ඥාතිකම් දේශපාලන හිතවත්කම් මත තානාපති සේවයට ගිය 16ක් වහාම ආපසු කැඳවයි... ලැයිස්තුව මෙන්න...
ඥාති හිතවත්කම් සහ දේශපාලන සබඳතා මත පසුගිය ආණ්ඩු සමයේදී විවිධ රටවලට තානාපති සේවාවන් සඳහා පත්කර යැවූ නිලධාරීන් 16 දෙනකු වහාම ක්‍රියාත්මක වන පරිදි යළි කැඳවීමට තීරණය කර තිබේ.
’දිනමිණ’ පුවත්පත හෙළිකරන ආකාරයට, මේ වන විට ඔවුන්ට මේ සම්බන්ධයෙන් දැනුම් දී ඇති අතර ඒ අනුව එම නිලධාරීන් යළි මෙරටට පැමිණීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
අමෙරිකා එක්සත් ජනපදයේ ලොස් ඇන්ජලීස් හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල්වරයා වශයෙන් කටයුතු කළ වෛද්‍ය ලලිත් චන්ද්‍රදාස, චීනයේ ෂැංහයි හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල්වරයා වශයෙන් කටයුතු කළ අනුර ප්‍රනාන්දු, ඉන්දියාවේ චෙන්නායි හි නියෝජ්‍ය මහකොමසාරිස්වරයා වශයෙන් කටයුතු කළ ආචාර්ය ඩී. වෙන්කටේෂ්වරන් යන අය මෙලෙස මෙරටට කැඳවීමට නියමිත අය අතර වෙයි.
එමෙන්ම සවුදි අරාබියාවේ ජෙඩා හි කොන්සල් ජනරාල්වරයා වශයෙන් කටයුතු කළ එස්.එම්.ඒ.එෆ් මවුලානා ද යළි කැඳවන ලැයිස්තුවේ වෙයි.
ඊට අමතරව අමෙරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ඇමැති ලෙස සේවය කළ නිශාන් මනික් මුතුක්‍රිෂ්ණ සහ තෙවැනි ලේකම්වරයා වශයෙන් කටයුතු කළ තාරක දිසානායක යන අයද කැඳවීමට පියවර ගෙන තිබෙන අතර එක්සත් රාජධානියේ ලන්ඩන් හි ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ තෙවැනි ලේකම්වරයා වශයෙන් කටයුතු කළ සෙනිය පුංචිනිලමේට ද යළි මෙරටට පැමිණෙන ලෙස දන්වා ඇත.
ප්‍රංශයේ පැරිස් නුවර ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ තෙවැනි ලේකම්වරයා ලෙස කටයුතු කළ සහස්‍ර බණ්ඩාර ද ඉතාලියේ රෝම නුවර පිහිටි තානාපති කාර්යාලයේ තෙවැනි ලේකම්වරිය ලෙස සේවය කළ මෙල්කි චන්දිමා පෙරේරා ද ඕස්ට්‍රේලියාවේ කැන්බරා හි ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ තෙවැනි ලේකම්වරිය වශයෙන් සේවය කළ දීනුකා කාර්මලීන් ප්‍රනාන්දුපුල්ලේ ද යළි කැඳවීමට පියවර ගෙන තිබේ.
මේ අතර රුසියාවේ මොස්කව් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ උපදේශක ලෙස සේවය කළ පණ්ඩුල ද සොයිසා, ඉන්දියාවේ නවදිල්ලි හි ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ ඇමැති උපදේශක ලෙස සේවය කළ ආචාර්ය අන්වර් මොහොමඩ් හම්දානි, ලෙබනනයේ බීරූට් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ තෙවැනි ලේකම් ලෙස සේවය කළ ප්‍රියංගිකා දිසානායක සහ තුර්කියේ අන්කාරා හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ දෙවැනි ලේකම්වරිය ලෙස සේවය කළ යෂ්මින් හිල්මි මොහොමඩ් යන අයද යළි කැඳවා ඇත.
ඊට අමතරව නෙදර්ලන්තයේ හේග්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ උපදේශක ලෙස කටයුතු කළ අෂ්විනි හපන්ගම සහ ජර්මනියේ ස්ටොක්හෝම් හි ඇමැති උපදේශකවරයා වශයෙන් සේවය කළ ජනක රණතුංග ද යළි කැඳවීමට රජය තීරණය කර තිබේ.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..
ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි
රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..
ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායකය 'දෙමළ ජන සංහාරයක්' නිල වශයෙන් පිළිගෙන නැහැ.. කොටි හිතවාදීන් ගොතන ලද ජන සංහාරක ප්‍රබන්ධය බිඳ වැටිලා.. - ආචාර්ය නෙවිල් හේවගේ
ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද..
"ජේවීපී එකෙන් මගෙ සිවුර ගලවනවා.. සිරගත වුනත් කවදාවත් මෙහෙම දෙයක් වෙලා නෑ මහත්තයෝ.." - අත්අඩංගුවට ගැනීමට පෙර ඥානසාර හිමි පැවසූ කතාව නීතිඥ සංජීව වීරවික්‍රම හෙළිකරයි..
අනුරාධපුර පූජා නගරය ගොඩනැගීමට ඉන්දියාවෙන් විශාල ආධාරයක් ලැබෙනවා.. - ජනපති ඉබ්බාගමුවේදී පවසයි
මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..
රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි
2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..
ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි