ඉරානයට එල්ල වූ ප්‍රහාර ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීමක් බව ස්විස්ටර්ලන්ත ආරක්ෂක අමාත්‍ය කියයි
ඉරානයට එල්ල කරන ලද ප්‍රහාරයන් හරහා අමෙරිකාව සහ ඊශ්‍රායලය ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කර ඇති බව ස්විස්ටර්ලන්ත ආරක්ෂක අමාත්‍ය මාටින් ෆිස්ටර් 'Martin Pfister' පවසයි.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පවසා ඇති බව විදෙස් මාධ්‍ය පවසයි.
"ඉරානයට එල්ල වූ ප්‍රහාරය ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීමක් බව ස්විට්සර්ලන්ත ෆෙඩරල් කවුන්සිලයේ මතයයි," යනුවෙන් ස්විස්ටර්ලන්ත කැබිනට් මණ්ඩලය උපුටා දක්වමින් ෆිස්ටර් එරට පුවත් පතකට පවසා ඇති බව සඳහන් වේ.
සිවිල් වැසියන් ආරක්ෂා කිරීම සඳහා වහාම සටන් නැවැත්වීමට පියවර ගන්නා ලෙස ඔහු සියලු පාර්ශවයන්ගෙන් ඉල්ලා තිබේ.
ඔහු වැඩිදුරටත් අවධාරණය කළේ ප්‍රචණ්ඩත්වය තහනම් කිරීමේ නීතිය කඩ කරන අමෙරිකාව, ඊශ්‍රායලය මෙන්ම ඉරානය ද යන සියලු රටවල් ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කර ඇති බවය.
ස්විස්ටර්ලන්ත ආරක්ෂක අමාත්‍යවරයාගේ මෙම අදහස්වලට සමාන අදහසක් ජර්මානු උප චාන්සලර් සහ මුදල් අමාත්‍ය ලාර්ස් ක්ලින්බයිල් 'Lars Klingbeil' විසින් ද ප්‍රකාශ කර ඇත.
"මෙම යුද්ධයේ නීත්‍යානුකූලභාවය පිළිබඳව මට බරපතළ සැකයක් පවතිනවා. මෙය අපේ යුද්ධයක් නොවෙයි, අපි මීට සහභාගී වන්නේ නැහැ," "නීති රීති නොමැති, ශක්තිවන්තයාගේ නීතිය පමණක් ක්‍රියාත්මක වන ලෝකයක ජීවත් වීමට අපට අවශ්‍ය නැහැ."යනුවෙන් ක්ලින්බයිල් පවසා තිබේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
සියළු සාමණේර හිමිවරුන් අනාගතයේ දී ගලගොඩඅත්තේ කෙනෙකු විය යුතුයි.. - අස්ගිරි අනු නාහිමි
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා