News Category
From Date
To Date
Maximum Number of Result

මේ මග හැර වෙන මගක් නැහැ... අපායට වැටෙනවා ද?... පාරාදීසයට යනවාද? - ජනපති රනිල් පාර්ලිමේන්තුවේ දී අසයි

Mar 6, 2024 at 03:58 PM
|

රජය ගෙන යන වැඩපිළිවෙළ හේතුවෙන් රටේ ආර්ථිකය ශක්තිමත් වෙමින් පවතින බවත්, ඒ අනුව ඉදිරියේ දී ජනතාවට තව තවත් සහන ලබාදීමට කටයුතු කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය

එම සියලු කටයුතු ක්‍රියාවට නංවා ඇත්තේ ක්‍රමානුකූලව විද්‍යාත්මක සැලැස්මකට අනුව බව පෙන්වා දුන් ජනාධිපතිවරයා බලය වෙනුවෙන් කිසිදා අසත්‍ය ප්‍රකාශ නොකළ තමා අද වෙහෙසෙන්නේ බලය ලබා ගැනීමේ අරමුණ වෙනුවෙන් නොව, රට යළි ගොඩනැගීමේ අරමුණ වෙනුවෙන් බව ද අවධාණය කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ අද (06) පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් සිදු කරමිනි.

බොහෝ දේශපාලන කණ්ඩායම් බලය උදෙසා සුරංගනා කතා පැවසුවද මහ පොළවේ යථාර්ථය ඔවුන් අමතක කර දමා ඇති බව පැවසූ ජනාධිපතිවරයා අද රට හමුවේ ඇති ආර්ථික ගැටළුවට සිල්ලර විසඳුම් නොමැති බවත්, එවැනි දේ වලින් රටක ආර්ථිකය යථා තත්වයට පත් කළ නොහැකි බව කිසියම්ම හෝ ආර්ථික දැනුමක් තිබෙන අයට වැටහිය යුතු බවත් පැවසීය.

රජය යන ගමන් මඟෙහි සාර්ථකත්වය මේ වන විට සනාථ වී ඇති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා එම මාර්ගයේ ඉදිරියට යෑම සඳහා අවශ්‍ය අණපනත් හා නීතිරීති පාර්ලිමේන්තුව ඉදිරියේ සම්මත කර ගැනීමට අපේක්ෂා කරන බවත් ඒ වෙනුවෙන් ආර්ථික ප්‍රතිසංස්කරණ පනත ළගදීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් සඳහන් කළේය.

එබැවින් මේ යන මගෙහිම ඉදිරියට ගොස් ආර්ථිකය ශක්තිමත් විමේ යහ ප්‍රතිඵල රටක් ලෙස භුක්ති විඳිනවාද, එසේ නොමැතිව එම සැලැස්මෙන් ඉවත් වී වසර එකහමාරකට පෙර රට වැටී තිබූ අදුරු යුගයට ඇද දමනවාද කියා තීරණය කළ යුතු බවද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

පාර්ලිමේන්තුව අමතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිදු කළ සම්පූර්ණ ප්‍රකාශය මෙසේය,

අද අපේ රට කිසියම් ආර්ථික ස්ථාවරත්වයකට පත්ව ඇති බව හැමෝම පිළිගන්නවා. නමුත් එසේ පිළිගන්නා බවක් නොපෙන්වා අප ක්‍රියාත්මක කරන වැඩපිළිවෙල විවේචනය කරන අයත් ඉන්නවා.

ආර්ථිකයේ ශක්තිමත් බවක් පෙනෙන්න තිබුණත් එය ජනතාවට දැනෙන්නෙ නෑ කියලා සමහරු චෝදනා කරනවා. ජනතාවට අනවශ්‍ය ලෙස බදු බර පටවලා තියෙන බවත් කියනවා. විදුලි බිල, ඉන්ධන මිල ඕනෑවට වඩා ඉහළ දමා ඇති බව ද කියනවා.

සාමාන්‍යයෙන් කියමනක් තියෙනවා, මල නොතලා රොන් ගන්නවා වගේ තමයි ජනතාවගෙන් බදු අය කරගත යුත්තේ කියලා. හැබැයි අප ඒ පිළිවෙත රකින්නේ නෑ කියලා අපව විවේනය කරනවා. හැබැයි ඒ විවේචකයන් අමතක කරන දෙයක් තියෙනවා. මල් තලමින් රොන් ගන්න අවස්ථාවනුත් තියෙන බව.

මේක අපට අපූරු පාඩමක්. සාමන්‍ය තත්වයකදී මල් නොතලා රොන් ගන්න පුළුවන් වුණාට අතුරේ යද්දි එහෙම බෑ. එතැනදී තත්වය වෙනස්.අද අපිත් යන්නෙ අතුරේ. පහුගිය කාලයේ අපිට සිද්ධ වුණේ ආර්ථික වැල් පාලමක් තරණය කරන්න. අතුරේ ගමනක් යන්න.

අප එවැනි අනතුරුදායක තත්වයකට පත් වුණේ ඇයි? අපේ ආර්ථිකය බංකොලොත් තත්වයකට කඩා වැටුණේ ඇයි? අතීතයේ සිට විවිධ ආණ්ඩු අදූරදර්ශී තීරණ ගැනීම එක හේතුවක්. අනෙක් හේතුව විවිධ දේශපාලන පක්‍ෂ රජයේ සාධනීය වැඩ සැලසුම් ගණනාවකට විරුද්ධ වෙලා ඒවා කඩාකප්පල් කර දැමීම. රාජ්‍ය දේපල විනාශ කර දැමීම.

මේ නිසා රටට විධිමත් ආර්ථික සැලැස්මක් අවශ්‍ය වෙලා තිබුණා. පරිපූර්ණ ආර්ථික සැලැස්මක්. අප අවස්ථා ගණනාවකදී මෙවැනි සැලැස්මක් ක්‍රියාත්මක කරන්නට උත්සාහ ගත්තා. නමුත් අඛණ්ඩව එවැනි සැලසුමක් ක්‍රියාත්මක කරන්නට අවකාශ සැලසුණේ නෑ.

මම මෙහිදී ආචාර්ය චන්දිම විජේබණ්ඩාර 1989 දී බුදුසරණ පත්‍රයට ලියූ ලිපියකින් කොටසක් උපුටා දක්වන්න කැමතියි. එතුමා බුදුන් වහන්සේ දේශනා කළ කූඨදන්ත සූත්‍රය ගැන ඒ ලිපියේ මෙන්න මෙහෙම සඳහන් කරනවා.

“සංවර්ධනය සැලැස්මකින් තොරව කළ නොහැකි ය. දීඝ නිකායේ කූඨදන්ත සූත්‍රය සංවර්ධනය පිළිබඳ මෙම සැලසුම්වල අවශ්‍යතාවය පැහැදිලි කරන්නෙකි. ඌන සංවර්ධිත රටක නිර්ධන පන්තිය, රාජ්‍ය විරෝධී අර්බුදයක් උද්ගත කළ අවස්ථාවේ, රජය සැලැස්මක් මගින් රට සංවර්ධනය කළ අයුරු එහි දැක්වේ. එය රාජ්‍ය මූලික ආර්ථික සැලැස්මකි. එය සාර්ථක වූ බවත්, ජනයා ආර්ථික අංශයෙන් පමණක් නොව සාරධර්ම අංශයෙන් ද පොහොසත්ව, මනා සමාජ සබඳතා ඇතිව, සොම්නසින්, සැණකෙළි සිරියෙන් විසූ බව ද එම සූත්‍රයෙහි දැක්වේ.”

අප එවැනි විද්‍යාත්මක හා සැලසුම් සහගත මගක් අනුගමනය කළේ නෑ. සමහර කණ්ඩායම් එහෙම වැඩ සැලසුමක් ක්‍රියාත්මක කරන්න ඉඩ දුන්නේ නෑ. ඒ නිසා රට පත්වුණු තත්වය ගැන ඔබ සැවොම දන්නවා. රට බංකොලොත් වුණා. ණය ගෙවා ගන්න බැරි වුණා. ආර්ථික පීඩනය දරා ගන්න බැරි වුණා.

සාමාන්‍ය පුරවැසියාගේ සිට මහා ව්‍යාපාරිකයා දක්වා සියළු දෙනාම බරපතල ලෙස දුක් වින්දා. විදුලිය කප්පාදු වුණා. පෝලිම් යුගයක් නිර්මාණය වුණා. රැකියා අහිමි වුණා. ව්‍යාපාර, කර්මාන්ත කඩා වැටුණා. සමහරු රට හැර ගියා. මුළු රටම ගිනි ගත්තා. ආර්ථික අපායකට රට ඇද වැටුණා

මේ අවස්ථාවේ රට අරාජික වෙමින් තිබුණෙ. පාලනය ගිලිහෙමින් තිබුණෙ. ආර්ථික වශයෙන් පමණක් නොව සමාජයීය හා දේශපාලන වශයෙන් බරපතල අනතුරකට වැටෙමින් තිබුණෙ.

කිසි කෙනෙක් මේ තත්වය ආපසු හැරවීමේ අභියෝගය බාර ගන්න ඉදිරිපත් වුණේ නෑ. ආරාධනා ලද හැම කෙනාම පස්ස ගැහුවා. ඒ කිසි කෙනෙකුට මේ ගිනි ගොඩ මැදට පැනලා ගින්න නිවන්න ධෛර්යයක් තිබුණේ නෑ. හැබැයි මම රට වෙනුවෙන් ඒ අභියෝගය බාර ගත්තා. ගිනි ගොඩ මැදට ගිහින් මම ගින්න නිවන්න පටන් ගත්තා. අද මුළු රටම ඒ වෙහෙසකර උත්සාහයේ ප්‍රතිඵල භුක්ති විඳිනවා. ඒ වෙහෙසකර ව්‍යායාමයට මට සහය වුණු සියළු දෙනාම මම මේ අවස්ථාවේ කෘතවේදීව සිහිපත් කරනවා.

අපි ක්‍රමවත් හා විධිමත් ගමනකට මුල පිරුවා. ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග එක්වී ආර්ථික සැලැස්මක් සකස් කළා. ඒ සැලැස්ම ක්‍රියාත්මක කිරීමේ ප්‍රතිඵලය ලෙස දවසින් දවස රට සාමාන්‍ය තත්වයට පත්වුණා. පීඩනය අඩු වුණා. දුක් කරදර හෙමින් හෙමින් සංසිඳෙන්න පටන් ගත්තා.

ඒ බව පැහැදිලි වෙන ආර්ථික දර්ශකයන් කීපයක් මම මේ සභාව හමුවේ තබන්නට කැමතියි.

2022 සිට 2023 දෙවන කාර්තුව දක්වා දිගින් දිගටම කාර්තු 6 ක් පුරා හැකිළුණු අපේ ආර්ථිකය 2023 තුන්වැනි කාර්තුවේ සිට පිබිදෙන්නට පටන් ගත්තා. මේ වසරේ දී අපට සියයට 2 ක 3 ක වර්ධනයක් ලබා ගත හැකි බව ජාත්‍යන්තර මූල්‍ය සංවිධාන පුරෝකථනය කර තියෙනවා.

රාජ්‍ය ආදායම 2022 වසරට සාපේක්ෂව 2023 වසරේ දී සියයට 50 කට වැඩි ප්‍රමාණයකින් ඉහළ නංවා ගැනීමට අපට පුළුවන් වුණා.

ගිය වසරේ ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් ලබා ගැනීමට අපට පුළුවන් වුණා. මේ නිසාම රජයට සේවා සැපයූ කොන්ත්‍රාත්කරුවන්ට වසර තුන හතරක් තිස්සේ ගෙවීමට බැරිව තිබූ සියළු හිඟ මුදල් අප ගෙවා අවසන් කළා.

2022 වසරේ පළමු මාස අට තුළ, රජය සතු ප්‍රධාන ව්‍යවසායයන් 52 හි සමස්ත පාඩුව රු. බිලියන 727 ක් වුව ද, 2023 වසරේ සමාන කාල පරිච්ඡේදය තුළ එය රු. බිලියන 313 ක ලාභයක් බවට පරිවර්තනය කරගැනීමට අප සමත් වුණා.

ආර්ථික අර්බුදය නිසා ව්‍යාපාරික ආයතන ගණනාවක් වැසී ගිය බව අප දන්නවා. නමුත් ආර්ථිකය යළි පිබිදී ඒමත් සමග ව්‍යාපාරික ආයතන ගණනාවක් අලූතෙන් ආරම්භ වුණා. 2022 වසරේ ආයතන 17,819 ක් සමාගම් රෙජිස්ටාර් ආයතනයේ ලියාපදිංචි වී තියෙනවා. 2023 වසරේ ආයතන 22,376 ක්. 2024 ජනවාරි මාසයේ නව සමාගම් 1,995 ක් ලියාපදිංචි වී තියෙනවා.

මහ බැංකුව සහ රජය සම්බන්ධීකරණයෙන් සිදු කළ සාර්ව ආර්ථික ඉල්ලූම් කළමනාකරණ ප්‍රයත්නයන් හේතුවෙන් 2022 වසරේ සැප්තැම්බර් මාසයේ දී සියයට 70 ක්ව තිබූ උද්ධමනය 2024 වසරේ පෙබරවාරි මාසයේ දී සියයට 5.9 දක්වා පහළ වැටුණා.

උද්ධමනය අඩුවීමත් සමගම කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට සහ පාරිභෝගිකයින්ට සහනයක් ලබා දෙමින්, 2023 වසරේ දී සියයට 30 ඉක්ම වූ පොලී අනුපාත සියයට 10 කට වඩා අඩු අගයකට මේ වන විට පහත වැටී තියෙනවා.

2022 වසරේ අප්‍රේල් මස මැද භාගයේ දී ඇමෙරිකානු ඩොලර් මිලියන 20 ට වඩා අඩු අගයක පැවැති, භාවිතා කළ හැකි විදේශ විනිමය සංචිත ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 3 කට වඩා වැඩි අගයකට ඉහළ නැංවී තියෙනවා. පෞද්ගලික මෝටර් වාහන හැර අනෙකුත් ආනයන සීමා ඉවත් කර තියෙනවා.

1977 වසරෙන් පසු ප්‍රථම වතාවට 2023 වසරේ දී ගෙවුම් ශේෂයේ, ජංගම ගිණුමේ අතිරික්තයක් ඇති කර ගැනීමට හැකි වුණා. මේ හේතුවෙන් පසුගිය වසරේ මෙම කාලයේ දී රුපියල් 363ක්ව පැවති ඇමෙරිකානු ඩොලරය ඊයේ වන විට රුපියල් 308 ක පමණ අගයක් කරා අවප්‍රමාණය වෙලා තිබෙනවා. රුපියල ශක්තිමත් වී තිබෙනවා. මේ ආර්ථික ප්‍රගතියේ ප්‍රතිඵල මුළු මහත් සමාජය පුරාම අද දකින්න තිබෙනවා.

අත් ට්‍රැක්ටරයේ ඉඳන් විශාල බස් රථ දක්වා විවිධ වාහන වලින් අනුරාධපුරේ, සිරීපාදේ වඳින්න යන ජනතාව කොයි තරම් ද? තලවිල, මඩුපල්ලි වන්දනාවේ යන ජනතාව කොයි තරම් ද? නුවරඑළියේ විනෝද ගමන් යන සෙනඟ කන්දරාව කොයි තරම්ද? වාහන මිළදී ගත්තු ණය ගෙවා ගන්න බැරිව, පාරෙ අයිනෙ ඒවා නවත්තගෙන, ඒවායේ ඩිකිය ඇරගෙන පොඩි පොඩි බිස්නස් කරපු අය කී දෙනෙක්, අද හිතේ බරක් නැතිව ඉන්නවද? දුර ගමන් කෝචිචියක ආසනයක් වෙන් කරගන්න කොයි තරම් අමාරුද? ආසන වෙන් නොකළ පෙට්ටිවල මොන තරම් සෙනඟක් ඉන්නවද? රටේ හැම තැන සංචාරකයො මොන තරමක් ඉන්නවද?

අද මෙහෙම ගමන් බිමන් යන්නෙ, විනෝද වෙන්නෙ, ගෙදරින් එළියට බහින්න විදියක් නැතිව හිටපු ජාතියක්. ලෙඩෙක් ඉස්පිරිතාලෙට ගෙන යන්න, මරණයක් සුසාන භූමියට ගෙන යන්න වාහනේට තෙල් ටිකක් ගහගන්න බැරුව හිටපු ජාතියක්. ගෙදර උයාපිහා ගන්න ගෑස් නැතුව, එළියෙ දරලිප් බැඳගෙන කෑම උයාගත්තු ජාතියක්.

ළමයෙකුට අසනීපයක් හැදුණාම පැරසිටමෝල් පෙත්තක් හොයාගෙන මහ රෑ ගෙන්ගෙට ගිය ජාතියක්. ඒ තත්වය දැන් සම්පූර්ණයෙන්ම පාහේ කණපිට හැරෙමින් පවතිනවා.

වර්තමානයේ අපට පෙනෙන, අපට දැනෙන ආර්ථික දියුණුව ගැනත් සමහරු විවේචනය කරනවා. මෙහෙම තත්වයක් ඇති වෙලා තියෙන්නේ ණය ගෙවීම් අත්හිටුවලා තියෙන නිසා බව ඔවුන් කියනවා. ණය ගෙවන්න පටන් ගත්තු ගමන් රට ආපහු නරක තත්වයකට ඇද වැටෙන බවට ඔවුන් තර්ක කරනවා. අප මේ ගත කරන්නේ අපායේ ඉන්ටවල් එකක් කියලයි ඔවුන් කියන්නෙ. ඒ විවේචනයේත් කිසිදු පදනමක් නැති බව මම අවධාරණය කරන්න කැමතියි.

අප මේ වන විට විදේශ ණය ඇතුළු සියළු ණය ප්‍රතිව්‍යූහගත කිරීම ගැන සාකච්ඡා කරමින් ඉන්නෙ. අපේ බලාපොරොත්තුව මේ සාකච්ඡා නුදුරේදීම සාර්ථකව අවසන් කර ගැනීමයි.

2023 සිට 2027 දක්වා ණය නොගෙවා සිටීමේ තාවකාලික සහනයක් ලබා ගැනීමට අප බලාපොරොත්තු වෙනවා. ඒ කියන්නේ 2023 ජනවාරි මාසයේ සිට 2027 දෙසැම්බර් මාසය දක්වා.ඉන් පසු 2027 සිට 2042 දක්වා කාලය තුළ ණය ආපසු ගෙවීමට අප ක්‍රියා කරනවා.

ශ්‍රී ලංකාව ණය බරින් පීඩිත වූ රටක්. 2022 වෙද්දී අපට වසරකට අමෙරිකානු ඩොලර් බිලියන හයක් පමණ විදේශ ණය ගෙවන්න නියමිතව තිබුණා. එය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 9.5 ක පමණ ප්‍රමාණයක්. රටකට දරන්න අමාරු ප්‍රතිශතයක්.

ණය ප්‍රතිව්‍යූහගත කරන සාකච්ඡා සාර්ථක කර ගැනීම මගින් වසරකට ගෙවිය යුතු විදේශ ණය ප්‍රමාණය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 9.5 සිට සියයට 4.5 දක්වා අඩු කර ගැනීමට අපට පුළුවන් වෙනවා. බාගෙට බාගයක් අඩු කර ගැනීමක්.

2022 සහ 2023 වසරවල අප ලබා ඇති ආර්ථික වර්ධනය මේ ආකාරයෙන්ම ඉදිරියට රැගෙන ගියොත් රාජ්‍ය ආදායම ඉහළ ප්‍රතිශතයක රඳවා ගන්න හැකි වෙනවා. එහෙම වුණොත් ණය ගෙවීම රටට බරක් වෙන්නේ නෑ.

වර්තමානයේ රාජ්‍ය ආදායම, දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 11 කට ආසන්න මට්ටමකට වැඩි කර ගැනීමට අපට හැකි වෙලා තියෙනවා. ඒ සඳහා අපට වැට් බද්ද පනවන්න සිද්ධ වුණා. ඒ තීරණය ඉතා කටුක තීරණයක්. අසීරු තීරණයක්. එවැනි බද්දක් පැනවීමේ තීරණය අප ගත්තේ ඉතා අමාරුවෙන්. නමුත් මේ ආර්ථික රෝගය සුවපත් කර ගැනීම සඳහා වෙන විකල්පයක් නෑ. අපට කෙටි කාලයක් මේ වේදනාව විඳින්න වෙනවා.

වැට් බද්ද පැනවීම නිසා රාජ්‍ය ආදායම ශක්තිමත් වුණා. ණය ගෙවා ගැනීමේ ශක්තිය අපට ඇති බව ජාත්‍යන්තරය ඉදිරියේ තහවුරු වුණා.

රාජ්‍ය ආදායම් වැඩි වී, ආර්ථිකය පිබිදීම නිසා රුපියල ශක්තිමත් වුණා. රුපියල ශක්තිමත් වෙන්න වෙන්න ඉන්ධන ඇතුළු ආනයන භාණ්ඩවල මිල අඩු වෙනවා. වැට් බදු ගෙවන සියළු ආයතනත් දැන් රුපියල ශක්තිමත් වීමේ වාසිය ලබනවා. මුළු රටටම ඒ වාසිය ලැබෙනවා. ඉදිරියට මීටත් වඩා වාසියක් ලැබේවි.

මේ මාර්ගයේම සාර්ථක ලෙස ඉදිරියට ගියොත් මේ අවුරුද්ද අවසන් වෙද්දී අපේ ආර්ථිකය තව තවත් ස්ථාවර තත්වයකට පත් වෙනවා.

ඒ වගේම අපි රාජ්‍ය ආයතනවල පාඩුව ජනතා බදු මුදලින් පියවීමේ ක්‍රමය නවතා තිබෙනවා. ඒ ආයතන ප්‍රතිව්‍යූහගත කර ආයෝජකයන්ට ලබා දෙනවා.

බදු ජාලය පුළුල් කරනවා. ඒ වැඩපිළිවෙල යටතේ සමස්ත බදු ලිපිගොනු ගණන 2023 වසරේ දී මිලියන 1 ට වඩා වැඩි ප්‍රමාණයකට ඉහළ නංවා ගත්තා. මෙය සියයට 130 ක ඉහළ යෑමක්.

මුදල් අච්චු ගැසීම සම්පූර්ණයෙන්ම නවතා දමා තියෙනවා. රාජ්‍ය මුදල් හා ආර්ථික කළමනාකරණය වැඩි දියුණු කිරීමට හා ඒ සඳහා පහසුකම් සැලසීමට නෛතික රාමුව, පද්ධති හා ක්‍රියාවලීන් ශක්තිමත් කිරීම සහ නවීකරණය කිරීම සඳහා අවශ්‍ය නීති ප්‍රතිසංස්කරණ ඉදිරියට ගෙන යමින් තියෙනවා.

දකුණු ආසියාවේ පළමු වරට පාලනය පිළිබඳ විනිශ්චයාත්මක වාර්තාව (Governance Diagnostic Report) පළ කර ඇති අතර, පාලනය වැඩි දියුණු කිරීමට හා දුෂණ අවදානම්වලට එරෙහිව කටයුතු කිරීමට පියවර ක්‍රියාත්මකයි.

ආයෝජන ආකර්ශනය කරගන්නවා. ඒ සඳහා නව ආයතනයක් ස්ථාපිත කරනවා. විදේශ මූල්‍ය අංශ වෙත අඛණ්ඩ ප්‍රවේශය සහතික කරනවා.

කෘෂිකර්මාන්තය නවීකරණය කරනවා. ආහාර සුරක්‍ෂිතතාවය යටතේ මහා පරිමාණ ගොවිපල ඇරඹීමට මේ වන විටත් විදේශ රටවල් කිහිපයක් කැමැත්ත පළ කර තියෙනවා.

අපනයන සඳහා විදේශ වෙළඳපොල ක්‍රමක්‍රමයෙන් විවෘත කරගන්නවා. මෙහිදී සාම්ප්‍රදායික නොවන අපනයන සඳහා දැඩි අවධානයක් යොමු කරනවා.

අපේ රට හරිත සහ ඩිජිටල් ආර්ථිකයක් බවට පරිවර්තනය කරමින් කලාපීය ආර්ථික හා සේවා කේන්ද්‍රස්ථානයක් ලෙස සංවර්ධනය කරනවා. වරාය නගරය ජාතන්තර මුල්‍ය කේන්ද්‍රයක් බවට පත් කරනවා. හැබැයි ඒ සියල්ල කළ හැක්කේ මේ සැලසුම ඔස්සේ ඉදිරියට ගියොත් පමණයි.

අප මෙතෙක් අනුගමනය කළ පිළිවෙත් නිසා රටේ බහුතර ජනතාවකට පහසුකම් සහ සහන ගණනාවක් ලබා දෙන්න අපට හැකි වෙලා තියෙනවා.

උරුමය වැඩසටහන යටතේ පවුල් ලක්‍ෂ විස්සක් ඉඩම් හිමිකරුවන් බවට පත්වෙනවා. පරම්පරා ගණනාවක් තිස්සේ අහිමි කර තිබුණු ඉඩම් උරුමය ඔවුන්ට යළිත් ලැබෙනවා.

දිළිඳු හා අවදානමට ලක් විය හැකි පිරිස් ආර්ථික අර්බුදයේ බලපෑම්වලින් ආරක්ෂා කිරීමට සමාජ ආරක්ෂණය සඳහා වන වියදම තුන් ගුණයකින් ඉහළ දමන්න අපට පුළුවන් වුණා. මේ නිසා අඩු ආදායම් ලබන පවුල් ලක්‍ෂ 24 කට අස්වැසුම හිමිවෙනවා.

පාසැල් දරු දැරියන් ලක්‍ෂ 45 ක පමණ පිරිසකට සුරක්‍ෂා රක්‍ෂණ ක්‍රමයේ ප්‍රතිලාභ ලැබෙනවා.

තොරතුරු තාක්‍ෂණය විෂයයක් ලෙස උගන්වන සෑම පාසලකටම ස්මාර්ට් පංති කාමර ලබා දෙනවා.

ජනාධිපති අරමුදල යටතේ පාසල් දරුවන් ලක්‍ෂයකට ශිෂ්‍යත්ව ලබා දෙනවා.

ජනාධිපති අරමුදලෙන් රෝගීන්ට ලබා දෙන මුදල් දෙගුණ කර තියෙනවා.

කඳුකර දශකය යටතේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 89 ක් පුරා ගම්මාන දහස් ගණනක සංවර්ධන කටයුතු ආරම්භ කර තියෙනවා. මේ සඳහා එක් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකට රුපියල් මිලියන 100 බැගින් ලබා දී තියෙනවා.

විමධ්‍යගත අයවැය මගින් මැතිවරණ කොට්ඨාශවල සංවර්ධනය කටයුතු දැන් ක්‍රියාත්මකයි.

ප්‍රාදේශීය ලේකම් කාර්යාල 25 ක් මූලික කරගෙන කෘෂි නවීකරණ කටයුතු ආරම්භ කර තියෙනවා.

සංචාරක ව්‍යාපාරය දැන් ඉහළටම එසැවී තියෙනවා. විශාල පිරිසක් එයින් ප්‍රතිලාභ ලබනවා. ඒ ක්ෂේත්‍රය තව තවත් දියුණු කරලීම උදෙසා අප පියවර ගනිමින් ඉන්නවා.

හැකිලී තිබුණු ආර්ථිකය දැන් හෙමින් හෙමින් පිබිදෙනවා. විහිදෙනවා.

මේ සියල්ලේ ප්‍රතිඵලයක් හැටියට පියවරෙන් පියවර ජනතාවට සහන ලබා දීමේ හැකියාව අපට ලැබෙනවා.

ව්‍යාපාරික ආයතන සඳහා පරාටේ නීතිය අත්හිටුවීමට අප පියවර ගත්තා. ඇත්ත වශයෙන්ම අපට තිබුණේ බැංකු ක්‍රමය ශක්තිමත් කරන්නයි. එසේ නොකළහොත් බැංකු ක්‍රමය කඩා වැටෙනවා. කොහොම වුණත් පරාටේ නීතිය තාවකාලිකව ඉවත් කර මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවා ආරක්ෂා කළා. මේ සතියේ අපට විදුලි බිලට සහනයක් ලබා දෙන්න පුළුවන් වුණා.

ඒ වගේම ඉදිරියේදී පොත්, පාසැල් උපකරණ, සෞඛ්‍ය උපකරණ, බේත් හේත් වැනි අංග වැට් බදු ලැයිස්තුවෙන් ඉවත් කිරීමට අප බලාපොරොත්තු වෙනවා. අනාගතයේදී වැට් බදු ප්‍රතිශතය තවත් අඩු කිරීමටත් අපට හැකියාව ලැබෙනවා.

අපි දවසින් දවස, ඉතා අසීරුවෙන් නමුත් ආර්ථිකය ශක්තිමත් කරනවා. ආර්ථිකය ශක්තිමත් වෙන්න වෙන්න ජනතාවට තව තවත් පහසුකම් ලබා දීමට ක්‍රියා කරනවා. මේ සියල්ල කරන්නේ සැලසුමකට අනුවයි. ආර්ථිකයට බරක් වන ආකාරයේ සහන ලබා දීමෙන් නැවත අපායකට රට ඇද දමන්න අපට බැහැ. ඒ නිසා අප සියල්ල සිදු කරන්නේ ක්‍රමානුකූලවයි. විද්‍යාත්මක සැලසුමකට අනුවයි.

සමහරු සිල්ලර විසඳුම්වලින් මේ ගැටළුව විසඳන්න පුළුවන් කියා කල්පනා කරනවා. පිටරටවල සිටින ලාංකිකයන්ගෙන් ඩොලර් 10 බැගින් හෝ 100 බැගින් ලබාගන්න සමහරු යෝජනා කරනවා. ඒක හරියට ඉස්කෝලයක් වටේ ඉන්න අයගෙන් සල්ලි ලබා ගෙන ඒ ඉස්කෝල දියුණු කරන්න පුළුවන් වගේ අමනෝඥ යෝජනා.

ඒ වගේ දේවල්වලින් රටක ආර්ථිකය යථා තත්වයට පත් කරන්න බැරි බව කිසියම්ම හෝ ආර්ථික දැනුමක් තියෙන අයට වැටහෙනවා.

ඉතින් මේ අවස්ථාවේ අප ඉදිරියේ තියෙන්නේ එක ප්‍රශ්නයයි. අප මේ දැන් මේ යන මගෙහිම ඉදිරියට යනවාද, නැද්ද? මේ මගෙහිම ඉදිරියට ගිහින් ආර්ථිකය ශක්තිමත් වීමේ යහ ප්‍රතිඵල අපි රටක් විදියට භුක්ති විඳිනවාද? එහෙම නැතිව මේ සැලැස්මෙන් ඉවත් වෙලා, වසර එකහමාරකට දෙකකට කලින් රට වැටී තිබුණු අසහනකාරී, බංකොලොත් තත්වයට යළි ඇද දමනවාද? තීරණය කරන්න. අපායට යළි ඇද වැටෙනවාද? නැතිනම් මේ මාර්ගයේ පාරාදීසය කරා ගමන් ගන්නවාද?

මේ ගමන් මගම හැර අන් මගක් අපට නැහැ. අප මෙතෙක් ලබා ඇති සාර්ථකත්වය මගින් ඒ බව සනාථ වී තියෙනවා. ඉතින් මේ මාර්ගයේම ඉදිරියට යෑම සඳහා අවශ්‍ය අණ පනත් හා නීතිරීති පාර්ලිමේන්තුව ඉදිරියේ සම්මත කර ගැනීමටත් මා බලාපොරොත්තු වෙනවා. ඒ අරමුණින් ආර්ථික ප්‍රතිසංස්කරණ පනත ළඟදීම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා.

මම මේ සියල්ල කරන්නේ ජනප්‍රිය වෙන්න නෙවෙයි. බොහෝ දේශපාලන කණ්ඩායම් ජනප්‍රියත්වය තකා සුරංගනා පොරොන්දු දෙනවා. සිහින මාළිගා මවන්න උත්සාහ කරනවා. ඒ අය මහ පොළොවේ යථාර්ථය අමතක කරනවා. බලය වෙනුවෙන් බොරු කියනවා.

හැබැයි මම කවදාවත් බලය වෙනුවෙන් බොරු කිව්වේ නෑ. මම වැඩ කරන්නේ මගේ අනාගතය වෙනුවෙන් නෙවෙයි. රටේ අනාගතය වෙනුවෙන්. මම වෙහෙසෙන්නේ බලය ලබා ගැනීමේ අරමුණ වෙනුවෙන් නෙවෙයි. රට යළි ගොඩ නැංවීමේ අරමුණ වෙනුවෙන්.

අද අප අනුගමනය කරන පිළිවෙත නිසා සමාජයේ තනි තනි පුද්ගල කොටස්වලට යම් යම් පීඩාවන් ඇතිවී තියෙනවා.

ඒ බව අප අවබෝධ කරගෙන තියෙනවා. හැබැයි තනි තනි පුද්ගලයන්ගේ ආර්ථික ප්‍රශ්න විසඳීම නිවැරදි ක්‍රමයක් නොවෙයි. එවැනි ක්‍රමයක් කිසි දිනෙක පූර්ණකාලීන විසඳුමක් වෙන්නේ නෑ. තිරසාර විසඳුමක් වෙන්නේ නෑ. අප මේ වෙහෙසෙන්නේ මුළු මහත් සමාජයම ඉහළට ඔසවා තබන්නයි. පිබිදෙන ආර්ථිකයේ ප්‍රතිලාභ මුළු මහත් සමාජයටම සාධාරණ ලෙස බෙදී යන ආර්ථිකයක් නිර්මාණය කරන්නයි.

ඒ බවත් අවධාරණය කරමින් මහාචාර්ය හේන්පිටගෙදර ඤාණවාස මාහිමියන් 1983 වසරේ ‘අපට බෞද්ධ පාලන ක්‍රමයක් අවශ්‍ය ඇයි’ නමින් ලියූ කෘතියේ සටහනක් ගෙනහැර පාමින් මම මගේ අදහස් දැක්වීම අවසන් කරන්නට කැමතියි.

“එක් එක් පුද්ගලයාගේ අවශ්‍යතා සපුරාලීමෙන් ආර්ථික ප්‍රශ්න විසඳෙන්නේ නැත. ඒ වෙනුවට ඒවා තවත් උග්‍ර වී අධර්මය හා දූෂණය පැතිරී, සමාජයෙහි සාමය, සතුට බිඳ වැටෙන අයුරු බුදුන් වහන්සේ කූඨදන්ත හා චක්කවත්ති සිහනාද සූත්‍රයන්හි පෙන්වා දී ඇත. පොදු හේතුව සොයා ඊට පිළියම් යෙදීම නිවැරදි ප්‍රතිකර්මය බව බෞද්ධ චින්තනය පෙන්වා දෙයි. ඵලයක් දැක ඒ එක් එක් ඵලයට හේතුව වෙන් වෙන් වශයෙන් සොයා යොදන පිළියම අණ්ඩ දැමීමකි. එබඳු ක්‍රමයකින් ප්‍රශ්න උග්‍ර වේ.”

ඉතින් අපි සමස්ත ආර්ථික සැලැස්ම මේ අයුරින්ම ඉදිරියට ක්‍රියාත්මක කර ප්‍රශ්න විසඳා ගනිමු. මුළු මහත් සමාජයම ඉහළට ඔසවා තැබීමේ ආර්ථික පිළිවෙත ශක්තිමත් කරමු. ඒ නිවැරදි ගමනට එක්වෙන්න කියා මේ ගරු සභාවේ ඔබ සැම දෙනාගෙන් ද, සියළු ලාංකේය ජනතාවගෙන් ද මම ඉල්ලා සිටිනවා.

– ජනාධිපති මාධ්‍ය ඒකකය

සම්බන්ධිත පුවත් | Related News

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඊයේ(12) දින සිසුකළ සාකච්ඡාවෙන් පසුව අන්තර්ජාල නාලිකාවක් සමග පැවති සාකච්ඡාවකදී නීතිඥ සංගමයේ සභාපති රජිව් අමරසූරිය මහතා පවසන්නේ, මෙම විශ්‍රම වයස දීර්ඝ කිරීම සම්බන්ධ ප්‍රශ්නය ඇත්තේ එක තැනක බවත් එහෙත් පිළිතුර ඇත්තේ තවත් තැනක බවත් ය.
කුච්චවේලි පිච්චමල් විහාරස්ථානයේ පිහිටි වසර 2300 කට වඩා පැරණි ඓතිහාසික බෞද්ධ නටඹුන් සහිත පූජනීය භූමිය විනාශ වීමේ අනතුරකට මුහුණ පා ඇති බව වාර්තා වේ.
යෝජිත සංශෝධනය මඟින් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතල බලපෑමක් එල්ල වන බවත්, වත්මන් පද්ධතිය වැඩිදියුණු කිරීම සඳහා මෙය හදිසි අවශ්‍යතාවක් නොවන බවත් ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඊයේ (12) ජනපති අනුර කුමාර දිසානායක හමුවී පෙන්වා දී තිබේ.
විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහාවන යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ, විනිසුරුවරුන්ගේ සහ නීතිඥයින්ගේ ස්වාධීනත්වය පිළිබඳ විශේෂ නියෝජිත මාග්‍රට් සැටර්ත්වයිට් කනස්සල්ල පළකර තිබේ.
තෛනිකායික මහනාහිමිවරුන් රටේ පාලකයන්ට විවිධ අවස්ථාවන්හි යම් යම් කරුණු කාරණා සම්බන්ධයෙන් අර්ථයෙන්, ධර්මයෙන් අනුශාසනා කොට වාචිකව මෙන්ම ලිඛිතව දැනුම්දීම, අතීතයේ සිට සිදුකළ දෙයක් බව මල්වතු මහනාහිමියන් පවසා තිබේ.
අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු අධිකරණ පද්ධතියේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව ඉහළ නැංවීම සඳහා කැබිනට් මණ්ඩලය ගෙන ඇති තීරණය සහ ඊට අදාළ ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ත්‍රෛනිකායික මහා නායක හිමිපාණන් වහන්සේලා විසින් විරෝධය පළකරමින් ජනාධිපතිවරයා වෙත යවන ලද ලිපිය මේ වන විට සමාජ මාධ්‍යයේ සංසරණය වෙයි.
අරගල සමයේ සිට මේ දක්වා මෙරට හමුදා බුද්ධි අංශවලට මෙන්ම ත්‍රිවිධ හමුදාවට සහ පොලිසියට අවලාද, අපහාස, ගැරහුම් සිදුකරමින් ඇති පසුබිමක, මේ වන විට යුද්ධය විජයග්‍රාහී ලෙස අවසන් කළ රණවිරුවන් නොයෙකුත් අභියෝගයන්ට ලක්ව ඇති බව නීතිඥ මධුමාලි අල්විස් මහත්මිය පවසයි.
ඉරානය ආසන්නයේ යුද මෙහෙයුම්වල නිරතව සිටින ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකාවක සිටින නාවිකයන්, දිගුකාලීන මෙහෙයුම් හේතුවෙන් ඇති වූ අධික වෙහෙස සහ බිඳ වැටුණු මානසික තත්ත්වය හේතුවෙන් නෞකාවෙන් මුහුදට පැනීමට උත්සාහ කර ඇති බව, කාර්ය මණ්ඩල සාමාජිකයන්ගේ පවුල් උපුටා දක්වමින් අමෙරිකානු මාධ්‍ය කිහිපයක් වාර්තා කර තිබේ.
පසුගිය කාලය තුළ ආයෝජන මණ්ඩලය (BOI) හරහා පැමිණි සමාගම් සඳහා රුපියල් බිලියන 276ක බදු සහනයක් ලබා දී ඇති බව Daily FT පුවත්පත වාර්තා කර තිබේ. එමෙන්ම, මෙම වසරේ පළමු කාර්තුවේ මාස තුන තුළ පමණක් අදාළ සමාගම්වලින් අය නොකර අතහැර ඇති වැට් බදු ප්‍රමාණය රුපියල් බිලියන 9.58ක් වන අතර, අය නොකර අත්හැර දමා ඇති ආදායම් බදු ප්‍රමාණය රුපියල් බිලියන 20ක් පමණ වේ.

ප්‍රධාන පුවත්

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම: ප්‍රශ්නය තියෙන්නෙ එක තැනක.. උත්තර දීල තියෙන්නේ වෙනත් තැනකට.. මේක වැරදියි.. - නීතිඥ සංගමයේ සභාපති රජිව් අමරසූරිය

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඊයේ(12) දින සිසුකළ සාකච්ඡාවෙන් පසුව අන්තර්ජාල නාලිකාවක් සමග පැවති සාකච්ඡාවකදී නීතිඥ සංගමයේ සභාපති රජිව් අමරසූරිය මහතා පවසන්නේ, මෙම විශ්‍රම වයස දීර්ඝ කිරීම සම්බන්ධ ප්‍රශ්නය ඇත්තේ එක තැනක බවත් එහෙත් පිළිතුර ඇත්තේ තවත් තැනක බවත් ය.

කුච්චවේලි පිච්චමල් විහාරය අනතුරේ.. බෞද්ධ නටඹුන් විනාශයි..

කුච්චවේලි පිච්චමල් විහාරස්ථානයේ පිහිටි වසර 2300 කට වඩා පැරණි ඓතිහාසික බෞද්ධ නටඹුන් සහිත පූජනීය භූමිය විනාශ වීමේ අනතුරකට මුහුණ පා ඇති බව වාර්තා වේ.

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවෙන් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතළ බලපෑමක්..

යෝජිත සංශෝධනය මඟින් අධිකරණයේ ස්වාධීනත්වයට බරපතල බලපෑමක් එල්ල වන බවත්, වත්මන් පද්ධතිය වැඩිදියුණු කිරීම සඳහා මෙය හදිසි අවශ්‍යතාවක් නොවන බවත් ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඊයේ (12) ජනපති අනුර කුමාර දිසානායක හමුවී පෙන්වා දී තිබේ.

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එක්සත් ජාතීන්ගේ සංවිධානය කනස්සල්ලෙන්..

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහාවන යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ, විනිසුරුවරුන්ගේ සහ නීතිඥයින්ගේ ස්වාධීනත්වය පිළිබඳ විශේෂ නියෝජිත මාග්‍රට් සැටර්ත්වයිට් කනස්සල්ල පළකර තිබේ.

ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..

තෛනිකායික මහනාහිමිවරුන් රටේ පාලකයන්ට විවිධ අවස්ථාවන්හි යම් යම් කරුණු කාරණා සම්බන්ධයෙන් අර්ථයෙන්, ධර්මයෙන් අනුශාසනා කොට වාචිකව මෙන්ම ලිඛිතව දැනුම්දීම, අතීතයේ සිට සිදුකළ දෙයක් බව මල්වතු මහනාහිමියන් පවසා තිබේ.

අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..

අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු අධිකරණ පද්ධතියේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව ඉහළ නැංවීම සඳහා කැබිනට් මණ්ඩලය ගෙන ඇති තීරණය සහ ඊට අදාළ ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ත්‍රෛනිකායික මහා නායක හිමිපාණන් වහන්සේලා විසින් විරෝධය පළකරමින් ජනාධිපතිවරයා වෙත යවන ලද ලිපිය මේ වන විට සමාජ මාධ්‍යයේ සංසරණය වෙයි.

කිසිඳු රජයක් බන්ධනාගාර ගතකළ අයගේ මානුෂීය ගෞරවය ආරක්ෂාවෙන පරිදි පරීක්ෂණ කටයුතුවලට මුහුණදීමේ තත්ත්වයක් ස්ථාපිත කර නෑ.. මේ රජයත් එහෙමයි.. - නීතිඥ මධුමාලි අල්විස්

අරගල සමයේ සිට මේ දක්වා මෙරට හමුදා බුද්ධි අංශවලට මෙන්ම ත්‍රිවිධ හමුදාවට සහ පොලිසියට අවලාද, අපහාස, ගැරහුම් සිදුකරමින් ඇති පසුබිමක, මේ වන විට යුද්ධය විජයග්‍රාහී ලෙස අවසන් කළ රණවිරුවන් නොයෙකුත් අභියෝගයන්ට ලක්ව ඇති බව නීතිඥ මධුමාලි අල්විස් මහත්මිය පවසයි.

ඉරානය ආසන්නයේ රාජකාරියේ නිරතව සිටි වෙහෙසට පත් වූ ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකා නාවිකයන් මුහුදට පැනීමට උත්සාහ කරලා – Military Times

ඉරානය ආසන්නයේ යුද මෙහෙයුම්වල නිරතව සිටින ඇමරිකානු ගුවන් යානා ප්‍රවාහන නෞකාවක සිටින නාවිකයන්, දිගුකාලීන මෙහෙයුම් හේතුවෙන් ඇති වූ අධික වෙහෙස සහ බිඳ වැටුණු මානසික තත්ත්වය හේතුවෙන් නෞකාවෙන් මුහුදට පැනීමට උත්සාහ කර ඇති බව, කාර්ය මණ්ඩල සාමාජිකයන්ගේ පවුල් උපුටා දක්වමින් අමෙරිකානු මාධ්‍ය කිහිපයක් වාර්තා කර තිබේ.

ධනපතියන්ට බිලියන ගණනින් බදු සහන දෙද්දී ජනතාවට බදු බර.. - ළමා මන්දපෝෂණයත් ඉහළට..

පසුගිය කාලය තුළ ආයෝජන මණ්ඩලය (BOI) හරහා පැමිණි සමාගම් සඳහා රුපියල් බිලියන 276ක බදු සහනයක් ලබා දී ඇති බව Daily FT පුවත්පත වාර්තා කර තිබේ. එමෙන්ම, මෙම වසරේ පළමු කාර්තුවේ මාස තුන තුළ පමණක් අදාළ සමාගම්වලින් අය නොකර අතහැර ඇති වැට් බදු ප්‍රමාණය රුපියල් බිලියන 9.58ක් වන අතර, අය නොකර අත්හැර දමා ඇති ආදායම් බදු ප්‍රමාණය රුපියල් බිලියන 20ක් පමණ වේ.

රනිල් අරගලයේ පිටපත තුළ ස්ථානගත වූ ආකාරය ගැන ජයන්ත සමරවීරගෙන් අනාවරණයක්..

මෙරට ඇතිවූ "ඊනියා අරගලය" තුළ රනිල් වික්‍රමසිංහ මහතා ස්ථානගත වූ ආකාරය පිළිබඳව ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක, හිටපු රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර මහතා අදහස් දක්වා තිබේ.

22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අවසාන වින්දිතයා ජනාධිපතිවරයායි.. - නීතිඥ කණිෂ්ක විතාරණ

ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණ විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සහ ඊට අදාළ ව්‍යවස්ථාපිත පසුබිම පිළිබඳව නීතිඥ කණිෂ්ක විතාරණ මහතා සිය අදහස් පළ කර තිබේ.

විශ්‍රාමික හමුදා නිලධාරීන් බන්ධනාගාරයට බඳවා ගැනීම ආණ්ඩුවේ මර්දන අවිය ශක්තිමත් කිරීමේ අරමුණක්.. – ජයන්ත සමරවීර

විශ්‍රාමික හමුදා නිලධාරීන් බන්ධනාගාර නිලධාරීන් ලෙස බඳවා ගැනීමට ආණ්ඩුව තීරණය කර ඇත්තේ සිය මර්දන අවිය ශක්තිමත් කිරීමේ අරමුණින් බව ජාතික නිදහස් පෙරමුණ චෝදනා කරයි.

චීන ශ්‍රී ලංකා සාම්ප්‍රදායික මිත්‍රත්වය ඉදිරියට ගෙන යමින්, දීප්තිමත් අනාගතයක් උදා කරමු!-අභිනවයෙන් පත්වූ ශ්‍රී ලංකාවේ චීන තානාපති ගරු වෙයි හුවාෂියං

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ චීන මහජන සමූහාණ්ඩුවේ අභිනව අතිවිශේෂ හා පූර්ණ බලතල සහිත තානාපතිවරයා ලෙස පත් කර ඇති ගරු වෙයි හුවාෂියං මහතා සිය ධුරයේ රාජකාරි භාර ගැනීම සඳහා අද(11) ශ්‍රී ලංකාවට සම්ප්‍රාප්ත විය.

දේශපාලන විරුද්ධවාදීන් මර්දනයට රජය නීතියේ ආධිපත්‍යය අවභාවිත කිරීම හෙළා දකිනවා.. - දිනන දකුණ

මෙරට ප්‍රජාතන්ත්‍රවාදී රාමුව සීඝ්‍රයෙන් බිඳවැටෙමින් පැවතීම පිළිබඳව "දිනන දකුණ" සාමූහිකය සමස්ත ශ්‍රී ලාංකික ජනතාව වෙත සිය දැඩි කනස්සල්ල පළ කර සිටි.

චීනයෙන් ඇමරිකානු සහ මෙක්සිකානු පිකාන් ආනයන සඳහා සියයට 54.3ක් දක්වා ප්‍රපාතන(Dumping) විරෝධී බදු පැනවේ: MOFCOM

මෙක්සිකෝව සහ ඇමරිකා එක්සත් ජනපදය වෙතින් ආනයනය කරන පිකාන් (Carya illinoensis) සඳහා සියයට 54.3ක් දක්වා ප්‍රපාතන(Dumping) විරෝධී බදු ආරක්ෂිත තැන්පතු ලෙස පැනවීමට චීනය සඳුදා(10) තීරණය කළේය.

විනිසුරු සේවා දීර්ඝය එකම ගැටලුව කර ගැනීම හාස්‍යට කරුණක්.. - පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි

විනිසුරුවරුන්ගේ සේවා කාලය දීර්ඝ කිරීම රටේ කාලීන අවශ්‍යතාවයක් නොවන අතර තමන්ව බලයට පත්කළ රටේ ජනතාවගේ දැවෙන ප්‍රශ්න සියල්ල අමතක කරමින් වත්මන් රජය විනිසුරුවරුන්ගේ සේවා කාලය දීර්ඝ කිරීම එකම ගැටළුව බවට පත්කර ගැනීම හාස්‍යට කරුණක් යැයි අමරපුර ශ්‍රී සද්ධම්මවංශ මහනිකායේ අනුනායක දේශප්‍රේමී භික්ෂූ පෙරමුණේ මහලේකම් පූජ්‍ය බෙංගමුවේ නාලක නාහිමිපාණන් වහන්සේ කැලණිය පට්ටිය හන්දිය ධර්මායතනයේදී 07දා පැවති මාධ්‍ය හමුවක් අමතමින් පැවසූහ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.