අමෙරිකානු ප්‍රහාරවලට ප්‍රතිචාර ලෙස ඉරානයෙන් කුවේටයේ සහ බහරේනයේ පිහිටි ඇමරිකානු හමුදා කඳවුරුවලට ප්‍රහාර මාලාවක්..
හෝමුස් සමුද්‍ර සන්ධියේදී සිදුවූ වෙළඳ නෞකා ප්‍රහාරත් සමඟ දෙරට අතර පැවති බිඳෙනසුලු සටන් විරාමය අවසන් වූ බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබේ.
ඉන් පැය කිහිපයකට පසු ඇමරිකාව විසින් ඉරානයේ න්‍යෂ්ටික බලාගාර පිහිටි බුෂෙහර් කලාපයට මෙන්ම චබහාර් සහ බන්ඩර් අබ්බාස් ඇතුළු දකුණුදිග වරාය නගර වෙත දැවැන්ත ගුවන් ප්‍රහාර මාලාවක් දියත් කර ඇත. මෙම ප්‍රහාරවල ප්‍රධාන අරමුණ ලෝකයේ තෙල් සහ ස්වභාවික වායු ප්‍රවාහනයෙන් පහෙන් එකකට දායක වන හෝමුස් සමුද්‍ර සන්ධියේ නාවික නිදහස ආරක්ෂා කිරීම බව ඇමරිකානු හමුදා බලධාරීන් පවසයි.
ඇමරිකාවේ මෙම ක්‍රියාමාර්ගයට ප්‍රතිචාර දක්වමින් ඉරාන ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක බලකාය විසින් කුවේට් සහ බහරේන් රාජ්‍යයන්හි පිහිටි ඇමරිකානු හමුදා කඳවුරු ඉලක්ක කර ගනිමින් එක රැයකින් ප්‍රතිප්‍රහාර මාලාවක් එල්ල කර ඇති අතර, එහි වගකීමද ඔවුන් නිල වශයෙන් භාරගෙන තිබේ.
ගිවිසුම් කඩකළ ඇමරිකානුවන්ට එරෙහිව දියත් කළ දණ්ඩනීය ප්‍රතිචාරයේ පළමු අදියර මෙය බව පවසන ඉරානය, ඇමරිකාවේ ආක්‍රමණශීලී පිළිවෙත තවදුරටත් අඛණ්ඩව සිදුවුවහොත් කලාපය පුරා විසිරී ඇති අනෙකුත් ඇමරිකානු ඉලක්ක වෙතද ඉදිරියේදී ප්‍රහාර එල්ල කරන බවට දැඩි අනතුරු ඇඟවීමක් කර ඇත.
මේ අතර ඉරානයෙන් එල්ල විය හැකි මිසයිල ප්‍රහාර පිළිබඳ බිය හේතුවෙන් කුවේටය, බහරේනය සහ කටාර් යන රටවල මිසයිල අනතුරු ඇඟවීමේ සංඥා නිකුත් කර ඇති අතර, තමන් වෙත පැමිණෙන ඩ්‍රෝන සහ මිසයිල සාර්ථකව විනාශ කිරීමට කටයුතු කරන බව කුවේට් හමුදාව ප්‍රකාශ කර තිබේ. මෙම නවතම ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් සමස්ත මැදපෙරදිග කලාපයම මේ වන විට දැඩි යුද උණුසුමකට පත්ව ඇත.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මේක තමයි මේ රටේ ලොකුම හමුදා පාවාදීම.. UN ප්‍රශ්න 27 ට රජය නිහඬයි.. - සරත් වීරසේකර
හිඟුරක්ගොඩ සමුපකාර ඉන්ධනහලේ ඩීසල් ටැංකියට පෙට්‍රල් බාලා..: මාලිමා මන්ත්‍රීගේ කළමනාකාරීත්වය නිසා සිදුවූ ලොකු පාඩුවක් ගැන හෙළිදරව්වක්..
හඳුනා නොගත් පියාඹන වස්තූන්වල රහස් ලිපිගොනු 40ක් අමෙරිකාව ප්‍රසිද්ධ කරයි.. - UFO අබිරහස් වීඩියෝ දර්ශන තුනකුත් එළියට..
අතීත උරුමයන් හා ජාතික විරුවන් නොසලකා හැරීමෙන් ජාතියක් ලෙස පැවතිය නොහැකියි.. - අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමි
මාතලේ ඓතිහාසික පුදබිම රැකගැනිම වෙනුවෙන් පූජ්‍ය ගලගම කුසලධම්ම හිමි නඩු මගට..
ත්‍රෛනිකායික මහා සංඝරත්නය ඇතුළු 5,000කගේ සහභාගීත්වයෙන් ජගත් බොදු සමුළුව අද ඇරඹේ..
ඉරාන හෝමූස් තරණය සාර්ථක වෙයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..
යාපනයේ 'මාතර ඇඹුල' කඩයේ කොටසක් කඩා දමයි..
නොවැම්බර් 30 වැනිදා දීපව්‍යාප්ත වැඩ වර්ජනයට වෘත්තීය සමිති රැසක් එක්වෙයි.. වර්ජනයට සහාය දෙන බව බව GMOA කියයි..
ඇමරිකානු මැතිවරණ සහ මාධ්‍ය වාර්තාකරණය පාලනය කිරීමට USAID මැදිහත් වූ බවට චෝදනා.. - රහස්‍ය ලේඛන මඟින් තොරතුරු රැසක් හෙළිවේ..
ලාල් කාන්ත පල් මෝඩයෙක් සේ අධිරාජ්‍යවාදීන්ගේ දීර්ඝ කාලීන වුවමනාවක් ඉටුකරනවාද?.. ගාස්තුවකට සේවය කරනවා ද? - ජාතික සංවිධාන ප්‍රශ්න කරයි
චීන – රුසියානු – ඇමරිකා සාකච්ඡා මැද ට්‍රම්ප් පරාජය පිළිගත්තාද?.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ජී. වීරසිංහගෙන් අනාවරණයක්..
යුද සමයේ ප්‍රහාර ගැන රජය ප්‍රසිද්ධියේ සමාව ගත යුතු යැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාල වාර්තාවකින් නිර්දේශ..
රුසියාවේ නීතිපතිවරයා සහ ශ්‍රී ලංකාවේ නීතිපතිවරයා අතර හමුවක්
සිවාජලිංගම්ට අවසන් ගෞරවය දක්වන්න ඇවිත් මහවිරු දිනයේ කතාවකුත් කරලා.. - සිවාජලිංගම්ගේ අවමංගල්‍යයට පැමිණි ඉන්දීය මන්ත්‍රීවරයාගේ සංචාරය ගැන ආචාර්ය සුරේන් රාගවන්ගෙන් දැඩි විවේචන
ඉන්දියාව අනුරාධපුර ව්‍යාපෘතිය පිළිබඳ සවිස්තරාත්මක යෝජනාවක් අපේක්ෂාවෙන් අරමුදල් තීරණය කිරීමට නියමිතයි..