පාස්කු ප්‍රහාරය වැරදුණාද?
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක් ද සිල්වාගේ සභාපතිත්වයෙන් කෙරුණු ජනාධිපති කොමිසමේ වාර්තාවේ මෙතෙක් අවධානයට ලක් නොවූ සුවිශේෂී කාරණයක් තිබෙනවා. එවක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේස්කර කියනවා “2020 මැයි මාසයේ වගේ ලොකු ප්‍රහාරයක් එල්ල කරන්න සැලසුමක් තිබුණා කියා මට දැන ගන්න ලැබුණා” (පිටු අංක 29) කියා.
එතකොට ශානි කියන හැටියට සහරාන් සහ කල්ලිය ප්‍රහාරය කරන්න ඉඳලා තියෙන්නේ 2019 අප්‍රේල් මාසයේ නොවෙයි. එහෙනම් ඒ ප්‍රහාරයේ ඉලක්කය වුණේ කවුද? ඔවුන්ගේ අරමුණ වුණේ කුමක්ද?
ශානි තව දුරටත් කියනවා ඔහු එම ප්‍රහාරය ගැන දැන ගත්තේ වනාතවිල්ලුවේ ලැක්ටෝස්වත්ත ස්ථානයේ තිබුණු අධිබලැති පුපුරන ද්‍රව්‍ය තොගය සොයා ගැනීමෙන් පසුව කියා. ඔහු කියනවා “ඇත්ත වශයෙන්ම ඒ පුපුරන ද්‍රව්‍ය තොගය පුපුරවන්න පුළුවන් වුණා නම් රටම ලේ විලක් වෙනවා අනිවාර්යෙන්ම” කියා. ඒ වගේ විශාල ප්‍රහාරයක් වළක්වා ගත්තේ එම වැටලීමෙන් සහ අත්අඩංගුවට ගැනීමෙන් බවත් ඔහු කියනවා.
2020 කියන්නේ එවර ජනාධිපතිවරණයෙන් පස්සේ. මැයි මාසය කියන්නේ වෙසක් මාසය. ශානි කියන හැටියට මාවනැල්ලේ බුදු පිළිම කැඩුවෙත්, වනාතවිල්ලුවේ බෝම්බ හදලා ප්‍රහාරය සැලසුම් කළෙත් එකම කල්ලිය. එහෙනම් සහරාන්ලගේ සැබෑ ඉලක්කය වුණේ වෙසක් පෝය දවසේ පන්සල් ආශ්‍රිතව සිදු කරන ආගමික උත්සවද? එහෙම ප්‍රහාරයක් කිරීමෙන් ඔවුන් බලාපොරොත්තු වෙන්නේ කුමක්ද? එහෙමත් නැත්නම් වෙසක් මාසයේ කතෝලික පල්ලිවලට බෝම්බ ගහලා කතෝලිකයන් සහ බෞද්ධයන් අතර ගැටුමක් ඇති කරන්න ඔවුන් සැලසුම් කළාද?
පුපුරන ද්‍රව්‍ය තොගය අහු වීමෙන් සහ ඔවුන් ගැන තොරතුරු හෙළි වීමෙන් සහරාන්ලා හිතනවා ඔවුන් අහු වෙන්න කලින් පුළුවන් ඉක්මනට ප්‍රහාරය කරන්න. ඒ සඳහා ඔවුන් තෝරා ගන්නේ පාස්කු ඉරිදාව. නමුත් ශානි අබේසේකර කියන හැටියට ඔවුන්ගේ මුල් සැලසුම වුණේ වෙන එකක්. ඒ කුමක් සඳහාද?
පාස්කු ප්‍රහාරය යොදා ගෙන මාධ්‍ය සංදර්ශන තබමින් දේශපාලන දඩයම් කරන පිරිස පිළිබඳව අපට සැකයක් ඇති වෙන්නේ මෙන්න මෙතැනදි. ඔවුන්ගේ අස්වාභාවික හැසිරීමෙන් පෙන්වන්නේ ඔවුන් ඒ ප්‍රහාරය ගැන දැන සිටි බවද? ඒ කිසිවෙක් එදා පල්ලි ගියේ නැත්තේ ඇයි? අහිංසක කතෝලික බැතිමතුන් පමණක් මැරිලා ඔවුන් පමණක් බේරුණේ කෙසේද? 2020 මැයි මාසයේ “රට ලේ විලක්” කරන ප්‍රහාරයක් කිරීමෙන් ඔවුන් බලාපොරොත්තු වූ දෙය කර ගන්නට බැරි වූ නිසා ඔවුන් ඒ දඩයම කරේ තියා ගෙන යනවාද? 2022 මැයි 9 වැනිදා කළේ ඒ කරන්නට බැරි වුණු දෙයද? “බුදු පිළිම කැඩුවට අපි ඉවසනවා” වැනි ප්‍රකාශ ඔවුන්ගේ අරගලය තුළ කියවුණේ ඒ නිසාද? පාස්කු ප්‍රහාරයේ මහමොළකරුවන් ගැන කියවන්නේ එහි සැබෑ මහමොළකරුවන්මද? පාස්කු ප්‍රහාරය ගැන විමර්ශනය කරනවා නම් මේ සියලු ප්‍රශ්නවලට පිළිතුරු සෙවිය යුතුය.
-දෙවියන්ගේ සාක්ෂිකරු
(අන්තර්ජාලයෙන් උපුටා ගත්තකි)
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..