GSP+ රැකගන්න ත්‍රස්තවාදය වළකන පනත ඉක්මණින් හකුළයි
යුරෝපා සංගමයෙන් ශ්‍රී ලංකා අපනයන සඳහා ලබා දී ඇති GSP+ බදු සහනය දීර්ඝ කර ගැනීමේ අරමුණින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත කඩිනමින් අහෝසි කිරීමට රජය පියවර ගෙන තිබේ.
මෙම බදු සහනය ලබා දීම පිළිබඳව සමාලෝචනය කිරීමට ලබන මැයි මස යුරෝපා සංගමයේ කණ්ඩායමක් මෙරටට පැමිණීමට නියමිත අතර ඔවුන් මේ සඳහා ලබා දී ඇති ප්‍රධානපෙළේ කොන්දේසියක් ලෙස සඳහන් වන්නේ, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සංශෝධනයට ලක් කිරීම හෝ අහෝසි කිරීමයි.
එහිදී ශ්‍රී ලංකාව පාර්ශ්වයෙන් අපනයන විවිධාංගීකරණය GSP + සහනය ලබා ගැනීම පිළිබඳ ඔවුන් සමග සාකච්ඡා කිරීමට නියමිත බව ‘ඉරිදා මව්බිම’ කළ විමසීමකදී ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මේ බව පැවසීය.
නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ, රටේ ත්‍රස්තවාදී ක්‍රියාවක් හෝ යම් ගැටලුවක් ඇති නොවී මානව අයිතිවාසිකම් ආරක්ෂා වීම මෙරට තුළ සිදුවිය යුතු බවට වන රජයේ පිළිගැනීම යුරෝපා සංගමය ද බලාපොරොත්තුවෙන් සිටින අතර එවැනි තත්ත්වයක් රට තුළ ස්ථාපිත කළහොත් gsp + සහනය අපට ඉදිරියට ම පවත්වාගෙන යෑමට එම සංගමයේ සහාය හිමි වන බව ය.
මෙම සියලු කරුණු සැලකිල්ලට ගනිමින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත රජය විසින් කඩනමින් අහෝසි කරනු ලැබීමට නියමිතව තිබේ.
විශේෂයෙන් ම පසුගිය රජයන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ජනතාව මර්දනය කරමින් සිය දේශපාලන වුවමනාවන් ඉටුකර ගැනීමට මෙම පනත භාවිත කිරීම යුරෝපා සංගමයේ දැඩි අප්‍රසාදයට හේතු වී තිබේ.
ඒ අනුව, මෙම පනත පිළිබඳව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාරගෙන් විමසූ විට ඔහු ප්‍රකාශ කළේ, මෙම පනත කඩිනමින් අහෝසි කිරීමට රජය කටයුතු කිරීමට සූදානමින් සිටින බව ය.
අධිකරණ අමාත්‍යවරයා පැවසුවේ, මෙම පනත පිළිබඳ මහජන අදහස් සිවිල් සංවිධාන ඇතුළු සංවිධාන රැසකගේ අදහස් මේ වන විටත් විශාල ප්‍රමාණයක් ලබාගෙන ඇති අතර ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත පිළිබඳව නැවත මුල සිට සමීක්ෂණය කළ යුතු නැති බැවින් එය කඩිනමින් අහෝසි කිරීමට සූදානම් බව ය.
ඒ අනුව, එම පනත අහෝසි කිරීමට පෙර මෙරට මානව හිමිකම් ආරක්ෂා වීම ගෝලීය ත්‍රස්තවාදය වැළැක්වීමට මුහුණ දීම, නීතියේ විධානය ආධිපත්‍යය සුරැකීම වෙනුවෙන් නීතිමය රාමුවක් සැකසීම අවශ්‍ය බව ත් එය ද කඩිනමින් සිදුකරන බව ත් අමාත්‍යවරයා වැඩිදුර ත් පෙන්වා දුන්නේ ය.
-මව්බිම-
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..
රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි
2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..
ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..
බටහිර ද්විත්ව ප්‍රමිතිය හෙළි කළ ජාත්‍යන්තර නාටකය: ICC තහංචි සහ නවනීදන් පිල්ලේට නොබෙල් හිමිවීම..
බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටයෙන් බොල්සොනාරෝ පුත්‍රයාට ජයක්.. – බ්‍රසීල දේශපාලනයේ නව හැරවුමක්?
ඊශ්‍රායලය අභ්‍යන්තරයේ සිවිල් යුද්ධයක අවදානමක්.. – ආචාර්ය ජගත් චන්ද්‍රවංශ හෙළිකරයි..
බෞද්ධ වෙහෙර විහාර ආශ්‍රිත පූජාභූමි වලට වෙනත් ආගමික ස්ථාන ඇතුළු කිරීමේ මෙහෙයුමක්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ අනාවරණයක්..
ඥානසාර හිමි ගැන ජනපතිගේ සාකච්ඡාවට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රි ධර්ම මහා සංඝ සභාව කැඳවා නොතිබීම ගැන කොටපිටියේ රාහුල හිමියන්ගෙන් චෝදනා..
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි