News Category
From Date
To Date
Maximum Number of Result

විදෙස් මාධ්‍ය පවසන්නේ ගාසා තීරයේ සහනාධාර රථ පෙළක් ආසන්නයේ ඇතිවු වෙඩිතැබීම් හා තෙරපීම් හේතුවෙන් පලස්තීන සරණාගතයින් 112 දෙනෙකු මියගොස් තවත් 760 දෙනෙකු තුවාල ලබා ඇති බව යි.

මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී පදිංචිව සිටි කොළඹ, මහගමසේකර මාවතේ පිහිටි නිවස ඔහු විශ්‍රාම යාමෙන් පසුවත් ඔහුටම ලබාදීමට අමාත්‍ය මණ්ඩලය ගනු ලැබූ තීරණයෙන් මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදුවන බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර ඇති බව වාර්තා වේ.

රුසියාව ඇත්ත වශයෙන්ම සාම්ප්‍රදායික නොවන ලිංගික දිශානති සහිත පුද්ගලයන්ගේ ක්‍රියාකරකම් දරුවන් ඉලක්ක නොකර හෝ ඔවුන්ගේ මනාපයන් ප්‍රකාශ නොකරන තාක් කල් ඉවසා සිටින බව ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ඊයේ(20) පැවසීය.

යුරෝපා සංගමයේ නීති රීති එයට අවශ්‍ය තරම් වේගයෙන් ක්‍රියා කිරීමට බාධාවක් වන බව කන්ඩායමේ ආරක්ෂක සහ විදේශ ප්‍රතිපත්ති ප්‍රධානී ජෝසෙප් බොරෙල් පසුගිය 18දා මියුනිච් ආරක්ෂක සමුළුව අමතමින් පැවසීය.

නේටෝ සොල්දාදුවන් යුක්රේන ගැටුමේදී කුලී හේවායන් ලෙස වෙස්වලාගෙන රුසියානු හමුදාවට එරෙහිව සටන් කරමින් සිටින බව ජ්‍යෙෂ්ඨ රුසියානු ආරක්ෂක නිලධාරියෙක් අනාවරණය කළේය.

රුසියානු හමුදා අව්ඩීව්කා නගරය "සම්පූර්ණයෙන්ම අත්පත්කරගෙන" ඇති බව රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය ඊයේ(17) නිවේදනය කළේය. රුසියානු හමුදා ප්‍රහාර වලින් යුක්රේන හමුදා භටයින් 1,500ක් පමණ මිය ගිය අතර ඔවුන් පසුබැසීමේදී ඔවුන් සතු ආයුධ සහ උපකරණ පවා අතහැර දමා පලා ගොස් ඇති බව රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය පවසයි.

බටහිර මාධ්‍ය විසින් රුසියාවේ විපක්ෂ නායකවරයා ලෙසින් වර නැංවූ ඇලෙක්සි නවාල්නිගේ මරණය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට රුසියාවේ ෆෙඩරල් චරිතශෝධනාගාර සේවය (Russia’s Federal Penitentiary Service- FSIN) අවශ්‍ය සියලු පියවර ගනිමින් සිටින බව ක්‍රෙම්ලිනයේ ප්‍රකාශක දිමිත්‍රි පෙෂ්කොව් මාධ්‍ය වෙත පැවසීය.

සිරගතව සිටි රුසියාවේ විපක්ෂ නායක ඇලෙක්සි නවාල්නි (47) එරට උතුරු ප්‍රදේශයේ උපරිම ආරක්‍ෂිත බන්ධනාගාරයක් තුළදී මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

නාසිවාදය මුල් බැසගෙන ඇත්තේ බටහිර රටවල දැන් ව්‍යාප්ත වී ඇති “සුවිශේෂීවාදය” යන අදහස තුළ බවත්, එය පරාජය කිරීම සඳහා බහුජාතික එකමුතුවකින් යුතු ප්‍රවේශයක් අවශ්‍ය බවත් රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් පවසයි.


ප්‍රධාන පුවත්

සර්වඥ ධාතුන් වහන්සේලා අළෙවි කළ නොහැකියි... වෙසක් සතියේ ධාතු වෙන්දෙසිය වහා නවත්වන්න. ඉන්දියාවට බාර දෙන්න.

බෞද්ධයන්ගේ පූජනීයත්වයට පත් බුදුන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වෙන්දේසි කිරීම වහාම නවත්වා, ඒය ඉන්දියාවට බාරදිය යුතු බව පූජ්‍ය ඉදුරාගාරේ ධම්මරතන හිමියන් පවසයි.

