දුදස්සන බෞද්ධයෙක් ද?
දුදස්සන තට්ටේ ගාලා සිවුරක් දාගෙන ඉන්නවා. මේ වෙස්වලාගැනීම දකින අපේ සමහරු දුදස්සනට “හාමුදුරුවෝ, හාමුදුරුවෝ” කියලා ආමන්ත්‍රණය කරනවා. ගිහිගෙය අත්හැරලා පැවිදිවෙච්ච බෞද්ධයෙක්ට තමයි අපි “හාමුදුරුවෝ” කියලා කියන්නේ. ඉතින් මේ ආමන්ත්‍රණයට පාත්‍රවීම සඳහා යම් අයකු විසින් සම්පූර්ණ කළ යුතු මූලික ම අවශ්‍යතාව තමයි බෞද්ධයෙක් වීම. බෞද්ධයෙක් වෙන්නේ නැතුව කවුරු හරි තට්ටේ ගාලා සිවුරක් පටලවාගත්ත පමණින් ඒ පුද්ගලයා “හාමුදුරුවෝ නමක්” (බෞද්ධ භික්‍ෂුන්වහන්සේ නමක්) වෙන්නේ නෑ.
යම් කෙනෙක් බෞද්ධයෙක් වෙන්නේ කොහොම ද? බුදුන්, දහම්, සඟුන් සරණ යෑමෙන් කෙනෙක් බෞද්ධයෙක් වෙනවා කියලා අපි කියනවා. ඇත්තෙන්ම, මේක සමස්ත අවශ්‍යතාව ප්‍රකාශ කෙරෙන ඉතාමත් සරල කරුණු දැක්වීමක් විතරයි. අදාළ අවශ්‍යතාව විස්තරාත්මකව ප්‍රකාශ කිරීමක් මේ තුළින් සිද්දවෙන්නේ නෑ.
එහෙම නම්, මේ මූලික අවශ්‍යතාව (බෞද්ධයෙක් වීම සඳහා කෙනෙක් විසින් සම්පූර්ණ කරන්න ඕන මූලික අවශ්‍යතාව) විස්තරාත්මකව තේරුම්ගන්නේ කොහොම ද?
විචිකිච්ඡාව තියෙන කෙනෙක්ට බෞද්ධයෙක් වෙන්න බෑ. විචිකිච්ඡාව කියන්නේ නීවරණයක්. ඒ කියන්නේ, යම් කෙනෙක්ගේ සිතේ සමාධිය ඇතිවීමට, ප්‍රඥාව වැඩීමට සහ නිර්වාණය කරා යන ගමනට බාධා කරන ආවරණයක්. මෙහෙම ආවරණ පහක් ගැන (පංච නීවරණ ගැන) පෙළ පොතේ දේශනා කරලා තියෙනවා. අපි හැමෝම වගේ කාමච්ඡන්ද, ව්‍යාපාද, ථීනමිද්ධ, උද්ධච්ච කුක්කුච්ච සහ විචිකිච්ඡා කියන ඒ නීවරණ පහ ගැන මූලික දැනුමක් ලබාගෙන තියෙනවා.
විචිකිච්ඡාව කියන්නේ සැකයට. බුදුන්, දහම්, සඟුන් ගැනත් කුසල අකුසල ධර්ම ගැනත් ඇතිවෙන සැකය සහ අවිශ්වාසය විචිකිච්ඡාව කියලා හැඳින්වෙනවා. විස්තරාත්මකව කියද්දි විචිකිච්ඡාවෙන් මෙහෙම සැක අටක් ගැන කියනවා.
විචිකිච්ඡාවෙන් හිත වහගත්ත කෙනා බුදුරජාණන්වහන්සේව සැක කරනවා. ධර්මය සැක කරනවා. සංඝයා වහන්සේව සැක කරනවා. ශීල, සමාධි, ප්‍රඥා ඇතුළත් ත්‍රිශික්‍ෂාව සැක කරනවා. අතීත භව පැවැත්ම සැක කරනවා. අනාගත භව පැවැත්ම සැක කරනවා. අතීත - අනාගත භව පැවැතුම් දෙක ම සැක කරනවා. පටිච්ච සමුප්පාදය සැක කරනවා.
අපි නැවතත් මේ කාරණා අට (බුද්ධාදි අට තැන) සළකලා බලමු.
1. බුදුදුරජාණන්වහන්සේගේ ගුණ, ඥාන සහ කය පිළිබඳව සැකකිරීම.
2. ධර්මය (සතර මාර්ග, ඵල සහ නිර්වාණය) පිළිබඳව සැකකිරීම.
3. ආර්ය මහා සංඝරත්නයේ ගුණ සහ ප්‍රතිපත්ති පිළිබඳව සැකකිරීම.
4. ත්‍රිශික්‍ෂාව (ශීල, සමාධි, ප්‍රඥා) පිළිබඳව සැකකිරීම.
5. පෙර භවයන්ගේ පැවැත්ම පිළිබඳව සැකකිරීම.
6. අනාගත භවයන්ගේ පැවැත්ම පිළිබඳව සැකකිරීම.
7. අතීත සහ අනාගත දෙකෙහි ම භව පැවැත්ම පිළිබඳව සැකකිරීම.
8. පටිච්ච සමුප්පාද ධර්මය පිළිබඳව සැකකිරීම.
“මම පුනර්භවය විශ්වාස කරන්නේ නෑ” කියලා දුදස්සන එක දිගට ම කියනවා. බැලූ බැල්මට මේ ප්‍රකාශය අදාළවෙන්නේ උඩින් කියපු කරුණු අටට අයිති 5, 6 සහ 7 කියන කරුණුවලට විතරයි. හැබැයි හොඳින් බැලුවාම, මේ තුළ බුදුරජාණන්වහන්සේව සැකකිරීමවකුත් සිද්දවෙනවා.
දුදස්සන කියන විදිහට බුදුරජාණන්වහන්සේට පෙර භවයක් නෑ. ඉතින් අපේ ගෞතම බුදුරජාණන්වහන්සේ සුමේධ තාපසයා විදිහට දීපංකර පාද මූලයේ දී නියත විවරණ ලැබුවා කියන කාරණය දුදස්සන පිළිගන්නේ නෑ. බෝධිසත්වයන්වහන්සේ දස පාරමිතා ධර්ම පිරුවා කියන කාරණය දුදස්සන පිළිගන්නේ නෑ. අප මහා බෝධිසත්වයන්වහන්සේ සාරාසංඛ්‍ය කල්ප ලක්‍ෂයක් පෙරුම්පිරුවා කියන කාරණය බොරුවක් කියලයි දුදස්සන කියන්නේ. පෙර භවයක් නැති හින්දා, දුදස්සනගේ ප්‍රකාශවල හැටියට, සිද්ධාර්ථ කුමාරයා බුදු බව අත්පත් කරගන්න කලින් ඒ වෙනුවෙන් වීර්යය කරලා තියෙන්නේ අවුරුදු 6 ක් විතරයි.
දුදස්සන ඉතාමත් පැහැදිළිව උච්ඡේදවාදියෙක්. දීඝ නිකායේ ආරම්භක සූත්‍රයෙන් (බ්‍රහ්මජාල සූත්‍රයෙන්) ම මෙහෙම උච්ඡේදවාදියෝ ගැන කියලා තියෙනවා. මරණයෙන් පස්සේ සත්ත්වයාගේ පැවැත්ම සම්පූර්ණයෙන් ම විනාශවෙලා යනවා (උච්ඡේදයට පත්වෙනවා) කියලයි උච්ඡේදවාදියෝ කියන්නේ. මේ මිථ්‍යාදෘෂ්ටිය ගැන බ්‍රහ්මජාල සූත්‍රයේ මෙහෙම සඳහන් කරලා තියෙනවා.
“මහණෙනි, උච්ඡේදවාදී (සත්ත්වයා මරණින් සිඳී යේයැයි කියන) සමහර මහණ බමුණෝ ඇත්තාහු ය. ඔවුහු විද්‍යමාන වූ සත්ත්වයාගේ සිඳී යාම, විනාශය සහ නැතිවී යාම කරුණු හතකින් පණවති.”
මෙහෙම කියන මිථ්‍යාදෘෂ්ටිකයෝ හත් කට්ටුව අතර මුලින් ම ඉන්න පිරිස කියන්නේ මෙහෙම කතාවක්.
“සතර මහා භූතයන්ගෙන් හටගත් මවුපියන්ගේ සම්බන්ධයෙන් උපන් රූපයක් ඇති මේ ආත්මය ශරීරයෙන් වෙන්වීමෙන් නැතිවන්නේය, විනාශ වන්නේය, මරණින් මතු නොවන්නේ ය.”
දුදස්සන මේ ත්‍රිපිටක ධර්මය පිළිගන්නේ නෑ. මේ මිථ්‍යා දෘෂ්ටිකයා ත්‍රිපිටකය ගැන මෙහෙම කියනවා.
“සාහිත්‍යයක් කියන්නේ මොකක්ද? සත්‍යයත් පරිකල්පයත් අතර තියෙන දෙයක්නේ. ත්‍රිපිටකය කියන්නෙත් මොකක්ද? ලිඛිතමය ග්‍රන්ථයක්. ඒ ලිඛිතමය ග්‍රන්ථයක් කියලා කියද්දි ම ඒක ඇතුලේ සාහිත්‍යයක් තියෙනවා.”
ඉතින් දුදස්සන මේ විදිහටයි ත්‍රිපිටකය හෑල්ලුවට ලක් කරන්නේ.
දුදස්සන නිවන හඳුන්වන්නෙත් වඳවෙලා යෑමක්, හැඳිගෑවිලා යෑමක් විදිහටයි. ඉතින් දුදස්සන මෙහෙම කියනවා.
“ප්‍රායෝගිකව හිතුවහම නැවත ඉපදීම මුලින්ම නවත්තලා දැම්මේ ඩයිනෝසරයන්. මුලින් ම නිවන් ගිය සත්ව කොට්ඨාශය ඒ අයයි”
අවබෝධ කරගන්න ඕන සත්‍යයක් (පරමාර්ථ සත්‍යයක්) විදිහටයි ත්‍රිපිටක දේශනාව තුළ නිවන පැහැදිළි කරන්නේ. නිවන අවබෝධ කරගන්න ඕන. ඒ අවබෝධය ඇති කරගන්න පුළුවන්වෙන්නේ ප්‍රඥාව වර්ධනය කරගැනීමෙන්. මෝඩ අඥානයන්ට නිවන අවබෝධ කරගන්න බෑ. අවිද්‍යාව දුරුකිරීමෙන් නිවන අවබෝධවෙනවා. සත්‍යය අවබෝධ වෙනවා. ආලෝකය උදාවෙනවා. ප්‍රඥාව උදාවෙනවා.
ඉතින් නිවන් අවබෝධය සහ ඩයිනෝසර්ලා හැඳිගෑවිලා යෑම අතර සම්බන්ධයක් නෑ. නිවන් අවබෝධ කරගන්න තරම් ප්‍රඥාවක් ඩයිනෝසර්ලාට තිබුණා ද කියලා දුදස්සන කියන්නෙත් නෑ. නිවන කියන්නේ හුදු ජීවිත අවසනායක් විදිහට පැහැදිළි කරන දුදස්සනට එහෙම කියන්න ඕනකමකුත් නෑ.
දුදස්සන කියන්නේ බුද්ධ ශ්‍රාවකයෙක් නෙවෙයි. දුදස්සන ඉතාමත් පැහැදිළිව ම, අජිත කේෂකම්බලීගේ ශ්‍රාවකයෙක්. මරණයෙන් පසු පැවැත්ම අවසන්වෙනවා (උච්ඡේදවෙනවා) කියන අජිත කේෂකම්බලීගේ අදහස දුදස්සන ඒ විදිහට ම පිළිගන්නවා. ඉතින් දුදස්සන ඒ උච්ඡේදවාදී ධර්මය මේ විදිහට දේශනා කරනවා.
“මිනිසා භෞතික නිර්මාණයක්. පරලොවක් කියලා එකක් නෑ. දන්දීමෙන්, හොඳ - නරක කිරීමෙන් ලැබෙන ඵලයක් නෑ. ඉතින් හොඳ කළා, නරක කළා කියලා වෙනසක් නෑ. මෝඩයෙක් වේවා, නුවණැත්තෙක් වේවා, බුදුවරයෙක් වේවා, දේවදත්තයෙක් වේවා කය බිඳීමෙන් (මරණයෙන්) සියල්ල අවසන්වෙනවා. මරණයෙන් පස්සේ පැවැත්මක් නෑ. පැවැත්මේ අවසානය තීරණය කරන්නේ අපේ පැතුම් හෝ විශ්වාස විසින් නෙවෙයි. ඒක කරන්නේ සොබාදහමේ නිර්දය නියමයන් විසින්.”
