
ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්න විධායකයට බැහැ ... ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ. හිටපු ආණ්ඩුකාරවරුන්ගෙන් ප්‍රකාශයක්
ආණ්ඩුවේ නොවන දේශපාලන පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් විසින් ජයග්‍රහණය කරනු ලබන මහ නගර සභාවකට, නගර සභාවකට, ප්‍රාදේශීය සභාවකට අරමුදල් අහිමි කරන්නට රජයට හැකියාවක් නැති බව හිටපු පළාත් ආණ්ඩුකාරවරු තිදෙනෙක් අවධාරණය කරති.
රජිත් කීර්ති තෙන්නකෝන්, ජනාධිපති නීතිඥ මෛත්‍රී ගුණරත්න සහ අසාද් සාලි යන හිටපු පළාත් ආණ්ඩුකාරවරු ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් පවසන්නේ ජනාධිපතිවරයාට, ඇමති මණ්ඩලයට හෝ ආණ්ඩුකාරයකුට පළාත් පාලන ආයතනයකට හිමි ආදායම් අහිමි කිරීම සඳහා කිසිදු අභිමත බලයක් නැති බව ද පවසති.
රජයේ පක්ෂය හැර වෙනත් පක්ෂ කණ්ඩායම් ජයග්‍රහණය කළහොත් එම පළාත් පාලන ආයතනවලට ප්‍රතිපාදන ලබා නොදෙන බවට ජනාධිපතිවරයා මැතිවරණ වේදිකාවලදී සිදුකළ ප්‍රකාශයන්ට ප්‍රතිචාර දක්වමින් එම ආණ්ඩුකාරවරුන් නිකුත් කළ නිවේදනයේ මෙසේ ද සඳහන් වේ.
“ජනාධිපතිවරයා හෝ වෙනත් අයෙකු ‘ගමේ බලය නම් ඉල්ලන සල්ලි ඇස් පියාගෙන එවන්නම්, බලය වෙන අය අතේ නම් 10 පාරක්වත් හොයලා බලනවා’ යැයි ප්‍රකාශ කිරීම තනිකරම දේශපාලන බලහත්කාරයකි. මන්නාරමේ පැවති ජන රැලියකදී දෙවැනි වරට ද මෙම ප්‍රකාශය සිදුකර ඇත. එය ඡන්ද දූෂණයකි. ජනතාව නොමඟ යැවීමකි. එමෙන් ම කිසිදු පදනමක් නැති ප්‍රකාශයකි.
ජනතා ඡන්දයෙන් තේරී පත්කරගනු ලබන දේශපාලන පක්ෂ, කණ්ඩායම්වලට පළාත් ආණ්ඩුකරණයේ නිදහස පැවැතිය යුතු ය. විපක්ෂයේ සිටියදී පෙනී සිටි ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් බලයට පත්වීමෙන් පසුව විනාශ කර ගැනීමට ආණ්ඩුවට හැකියාවක් නැත. ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ අණ පනත් මඟින් ලබාදී ඇති වගකීම් ඉටු කිරීමට බැඳී සිටී. ඡන්ද බලහත්කාරය විධායක අයිතියක් නොවේ.
බහුතරයක් පළාත් පාලන ආයතනයන් වෙත රජයෙන් ලැබී ඇත්තේ වැටුප් ගෙවීම සඳහා වන ප්‍රතිපාදන පමණි. සේවක වැටුප් නැවැත්වීමේ බලයක් විධායකයට හෝ රාජ්‍ය නිලධාරීන් වෙත නැත. විධායකය හා මහා භාණ්ඩාගාරයට ලැබෙන මුදල් සැලකිය යුතු ප්‍රමාණයක් පළාත් පාලන ආයතන මඟින් උත්පාදනය කරන ආදායම් වේ.
පළාත් පාලන ආයතනයන්ට ස්වයං උත්පාදන ආදායම් හා අයකර ගත හැකි ගාස්තු ලබාගත හැකිය. මහ නගර සභා විශාල ප්‍රමාණයකට සහ නගර සභා හා ප්‍රාදේශීය සභා යම් ප්‍රමාණයකට ස්වයං උත්පාදන ආදායමෙන් යැපෙන්නට හැකිය.
පළාත් පාලන ආයතනවලට අය කරගත හැකි මුද්දර ගාස්තු ආදී ගාස්තු එම පනත්වලින්ම ව්‍යවස්ථාපිතව ඇත. මහ නගර සභා ආඥා පනතේ දෙවන උපලේඛනය, නගර සභා ආඥා පනතේ පස්වන උපලේඛනය, ප්‍රාදේශීය සභා පනතේ පළමු හා දෙවැනි උපලේඛනවල ඒවා නීතිගත කර තිබේ.
එම මූලික නීතියට අනුව පළාත් පාලන ආයතනයන්ට හිමි මුදල් අවහිර කළ නොහැකිය. තවද, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දහතුන්වැනි සංශෝධනයේ 9 උපලේඛනයේ 4.3 වගන්තිය අනුවද මේ බලය අහිමි කරන්න පළාත් සභාවටත් නොහැකිය.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ජවිපෙ අත්හැරපු ඉන්දියන් විරෝධී සටන විජේවීරගේ පුතා අතට ගනී.. (වීඩියෝ)
අනුර - මෝදි ගිවිසුම්වලින් රටේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකියි - වෛද්‍ය අනුලා විජේසුන්දර (වීඩියෝ)
අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට සහ ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනියි... ජනාධිපති ලේකම් වගකීම් පැහැරහැරියා - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් චෝදනා (වීඩියෝ)
අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට මහජන පෙත්සම භාර දුන් අවස්ථාව (වීඩියෝ)
ආණ්ඩුව ඉන්දියාව සමග ගිවිසුම් අත්සන් කර ඇත්තේ රටේ ස්වාධීනත්වයට, නීතියට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි ලෙසයි - නීතිඥ මධුමාලි අල්විස් (වීඩියෝ)
ඉන්දියාව සමග ආණ්ඩුව අත්සන් කළ ගිවිසුම් නීති විරෝධීයි.. ඒ ගිවිසුම්වලින් රටේ ස්වෛරීත්වය පාවා දීලා - ආචාර්ය ගුණදාස අමරසේකර (වීඩියෝ)
ඉන්දියාවත් එක්ක ගැසූ හොර ගිවිසුම් ගැන කරුණු කියන්න ජනපති ලේකම් කාර්යාලයට ගිය ජාතික සංවිධාන නියෝජිතයන්ට කුඩම්මාගේ සැලකිලි..
අනුර සමග හොර ගිවිසුම් අත්සන් කිරීමට විරෝධය දක්වා ජාතික සංවිධාන විසින් ඉන්දීය මහාකොමරිස් කාර්යාලයට පෙත්සමක් භාරදෙයි..
ඉන්දියාව අසල්වාසී රාජ්‍යයක් මිස ලොකු අයියා නොවෙයි.. ඉන්දියාවේ උපකාර පිටුපස සැඟවුණු යටි අරමුණු වටහාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි (වීඩියෝ)
ගිවිසුම් 7ක් මගින් ලංකාව යටත් කර ඉන්දියානු ව්‍යාප්තවාදයේ ගොදුරක් බවට පත් කිරීමේ ඉන්දියානු මෙහෙයුම මේ මොහොතේ නිවැරදිව හඳුනාගත යුතුයි - මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි (වීඩියෝ)
ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් ක්‍රියාත්මක වීමේදී රටට විශාල වන්දියක් ගෙවීමට සිදුවේවි... අනුර වටේ ඉන්න පාර වරද්දන උපදේශකයන්ගේ කෙරුවාව මෙන්න (වීඩියෝ)
ලෝක කම්කරු දිනය අදයි..
රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම්වලට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තබති.. (ඡායාරූප)
රට අනතුරේ හෙලමින් ඉන්දීය අගමැති මෝදි, ජනපති අනුරගේ අත අඹරා අත්සන් කළ ගිවිසුම් 7ට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර පෙත්සමක් අත්සන් තැබීම අද..
මැතිවරණ කොමසාරිස් ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්ම නොදන්නා උද්දච්ච පුද්ගලයෙක්: තනතුරට සුදුසු නැහැ - ජාතික සංවිධාන කියයි
පාකිස්තානයකට එරෙහි ප්‍රහාරයකට මෝදි අවසර දෙයි..
