ශ‍්‍රී ලංකාවට ඩොලර් මිලියන 200ක් දුන් බව ලෝක බැංකුව කියලා...
මාලිමා ආණ්ඩුව කිසිම ආයතනයකින් හෝ සංවිධානයකින් කිසිම ණයක් ගෙන නැති බවට විජිත හේරත් අමාත්‍යතුමන් පැවසුවද අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධූරයට පත්වු පසු ලෝක බැංකුව විසින් ඩොලර් මිලියන 200ක ණයක් මෙරටට ලබා දුන් බව එම ආයතනයේ වෙබ් අඩවිය උපුටා දක්වමින් සර්වජන බලය කොළබ දිස්ත්‍රික් අපේක්ෂක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.
ඒ මහතා මේ බව සදහන් කර සිටියේ පිටකෝට්ටේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි. එහිදී පිවිතුරු හෙළ උරුමය නායකයා වැඩි දුරටත් මෙසේ අදහස් දැක්වීය.
"තමන්ගේ ආණ්ඩුව කිසිම ආයතනයකින් හෝ සංවිධානයකින් කිසිම ණයක් අරගෙන නැති බවට විජිත හේරත් ඇමතිතුමා ඊයේ කිව්වා. ඒක පට්ටපල් බොරුවක්. මම හැමෝටම ආරාධනා කරනවා www.worldbank.org කියන ලෝක බැංකු වෙබ් අඩවියට ගිහින් බලන්න. 2024 ඔක්තෝම්බර් 7දා අනුර කුමරු රජ වුණාට පස්සේ ලංකාවට ඩොලර් මිලියන 200ක ණයක් ලබා දුන්නු බව එහි සටහන් වෙනවා. දැන් එක්කෝ ලෝක බැංකුව බොරු කියනවා වෙන්න ඕනි. නැතිනම් ආණ්ඩුව බොරු කියනවා වෙන්න ඕනි. මේ කතා දෙකම ඇත්ත වෙන්න බෑ. ඒ නිසා බොරුව කියන්නේ ලෝක බැංකුව ද ආණ්ඩුව ද කියන එක කරුණාකරලා රටට කියන්න.
ඒ වගේම අනුර කුමරු ආණ්ඩුව ඊයේ වෙන විට භාණ්ඩාගාර බිල්පත් සහ භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමෙන් රුපියල් බිලියන 958.75ක් ණයට අරන්. තේරෙන් භාෂාවෙන් කිව්වොත් එක මාසයකට රුපියල් කෝටි 95,875ක් ණයට අරන්. ඒ කියන්නේ එක මාසයකට එක මිනිසෙක් රුපියල් 43,600ක් ණය කරලා මේක ගිනස් වාර්තාවක් බවට මට ලොකු විශ්වාසයක් තිබෙනවා. මේ ආණ්ඩුව බලයට එන විට ආණ්ඩුවේ ණය තිබුණේ රුපියල් කෝටි 30,600යි.මේ වේගයෙන්ම දිගටම ණය ගත්තොත් ආණ්ඩුව වසර පහක් සම්පූර්ණ කරන කොට ආණ්ඩුවේ ණය තුන් ගුණයකින් ඉහළ යනවා. මේ ඉලක්කම් මගේ නොවේ. ශ්‍රී ලංකා මහ බැංකුව ආණ්ඩුව ණයක් ගත් විගස ඒ පිළිබඳ තොරතුරු ඇතුලත් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරනවා. ඒවා මහ බැංකුවේ වෙබ් අඩවියෙන් ඕනෑම කෙනෙකුට බලා ගන්න පුළුවන්.
ආණ්ඩුව සල්ලි අච්චු ගහලා නෑ කියලා විජිත හේරත් ඇමතිතුමා කිව්වාට් නෑ අපි සල්ලි අච්චු ගැහුව්වා කියන එකයි මහ බැංකුවේ නිවේදනය සුපරික්ෂාවෙන් කියෙව්වොත් මහ බැංකුව කියන්නේ. සල්ලි අච්චු ගහනවා කියන්නේ නව මුදල් කෝට්ටු භාවිතයට එකතු කරනවා කියන එකයි. මහ බැංකුව කියන්නේ අපි ආණ්ඩුවට ණය දෙන්න සල්ලි අච්චු ගැහුව්වේ නෑ. ඒත් විදේශ විනිමය මිල දී ගැනීමටත් මූල්‍ය වෙළඳපොලේ ද්‍රවශීලතාවය කළමනාකරණය කිරීමටත් සල්ලි අච්චු ගැහුව්වා කියලා. සල්ලි අච්චු ගහනවා කියන්නේ නව නෝට්ටු වෙළඳ පොලට නිකුත් කිරීම නම් ඒකෙන් කියැවෙන්නේ නව නෝට්ටු නිකුත් කළ පමණින් එවකට ඉන්න මුදල් ඇමතිගේ අත්සන තිබෙනවා කියලා, මොකද මහ බැංකුව ආණ්ඩුවෙන් භාණ්ඩාගාර බිල්පත් මිල දී ගත්තාම දවස් දෙකකින් මුදල් ගෙවන්න ඕනි. ආප්ප දානවා වගේ සල්ලි ක්ෂණිකව අච්චු ගහන්න බෑ. සුදු ආප්ප තුනයි, බිත්තර ආප්පයයි, පැණි ආප්පයයි කිව්වම විනාඩි දහයෙන් ආප්ප 5 ම ලෑස්තියිය. මුදල් මුද්‍රණය සංකීර්ණය කටයුත්තක්නේ. Netflix එකේ මේ සම්බන්ධව චිත්‍රපට පවා තියෙනවා. අවශ්‍ය අයට බලන්න පුළුවන්. ඒ නිසා මුදල් නෝට්ටු අච්චු ගහලා ආරක්ෂිතව තැන්පත් කර තිබෙනවා අවශ්‍ය වුණාම නිකුත් කරන්න. දැන් එසේ තැන්පත් කරලා තියෙන තොග අවසන් වන තුරම රනිල් වික්‍රමසිංහ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස අත්සන් කල නෝට්ටු මිස අනුර කුමාර දිසානායක මහතා අත්සන් කල නෝට්ටු ලැබෙන්නේ නැ.
බැසිල් රාජපක්ෂ මහතා මාස 10ක් මුදල් ඇමති ධූරය දැරුවා. නමුත් ඔහුගේ නමින් කිසිම මුදල් නෝට්ටුවක් නිකුත් කරලා නෑ. ඒකෙන් කියැවෙන්නේ නෑ එයාගේ කාලයේ ආණ්ඩුව සල්ලි අච්චු ගහලා ණය ගත්තේ නෑ කියලා. ඒ යුගයේ භාවිතාවට නිකුත් කලේ මහින්ද රාපක්ෂ මුදල් ඇමති කාලයේ මුද්‍රණය කරලා ආරක්ෂිත ගබඩා වල තිබුණු මුදල් නෝට්ටු, ඒ නිසා ආණ්ඩුවක් මුදල් අච්චු ගහලා ණය ගත්තා ද නැද්ද කියන එක මුදල් නෝට්ටුවේ මුදල් ඇමතිගේ අත්සනින් සොයා ගන්න බෑ කියන එක විජිත හේරත් ඇමතිතුමාට පෙන්වා දෙන්න කැමතියි.
මේ යණ වේගයෙන් ණය අරගන්න ගියොත් නම් හිටපු මුදල් ඇමතිවරුනගේ අත්සන සහිතව ගබඩාවල ඇති මුදල් නොට්ටු ඉවර වෙලා අනුර කුමාර මහතාගේ අත්සන සහිත මුදල් නෝට්ටු භාවිතයට එකතුකරගෙන විජිත හේරත් මහතාගේ සිහිනය නුදුරු අනාගතයේම සැබෑවෙනු ඇතියි කියලා අකමැත්තෙන් වුනත් කියන්න වෙනවා."
මෙම මාධ්‍ය හමුව සදහා සර්වජන බලය කොළඹ දිසා අපේක්ෂකවරුන් වන සේනක මංගල ඊරියගොල්ල, කුමාර රාජරත්ත යන මහත්වරුන් ද සහභාගී විය.
– Media unit
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..
ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි
රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..
ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායකය 'දෙමළ ජන සංහාරයක්' නිල වශයෙන් පිළිගෙන නැහැ.. කොටි හිතවාදීන් ගොතන ලද ජන සංහාරක ප්‍රබන්ධය බිඳ වැටිලා.. - ආචාර්ය නෙවිල් හේවගේ
ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද..
"ජේවීපී එකෙන් මගෙ සිවුර ගලවනවා.. සිරගත වුනත් කවදාවත් මෙහෙම දෙයක් වෙලා නෑ මහත්තයෝ.." - අත්අඩංගුවට ගැනීමට පෙර ඥානසාර හිමි පැවසූ කතාව නීතිඥ සංජීව වීරවික්‍රම හෙළිකරයි..
අනුරාධපුර පූජා නගරය ගොඩනැගීමට ඉන්දියාවෙන් විශාල ආධාරයක් ලැබෙනවා.. - ජනපති ඉබ්බාගමුවේදී පවසයි
මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..
රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි
2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..
ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි