News Category
From Date
To Date
Maximum Number of Result

ඇෆ්ගනිස්ථානයේ ඇති වූ ප්‍රබල භූ කම්පනයෙන් පුද්ගලයින් 600කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ෆැසිස්ට් විරෝධී ජාත්‍යන්තරයේ ඕස්ට්‍රේලියානු පාර්ශවය, ඕස්ට්‍රේලියානු කොමියුනිස්ට් පක්ෂය සමඟ "වෙනිසියුලාවේ මෙන්ම ලතින් ඇමරිකාවේ සහ කැරිබියන් කලාපයේ සාමය සඳහා වූ ලෝක සහයෝගීතා දිනය සැමරීමට" එක්වෙමින් වෙනිසියුලාවේ බොලිවේරියානු ජනරජයේ මිත්‍රශීලී ජනතාවට සහ විශේෂයෙන් ජනාධිපති නිකොලස් මධුරෝ මොරොස් සහෝදරයාට එරෙහිව දකුණු කැරිබියන් මුහුදට පෙර නොවූ විරූ ලෙස හමුදා සහ උපකරණ යැවීමෙන් එක්සත් ජනපද අධිරාජ්‍යය ප්‍රදර්ශනය කරනු ලබන මිලිටරි තර්ජනය තරයේ ප්‍රතික්ෂේප කරන බව පවසයි.

ශැංහයි සහයෝගිතා සංවිධානයේ රාජ්‍ය නායක කවුන්සිලයේ 25 වන සමුළුව අද (01) චීනයේ Tianjin නගරයේ Meijiang සමුළු මධ්‍යස්ථානයේදී චීන ජනපතිගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.

තම වයෝවෘද්ධ මව මරා දමා පසුව සිය දිවි හානි කරගත් yahoo හි සේවය කළ විධායක නිලධාරියෙකුට ඔහු සැලසුම් කළ කුමන්ත්‍රණය පෝෂණය කිරීමට ChatGPT හි උපදෙස් ලබා දී ඇති බව වෝල් ස්ට්‍රීට් ජර්නල් පුවත් පත පසුගිය සතිය මුලදී වාර්තා කළේය.

තම රුසියානු මිතුරා වන ව්ලැඩිමීර් පුටින් සහ යුක්රේන නායක ව්ලැඩිමීර් සෙලෙන්ස්කි සමඟ ත්‍රෛපාර්ශ්වික හමුවක් සිදුවනු ඇතැයි තමන් විශ්වාස කරන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කරයි.

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි අද (31) උදෑසන චීනයේ ටිඇන්ජින් හිදි චීන ජනාධිපති ෂී ජින් පිං හමුවී ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වා තිබේ.

ජපානය සහ බටහිර පැසිෆික් කලාපයේ අනෙකුත් රටවල් සමඟ ඒකාබද්ධ අභ්‍යාස පැවැත්වීමෙන් පසු පසුගිය 28 වනදා බ්‍රිතාන්‍ය නාවික හමුදාවේ ගුවන් යානා ගෙන යා හැකි නෞකාව ජපානයේ නැංගුරම් ලා සිටීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් විමසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්, එක්සත් රාජධානිය පැවසුවේ අදාල නෞකාව නැංගුරම් ලෑම ඊනියා "ඉන්දු-පැසිෆික් කලාපයේ" ආරක්ෂාව සහ සමෘද්ධිය කෙරෙහි එහි අඛණ්ඩ අවධානය සහ කැපවීම ලොවට පෙන්වීම වෙනුවෙන් මෙලෙස කළ බවයි.

දෙවන ලෝක යුද්ධයේදී ජපානය යටත් වීමේ 80 වන සංවත්සරය සහ ජයග්‍රාහී දින සැමරුම සනිටුහන් කරමින් ෂැංහයි සහයෝගිතා සංවිධානයේ (SCO) සමුළුවේ ඉහළ මට්ටමේ සාකච්ඡා සඳහා චීනයේ නිල සංචාරයක යෙදේන රුසියානු ජනාධිපති ව්ලැදිමිර් පුටින් , රුසියාව සහ චීනය, සාධාරණ බහුධ්‍රැව ලෝක පිළිවෙලක් පිළිබඳ "අපගේ දැක්ම තුළ එක්සත්" යැයි පැවසීය.

වෙනිසියුලාවට අයත් මුහුදු කලාපයට ආසන්නයටම අමෙරිකානු හමුදාවට අයත් සබ්මැරීන න්‍යෂ්ඨික අවි ඇතුළු අමෙරිකානු නාවික හමුදාවේ භටයන් විශාල පිරිසක් රඳවා තැබීම කියුබානු විදේශ අමාත්‍යාංශය හෙළා දකිමින් නිවේදනයක් නිකුත් කර ඇත. එම සම්පූර්ණ මාධ්‍ය නිවේදනය පහතින්...


ප්‍රධාන පුවත්

ඉන්දු-ලංකා නිදහස් වෙළඳ ගිවිසුම තර කිරීමට එකඟවේ...

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පවතින නිදහස් වෙළඳ ගිවිසුම වර්තමාන අවශ්‍යතාවන්ට ගැලපෙන පරිදි යාවත්කාලීන කිරීම සඳහා දෙරටේම නියෝජිතයන්ගෙන් සමන්විත ඒකාබද්ධ ක්‍රියාකාරී කණ්ඩායමක් පිහිටුවීමට එකඟතාව පළ වී තිබේ.

විනිසුරුවන්ගේ විශ්‍රාම වයස සහ ධුර කාලය වෙනස් කරන ව්‍යවස්ථා සංශෝධනයට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් හෙළි කරයි

ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අභියාචනාධිකරණයේ විනිශ්චයකාරවරුන්ගේ විශ්‍රාම ගන්නා වයස සහ ධුර කාලය වෙනස් කිරීම සඳහා වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් පාර්ලිමේන්තු අනුමැතියෙන් පමණක් සිදු කළ නොහැකි බවත්, ඒ සඳහා ජනමත විචාරණයක් පවත්වා මහජන අනුමැතිය ලබා ගැනීම අවශ්‍ය වන බවත් හෙළි වී තිබේ.

NLDB ගොවිපළ 32න් 26ක්ම පුද්ගලික සමාගම්වලට!.. විද්වතුන් සහ වෘත්තීය සමිති නිහඬයි..

ජාතික පශු සම්පත් සංවර්ධන මණ්ඩලයට (NLDB) අයත් අක්කර දහස් ගණනක භූමි ප්‍රමාණයකින් යුත් ගොවිපළ 32න් 26ක් වසර 30ක කාලයක් සඳහා පෞද්ගලික සමාගම් 7ක් වෙත බදු දීමට රජය ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් කෘෂිකාර්මික හා පශු වෛද්‍ය ක්ෂේත්‍රය තුළ දැඩි සංවාදයක් සහ විරෝධයක් නිර්මාණය වී තිබේ.

ජාතික ජනබලවේගයට ලැබුනේ අතීත ජනතා විමුක්ති පෙරමුණට ලැබී තිබුණු වටිනාකම.. බෙදුම්වාදය පරාජය කිරීම වෙනුවෙන් එදා පෙරට ආ ජවිපෙ අද නෑ.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ජාතික ජන බලෙව්ගයට ලැබී ඇත්තේ අතීතයේ ජනතා විමුක්ති පෙරමුණට ලැබී තිබූ වටිනාකම බවත්, මේ සිදුවෙමින් පවතින ක්‍රියාවලිය දෙස බැලීමෙදී අතීතයේ ජනතා විමුක්ති පෙරමුණ ගොඩනැගීමට උරදුන් පුද්ගලයකු ලෙස තමන් ඉතාමත් කණගාටුවට පත්වන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

කන්කසන්තුරේ තිස්ස රජමහා විහාරය දෙකට කරමින් මැදින් පාරක්.. අමරපුර නිකායේ දැඩි විරෝධය..

කන්කසන්තුරේ පිහිටි ඓතිහාසික තිස්ස රජමහා විහාර භූමිය දෙකඩ කරමින් බලහත්කාරයෙන් මාර්ගයක් ඉදිකිරීමට වලිකාමම් උතුර ප්‍රාදේශීය සභාව දරන උත්සාහයට ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ ශ්‍රී කල්‍යාණිවංශ පාර්ශ්වය සිය බලවත් විරෝධය පළ කර සිටියි.

''මේ රටේ ගෝඨාභය මරාදමා හෝ විදේශ මැදිහත් වීමෙන් අන්තර්කාලීන පාලනයක් ගොඩනගන්න හැදුවා.. ආණ්ඩුව පවාදීම් රැසක් මේ වන විට කර අවසන්.." - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා මරාදමා හෝ විදේශ මැදිහත්වීමකින් අන්තර්කාලීන පාලනයක් ගොඩ නැගීමට උත්සාහ දැරූ බවත්, ඒ බවට සාක්ෂි ඇති බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

සම්බුද්ධ ශාසනයේ ප්‍රධාන අංගයක් වන පෙරහැර විකාරයක් බව අගමැතිනිය කියන්නේ කොහොමද?.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

සම්බුද්ධ ශාසනයේ සහ මෙරට සංස්කෘතියේ ප්‍රධාන අංගයක් වන පෙරහැර මංගල්‍යය විකාරයක් ලෙස අගමැතිනිය විසින් හඳුන්වන්නේ කෙසේදැයි දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ප්‍රශ්න කරයි.

සවුදිය, තුර්කිය සහ පාකිස්ථානය 'නේටෝ' වැනි යුද සංවිධානයකට අවතීර්ණ වෙයි.. 'මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුම' අත්සන් තබයි..

සවුදි අරාබිය, තුර්කිය සහ පාකිස්ථානය එක්ව NATO ආකෘතියට සමාන අන්‍යෝන්‍ය ආරක්ෂක ගිවිසුමක් වන "මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුමට" (Makkah Joint Defence Agreement) අත්සන් තබා ඇත. සවුදි ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු, තුර්කි ජනාධිපති රෙසෙප් තයියිප් එර්ඩොගන් සහ පාකිස්ථාන අගමැති ෂෙහ්බාස් ෂරීෆ් විසින් අත්සන් කරන ලද මෙම ගිවිසුම මගින්, සාමාජික රටකට එල්ල වන ඕනෑම සන්නද්ධ ප්‍රහාරයක් අනෙක් රටවලටද එල්ල වූ ප්‍රහාරයක් ලෙස සැලකීමට එකඟ වී ඇත.

විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීමට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණය 2022 වසරේදී තීන්දු කරලා..

ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීම සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 2022 වසරේදී තීන්දු කර තිබේ.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.