කෝප් කමිටු සභාපති ධුරය ගැන ගාමිණී වලේබොඩගෙන් පැහැදිලි කිරීමක්
පොදු ව්‍යාපාර පිළිබඳ කමිටු සභාපති ධූරය සඳහා ඉදිරිපත් වී ඡන්ද විමසීමෙන් පරාජයට පත්වීම පිළිබඳව පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා පැහැදිලි කිරීමක් කරයි.
ඒ සම්බන්ධයෙන් ඔහුගේ පුද්ගලික ලේකම්වරයා විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.
වසර 25 කට ආසන්න සිය රාජ්‍ය සේවයේ අත්දැකීමුත්, වසර 20 කට ආසන්න විගණනය, රාජ්‍ය මූල්‍ය, ආදායම් කළමනාකරණය පිළිබඳව තිබෙන වෘත්තීමය පළපුරුද්දත්, පශ්චාත් උපාධිය ඇතුලු ශාස්ත්‍රීය අධ්‍යාපන පසුබිමත් පදනම් කරගෙන පසුගිය වසරකට ආසන්න කාලයක් තිස්සේ ආංශික අධීක්‍ෂණ කාරක සභාවක් මෙහෙයවීමේ අත්දැකීම් ද කැටි කර ගනිමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතා අද දින කෝප් හෙවත් පොදු ව්‍යාපාර පිලිබද කමිටු සභාපති ධූරයේ වගකීම භාර ගැනීම සඳහා ඉදිරිපත් විය.
නමුත් එම අවස්ථාවේදී ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ විසින් වෙනත් අපේක්‍ෂකයෙකු ඉදිරිපත් කිරීම නිසා ඡන්ද විමසීමක් සිදු වූ අතර එම ඡන්ද විමසීමේදී තමන් ඉදිරිපත් කළ අපේක්ෂකයා ජයග්‍රහණය කරවීමට පොදුජන පෙරමුණ සමත් විය.
පාර්ලිමේන්තුව තුළ තිබෙන කෝප් කමිටුව, මුදල් කමිටුව වැනි කමිටු වල වෘත්තීය භාවය ආරක්‍ෂා කර ගනිමින් ඒ කමිටු තුළ තිබෙන අභිමතාර්ථ උපරිම වශයෙන් ඉටු කර ගැනීමට අවශ්‍ය නම් ඒ සඳහා වෘත්තීකයන්ගේ දැනුම පාවිච්චියට ගත යුතුය.
පාර්ලිමේන්තුව සහ එහි ක්‍රියාකාරීත්වය පිළිබඳ බිඳවැටී තිබෙන ජනතා විශ්වාසය නැවත නගා සිටුවිය හැකි වන්නේ එවැනි වෙනසකින් පමණි. කෝප් සභාපති ධූරය සඳහා ඉදිරිපත් වෙමින් ගරු ගාමිණී වලේබොඩ මහතා උත්සාහ කළේ එම ප්‍රගතිශීලී ප්‍රවේශය ලබා ගනු පිණිස ය. එම අවස්ථාවේදී එතුමා වෙත සහය පළ කළ සියළු දූරශර්ශී මහජන නියෝජිතයන් වෙත අප අපගේ ස්තුතිය පුද කළ යුතු ය.
ගරු ගාමිණී වලේබොඩ මහතා ඉදිරියටත් කෝප් කමිටු සාමාජිකයෙකු ලෙස කටයුතු කරමින් සිය දැනුම සහ පරිචය රටේ ජනතාව වෙනුවෙන් භාවිතා කිරීමේ අභිලාෂයෙන් පසු වේ. මෙම පාර්ලිමේන්තු කමිටු පක්ෂ සහ විපක්ෂ දේශපාලන බලය පෙන්වන වේදිකා කර නොගෙන පූර්ණ වෘතීය භාවයෙන් යුතුව ඒවා පවත්වා ගන්නේ ඉන් ඉතා අගනා වැඩ කොටසක් ඉටුකල හැකිය.
කෙසේ වෙතත් අලුතෙන් පත් වූ කෝප් කමිටු සභාපතිතුමාට ගරු ගාමිණී වලේබොඩ මහතා සිය සුභපැතුම් එක් කරන අතර කමිටුවේ ඉදිරි කටයුතු සම්බන්ධයෙන් තමා ඉතා උනන්දුවෙන් සිය දායකත්වය ලබා දීමට සූදානමින් සිටින බව එතුමා සියළු මාධ්‍ය ආයතන වෙත දන්වා සිටී.
පැතුම් ඒ. රණසිංහ
පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතාගේ පෞද්ගලික ලේකම්
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම: ප්‍රශ්නය තියෙන්නෙ එක තැනක.. උත්තර දීල තියෙන්නේ වෙනත් තැනකට.. මේක වැරදියි.. - නීතිඥ සංගමයේ සභාපති රජිව් අමරසූරිය
කුච්චවේලි පිච්චමල් විහාරය අනතුරේ.. බෞද්ධ නටඹුන් විනාශයි..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවෙන් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතළ බලපෑමක්..
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එක්සත් ජාතීන්ගේ සංවිධානය කනස්සල්ලෙන්..
ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..
අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..
කිසිඳු රජයක් බන්ධනාගාර ගතකළ අයගේ මානුෂීය ගෞරවය ආරක්ෂාවෙන පරිදි පරීක්ෂණ කටයුතුවලට මුහුණදීමේ තත්ත්වයක් ස්ථාපිත කර නෑ.. මේ රජයත් එහෙමයි.. - නීතිඥ මධුමාලි අල්විස්
ඉරානය ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි වෙහෙසට පත් වූ ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා නාවිකයන් මුහුදට පැනීමට උත්සාහ කරලා – Military Times
ධනපතියන්ට බිලියන ගණනින් බදු සහන දෙද්දී ජනතාවට බදු බර.. - ළමා මන්දපෝෂණයත් ඉහළට..
රනිල් අරගලයේ පිටපත තුළ ස්ථානගත වූ ආකාරය ගැන ජයන්ත සමරවීරගෙන් අනාවරණයක්..
22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අවසාන වින්දිතයා ජනාධිපතිවරයායි.. - නීතිඥ කණිෂ්ක විතාරණ
විශ්‍රාමික හමුදා නිලධාරීන් බන්ධනාගාරයට බඳවා ගැනීම ආණ්ඩුවේ මර්දන අවිය ශක්තිමත් කිරීමේ අරමුණක්.. – ජයන්ත සමරවීර
චීන ශ්‍රී ලංකා සාම්ප්‍රදායික මිත්‍රත්වය ඉදිරියට ගෙන යමින්, දීප්තිමත් අනාගතයක් උදා කරමු!-අභිනවයෙන් පත්වූ ශ්‍රී ලංකාවේ චීන තානාපති ගරු වෙයි හුවාෂියං
දේශපාලන විරුද්ධවාදීන් මර්දනයට රජය නීතියේ ආධිපත්‍යය අවභාවිත කිරීම හෙළා දකිනවා.. - දිනන දකුණ
චීනයෙන් ඇමරිකානු සහ මෙක්සිකානු පිකාන් ආනයන සඳහා සියයට 54.3ක් දක්වා ප්‍රපාතන(Dumping) විරෝධී බදු පැනවේ: MOFCOM
විනිසුරු සේවා දීර්ඝය එකම ගැටලුව කර ගැනීම හාස්‍යට කරුණක්.. - පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි