මහබැංකු අධිපති නන්දලාල් IMF ඒජන්තයෙක්, තක්කඩියෙක්.. ඡන්දයක් ආවහම බලාගන්නම් යැයි එදා කියූ චතුරංග අබේසිංහගේ වීඩියෝවක් එළියට..
නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ ට එරෙහිව මැතිවරණයට පෙර සිදුකළ ප්‍රකාශයක් ඇතුළත් වීඩියෝවක් සමාජ මාධ්‍යයේ සංසරණය වන අතර එහිදී වත්මන් මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහට දැඩි විවේචන එල්ල කරන අයුරු දක්නට ලැබේ.
මහ බැංකු අධිපතිවරයා රජයෙන් හෝ ජනතාවගෙන් විමසීමකින් තොරව, කිසිදු නෛතික ප්‍රතිපාදනයකින් තොරව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) ඒජන්තයකු ලෙස ක්‍රියා කරමින් රට බංකොළොත් බව ප්‍රකාශ කිරීම හරහා රට "මර උගුලකට" හසුකළ බවට ඔහු එහිදී චෝදනා කර ඇත.
එම මර උගුලට රට හසුකිරීම සඳහා IMF මගින් මුදල් සපයා ඔහුව මෙරටට පත්කර එවූ බව තමන් දන්නා බවත්, ඉන් අනතුරුව සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවලට මෙන්ම සමස්ත ජනතාවටම විවිධ අවස්ථාවලදී දැඩි පීඩනයක් එල්ල වූ බවත් චතුරංග අබේසිංහ සඳහන් කරයි.
එසේම, "නව ලිබරල් ආර්ථික ක්‍රමය" රට තුළ ස්ථාපිත කිරීමට හෝ IMF සහ රනිල් වික්‍රමසිංහ සමඟ එක්ව රටේ වත්කම් විකුණා දැමීමට සූදානම් වන්නේ නම් ඊට කිසිසේත් ඉඩ ලබා නොදෙන බවත්, ඊළඟ මැතිවරණය පැමිණෙන තෙක් ජනතාව "පාඩමක් උගන්වන්නට" බලා සිටින බවත් ඔහු එදා පවසා තිබේ.
කෙසේ වෙතත්, චතුරංග අබේසිංහ එදා මෙලෙස දැඩි විවේචන එල්ල කළ නන්දලාල් වීරසිංහ මහතා අදටත් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයා ලෙස කටයුතු කරමින් සිටීම විශේෂත්වයකි.
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
මේක තමයි මේ රටේ ලොකුම හමුදා පාවාදීම.. UN ප්‍රශ්න 27 ට රජය නිහඬයි.. - සරත් වීරසේකර
හිඟුරක්ගොඩ සමුපකාර ඉන්ධනහලේ ඩීසල් ටැංකියට පෙට්‍රල් බාලා..: මාලිමා මන්ත්‍රීගේ කළමනාකාරීත්වය නිසා සිදුවූ ලොකු පාඩුවක් ගැන හෙළිදරව්වක්..
හඳුනා නොගත් පියාඹන වස්තූන්වල රහස් ලිපිගොනු 40ක් අමෙරිකාව ප්‍රසිද්ධ කරයි.. - UFO අබිරහස් වීඩියෝ දර්ශන තුනකුත් එළියට..
අතීත උරුමයන් හා ජාතික විරුවන් නොසලකා හැරීමෙන් ජාතියක් ලෙස පැවතිය නොහැකියි.. - අතිපූජ්‍ය නාරම්පනාවේ ආනන්ද හිමි
මාතලේ ඓතිහාසික පුදබිම රැකගැනිම වෙනුවෙන් පූජ්‍ය ගලගම කුසලධම්ම හිමි නඩු මගට..
ත්‍රෛනිකායික මහා සංඝරත්නය ඇතුළු 5,000කගේ සහභාගීත්වයෙන් ජගත් බොදු සමුළුව අද ඇරඹේ..
ඉරාන හෝමූස් තරණය සාර්ථක වෙයිද?.. - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්..
යාපනයේ 'මාතර ඇඹුල' කඩයේ කොටසක් කඩා දමයි..
නොවැම්බර් 30 වැනිදා දීපව්‍යාප්ත වැඩ වර්ජනයට වෘත්තීය සමිති රැසක් එක්වෙයි.. වර්ජනයට සහාය දෙන බව බව GMOA කියයි..
ඇමරිකානු මැතිවරණ සහ මාධ්‍ය වාර්තාකරණය පාලනය කිරීමට USAID මැදිහත් වූ බවට චෝදනා.. - රහස්‍ය ලේඛන මඟින් තොරතුරු රැසක් හෙළිවේ..
ලාල් කාන්ත පල් මෝඩයෙක් සේ අධිරාජ්‍යවාදීන්ගේ දීර්ඝ කාලීන වුවමනාවක් ඉටුකරනවාද?.. ගාස්තුවකට සේවය කරනවා ද? - ජාතික සංවිධාන ප්‍රශ්න කරයි
චීන – රුසියානු – ඇමරිකා සාකච්ඡා මැද ට්‍රම්ප් පරාජය පිළිගත්තාද?.. - ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ජී. වීරසිංහගෙන් අනාවරණයක්..
යුද සමයේ ප්‍රහාර ගැන රජය ප්‍රසිද්ධියේ සමාව ගත යුතු යැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාල වාර්තාවකින් නිර්දේශ..
රුසියාවේ නීතිපතිවරයා සහ ශ්‍රී ලංකාවේ නීතිපතිවරයා අතර හමුවක්
සිවාජලිංගම්ට අවසන් ගෞරවය දක්වන්න ඇවිත් මහවිරු දිනයේ කතාවකුත් කරලා.. - සිවාජලිංගම්ගේ අවමංගල්‍යයට පැමිණි ඉන්දීය මන්ත්‍රීවරයාගේ සංචාරය ගැන ආචාර්ය සුරේන් රාගවන්ගෙන් දැඩි විවේචන
ඉන්දියාව අනුරාධපුර ව්‍යාපෘතිය පිළිබඳ සවිස්තරාත්මක යෝජනාවක් අපේක්ෂාවෙන් අරමුදල් තීරණය කිරීමට නියමිතයි..