ඉන්දියාවේ අය වැයෙන් ලංකාවට කෝටි 300ක් වෙන් කරයි
2025 වර්ෂය සඳහා ඉන්දීය රජයේ අයවැයෙන් ශ්‍රී ලංකාව සඳහා ඉන්දීය රුපියල් කෝටි 300ක මුදලක් වෙන් කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.
එය ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 1,032ක් පමණ වන බව වාර්තා වෙයි.
ගිය වසරේදී ඉන්දීය අයවැයෙන් ශ්‍රී ලංකාව සඳහා වෙන් කර තිබුණේ ඉන්දීය රුපියල් කෝටි 245කි.
කෙසේ වෙතත් ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණේ ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා මෙවර ඉන්දීය රුපියල් කෝටි 300ක මුදලක් වෙන්කර ඇති බවය.
2025 වර්ෂය සඳහා ඉන්දීය අයවැය ඊයේ (01) එරට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබුණේ මුදල් ඇමතිනි නිර්මලා සීතාරාමන් මහත්මිය විසින්ය.
එම අයවැයෙන් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහා ඉන්දීය රුපියල් කෝටි 20,516ක මුදලක් වෙන් කර ඇති අතර එම මුදලින් විදෙස් රටවල් සඳහා ඉන්දීය රුපියල් කෝටි 5,483ක් වෙන් කර ඇත.
ඉන්දීය අයවැයෙන් විදෙස් රටවල් සඳහා වෙන් කළ වැඩිම මුදල ලෙස දැක් වුණේ ඉන්දීය රුපියල් කෝටි 2,150ක මුදලකි.
එම මුදල වෙන් කර තිබුණේ භූතානය වෙනුවෙන්ය.
ගියවර ඉන්දීය අයවැයෙන් භූතානය වෙනුනෙන් ඉන්දීය රුපියල් කෝටි 2,068ක මුදලක් වෙන්කර තිබූ බව ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් පෙන්වා දුනි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
චීන ශ්‍රී ලංකා සාම්ප්‍රදායික මිත්‍රත්වය ඉදිරියට ගෙන යමින්, දීප්තිමත් අනාගතයක් උදා කරමු!-අභිනවයෙන් පත්වූ ශ්‍රී ලංකාවේ චීන තානාපති ගරු වෙයි හුවාෂියං
දේශපාලන විරුද්ධවාදීන් මර්දනයට රජය නීතියේ ආධිපත්‍යය අවභාවිත කිරීම හෙළා දකිනවා.. - දිනන දකුණ
චීනයෙන් ඇමරිකානු සහ මෙක්සිකානු පිකාන් ආනයන සඳහා සියයට 54.3ක් දක්වා ප්‍රපාතන(Dumping) විරෝධී බදු පැනවේ: MOFCOM
විනිසුරු සේවා දීර්ඝය එකම ගැටලුව කර ගැනීම හාස්‍යට කරුණක්.. - පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි
රුසියාවේ තෙල් පිරිපහදුවකට ඩ්‍රෝන ප්‍රහාරයක්..
NLDB ගොවිපළවල් පෞද්ගලික අංශයට බදු දීමේ තීරණය හකුළා ගන්න.. - කෘෂි අරගල ව්‍යාපාරයෙන් ඇමති ලාල් කාන්තට විවෘත ආයාචනයක්..
"ඉරාන යුද්ධය අනිවාර්යයෙන්ම අවසන් විය යුතුයි... ඇමරිකාව සතු THAAD මිසයිලවලින් 80% ක් සහ පැට්‍රියට් (Patriots) මිසයිලවලින් 65% ක්ම භාවිත කර අවසන්".. - මහාචාර්ය ජෝන් මියර්ෂයිමර්
බෞද්ධ විහාර දේවාලගම් ඒකීය රාජ්‍ය රකින පවුරයි... ඇමති හදන්නේ පන්සලට විරුද්ධව ජනතාව නඩු මගට දාලා පවුර බිඳින්න...! - මතුගම සෙනෙවිගෙන් හිනිදුම සුනිල් සෙනෙවිට පණිවිඩයක්
ට්‍රම්ප්ගේ සාම සැලැසුම නෙතන්යාහු ප්‍රතික්ෂේප කරයි..
ආසියානු අපරාධ කල්ලිවල නව පාරාදීසය ශ්‍රී ලංකාව ද?..
ඉන්දු-ලංකා නිදහස් වෙළඳ ගිවිසුම තර කිරීමට එකඟවේ...
විනිසුරුවන්ගේ විශ්‍රාම වයස සහ ධුර කාලය වෙනස් කරන ව්‍යවස්ථා සංශෝධනයට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් හෙළි කරයි
NLDB ගොවිපළ 32න් 26ක්ම පුද්ගලික සමාගම්වලට!.. විද්වතුන් සහ වෘත්තීය සමිති නිහඬයි..
ජාතික ජනබලවේගයට ලැබුනේ අතීත ජනතා විමුක්ති පෙරමුණට ලැබී තිබුණු වටිනාකම.. බෙදුම්වාදය පරාජය කිරීම වෙනුවෙන් එදා පෙරට ආ ජවිපෙ අද නෑ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
කන්කසන්තුරේ තිස්ස රජමහා විහාරය දෙකට කරමින් මැදින් පාරක්.. අමරපුර නිකායේ දැඩි විරෝධය..
''මේ රටේ ගෝඨාභය මරාදමා හෝ විදේශ මැදිහත් වීමෙන් අන්තර්කාලීන පාලනයක් ගොඩනගන්න හැදුවා.. ආණ්ඩුව පවාදීම් රැසක් මේ වන විට කර අවසන්.." - වෛද්‍ය වසන්ත බණ්ඩාර