මාලිමාවේ යැයි කියූ විශ්‍රාමික හමුදා සාමාජිකයා කළ තර්ජනය ගැන CIDට පැමිණිල්ලක්
ජාතික ජන බලවේගයේ අදිටන විශ්‍රාමික හමුදා සාමාජික එකමුතුවේ යැයි කියන පුද්ගලයෙක්, ඔවුන්ගේ ටී ෂර්ටයකින් සැරසී “බලයට ආවම අපි බලාගන්නම්. සමගි ජන බලවේගයේ, එක්සත් ජාතික පක්ෂයේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සියලුදෙනාට පහර දෙනවා" යැයි කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රි ප්‍රේමනාත් සී. දොළවත්ත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
ජාතික ජන බලවේගයට සහාය දක්වන අදිටන විශ්‍රාමික හමුදා සාමාජික එකමුතුව නම් සංවිධානයක් පැවැත්වූ දේශපාලන රැස්වීමක් අවසානයේ මෙම වීඩියෝව සමාජ මාධ්‍යයට මුදාහැර තිබේ.
ජාතික ජන බලවේගයේ පක්ෂ ලාංඡනය සහිත ටී ෂර්ට් ඇඳ ‘‘අපි ජාතික ජන බලවේගයේ සාමාජිකයෝ. අපි බලයට ආවම සමගි ජන බලවේගයේ එක්සත් ජාතික පක්ෂයේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සියලු දෙනාට පහර දෙනවා’’ යැයි ප්‍රසිද්ධියේ ප්‍රකාශකර, එම ප්‍රකාශය සමාජ මාධ්‍යයට මුදා හැරීම ප්‍රචණ්ඩත්වය මුදා හැරීමක් බව පාර්ලිමන්තු මන්ත්‍රිවරයා සඳහන් කරයි.
මෙවැනි ප්‍රකාශ තුළින් පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා හරහා රට ලේ විලක් බවට පත්වීමේ අවදානමක් පෙන්නුම් කරන හෙයින් ඒ පිළිබඳ කඩිනම් පරීක්ෂණයක් පවත්වන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටි බවද මන්ත්‍රිවරයා සඳහන් කරයි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.