණුව හා අත්දැකීම් සහිත මහාචාර්යවරුන් හා ආචාර්ය මණ්ඩල.

සායනික පුහුණුව සඳහා සුදුසු ශික්ෂණ රෝහල්.

වෛද්‍ය උපාධියෙන් පසු අනිවාර්ය සීමාවාසික පුහුණුව ලැබීම සඳහා ගැලපෙන පහසුකම් සහිත රෝහල් පද්ධතියක්.

අද වන විට ඉහත සාධක වල දැඩි සීමා සහිත බව නිසා මේ වන විට ස්ථාවරව පවතින රාජ්‍ය වෛද්‍ය පීඨ වල පාඨමාලාවන් පවා ගුණාත්මකභාවය හා ප්‍රමිතිය රැක ගනිමින් ඉදිරියටත් පවත්වා ගැනීම දැඩි අභියෝගාත්මක වී ඇත.

රට තුල වෛද්‍ය අධ්‍යාපනය පුලුල් වීම නිසි සැලැස්මක් සහිතව හා අතීතයෙන් උගත් පාඩම් අනුව සිදු නොවනුයේ නම් ප්‍රතිඵල අර්බුදකාරි වනු නොඅනුමානය.

මේ වන විට හෙළිදරව්  වී ඇති තොරතුරු අනුව ඉදිරියේදී  විවෘත කිරීම සඳහා පිඹුරුපත් සැකසෙන රාජ්‍ය නොවන වෛද්‍ය පීඨ හරහා මතු විය හැකි අනතුරුදායක තත්ත්වය  පිළිබඳ  විශේෂ අවධානයකින් කටයුතු කළ යුතුමය.

රාජ්‍ය නොවන වෛද්‍ය පීඨ විසින් ආචාර්ය මණ්ඩල ආකර්ශණය කර ගැනීම සඳහා ලබා දීමට නියමිත සුවිශේෂ  ප්‍රතිලාභ හා වරප්‍රසාද හරහා දැනට ස්ථාවරව පවතින රාජ්‍ය වෛද්‍ය පීඨ වල ඉගෙනුම් ක්‍රියාවලියට අදාල මානව සම්පතට එල්ල වීමට නියමිතව ඇත්තේ මරු පහරකි.

එමෙන්ම නිසි සැලසුමකින් හා ඉදිරි දැක්මකින් තොරව අලුතින් ආරම්භ කිරීමට නියමිත ඌව වෙල්ලස්ස වෛද්‍ය පීඨය වැනි රාජ්‍ය වෛද්‍ය පීඨ හරහා ද සමස්ථ වෛද්‍ය අධ්‍යාපනයේ ගුණාත්මකභාවය  හා ප්‍රමිතියට ඍණාත්මක  බලපෑම් එල්ල වනු ඇත.

ඒ අනුව වෛද්‍ය අධ්‍යාපන ක්ෂෙත්‍රය තුළ මතු වීමට නියමිත ඉදිරි අභියෝග නිසි ලෙස කලමනාකරණය කරගනිමින් වෛද්‍ය අධ්‍යාපනයේ ගුණාත්මකභාවය හා ප්‍රමිතිය රැක ගනිමින් රෝගීන්ගේ ජීවත්වීමේ අයිතියට නිසි වටිනාකමක් ලබා දෙන ගුණාත්මක වෛද්‍යවරුන් බිහි කිරීමේ ක්‍රියාවලිය තහවුරු කිරීම සඳහා පහත අත්‍යාවශ්‍ය කොන්දේසි සම්පූර්ණ විය යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ලෙස දැඩි ලෙස අවධාරණය කරමු.

වෛද්‍ය අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඉදිරි ඕනෑම පුලුල් කිරීමක් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ අවම ප්‍රමිති නිර්ණායකයන්ට යටත්ව සිදුවිය යුතුයි.

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ වපසරියට යටත්ව විය යුතුයි.

මූලික ශක්‍යතා අධ්‍යනයකින් හෙළිවන තොරතුරු හා සංඛ්‍යා ලේඛන මත පදනම් වන පුලුල් කිරීමක් පමණක් විය යුතුයි.

වෛද්‍ය අධ්‍යාපනය පුලුල් කිරීම සඳහා බලපාන ඉහත පෙන්වාදුන් සීමාකාරි සාධක පිලිබද අනිවාර්ය හැදෑරීමකින් පසුව පමණක් ආරම්භ විය යුතුය.

සෘජු හා වක්‍ර ලෙස දැනට ස්ථාපිත රාජ්‍ය වෛද්‍ය පීඨයන්හි ගුණාත්මකභාවය හා ප්‍රමිතිය කෙරෙහි ඍණාත්මක බලපෑම් එල්ල නොකළ යුතුය

පාර්ශවකරුවන් සමඟ පුලුල් කථිකාවතකින් පමණක් නිත්‍යානූකූල ප්‍රවේශයන් ඔස්සේ සිදු කල යුතුය.

ලෝකය පුරා අනිකුත් රටවලින් ලබා ගත හැකි අත්දැකීම් භාවිත කරමින් කටයුතු කල යුතුය.

ශ්‍රී ලංකාව තුල අනිකුත් වෘත්තීය ක්ෂේත්‍ර සැලසුම් රහිතව පුලුල් කිරීම හරහා මේ වන විට මතුව ඇති ප්‍රවණතා අත්දැකීම් ලෙස භාවිත කල යුතුය.

මේ මොහොත වන විට මතුවෙමින් පවතින බැරූරැම් ප්‍රවණතාවයන් ගණනාවක් පිළිබඳ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ලෙස නිරන්තර සැලකිල්ලෙන් පසු වන බව දන්වා සිටිමු.

සැබෑ අවශ්‍යතා හඳුනා ගනිමින් විද්‍යාත්මක ප්‍රවේශයක් හරහා සිදු කරන වෛද්‍ය අධ්‍යාපනයේ වැඩිදියුණු කිරීම් සඳහා පමණක් ඉඩ කඩ විවර විය යුතු බව අප සංගමයේ මතයයි.

මේ මොහොත වන විට ස්ථාපිත වී ඇති රාජ්‍ය වෛද්‍ය පීඨ තුල මතුව ඇති හා මතුවෙමින් පවතින අර්බුදකාරී තත්ත්වයන් සඳහා වෛද්‍ය සභාවේ මඟ පෙන්වීම යටතේ ප්‍රායෝගික හා නිත්‍යානුකූල විසඳුම් ලබා දිමේ ක්‍රියාවලියට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ලෙස අපගේ උපරිම සහයෝගය ප්‍රකාශ කර සිටිමු.

ස්තූතියි.
මීට විශ්වාසී,
වෛද්‍ය හරිත අලුත්ගේ,
ලේකම්.

සම්බන්ධිත පුවත් | Related News

ඉන්දියාව සම ශ්‍රී ලංකා ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් අවබෝධතා ගිවිසුම්වලට ලඝුකළ නොහැකි බවත්, මෙම ගිවිසුමේ ඇති වගන්ති මගින් ලංකාව තුළ මෙම ගිවිසුමේ අඩංගු කරුණු ක්‍රියාත්මක වීමේ දී නීතිය අනුව කටයුතු කිරීම පවා වළක්වා ඇති බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සභික දුමින්ද නාගමුව මහතා පවසයි.
දෙවන ලෝක යුද්ධය අවසන් කළ දිනය සහ, නාසිවාදී පැසිස්ට්වාදය පරාජය කළ දිනයද මැයි 9 වැනි දා වන අද දිනය බවත්, ලෝකයේ සියලු ජනයාට සහ සතා සිවුපාවාට පවා නිදහසේ ජීවත්විය හැකි ලෝකයක් නිර්මාණය කිරීම වෙනුවෙන් නාසිවාදී පැසිස්ටිවාදය පරාජයට පත්කළ දිනය වන්නේ අද බවත් ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පවසයි.
කියෙව් පරිපාලනය කිසිදු පූර්ව කොන්දේසියකින් තොරව “සම්පූර්ණ සටන් විරාමයකට” සූදානම් බව යුක්රේන නායක ව්ලැඩිමීර් සෙලෙන්ස්කි නිවේදනය කර තිබේ.
බලයට පත්වී මාස 6ක් තුළ මෙතරම් පසුබෑමකට ලක්වූ ආණ්ඩුවක් ලොව කිසිඳු රටක නැති බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.
අවුරුදු අසූවක් යනු දිගු කාලයකි. එවැනි කාලයක් තුළ, ලෝකය සිතාගත නොහැකි තරමට වෙනස් වන අතර, වරක් සමීප යැයි හැඟුණු සිදුවීම් පුරාවෘත්තය තුළ මැකී යයි.
‘මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්’ යයි පිවිතුරු හෙල උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.
වසර කිහිපයක් තිස්සේ කල් දමා තිබෙන පළාත් සභා මැතිවරණය හැකි ඉක්මනින් පැවැත්වීමට රජයේ අවධානය යොමුවී ඇති බව වාර්තා වෙයි.
පසුගියදා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුම් බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ආචාර්ය ගුණදාස අමරසේකර මහතා ඇතුළු පිරිසක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඊයේ (07) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.
අල්ලස් කොමිසම විසින් අද (7) පස්වරුවේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කරනු ලැබූ හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා මැයි 20වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

ප්‍රධාන පුවත්

නඩු යන්නත් බැරි, තොරතුරු හෙළිකරන්නත් බැරි අනුර - මෝදි හොර ගිවිසුම් ගැන දුමින්ද නාගමුවගෙන් භයානක හෙළිදරව්වක් (වීඩියෝ)

ඉන්දියාව සම ශ්‍රී ලංකා ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් අවබෝධතා ගිවිසුම්වලට ලඝුකළ නොහැකි බවත්, මෙම ගිවිසුමේ ඇති වගන්ති මගින් ලංකාව තුළ මෙම ගිවිසුමේ අඩංගු කරුණු ක්‍රියාත්මක වීමේ දී නීතිය අනුව කටයුතු කිරීම පවා වළක්වා ඇති බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සභික දුමින්ද නාගමුව මහතා පවසයි.

නාසිවාදී පැසිස්ට්වාදය ලොවෙන් තුරන්කර දැමීමට ජීවිත පරිත්‍යාගයෙන් කැපවුන ‘මැයි 9 විරුවන්ට’ විමල් නිහඬ උපහාර පුදකරයි..

දෙවන ලෝක යුද්ධය අවසන් කළ දිනය සහ, නාසිවාදී පැසිස්ට්වාදය පරාජය කළ දිනයද මැයි 9 වැනි දා වන අද දිනය බවත්, ලෝකයේ සියලු ජනයාට සහ සතා සිවුපාවාට පවා නිදහසේ ජීවත්විය හැකි ලෝකයක් නිර්මාණය කිරීම වෙනුවෙන් නාසිවාදී පැසිස්ටිවාදය පරාජයට පත්කළ දිනය වන්නේ අද බවත් ජානිපෙ නායක විමල් වීරවංශ මහතා පවසයි.

යුක්රේනය වහාම සටන් විරාමයකට සූදානම් - සෙලෙන්ස්කි

කියෙව් පරිපාලනය කිසිදු පූර්ව කොන්දේසියකින් තොරව “සම්පූර්ණ සටන් විරාමයකට” සූදානම් බව යුක්රේන නායක ව්ලැඩිමීර් සෙලෙන්ස්කි නිවේදනය කර තිබේ.

මාස 6 ක් තුළ ආණ්ඩුව ලබපු දරුණු පරාජය ලෝක වාර්තාවක් - විමල් කියයි (වීඩියෝ)

බලයට පත්වී මාස 6ක් තුළ මෙතරම් පසුබෑමකට ලක්වූ ආණ්ඩුවක් ලොව කිසිඳු රටක නැති බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසයි.

1945දි ගොඩ නැංවූ අත්තිවාරම් බටහිරයන් කඩා දමමින් සිටී.

අවුරුදු අසූවක් යනු දිගු කාලයකි. එවැනි කාලයක් තුළ, ලෝකය සිතාගත නොහැකි තරමට වෙනස් වන අතර, වරක් සමීප යැයි හැඟුණු සිදුවීම් පුරාවෘත්තය තුළ මැකී යයි.

මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්.. තව අවුරුද්දකින් ඡන්ද පදනම පරණ පුරුදු 3%ට වැටෙනවා - උදය ගම්මන්පිල

‘මාලිමාවේ ඡන්ද පදනම කඩා වැටීම ලෝක වාර්තාවක්’ යයි පිවිතුරු හෙල උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

ඉන්දියාව සමඟ අත්සන් කළ ගිවිසුම්වලට එරෙහිව පෙත්සමක්..

පසුගියදා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ඇති කරගත් අවබෝධතා ගිවිසුම් බලරහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ආචාර්ය ගුණදාස අමරසේකර මහතා ඇතුළු පිරිසක් විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඊයේ (07) මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර තිබේ.

කෙහෙලිය මැයි 20 දක්වා රිමාන්ඩ්

අල්ලස් කොමිසම විසින් අද (7) පස්වරුවේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කරනු ලැබූ හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා මැයි 20වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.

බෞද්ධයන්ගේ පූජනීයත්වයට පත් බුදුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වෙන්දේසි කිරීම වහාම නවත්වා, ඒය ඉන්දියාවට බාරදිය යුතු බව පූජ්‍ය ඉදුරාගාරේ ධම්මරතන හිමියන් පවසයි.

මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල මෙන්න

පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව මේ වනවිට නිකුත්වී ඇති ප්‍රතිඵලවලට අනුව ජාතික ජන බලවේගය බහුතර ආසන සංඛ්‍යාවක ඉදිරියෙන් සිටියද සභා පිහිටුවීමේදී කිසියම් අර්බුදකාරී තත්ත්වයකට පත්වෙනු ඇති බව දේශපාලන විශ්ලේෂකයින් පෙන්වා දෙයි.

ඉන්දීය ජෙට් යානා දෙකකට සහ ඩ්‍රෝන යානයකට ප්‍රහාර එල්ල කළා - පාකිස්ථාන හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි

ඉන්දියාව විසින් එල්ල කළ ප්‍රහාර හේතුවෙන් පුද්ගලයින් හත්දෙනෙකු පමණ මියගොස් ඇති බව පාකිස්ථානය ප්‍රකාශ කර ඇත.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි

2025 පළාත් පාලන මැතිවරණයට අදාළ ඡන්ද විමසීම මේ වන විට ආරම්භ වී තිබේ. ඒ අනුව අද (06) පෙරවරු 7.00 සිට පස්වරු 4.00 දක්වා දිවයින පුරා පිහිටි ඡන්ද මධ්‍යස්ථාන 13,759ක ඡන්ද විමසීම පැවැත්වෙනු ඇත.

දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..

ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්ත මණ්ඩලය (SLCPI), ශ්‍රී ලංකා ජාතික ඖෂධ නිෂ්පාදකයින්ගේ මණ්ඩලය (NCPMSL) සහ ශ්‍රී ලංකා ඖෂධ නිෂ්පාදකයින්ගේ සංගමය (SLPMA) යන සංගම්වල සභාපතිවරුන් විසින් මෙම ඒකාබද්ධ ලිපියට අත්සන් තබා ඇත.

දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් හි පිහිටි පුරාණ ස්තූපයකින්1898 දී සොයා ගන්නා ලද පූජනීය බෞද්ධ ධාතු 300කට අධික එකතුවක් ලලිත කලා, එකතු කළ හැකි භාණ්ඩ සහ ස්වර්ණාභරණ සම්බන්ධ සුප්‍රසිද්ධ බ්‍රිතාන්‍ය තැරැව්කාර ආයතනයක් වන සොතෙබිස් විසින් ලබන සතියේ (මැයි 7) වෙන්දේසි කිරීමට නියමිතව තිබේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.