ආරුගම්බේ සිද්ධියට මාලදිවයින් ජාතිකයෙක් ඇතුළුව සැකපිට හයක් අල්ලලා – අල්ලපු හයටමට දින 90ක රැඳවුම් නියෝග
විදේශීය ත්‍රස්තවාදී සංවිධානවල අනුදැනුම මත, සංචාරකයන් ගැවසෙන ප්‍රදේශ ඉලක්ක කර ගනිමින් රට තුළ ප්‍රහාරයක් සැලසුම් කළ බවට සැකපිට තවත් සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම්දුන්නේය.
ආරක්ෂක අමාත්‍යවරයාගේ නියෝග මත සැකකරුවන් දින 90ක රැඳවුම් නියෝග යටතේ වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා රඳවාගෙන සිටින බව පොලිසිය අධිකරණයට දන්වා සිටියේය.
ආරුගම්බේ සිද්ධියට අදාළ වැඩිදුර විමර්ශන පිළිබඳ රහස්‍ය වාර්තාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ නිලධාරීහු අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේකර වෙත ඉදිරිපත් කරනු ලැබූහ.
ත්‍රස්තවාදය වැළක්වීමේ පනතේ විධිවිධාන යටතේ මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර, වැඩිදුර විමර්ශන කටයුතු කරගෙන යෑමට මහේස්ත්‍රාත්වරයාගේ අවසරය ලබාදෙන ලෙස පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
විදෙස් සංචාරකයන් බහුලව ගැවසෙන කලාපයක් ඉලක්ක කර ගනිමින් සැලසුම් කර ඇති ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වන නඩුවට අදාළ විශේෂ මෝසමක් ගොනුකරමින් රපොලිසිය මෙම තොරතුරු ඉදිරිපත් කර ඇත.
ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය විසින් ඉදිරිපත් කරන ලද තොරතුරු සහ විශේෂ වාර්තාව සමාලෝචනය කළ අතිරේක මහේස්ත්‍රාත්වරයා විමර්ශනවල ප්‍රගතිය නියමිත වේලාවට අධිකරණයට ඉදිරිපත් කරන ලෙස පොලිසියට නියෝග කර විමර්ශන ගොනුව සටහන් කර තැබීය.
මේ අතර, ආරුගම්බේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට සැකකරුවන් 6 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව නියෝජ්‍ය පොලිස්පති සහ පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතීඥ නිහාල් තල්දූව ප්‍රකාශ කළේය.
සඳුදා (28) මාලදිවයින් ජාතිකයකු අත්අඩංගුවට ගත් බවත්, සැකකරුවන් රැඳවුම් නියෝග යටතේ රඳවාගෙන ප්‍රශ්න කරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
- ceylonwire
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..
ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි
රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..
ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායකය 'දෙමළ ජන සංහාරයක්' නිල වශයෙන් පිළිගෙන නැහැ.. කොටි හිතවාදීන් ගොතන ලද ජන සංහාරක ප්‍රබන්ධය බිඳ වැටිලා.. - ආචාර්ය නෙවිල් හේවගේ
ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද..
"ජේවීපී එකෙන් මගෙ සිවුර ගලවනවා.. සිරගත වුනත් කවදාවත් මෙහෙම දෙයක් වෙලා නෑ මහත්තයෝ.." - අත්අඩංගුවට ගැනීමට පෙර ඥානසාර හිමි පැවසූ කතාව නීතිඥ සංජීව වීරවික්‍රම හෙළිකරයි..
අනුරාධපුර පූජා නගරය ගොඩනැගීමට ඉන්දියාවෙන් විශාල ආධාරයක් ලැබෙනවා.. - ජනපති ඉබ්බාගමුවේදී පවසයි
මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..
රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි
2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..
ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි