News Category
From Date
To Date
Maximum Number of Result

ජනාධිපතිවරණය සඳහා සියලු කටයුතු මේ වනවිට සුදානම් බව දිස්ත්‍රික් තේරීම්භාර නිළධාරීහු පවසති.

නිලධාරින් හා අනෙකුත් අවශ්‍යතා සම්පූර්ණ වූ පසු ප.ව. 7ට පමණ ඡන්ද ගණන්කිරීමේ මධ්‍යස්ථානවල ගණන්කිරීම් කටයුතු ආරම්භ කරන බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා පවසයි.

ශ්‍රී ලංකාව සහ චීනය අතර ද්විපාර්ශ්වික සබඳතාවල දීප්තිමත් අනාගතයක් සනිටුහන් කරනු ඇතැයි චීනය විශ්වාස කරයි.

මෙරට 09 වන විධායක ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම සඳහා පවත්වනු ලබන ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අනිද්දා පැවැත්වීමට නියමිතව තිබේ.

ශ්‍රී ලංකා රේගුවට රුපියල් ට්‍රිලියන 1.1ක හිඟ බදු මුදලක් ඇති බව ජාතික ජන බලවේගය පක්ෂයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පෞද්ගලික රූපවාහිනී ආයතනයක පැවති වැඩසටහනකට සහභාගි වෙමින් සඳහන් කර තිබේ.

2022 වර්ෂයේ මාර්තු මාසයේ සිට ලැට්වියා රාජ්‍යයේ රීගා වරායේ අවහිර කර ඇති ශ්‍රී ලංකාවට යැවීමට ගෙන ආ රුසියානු පොටෑෂ් පොහොර තොගයක් සහිත නෞකාව එම වරායේ සිරකර තැබීම සාධාරණීයකරණය කිරීමට නවදිල්ලියේ ලැට්වියානු රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩලය ගත් අකාරුණික උත්සාහය පිළිබඳව කොළඹ රුසියානු තානාපති කාර්යාලයෙන් නිවේදනයක් නිකුත් කර තිබේ.

ජනාධිපතිවරණයේ ආරක්ෂාව සහ අනෙකුත් රාජකාරි සඳහා පොලිස් නිලධාරීන් හැට දහසක් (60,000) යොදා ගැනීමට බලාපොරොත්තු වන බව නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණතිලක මහතා පවසයි.

අප රටේ මැතිවරණ වලට ඉදිරිපත්වන පක්ෂ සහ අපේක්ෂකයන් තම ජයග්‍රහණය තහවුරු කර ගැනීම පිණිස විවිධ කුට උපක්‍රම භාවිත කරති. ඒ අතරින් මෙතෙක් පැවැති මැතිවරණ වලදී ජ්‍යෝතිෂ්‍යකරුවන්ගේ අනාවැකි ප්‍රබල බලපෑමක් සමාජය කෙරෙහි එල්ල කළහ. එම ජ්‍යෝතිෂ්‍යකරුවන් කුමන හෝ පක්ෂයක එසේ නැතිනම් කුමන හෝ පුද්ගලයෙකුගේ අතකොලුවක් බව පසුව ඔප්පු වුණි. හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මෙම විෂයේ කෙළ පැමිණියෙකි. එසේ වුවද එක්තරා ඇස් නොපෙනෙන ජ්‍යෝතිෂ්‍යකරුවෙකු කාගේ අතකොලුවක්දැයි පොදු මහජනයාට වටහා ගැනීමට නොහැකිතරම් සුක්ෂම ලෙස තම සේවය තම හාම්පුතා වෙනුවෙන් ඉටු කරණු ලැබුවේය. එහෙත් ඔහු හෝ අනෙකුත් ජ්‍යෝතිෂ්‍යකරුවෝ 2024 ජනාධිපතිවරණයේදී කිසිවෙකු වෙනුවෙන් අනාවැකි කීමට ඉදිරිපත් වන බවක් දක්නට නොලැබුණි.

සිරස රූපවාහිනී නාලිකාවේ 'සටන' දේශපාලන වැඩසටහනට සහභාගි වෙමින් ජාතික ජන බලවේගයේ සභික නලින්ද ජයතිස්ස මහතා පසුගිය දිනෙක පැවසුවේ පළාත් සභාවලට ලබාදී තිබෙන බලතල පමණක් ක්‍රියාත්මක කරනවා මිස 13 බලාත්මක කිරීමක් සම්බන්ධයෙන් උතුරේ ජනතාවට නොපැවසූ බවකි.


දේශීය පුවත්

මනසින් මෙහෙයවන්න පුළුවන් යන්ත්‍ර සූත්‍ර ලංකාවට ගේනවා.. - ටී.බී. සරත්

මෙරට කෘෂිකර්මාන්තය නවීන තාක්ෂණයෙන් සන්නද්ධ කිරීම සඳහා මනසින් මෙහෙයවිය හැකි උසස් යන්ත්‍රසූත්‍ර පද්ධති හඳුන්වා දීමට රජය පියවර ගන්නා බව නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් මහතා පවසයි.

ජනපති සමග පැවති නීතිඥ සංගමයේ සාකච්ඡාව අවසන්..

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සඳහාවන යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන්, විශේෂඥයින් සමග පුළුල් සාකච්ඡාවක් පැවැත්වීමෙන් අනතුරුව තීරණයක් ගන්නා ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් සිදුකළ බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති නීතිඥ රජීව් අමරසූරිය මහතා පැවසීය.

ඉරානය ළඟදීම බ්‍රික්ස් (BRICS) නව සංවර්ධන බැංකුවේ සාමාජිකත්වය ලබා ගැනීමට සූදානමින්..

ඉරානය නුදුරේදීම බ්‍රික්ස් (BRICS) සංවිධානයට අයත් නව සංවර්ධන බැංකුවේ (New Development Bank - NDB) පූර්ණ සාමාජිකත්වය ලබා ගැනීමට සූදානමින් සිටින බව ඉරාන මහ බැංකුවේ ප්‍රධානී අබ්දොල්නාසර් හෙම්මති (Abdolnaser Hemmati) ප්‍රකාශ කරයි.

මස්ක්ගේ “චීනයට සංචාරය කරන්න” යන නිර්දේශයෙන් අපහසුතාවට පත්වූයේ කවුද? – Global Times කතුවැකිය

අගෝස්තු 11 වැනිදා එලොන් මස්ක් සමාජ මාධ්‍ය වේදිකාවක් වන X ඔස්සේ මෙසේ ලිවීය: “චීනය විශිෂ්ටයි. මිනිසුන්ට චීනයට සංචාරය කරන ලෙස මම දැඩි ලෙස නිර්දේශ කරනවා.” ඔහුගේ මවද ඉතා ඉක්මනින් ඊට ප්‍රතිචාර දක්වමින් මෙසේ පැවසුවාය:

ජනපතිට යැවූ ලිපියට පිළිතුරු නොලැබීම ගැන මල්වතු මහනාහිමි කනස්සල්ල පළ කරයි..

තෛනිකායික මහනාහිමිවරුන් රටේ පාලකයන්ට විවිධ අවස්ථාවන්හි යම් යම් කරුණු කාරණා සම්බන්ධයෙන් අර්ථයෙන්, ධර්මයෙන් අනුශාසනා කොට වාචිකව මෙන්ම ලිඛිතව දැනුම්දීම, අතීතයේ සිට සිදුකළ දෙයක් බව මල්වතු මහනාහිමියන් පවසා තිබේ.

අසමා රූපණ සරසවියෙන් නවක පාඨමාලා සඳහා අයදුම්පත් කැඳවයි..

ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ ඇගයීමට ලක්වූ නිර්මාණ බිහිකළ අසමා රූපණ සරසවිය මගින් පවත්වනු ලබන නවක පාඨමාලා සඳහා මේ වන විට අයදුම්පත් කැඳවීම ආරම්භ කර තිබේ.

අධිකරණ ඇමති දන්නෙ නෑ කිව්ව මහ නායක හිමිකරුන් ජනාධිපතිට යැවූ ලිපිය මෙන්න..

අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු අධිකරණ පද්ධතියේ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව ඉහළ නැංවීම සඳහා කැබිනට් මණ්ඩලය ගෙන ඇති තීරණය සහ ඊට අදාළ ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ත්‍රෛනිකායික මහා නායක හිමිපාණන් වහන්සේලා විසින් විරෝධය පළකරමින් ජනාධිපතිවරයා වෙත යවන ලද ලිපිය මේ වන විට සමාජ මාධ්‍යයේ සංසරණය වෙයි.

ඉන්දීය අක්ෂි දියර වර්ග එකොළහක් භාවිතයෙන් ඉවතට..

ඉන්දියාවේ ප්‍රමුඛතම ඖෂධ නිෂ්පාදන සමාගමක් වන 'සන් ෆාමා' (Sun Pharma Distributors Ltd) මගින් නිෂ්පාදිත අක්ෂි දියර (Eye Drops) වර්ග 11ක් වෙළඳපොළෙන් වහාම ඉවත් කර ගැනීමට පියවර ගෙන තිබේ.

කිසිඳු රජයක් බන්ධනාගාර ගතකළ අයගේ මානුෂීය ගෞරවය ආරක්ෂාවෙන පරිදි පරීක්ෂණ කටයුතුවලට මුහුණදීමේ තත්ත්වයක් ස්ථාපිත කර නෑ.. මේ රජයත් එහෙමයි.. - නීතිඥ මධුමාලි අල්විස්

අරගල සමයේ සිට මේ දක්වා මෙරට හමුදා බුද්ධි අංශවලට මෙන්ම ත්‍රිවිධ හමුදාවට සහ පොලිසියට අවලාද, අපහාස, ගැරහුම් සිදුකරමින් ඇති පසුබිමක, මේ වන විට යුද්ධය විජයග්‍රාහී ලෙස අවසන් කළ රණවිරුවන් නොයෙකුත් අභියෝගයන්ට ලක්ව ඇති බව නීතිඥ මධුමාලි අල්විස් මහත්මිය පවසයි.

යෝෂිත රාජපක්ෂ CIDයට..

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා මීට සුළු වේලාවකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.