News Category
From Date
To Date
Maximum Number of Result

කවුරුන් කවර මතයක් පළ කලද ආරම්භ කළ යුක්තිය මෙහෙයුම කිසිසේත්ම නතර නොකරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පවසයි.

සංවිධානාත්මකව බුදුදහම පිළිබඳව සාවද්‍ය මතවාද ජනගත කරමින් බෞද්ධ දර්ශනයේ හා සංස්කෘතික හරපද්ධතීන්ට හානිකරන පුද්ගලයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසට දැනුම්දෙමින් ත්‍රෛනිකායික මහානායක හිමිවරුන් විසින් ජනපති වෙත ලිපියක් යොමුකර තිබේ.

13 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන් ම ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව යළිත් දරන උත්සාහය පරාජය කිරීමට සියලුම ජාතික බලවේග එක්විය යුතු බව ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු ආචාර්ය ගුණදාස අමරසේකර මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට අදහස් දක්වමින් පවසා තිබේ.

නිවේදනයක් නිකුත්කරමින් විදුලි ගාස්තු සංශෝධනයට අදාළ දත්ත ඇතුළත් වාර්තාව තම කොමිසම වෙත ලැබුණු බව මහජන උපයෝගීතා කොමිසම පවසයි.

කොළඹ සැහැල්ලු දුම්රිය සංක්‍රමණ ව්‍යාපෘතිය හෙවත් LRT ව්‍යාපෘතිය වෙනුවෙන් ජපානය වැය කළ වියදම ගෙවන්නේ නම් පමණක් මෙරට සිදුකරන ජපාන ව්‍යාපෘති නැවත ආරම්භ කරන බව ජපානය දැනුම්දී ඇති බව වාර්තා වේ.

තායිවානයේ ස්වාධීනත්වය වෙනුවෙන් දීර්ඝ කාලයක් තිස්සේ හඬ නගන, පාලක ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රගතිශීලී පක්ෂයේ (ඪ්ඵ්ඵ්) ප්‍රධාන චරිතයක් වන තායිවානයේ උප ජනාධිපති ලායී චින්ග් තේ තයිවානයේ පැවැත්වූ ජනාධිපතිවරණයෙන් පහසු ජයග්‍රහණයක අත්පත් කරගෙන ඇත.

ආර්ථිකයේ කඩා වැටීම හේතුවෙන් මෙරටේ විවිධ කර්මාන්ත දෙලක්ෂ හැට තුන් දහස් දෙසීයක් පසුගිය වසර හතරක කාලයේදී (2019සිට 2022 දක්වා) වැසී ගොස් ඇතැයි ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන් වේ.

වර්තමානයේ බුදු දහමට එල්ල වන අභියෝග සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු විය යුතු බව ශ්‍රී රෝහණ මහා සංඝ සභාවේ ජ්‍යේෂ්ඨ අනුනායක අග්ග මහා පණ්ඩිත පූජ්‍ය ඕමාරේ කස්සප හිමි පවසති.

මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා වැඩබලන පොලිස්පතිවරයාගේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන "යුක්තිය මෙහෙයුම" ක්‍රියාත්මක කළ යුතු ආකාරය සම්බන්ධයෙන් ජාතික පොලිස් කොමිෂන් සභාව පොලිස්පතිවරයා වෙත උපදේශන මාලාවක් නිකුත් කර ඇති බව වාර්තා වේ.


දේශීය පුවත්

කථානායකට එරෙහි විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තු මහලේකම්වරිය වෙත..

කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව විපක්ෂය ඉදිරිපත් කරන විශ්වාසභංග යෝජනාව අද (09) පාර්ලිමේන්තු මහලේකම් කුෂාණි රෝහණධීර මහත්මිය වෙත භාර දී තිබේ.

හිටපු ජනාධිපති ගෝඨාභයගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්..

පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අදාළව තමන්ව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කෙරුණු පෙත්සමක් ප්‍රතික්ෂේප කිරීමට, අභියාචනාධිකරණය දුන් නියෝගයට එරෙහිව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනා පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

බාල ගල් අඟුරු නිසා පාඩුව බිලියන 15.7යි..- බලශක්ති ඇමති

මෑතකදී ආනයනය කරන ලද ප්‍රමිතියෙන් තොර බාල ගල්අඟුරු හේතුවෙන් රටට රුපියල් බිලියන 15.765 ක මුළු මූල්‍ය අලාභයක් සිදුව ඇති බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවේදී අනාවරණය කළේය.

හිටපු ප්‍රධාන මහේස්ත්‍රාත් තිලිණ ගමගේ තනතුරෙන් ඉවත් කිරීමට අධිකරණ සේවා කොමිසම තීරණය කරයි..

මොරටුව හිටපු ප්‍රධාන මහේස්ත්‍රාත් සහ දිසා විනිසුරු තිලිණ ගමගේ මහතා එම තනතුරෙන් ඉවත් කිරීමට අධිකරණ සේවා කොමිෂන් සභාව තීරණය කර තිබේ.

මෙට්‍රෝ බස් රියේ ගැටුණු පෞද්ගලික බස් රථයට ධාවන තහනමක්..

අතුරුගිරිය නගරයේ 170 බස් නැවතුම්පොළ ඉදිරිපිටදී මෙට්‍රෝ වර්ගයේ බස් රථයක ගැටුණු පුද්ගලික බස් රථයට තාවකාලික ධාවන තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

හම්බන්තොට වරායේ කළුගල් මාලදිවයිනට..- අගමැතිනි..

මාගම්පුර වරාය පරිශ්‍රය ආශ්‍රිත ප්‍රදේශය පිරිසිදු කර ගැනීම සඳහා එහි ගොඩගසා තිබූ කළුගල් තොගයක් මාලදිවයින වෙත අපනයනය කිරීමට 2024 වසරේදී පෞද්ගලික සමාගමකට එක්වරක් පමණක් වලංගු වන විශේෂ බලපත්‍රයක් නිකුත් කර තිබූ බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පැවසුවාය.

"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..

බන්ධනාගාරගත කර සිටින භික්ෂූන් වහන්සේලා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේලාගේ සිවුර ඉවත් කළ නොහැකි බවත්, එය බන්ධනාගාර නිත්‍ය නියෝගවලට පැහැදිලිවම පටහැනි බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

ඥානසාර හිමිට පොදු සමාව ලබා දෙන ලෙස ඉල්ලා පෙත්සමකට අත්සන් ගැනීම දෙව්නුවරින් ඇරඹෙයි..

සිරගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසදාර හිමිට ජනපති පොදු සමාව ලබා දෙන ලෙස ඉල්ලා අත්සන් ලක්ෂ 50කින් යුත් පෙත්සමකට ජනතා අත්සන් ලබා ගැනීම අද (09) දකුණු පළාත කේන්ද්‍ර කරගනිමින් පැවැත්වේ.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.