ඉතින් දුදස්සන බෞද්ධයෙක් ද? දුදස්සන කියන්නේ බුද්ධාදී අට තැන ම එක විදිහට සැක කරන මිථ්‍යා දෘෂ්ටිකයෙක්. මෙහෙම කෙනෙක් මොන විදිහකින්වත් බෞද්ධයෙක් නෙවෙයි. ඒ හින්දා, තට්ටය ගාලා, සිවුරක් පොරවාගෙන හිටිය පමණින් දුදස්සනට “හාමුදුරුවෝ” කියලා කියන්න එපා.
- ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මේක තමයි මේ රටේ ලොකුම හමුදා පාවාදීම.. UN ප්‍රශ්න 27 ට රජය නිහඬයි.. - සරත් වීරසේකර
හිඟුරක්ගොඩ සමුපකාර ඉන්ධනහලේ ඩීසල් ටැංකියට පෙට්‍රල් බාලා..: මාලිමා මන්ත්‍රීගේ කළමනාකාරීත්වය නිසා සිදුවූ ලොකු පාඩුවක් ගැන හෙළිදරව්වක්..
හඳුනා නොගත් පියාඹන වස්තූන්වල රහස් ලිපිගොනු 40ක් අමෙරිකාව ප්‍රසිද්ධ කරයි.. - UFO අබිරහස් වීඩියෝ දර්ශන තුනකුත් එළියට..
අතීත උරුමයන් හා ජාතික විරුවන් නොසලකා හැරීමෙන් ජාතියක් ලෙස පැවතිය නොහැකියි.. - අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමි
මාතලේ ඓතිහාසික පුදබිම රැකගැනිම වෙනුවෙන් පූජ්‍ය ගලගම කුසලධම්ම හිමි නඩු මගට..
ත්‍රෛනිකායික මහා සංඝරත්නය ඇතුළු 5,000කගේ සහභාගීත්වයෙන් ජගත් බොදු සමුළුව අද ඇරඹේ..
ඉරාන හෝමූස් තරණය සාර්ථක වෙයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..
යාපනයේ 'මාතර ඇඹුල' කඩයේ කොටසක් කඩා දමයි..
නොවැම්බර් 30 වැනිදා දීපව්‍යාප්ත වැඩ වර්ජනයට වෘත්තීය සමිති රැසක් එක්වෙයි.. වර්ජනයට සහාය දෙන බව බව GMOA කියයි..
ඇමරිකානු මැතිවරණ සහ මාධ්‍ය වාර්තාකරණය පාලනය කිරීමට USAID මැදිහත් වූ බවට චෝදනා.. - රහස්‍ය ලේඛන මඟින් තොරතුරු රැසක් හෙළිවේ..
ලාල් කාන්ත පල් මෝඩයෙක් සේ අධිරාජ්‍යවාදීන්ගේ දීර්ඝ කාලීන වුවමනාවක් ඉටුකරනවාද?.. ගාස්තුවකට සේවය කරනවා ද? - ජාතික සංවිධාන ප්‍රශ්න කරයි
චීන – රුසියානු – ඇමරිකා සාකච්ඡා මැද ට්‍රම්ප් පරාජය පිළිගත්තාද?.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ජී. වීරසිංහගෙන් අනාවරණයක්..
යුද සමයේ ප්‍රහාර ගැන රජය ප්‍රසිද්ධියේ සමාව ගත යුතු යැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාල වාර්තාවකින් නිර්දේශ..
රුසියාවේ නීතිපතිවරයා සහ ශ්‍රී ලංකාවේ නීතිපතිවරයා අතර හමුවක්
සිවාජලිංගම්ට අවසන් ගෞරවය දක්වන්න ඇවිත් මහවිරු දිනයේ කතාවකුත් කරලා.. - සිවාජලිංගම්ගේ අවමංගල්‍යයට පැමිණි ඉන්දීය මන්ත්‍රීවරයාගේ සංචාරය ගැන ආචාර්ය සුරේන් රාගවන්ගෙන් දැඩි විවේචන
ඉන්දියාව අනුරාධපුර ව්‍යාපෘතිය පිළිබඳ සවිස්තරාත්මක යෝජනාවක් අපේක්ෂාවෙන් අරමුදල් තීරණය කිරීමට නියමිතයි..