News Category
From Date
To Date
Maximum Number of Result

ජාතික ජන බලවේගය පහුගිය මැතිවරණවලදී ලබාදුන් මැතිවරණ පොරොන්දු ඉදිරි අයවැයෙන් ඉටු කිරීම ඉතාම අභියෝගාත්මක තත්ත්වයකට පත්ව ඇති බව කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ කථිකාචාර්ය ප්‍රියංග දුනුසිංහ මහතා පෙන්වා දෙයි.

ශ්‍රී ලංකාවට විශාල රාජ්‍ය අංශයක් දැරීමට තව දුරටත් නොහැකි වනු ඇති බවත් නුදුරේදී රාජ්‍ය සේවක සංඛ්‍යාව අඩු කිරීම ආරම්භ කළ යුතු බවත් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක දුමින්ද හුළංගමුව මහතා සඳහන් කරයි.

අමෙරිකාවේ ජනාධිපතිධූරය සඳහා තේරීපත්ව සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් BRICS රටවලට ප්‍රබල අනතුරු ඇඟවීමක් සිදුකර තිබේ.

හිටපු අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද (03) දිනයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා ඇත.

30 වසරක යුද්ධයේ දී රටේ ඒකීය භාවය සුරැකීම වෙනුවෙනුවෙන් දිවිපිදූ සහ අබාධිත වූ විරෝධාර රණවිරුවන් සැමරීමේ වැඩසටහනක් අද(02) කොළඹ කොටුව බුදුපිළිම වහන්සේ අභියස දී පැවැත්විණි.

චක්‍රලේඛයක් නිකුත් කිරීමේ ප්‍රමාදය හේතුවෙන් මෙරට සිටින විශේෂඥ වෛද්‍යවරුන් 200කට අධික පිරිසක් අකාලයේ විශ්‍රාම යෑමේ අවදානමකට ලක්ව ඇති බව වාර්තා වේ.

සංචාරක වීසා බලපත්‍ර මගින් ප්‍රංශයට සහ බෙල්ජියමට යාමට උත්සාහ කළ යාපනය ප්‍රදේශයේ තරුණයන් කිහිප දෙනෙකු යුක්රේනයට එරෙහිව බලහත්කාරයෙන් සටන් කිරීමට සලස්වා ඇති බවට පසුගියදා පළ වූ පුවත් මාලාවක් සම්බන්ධයෙන් සම්බන්ධයෙන් පිළිබඳව ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලය සිය ස්ථාවරය පවසා තිබේ.

ෆෙඩරල් ගිනි අවි සහ බදු නීති කඩ කිරීම සම්බන්ධයෙන් මේ වසර මුලදී වරදකරු වූ ඉවත්ව යන එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන්ගේ පුත් හන්ටර්ට ජනාධිපති සමාව ලැබී ඇතැයි වාර්තා වේ. ඒ අනුව ඉවත්ව යන එක්සත් ජනපද ජනපති තමාගේ වචන වලට තමාම පිටුපා ඇතැයි එරට ජනතාව පවසන බවද පුවත් වාර්තා පවසයි.

මහවිරු සැමරුම් ප්‍රවර්ධනය කිරීමේ යයි සමාජ ජාල ක‍්‍රියාකාරීන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීම මගින් සමාජ මාධ්‍ය පාලය කිරීමේ ආණ්ඩුවේ දේශපාලන සුජාතභාවය විනාශ කර ගැනීම ආරම්භය කර ඇති බව මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා පවසයි.


දේශීය පුවත්

බලයට එන්න පෙර අනුරලා හැංගිලා හිටියේ පන්සල්වල.. අද සසුනටම ගහනවා.. - පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමි

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ඇතුළු කණ්ඩායම දේශපාලන බලය ලබා ගැනීමට පෙර ආරක්ෂාව ලැබුවේත්, යැපුණේත් බෞද්ධ විහාරස්ථාන සහ සංඝරත්නය සෙවණේ බවත් මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියෝ පවසති.

මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..

පූජ්‍ය ගලබඩඅත්තේ ඥානසාර හිමියන් අධිකරණ කටයුතු සඳහා ඉදිරිපත් කිරීමේදී උන්වහන්සේගේ සිවුර ඉවත් කර වෙනත් ඇඳුමකින් සැරසවීම බන්ධනාගාර නීති හා ස්ථාවර නියෝගවලට සම්පූර්ණයෙන්ම පටහැනි බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ප්‍රකාශ කරයි.

බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා පවසන්නේ, බලවත් ජාතීන්ගේ අවශ්‍යතා මත වර්තමානයේ ලෝකය සහ කලාපය ගමන් කරන මාවත ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් කෙළවර වීමට ඉඩ ඇති බවයි.

ජනාධිපති උපාසක මහත්තයත් මහා පල් වැඩ කරනවා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමි

මහානායක හිමිවරුන් විසින් ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීම පිළිබඳව කනස්සල්ල පළ කරමින් යැවූ ලිපියට ඉතා ඉක්මනින් ජනාධිපතිවරයා ප්‍රතිචාර දක්වද්දී, 22 සංශෝධනයට විරෝධය කළ කරමින් උන්වහන්සේලා යැවූ ලිපියට ජනාධිපති උපාසක මහතාගේ ප්‍රතිචාරයක් නොතිබූ බවත්, ජනාධිපති උපාසක මහතා බොරුවක් කළ බව දැන් රටම දන්නා කරුණක් බවත් මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමියෝ පවසති.

"ඥානසාර හිමියන් සිරදඬුවම් විඳින්නේ සමස්ත ජාතිය සහ ශාසනය වෙනුවෙන්.. උන්වහන්සේ තනි නොකර කොන්දේසි විරහිතව පෙනී සිටීම සිව්වනක් පිරිසේම වගකීමක්" - පූජ්‍ය උලපනේ සුමංගල හිමි

වත්මන් රජය විසින් අත්තනෝමතික ලෙස පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව ගනු ලැබූ ක්‍රියාමාර්ග තරයේ හෙළා දකින බව පූජ්‍ය උලපනේ සුමංගල හිමියෝ පවසති.

භික්ෂුවකගේ සිවුර ඉවත් කිරීම බන්ධනාගාර නීතිය අනුව කළ නොහැකියි.. තීරණය ගත යුත්තේ මහනාහිමිවරුන්.. - දයාසිරි කියයි

බෞද්ධ භික්ෂූන් වහන්සේ නමකගේ සිවුර ඉවත් කිරීමේ ක්‍රියාවලිය බන්ධනාගාරයේ පවතින නීති රෙගුලාසි මත පමණක් සිදු කළ නොහැකි බවත්, ඒ සම්බන්ධයෙන් තීරණය කිරීමේ පූර්ණ බලය මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා සතු බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අවධාරණය කරයි.

ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..

සිරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සහ භික්ෂු ශාසනික අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම අරමුණු කරගනිමින් මහා සංඝරත්නයේ සහභාගීත්වයෙන් "සිවුරට යුක්තිය - ජාතික අධිෂ්ඨාන පූජාව" සහ "නිදහසේ පාද යාත්‍රාව" අද (10) උදෑසන මහනුවර ශ්‍රී දළදා මාලිඟාව අබියසින් ආරම්භ විය.

ඥානසාර හිමියන් වෙනුවෙන් දළදා මාලිගාව අභියස ඇරඹුණු අධිෂ්ඨාන සත්‍යක්‍රියාව..

පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ නිදහස සහ සිවුර ආරක්ෂා කරගැනීම වෙනුවෙන් වන අරගලයේ පළමු පියවර අද (10) මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ මහ මළුවෙන් ආරම්භ කර තිබේ.

නාඋයන ආරණ්‍ය සේනාසනයේ භාවනා කුටි සම්බන්ධ ගැටළුව ගැන පූජ්‍ය අගුල්ගමුවේ අරියනන්ද හිමියන්ගෙන් විශේෂ ප්‍රකාශයක්..

මීට පෙර මතු වී තිබූ නාඋයන ආරන්‍ය සේනාසනයේ භාවනා කුටි ඉවත් කිරීමේ සහ සේනාසන බලපත්‍රයට අදාළ ගැටළුව සාකච්ඡා මාර්ගයෙන් සම්පූර්ණයෙන් නිරවුල් කර ගෙන ඇති බව වාර්තා වේ.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.