
පාස්කු ප්‍රහාරය වැරදුණාද?
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක් ද සිල්වාගේ සභාපතිත්වයෙන් කෙරුණු ජනාධිපති කොමිසමේ වාර්තාවේ මෙතෙක් අවධානයට ලක් නොවූ සුවිශේෂී කාරණයක් තිබෙනවා. එවක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේස්කර කියනවා “2020 මැයි මාසයේ වගේ ලොකු ප්‍රහාරයක් එල්ල කරන්න සැලසුමක් තිබුණා කියා මට දැන ගන්න ලැබුණා” (පිටු අංක 29) කියා.
එතකොට ශානි කියන හැටියට සහරාන් සහ කල්ලිය ප්‍රහාරය කරන්න ඉඳලා තියෙන්නේ 2019 අප්‍රේල් මාසයේ නොවෙයි. එහෙනම් ඒ ප්‍රහාරයේ ඉලක්කය වුණේ කවුද? ඔවුන්ගේ අරමුණ වුණේ කුමක්ද?
ශානි තව දුරටත් කියනවා ඔහු එම ප්‍රහාරය ගැන දැන ගත්තේ වනාතවිල්ලුවේ ලැක්ටෝස්වත්ත ස්ථානයේ තිබුණු අධිබලැති පුපුරන ද්‍රව්‍ය තොගය සොයා ගැනීමෙන් පසුව කියා. ඔහු කියනවා “ඇත්ත වශයෙන්ම ඒ පුපුරන ද්‍රව්‍ය තොගය පුපුරවන්න පුළුවන් වුණා නම් රටම ලේ විලක් වෙනවා අනිවාර්යෙන්ම” කියා. ඒ වගේ විශාල ප්‍රහාරයක් වළක්වා ගත්තේ එම වැටලීමෙන් සහ අත්අඩංගුවට ගැනීමෙන් බවත් ඔහු කියනවා.
2020 කියන්නේ එවර ජනාධිපතිවරණයෙන් පස්සේ. මැයි මාසය කියන්නේ වෙසක් මාසය. ශානි කියන හැටියට මාවනැල්ලේ බුදු පිළිම කැඩුවෙත්, වනාතවිල්ලුවේ බෝම්බ හදලා ප්‍රහාරය සැලසුම් කළෙත් එකම කල්ලිය. එහෙනම් සහරාන්ලගේ සැබෑ ඉලක්කය වුණේ වෙසක් පෝය දවසේ පන්සල් ආශ්‍රිතව සිදු කරන ආගමික උත්සවද? එහෙම ප්‍රහාරයක් කිරීමෙන් ඔවුන් බලාපොරොත්තු වෙන්නේ කුමක්ද? එහෙමත් නැත්නම් වෙසක් මාසයේ කතෝලික පල්ලිවලට බෝම්බ ගහලා කතෝලිකයන් සහ බෞද්ධයන් අතර ගැටුමක් ඇති කරන්න ඔවුන් සැලසුම් කළාද?
පුපුරන ද්‍රව්‍ය තොගය අහු වීමෙන් සහ ඔවුන් ගැන තොරතුරු හෙළි වීමෙන් සහරාන්ලා හිතනවා ඔවුන් අහු වෙන්න කලින් පුළුවන් ඉක්මනට ප්‍රහාරය කරන්න. ඒ සඳහා ඔවුන් තෝරා ගන්නේ පාස්කු ඉරිදාව. නමුත් ශානි අබේසේකර කියන හැටියට ඔවුන්ගේ මුල් සැලසුම වුණේ වෙන එකක්. ඒ කුමක් සඳහාද?
පාස්කු ප්‍රහාරය යොදා ගෙන මාධ්‍ය සංදර්ශන තබමින් දේශපාලන දඩයම් කරන පිරිස පිළිබඳව අපට සැකයක් ඇති වෙන්නේ මෙන්න මෙතැනදි. ඔවුන්ගේ අස්වාභාවික හැසිරීමෙන් පෙන්වන්නේ ඔවුන් ඒ ප්‍රහාරය ගැන දැන සිටි බවද? ඒ කිසිවෙක් එදා පල්ලි ගියේ නැත්තේ ඇයි? අහිංසක කතෝලික බැතිමතුන් පමණක් මැරිලා ඔවුන් පමණක් බේරුණේ කෙසේද? 2020 මැයි මාසයේ “රට ලේ විලක්” කරන ප්‍රහාරයක් කිරීමෙන් ඔවුන් බලාපොරොත්තු වූ දෙය කර ගන්නට බැරි වූ නිසා ඔවුන් ඒ දඩයම කරේ තියා ගෙන යනවාද? 2022 මැයි 9 වැනිදා කළේ ඒ කරන්නට බැරි වුණු දෙයද? “බුදු පිළිම කැඩුවට අපි ඉවසනවා” වැනි ප්‍රකාශ ඔවුන්ගේ අරගලය තුළ කියවුණේ ඒ නිසාද? පාස්කු ප්‍රහාරයේ මහමොළකරුවන් ගැන කියවන්නේ එහි සැබෑ මහමොළකරුවන්මද? පාස්කු ප්‍රහාරය ගැන විමර්ශනය කරනවා නම් මේ සියලු ප්‍රශ්නවලට පිළිතුරු සෙවිය යුතුය.
-දෙවියන්ගේ සාක්ෂිකරු
(අන්තර්ජාලයෙන් උපුටා ගත්තකි)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
අනුර නොදකින රනිල් දකින යථාර්ථය (වීඩියෝ)
ගිහි අධිකරණයෙන් භික්ෂුනී සසුන ස්ථාපිත කෙරේ.... බලංගොඩ කස්සප හිමි
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඊජිප්තුවට කළ දේ ලංකාවටත් කරයිද? - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් අනාවරණයක්..
ඊශ්‍රායල් - ඉරාන ගැටුම නිසා මතුවන ලෝක අර්බූද.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශ සිදුකරන විග්‍රහය..
ඊශ්‍රායලය නමින් රාජ්‍යයක් මැද පෙරදිග නැති වුණා නම් අමෙරිකාවට සිදුවෙන දේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක හෙළිකරයි.. (වීඩියෝ)
ගැටුම් කලාපයෙන්: ඉරානයේ සන්සුන් භාවය පිළිබඳ රුසියානු විශේෂඥයාගේ නිරීක්ෂණ සහ ඉරානයේ ඊළඟ පියවර
අනුර - මෝදි ගිවිසුම් වලට එරෙහිව ජාතික සංවිධාන විසින් ගොනුකරනු ලැබූ පෙත්සම ගැන අධිකරණය අද ලබාදුන් තීරණය මෙන්න..
කොළඹ නගරාධිපති ධුරය මාලිමාවට
ඊශ්‍රායලය, ප්‍රවේශම් වන්න: ඉරානය තවමත් එහි නවතම ආයුධ භාවිතා කර නැහැ!-ප්‍රවීණ යුද මාධ්‍යවේදී ඇලෙක්සි බෝර්සෙන්කෝ
විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද කැපිල්ල රජයේ ක්‍රියාකාරී සැලැස්මෙන් හැලෙයි..
‘මේ අවුරුද්ද තුළ කිසිදු බදු අඩු කිරීමක් බැහැ’- මූල්‍ය අරමුදලෙන් රජයට කොන්දේසියක්
තමන් අත්අඩංගුවට ගෙන දිගු කලක් රදවා ගැනීමේ සූදානමක් ගැන ගම්මන්පිලගෙන් අනාවරණයක්..
ගාසා තීරය, ඉරානය හරහා ඉන්දියානු සාගරය වෙත එළඹෙන නව ලෝක යුධ වාතාවරණය ගැන ජාත්‍යන්තර භූගෝලීය විශ්ලේෂිකා ජිහාන් හමීඩ්ගෙන් අනතුරු ඇඟවීමක්..
ඊශ්‍රායලය සහ ඉරානය අතර පෙර නොවූ විරූ ගැටුම: මෙතෙක් අප දන්නා දේ
ඉරානයෙන් ඊශ්‍රායලයට දැවැන්ත බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්..
‘සීනි බද්ද රුපියල් 50 සිට ශත 25ක් තෙක් අඩු කිරීමේදී අපරාධමය වරදක් සිදුව නෑ’ - නීතිපති අධිකරණයට දන්වයි