මෙතෙක් ප්‍රකාශිත ප්‍රතිඵල මෙන්න

පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව මේ වනවිට නිකුත්වී ඇති ප්‍රතිඵලවලට අනුව ජාතික ජන බලවේගය බහුතර ආසන සංඛ්‍යාවක ඉදිරියෙන් සිටියද සභා පිහිටුවීමේදී කිසියම් අර්බුදකාරී තත්ත්වයකට පත්වෙනු ඇති බව දේශපාලන විශ්ලේෂකයින් පෙන්වා දෙයි.

ඉන්දීය ජෙට් යානා දෙකකට සහ ඩ්‍රෝන යානයකට ප්‍රහාර එල්ල කළා - පාකිස්ථාන හමුදා මාධ්‍ය ප්‍රකාශක කියයි

ඉන්දියාව විසින් එල්ල කළ ප්‍රහාර හේතුවෙන් පුද්ගලයින් හත්දෙනෙකු පමණ මියගොස් ඇති බව පාකිස්ථානය ප්‍රකාශ කර ඇත.

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම ඇරඹෙයි

2025 පළාත් පාලන මැතිවරණයට අදාළ ඡන්ද විමසීම මේ වන විට ආරම්භ වී තිබේ. ඒ අනුව අද (06) පෙරවරු 7.00 සිට පස්වරු 4.00 දක්වා දිවයින පුරා පිහිටි ඡන්ද මධ්‍යස්ථාන 13,759ක ඡන්ද විමසීම පැවැත්වෙනු ඇත.

දේශීය ඖෂධ කර්මාන්තය බිඳවැටෙන අවදානමක් - ඇමති නලින්දගේ හැසිරීම ගැන සංගම් තුනකින් විරෝධය..

ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්ත මණ්ඩලය (SLCPI), ශ්‍රී ලංකා ජාතික ඖෂධ නිෂ්පාදකයින්ගේ මණ්ඩලය (NCPMSL) සහ ශ්‍රී ලංකා ඖෂධ නිෂ්පාදකයින්ගේ සංගමය (SLPMA) යන සංගම්වල සභාපතිවරුන් විසින් මෙම ඒකාබද්ධ ලිපියට අත්සන් තබා ඇත.

දැඩි බෞද්ධ විරෝධය මැද ශාක්‍යයන්ට අයත්ව තිබූ බෞද්ධ ධාතු හොංකොංවලදී වෙන්දෙසි කිරීමේ සූදානමක්..

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් හි පිහිටි පුරාණ ස්තූපයකින්1898 දී සොයා ගන්නා ලද පූජනීය බෞද්ධ ධාතු 300කට අධික එකතුවක් ලලිත කලා, එකතු කළ හැකි භාණ්ඩ සහ ස්වර්ණාභරණ සම්බන්ධ සුප්‍රසිද්ධ බ්‍රිතාන්‍ය තැරැව්කාර ආයතනයක් වන සොතෙබිස් විසින් ලබන සතියේ (මැයි 7) වෙන්දේසි කිරීමට නියමිතව තිබේ.

ජවිපෙ අත්හැරපු ඉන්දියන් විරෝධී සටන විජේවීරගේ පුතා අතට ගනී.. (වීඩියෝ)

වෙන කවරදාකටත් වඩා මාතෘභූමිය දැඩි අනතුරකට ලක්වී ඇති බවත්, මෙරට ඉතිහාසයේ සිටම යටත් කරගැනීම සඳහා විවිධ ආක්‍රමණයන් සිදුවූ බවත් දෙවන පරපුර නායක උවිඳු විජේවීර මහතා පවසයි.

අනුර - මෝදි ගිවිසුම්වලින් රටේ ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකියි - වෛද්‍ය අනුලා විජේසුන්දර (වීඩියෝ)

ජනාධිපති අනුර දිසානායක සහ ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි විසින් අත්සන් කළ ගිවිසුම් මගින් රටේ ජාතික ආරක්ෂාවට දැඩි තර්ජනයක් එල්ලවිය හැකි බව ජාතික සංවිධාන නියෝජනය කරමින් වෛද්‍ය අනුලා විජේසුන්දර මහත්මිය පවසයි.

අනුර - මෝදි අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට සහ ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනියි... ජනාධිපති ලේකම් වගකීම් පැහැරහැරියා - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් චෝදනා (වීඩියෝ)

පසුගිය දා ජනාධිපති අනුර දිසානායක සහ ඉන්දියාවේ අගමැති නරේන්ද්‍ර මෝදිගේ එකඟතාවයෙන් නිලධාරීන් පිරිසක් විසින් අත්සන් කළ ගිවිසුම් රටේ ව්‍යවස්ථාවට පටහැනි, ජාත්‍යන්තර සම්මුතීන්ට පටහැනි බව තර්කානුකූලව, තාක්ෂණික ක්‍රමවේද අනුව ඔප්පුකර සෑදූ ලියවිල්ලක් ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයට භාරදුන් බව දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.