News Category
From Date
To Date
Maximum Number of Result

එක්සත් ජනපද රජයේ අරමුදල් මධ්‍යම රාත්‍රියේදී කල් ඉකුත් වීම හේතුවෙන් බදාදා දින රජය වසා දැමීම සිදු විය. ෆෙඩරල් දෙපාර්තමේන්තු සඳහා අරමුදල් දීර්ඝ කිරීමේ සැලැස්මට සහය දීම කොංග්‍රස් ඩිමොක්‍රටිකයින් විසින් ප්‍රතික්ෂේප කිරීම මෙම තත්ත්වයට හේතු වූ අතර, ඔවුන් එමඟින් සෞඛ්‍ය සේවා කේන්ද්‍ර කර ගත් සහන මාලාවක් දිනා ගැනීමට උත්සාහ කළහ.

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් දැනටමත් රුසියාව තුළ යුක්රේන දිගු දුර ප්‍රහාර අනුමත කර තිබිය හැකි බව විශේෂ නියෝජිත කීත් කෙලොග් පසුගිය 28 වනදා ෆොක්ස් නිවුස් සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී පැවසීය.

ලිබියානු නායක මුවම්මර් ගඩාෆිගෙන් මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා අරමුදල් ලබා ගැනීමේ චෝදනවා විභාග කළ පැරිස් අධිකරණයක් විසින් අපරාධ කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් වරදකරු බව තීරණය කිරීමෙන් පසු හිටපු ප්‍රංශ ජනාධිපති නිකොලස් සාකෝසිට වසර පහක සිර දඬුවමක් නියම කර තිබේ. නූතන ප්‍රංශ ඉතිහාසයේ හිටපු රාජ්‍ය නායකයෙකු සිරගත කරන ලද පළමු අවස්ථාව මෙය බව දේශපාලන විචාරකයෝ පවසති.

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ කරූර් දිස්ත්‍රික්කයේදී පැවැති ඉන්දීය නළු තලපති විජේගේ දේශපාලන රැලියක ඇතිවූ තෙරපුමකින් මිය ගිය සංඛ්‍යාව මේ වන විට 39 දක්වා ඉහළ ගොස් තිබේ.

වෙනිසියුලාව තුළ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් යැයි පවසන අයට පහර දීම සඳහා එක්සත් ජනපදය “විකල්ප සූදානම් කරමින්” සිටින බව එන්බීසී පුවත් සේවය වාර්තා කරනු ලැබූවේ නම් නොකළ ඇමරිකානු නිලධාරීන් උපුටා දක්වමිනි.

වෙනිසියුලාව තුළ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් යැයි පවසන අයට පහර දීම සඳහා එක්සත් ජනපදය “විකල්ප සූදානම් කරමින්” සිටින බව එන්බීසී පුවත් සේවය වාර්තා කරනු ලැබූවේ නම් නොකළ ඇමරිකානු නිලධාරීන් උපුටා දක්වමිනි.

ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සියේ (IAEA ) අධ්‍යක්ෂ ජනරාල් රෆායෙල් ග්‍රොසි පවසා ඇත්තේ සංවිධානයේ විශ්වසනීයත්වය සහ කාර්යක්ෂමතාව යථා තත්ත්වයට පත් කිරීම සඳහා ඊළඟ එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා වීමට තමා කැමති බවයි.

යුක්රේනයට ණය ලබා දීම සඳහා රඳවා තබාගෙන සිටිඅන රුසියානු මහ බැංකු වත්කම් භාවිතා කිරීම බෙල්ජියම් අගමැති බාර්ට් ඩි වෙවර් තරයේ ප්‍රතික්ෂේප කර ඇති අතර, එය භයානක පූර්වාදර්ශයක් සපයනු ඇති අතර යුරෝපා කලාපයෙන් අරමුදල් පිටතට ගලා යාමක් ඇති කරනු ඇතැයි පැවසීය.

ස්ලෝවැකියාවේ පාර්ලිමේන්තුව ස්ත්‍රී පුරුෂ භාවයන් දෙකක් පමණක් ඇති බව සඳහන් කරන ව්‍යවස්ථා සංශෝධනයක් අනුමත කර ඇතැයි වාර්තා වේ.


ප්‍රධාන පුවත්

ඉන්දු-ලංකා නිදහස් වෙළඳ ගිවිසුම තර කිරීමට එකඟවේ...

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින නිදහස් වෙළඳ ගිවිසුම වර්තමාන අවශ්‍යතාවන්ට ගැලපෙන පරිදි යාවත්කාලීන කිරීම සඳහා දෙරටේම නියෝජිතයන්ගෙන් සමන්විත ඒකාබද්ධ ක්‍රියාකාරී කණ්ඩායමක් පිහිටුවීමට එකඟතාව පළ වී තිබේ.

විනිසුරුවන්ගේ විශ්‍රාම වයස සහ ධුර කාලය වෙනස් කරන ව්‍යවස්ථා සංශෝධනයට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් හෙළි කරයි

ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම ගන්නා වයස සහ ධුර කාලය වෙනස් කිරීම සඳහා වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් පාර්ලිමේන්තු අනුමැතියෙන් පමණක් සිදු කළ නොහැකි බවත්, ඒ සඳහා ජනමත විචාරණයක් පවත්වා මහජන අනුමැතිය ලබා ගැනීම අවශ්‍ය වන බවත් හෙළි වී තිබේ.

NLDB ගොවිපළ 32න් 26ක්ම පුද්ගලික සමාගම්වලට!.. විද්වතුන් සහ වෘත්තීය සමිති නිහඬයි..

ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට (NLDB) අයත් අක්කර දහස් ගණනක භූමි ප්‍රමාණයකින් යුත් ගොවිපළ 32න් 26ක් වසර 30ක කාලයක් සඳහා පෞද්ගලික සමාගම් 7ක් වෙත බදු දීමට රජය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් කෘෂිකාර්මික හා පශු වෛද්‍ය ක්ෂේත්‍රය තුළ දැඩි සංවාදයක් සහ විරෝධයක් නිර්මාණය වී තිබේ.

ජාතික ජනබලවේගයට ලැබුනේ අතීත ජනතා විමුක්ති පෙරමුණට ලැබී තිබුණු වටිනාකම.. බෙදුම්වාදය පරාජය කිරීම වෙනුවෙන් එදා පෙරට ආ ජවිපෙ අද නෑ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ජාතික ජන බලෙව්ගයට ලැබී ඇත්තේ අතීතයේ ජනතා විමුක්ති පෙරමුණට ලැබී තිබූ වටිනාකම බවත්, මේ සිදුවෙමින් පවතින ක්‍රියාවලිය දෙස බැලීමෙදී අතීතයේ ජනතා විමුක්ති පෙරමුණ ගොඩනැගීමට උරදුන් පුද්ගලයකු ලෙස තමන් ඉතාමත් කණගාටුවට පත්වන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

කන්කසන්තුරේ තිස්ස රජමහා විහාරය දෙකට කරමින් මැදින් පාරක්.. අමරපුර නිකායේ දැඩි විරෝධය..

කන්කසන්තුරේ පිහිටි ඓතිහාසික තිස්ස රජමහා විහාර භූමිය දෙකඩ කරමින් බලහත්කාරයෙන් මාර්ගයක් ඉදිකිරීමට වලිකාමම් උතුර ප්‍රාදේශීය සභාව දරන උත්සාහයට ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ ශ්‍රී කල්‍යාණිවංශ පාර්ශ්වය සිය බලවත් විරෝධය පළ කර සිටියි.

''මේ රටේ ගෝඨාභය මරාදමා හෝ විදේශ මැදිහත් වීමෙන් අන්තර්කාලීන පාලනයක් ගොඩනගන්න හැදුවා.. ආණ්ඩුව පවාදීම් රැසක් මේ වන විට කර අවසන්.." - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා මරාදමා හෝ විදේශ මැදිහත්වීමකින් අන්තර්කාලීන පාලනයක් ගොඩ නැගීමට උත්සාහ දැරූ බවත්, ඒ බවට සාක්ෂි ඇති බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

සම්බුද්ධ ශාසනයේ ප්‍රධාන අංගයක් වන පෙරහැර විකාරයක් බව අගමැතිනිය කියන්නේ කොහොමද?.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

සම්බුද්ධ ශාසනයේ සහ මෙරට සංස්කෘතියේ ප්‍රධාන අංගයක් වන පෙරහැර මංගල්‍යය විකාරයක් ලෙස අගමැතිනිය විසින් හඳුන්වන්නේ කෙසේදැයි දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ප්‍රශ්න කරයි.

සවුදිය, තුර්කිය සහ පාකිස්ථානය 'නේටෝ' වැනි යුද සංවිධානයකට අවතීර්ණ වෙයි.. 'මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුම' අත්සන් තබයි..

සවුදි අරාබිය, තුර්කිය සහ පාකිස්ථානය එක්ව NATO ආකෘතියට සමාන අන්‍යෝන්‍ය ආරක්ෂක ගිවිසුමක් වන "මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුමට" (Makkah Joint Defence Agreement) අත්සන් තබා ඇත. සවුදි ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු, තුර්කි ජනාධිපති රෙසෙප් තයියිප් එර්ඩොගන් සහ පාකිස්ථාන අගමැති ෂෙහ්බාස් ෂරීෆ් විසින් අත්සන් කරන ලද මෙම ගිවිසුම මගින්, සාමාජික රටකට එල්ල වන ඕනෑම සන්නද්ධ ප්‍රහාරයක් අනෙක් රටවලටද එල්ල වූ ප්‍රහාරයක් ලෙස සැලකීමට එකඟ වී ඇත.

විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීමට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණය 2022 වසරේදී තීන්දු කරලා..

ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීම සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 2022 වසරේදී තීන්දු කර තිබේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.