News Category
From Date
To Date
Maximum Number of Result

2025 වර්ෂය සඳහා වන රජයේ අයවැය හෙට (17) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා සමඟ තමාට කිසිදු ගැටලුවක් නොමැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. "හර්ෂ සමග මට ප්‍රශ්නයක් නැති බවත් කොළඹ දිස්ත්‍රික් නායකත්වය තබා ගැනීමට මා ගත් තීරණයට එයට කිසිදු සම්බන්ධයක් නොමැති බවත් තම පක්ෂ නායකත්වයට අමතරව සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් නායකත්වය තමාටම තබා ගැනීමට ගත් තීරණය ගැන කතා කරමින්. ඔහු පැවසීය.

අර්බන් සිටිසන් සංවිධානයේ සභාපති ශර්ම්ලා ගෝනවෙල ගරු ජනාධිපති අනුර දිසානායක මහතාට ලිපියක් යොමුකරමින් ඉල්ලා සිටින්නේ ඇමරිකානු ආධාර සංවිධානයේන් මුදල් ලබා ගත් සියලු ජනතා නියෝජිතයන්, මාධ්‍යවේදීන්, ආයතන, සංවිධාන නම් ලැයිස්තුව ප්‍රසිද්ධ කරන ලෙසටත්, අප රටේ හර පද්ධතියට හා සමාජ සම්මතයන්ට ගරු නොකරන ඊට එරෙහිව කටයුතු කරන අග්‍රාමාත්‍ය තුමිය තව දුරටත් එම තනතුරේ ක්‍රියා කිරීමට නුසුදුසු බවත්ය. එම සම්පූර්ණ ලිපිය පහතින්

එරන්ද ගිනිගේ මහතා තම බ්ලොග් අඩවියට ලිපියක් යොමුකරමින් පවසන්නේ USAID සංවිධානය විසින් ලෝකයේ බොහෝ රටවලට මෙන්ම කෝටි 240ක් වියදම් කර ශ්‍රී ලංකාවේද ආණ්ඩු පෙරළියට මඟ පැදූ බවත් ඊට එරෙහිව විරෝධය දැක්වූයේ දේශපාලන පක්ෂ නොව රටේ සිටින දේශප්‍රේමීන් බවත්ය. එම විරෝධය හුදෙක් පොහොට්ටුවේ ක්‍රියාවක් බවට චුලී චංග් කල්පනා කළ නිසාදෝ පොහොට්ටු කාර්යාලයට ගොස් සමාව ඉල්ලා ඇති මුත් එම විරෝධය සංවිධානය කළේ පොහොට්ටුව නොවන බව ඔහු පවසයි. එමෙන්ම ඉදිරියේදී ද එවැනි විරෝධතා සංවිධානය කරනු ලබන්නේ පොහොට්ටුව නොවන බවද ඔහු පවසයි. එමගින් ඔහු අදහස් කරනු ලබන්නේ ඉදිරියේදී ඇමෙරිකානු මැදිහත්වීම්වලට එරෙහි විරෝධතා දැඩි වන බවත් එවැනි විරෝධතා සංවිධානය කරනු ලබන්නේ දේශපාලන පක්ෂ නොව රටේ දේශප්‍රේමීන් බවය.

යාපනයේ තිස්ස රජ මහා විහාරය කඩා බිඳ දමන බවට තර්ජනය කිරීම සම්බන්ධයෙන් ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂයේ නායක එස්. ශ්‍රීදරන් මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගත යුතු බව විශ්‍රාමික ජෙනරාල් ජගත් ඩයස් මහතා පවසයි. මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇති බවත් රජය මෙවැනි තත්වයන් නොසලකා හැරිය හොත් ප්‍රචණ්ඩත්වයට අනුබල දීමක් සිදුවන බවත් මෙවැනි තත්වයකදී ක්ෂණිකව හා තීරණාත්මක ලෙස ක්‍රියා කිරීමට අපොහොසත් වුවහොත් මෙවැනි ක්‍රියාමාර්ග වලට දිගින් දිගටම ආණ්ඩුවට මුහුණ දීමට සිදුවනු ඇති බවත් ජගත් ඩයස් මහතා වැඩිදුරටත් පැවසීය.

මේ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පසුගියදා ජාතික පුවත්පතකට '' රටට අවශ්‍ය කෘෂිකර්ම ජාතික ප්‍රතිපත්තිය කෙසේ විය යුතුද මාතෘකාව සහිතව පළවූ ලිපියකි. එහි ඇති කාලීන වැදගත්කම සලකා අප මෙසේ එය පලකරන්නෙමු.

ශ්‍රී ලංකාවේ USAID අරමුදල් සම්බන්ධයෙන් මතභේදාත්මක තත්ත්වයක් මතුව ඇති අතර, ඒ සම්බන්ධයෙන් රජය ජාතික රාජ්‍ය නොවන සංවිධාන ලේකම් කාර්යාලයෙන් වාර්තාවක් ඉල්ලා ඇති බව අමාත්‍යවරයෙක් ඊයේ ප්‍රකාශ කළේය.

USAID මගින් මුදල් ආධාර ලබා දුන්නේ කාටද කුමන සංවිධාන වලටද කුමන පුද්ගලයින්ටද යන්න සොයා බැලීම සදහා තේරිම් කාරක සභාවක් පත්කිරීමට කථානායක වරයාට තමන් ලිපියක් බාරදුන් බවත් කඩිනමින් මේ තේරීම් කාරක සභාව පත්කර USAID මගින් ආධාර ලබාදුන්නේ කාටද යන්න බලාගත හැකි බවත් පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇමරිකා තානාපතිනිය ජුලී චන්ග් මහත්මිය මුණ ගැසී පැවසීය.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත සමස්තයක් ලෙස හෝ එහි යම් විධිවිධානයන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධානවලට අනනුකූල නොවන බැවින් එය පාර්ලිමේන්තුවේ බහුතර ඡන්දයකින් සම්මත කළ හැකි බව ශේෂ්ඨාධිකරණය දැනුම්දී තිබේ.


දේශීය පුවත්

ජනපති අනුරගේ නිකවැරටියේ රැස්වීම මහා සංඝරත්නය වර්ජනය කළාද?

නිකවැරටිය ප්‍රදේශයේදී පැවති ජනාධිපතිවරයාගේ ජනතා රැලිය ප්‍රදේශයේ මහා සංඝරත්නය විසින් වර්ජනය කර ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ තොරතුරු සංසරණය වෙමින් පවතී.

අනුරාධපුර පූජා නගරය ගොඩනැගීමට ඉන්දියාවෙන් විශාල ආධාරයක් ලැබෙනවා.. - ජනපති ඉබ්බාගමුවේදී පවසයි

අනුරාධපුර පූජා නගරය ගොඩනැගීම සඳහා විශාල ආධාර මුදලක් ඉදිරියේදී ඉන්දියානු රජයෙන් ලැබීමට නියමිත බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසයි.

කැරපොතු පක්ෂයේ ලොක්කා නිදහස් කරන්න ඉන්දීය අධිකරණයෙන් නියෝග..

කැරපොතු පක්ෂය හෙවත් ඉන්දියාවේ කොක්‍රෝච් ජනතා පක්ෂයේ නායක අභිජීත් දිප්කේ ඇතුළු නායකයින් තුන්දෙනෙකු නිදහස් කිරීමට අධිකරණය නියෝග කර තිබේ.

නිකායික නිර්දේශ මත චීවරය සහිතව බන්ධනාගාරගත හික්ෂූන් බැහැරට ගෙනයාමට නව නීති සකස් කරයි..

සිරගත වන භික්ෂූන් වහන්සේලා සම්බන්ධයෙන් අදාළ නිකායේ හෝ පාර්ශ්වයේ නිර්දේශය මත චීවරය සහිතව බැහැරට ගෙනයාමට කටයුතු සැලැස්වීම සඳහා නව රෙගුලාසි සහ නිත්‍ය නියෝග සකස් කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

අස්වැසුම වංචාව: නෝර්වුඩ් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පිරිසක් වරද පිළිගනිති..

නෝර්වුඩ් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවකයන් පිරිසක් විසින් 'අස්වැසුම' සුභසාධක ප්‍රතිලාභ මුදල් වංචනික ලෙස තමන්ගේ සහ ඥාතීන්ගේ නමින් ලබාගෙන ඇති බවට අනාවරණය වී තිබේ.

කැමති මිලකට ඉන්ධන විකුණන්නැයි බලශක්ති ඇමති තෙල් සමාගම්වලට දැනුම් දෙයි..

පෞද්ගලික ඉන්ධන සමාගම් ඉන්ධන සැපයුම සීමා කරමින් පාරිභෝගික ජනතාව අපහසුතාවට පත් කිරීමට කටයුතු කරන්නේ නම්, ඔවුන්ට එරෙහිව නීත්‍යානුකූල පියවර ගැනීමට පසුබට නොවන බව බලශක්ති අමාත්‍ය අනුර කරැණාතිලක මහතා අවධාරණය කරයි.

ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව කැකිරාවේදී මහ සංඝරත්නයෙන් විරෝධතාවක්..

බන්ධනාගාරගත කර සිටින ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ගලවා ඉවත් කර ගිහි ඇඳුමෙන් අධිකරණයට ඉදිරිපත් කිරීමේ සිද්ධියට විරෝධය පාමින් කැකිරාව නගරයේදී මහ සංඝරත්නය එක්ව විරෝධතා පාගමනක නිරත වී තිබේ.

මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..

මාලිමාවට රැවටී තමන් වහන්සේද මාලිමාවට ඡන්දය දුන් බවත්, රට හදනවා කියා, උගන්ඩාවේ සල්ලි ගේනවා කියා, දූෂණ වංචා නොකරනවා කියා, ජනතාවට නැති කිසිවක් අපිට එපා කියා, ජනතාව අන්දවා ඡන්දය ගත් හැටි අද හොඳින් අවබෝධවී ඇති බවත් මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමියෝ පවසති.

ශ්‍රී ලංකා ආර්ථික වර්ධනය තවදුරටත් මන්දගාමී වේ.. – ලෝක බැංකුවෙන් අනාවරණයක්

ශ්‍රී ලංකා ආර්ථිකයේ වර්ධනය ඉදිරියේ දී තවදුරටත් අඩු (මන්දගාමී) වනු ඇතැයි ලෝක බැංකුව පවසයි. මේ අනුව ලෝක බැංකුවේ නවතම පුරෝකථනවල දැක්වෙන්නේ ගිය වසරේ (2025) සියයට 5 ක් වූ ආර්ථික වර්ධනය මේ වසරේ (2026) දී සියයට 4.4 ක් දක්වා අඩු වනු ඇති බවයි.

© 2024 Lanka Leader.  All Rights Reserved. | 
Powered By Smart eCampaign.