ඉදිරි අවුරුදු කිහිපයේදී විදුලි බිල සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු කරනවා... සමස්ත රටම ඩිජිටල්කරණය කරනවා - ජනපති අනුර
වත්මන් පාලනය යටතේ ඉදිරි වසර තුන ඇතුළත සමස්ත රට ඩිජිටල්කරණයට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.
ඩිජිටල්කරණය තුළින් ශ්‍රී ලංකාව වෙනම තලයකට ඔසවා තැබීමට හැකියාව තිබෙන බවත් ඩිජිටල්කරණයට අදාළ මැදිහත් වීම මේ වන විට වත්මන් රජය ආරම්භ කර ඇති බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළ කළේ වාණිජ මණ්ඩල නියෝජිතයන් සමඟ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවති සාකච්ඡාවකට එක්වෙමිනි.
වාණිජ මණ්ඩලයේ සාමාජිකයින් කිසිදු දීමනාවක් හෝ වැටුපක් නොලබා ආර්ථිකය ගොඩනැගීම වෙනුවෙන් සහාය ලබා දීමට ද මෙහිදී එකඟ විය.
රක්ෂණ ,බැංකු, ඉදිකිරීම්, සංචාරක, වැවිලි කර්මාන්ත, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක ගැටලු හා අනාගත ඉලක්ක පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි .
රටේ ආර්ථිකය ගොඩනඟමින් ඊට අනුරූපව ජනතාවට බදු සහන ලබා දීමට කටයුතු කරන බවද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය.
විදුලිය සහ බලශක්තිය ක්ෂේත්‍ර පිළිබඳ තීන්දු තීරණ ගැනීමේදී බලශක්ති ස්වාධිපත්‍යට ප්‍රමුඛතාව ලබා දෙන බවද නව විදුලි බල පනතක් සකස් කිරීමේදී බලශක්ති ස්වාධිපත්‍ය ගොඩනඟන දිශාවට අවශ්‍ය කටයුතු කිරීමට අවධානය යොමු වී ඇති බවද ජනාධිපතිවරයා අනාවරණය කළේය.
අකාර්යක්ෂමතාව, සේවක කළමනාකරණය සම්බන්ධයෙන් තීන්දු තීරණ ගන්නා බවත් කාර්යක්ෂම මහජන සේවාවක් සඳහා විදුලි බල මණ්ඩලයට අවශ්‍ය වෙනස්කම් සිදු කිරීමට කටයුතු කරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.
ඉදිරි අවුරුදු කිහිපය තුළ විදුලි බිල සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු කිරීම රජයේ අපේක්ෂාව බව ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.
අපනයන කර්මාන්තය දියුණු කිරීම සහ ජාත්‍යන්තර නව වෙළඳපොළ අවස්ථා සොයා ගැනීම තානාපති සේවයෙහි ප්‍රමඛ කාර්යක් බවත් ඒ සඳහා හැකියාව පවතින දක්ෂ නිලධාරීන් තානාපති සේවයට පත් කිරීමට කටයුතු කරන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වැඩිදුරටත් කියා සිටියේය.
ජාතික වාණිජ මණ්ඩලයේ සභාපති, GSH සිටි හොටෙල් හි කළමනාකරණ අධ්‍යක්ෂ හා ප්‍රධාන විධායක නිලධාරී දීපාල් නෙල්සන්, ජාතික වාණිජ මණ්ඩලයේ ලේකම්, රීජන් රිනීවර්බල්ස් ප්‍රයිවර්ට් ලිමිටඩ් හි කළමනාකරණ අධ්‍යක්ෂ හා ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය ලක්මාල් ප්‍රනාන්දු, සීමාසහිත සෙලින්කෝ ජෙනරල් රක්ෂණ සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂ
පැට්‍රික් අල්විස්, පෑන් ඒෂියා බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී නලින් එදිරිසිංහ ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.
– Media unit
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..
ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි
රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..
ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායකය 'දෙමළ ජන සංහාරයක්' නිල වශයෙන් පිළිගෙන නැහැ.. කොටි හිතවාදීන් ගොතන ලද ජන සංහාරක ප්‍රබන්ධය බිඳ වැටිලා.. - ආචාර්ය නෙවිල් හේවගේ
ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද..
"ජේවීපී එකෙන් මගෙ සිවුර ගලවනවා.. සිරගත වුනත් කවදාවත් මෙහෙම දෙයක් වෙලා නෑ මහත්තයෝ.." - අත්අඩංගුවට ගැනීමට පෙර ඥානසාර හිමි පැවසූ කතාව නීතිඥ සංජීව වීරවික්‍රම හෙළිකරයි..
අනුරාධපුර පූජා නගරය ගොඩනැගීමට ඉන්දියාවෙන් විශාල ආධාරයක් ලැබෙනවා.. - ජනපති ඉබ්බාගමුවේදී පවසයි
මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..
රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි
2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..
ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි