අලුත් පාස්පෝට් හරහා දැවැන්ත මුදල් වංචාවක් - පුබුදු ජයගොඩගෙන් අනාවරණයක්
විදෙස් ගමන් බලපත්‍ර සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුවත් ඒ හා සම්බන්ධ විශාල මහජන මුදල් වංචා වීමක් පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ විශේෂ මාධ්‍ය හමුවක් ජන අරගල සන්ධානය විසින් නුගේගොඩ දී පවත්වන ලදී
එහිදී අදහස් දැක්වූ ජන අරගල සන්ධානයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක පුබුදු ජයගොඩ.
” පහුගිය කාලේ ලංකාවේ පාස්පෝට් නිකුත් කිරීමේ ගැටලුවක් මතු වුණා. සාමාන්‍යයෙන් දවසට පාස්පෝට් 2800ක් පමණ ඉල්ලුමක් තිබුණත් පසුගිය කාලේ දවසට නිකුත් කලේ පාස්පෝට් 1000ක් විතරයි. ඊට හේතු වුණේ අලුත් වර්ගයේ පාස්පෝට් එකක් නිකුත් කිරීමට රජය ගත් තීරණය සහ එම තීරණය ක්‍රියාත්මක කිරීම බරපතල ලෙස ප්‍රමාද වීම. මෙතෙක් නිකුත් කළේ MRP (Machine Reading Passport). ඒ වෙනුවට චිප් එකක් සහිත, වඩා වැඩි ආරක්ෂක විශේෂාංග සහිත E Passport එකක් නිකුත් කරන්න රජය තීරණය කළා. එහෙම කරන්න නම් අලුතෙන් PKI (Public Key Infrastructure) එකක් අවශ්‍යයි. මුලින්ම ආව EOI (Expression of Interest) එකේ අලුතෙන් පාස්පෝට් කරන කෙනා PKI එකත් කළ යුතුයි කියලා තිබුණා. නමුත් ටෙන්ඩර් එකෙන් ඒක හැලුනා. අන්තිමට ටෙන්ඩර් කැඳෙව්වේ PKI නැතිව.
ටෙන්ඩර් කැඳවීමේ දී සමාගම් හතරක් ඉදිරිපත් වුණා. එයින් සමාගම් තුනක් තමයි සුදුසුකම් ලැබුවේ. ඒ අතරින් epic Lanka සමාගම එක්ක සම්බන්ධ peruriකියන සමාගම ඩොලර් 9.85ක් තමයි ඔවුන් ඉදිරිපත් කලා. ඊලඟට Irish කියන මැලේසියන් සමාගම එක්ක සම්බන්ධ metropoliton කියන සමාගම ඩොලර් 6.37ක් ඉදිරිපත් කරල තිබුණා. ප්‍රංශයේ thales සමාගමට සම්බන්ධ just in time කියන සමාගම ඩොලර් 5.02 ඉදිරිපත් කරල තියනවා. දැන් එතකොට මේකට අනුව අඩුම ප්‍රමාණය ඉදිරිපත් කරල තිබුණ just in time සමාගමට ටෙන්ඩරය ලබාදෙන්න තමයි තීරණය වුනේ. හැබැයි අවුරුදු 21ක් තිස්සෙ ලංකාවේ පාස්පෝට් නිකුත් කිරීම සඳහා මැදිහත් වුණ epic Lanka සමාගම මේ ටෙන්ඩර් කැඳවීමේ ප්‍රශ්නයක් තියනවා කියලා අධිකරණයට ගියා. ඒ කටයුත්ත එක්ක තමයි විද්‍යුත් පාස්පෝට් සම්බන්ධ කතාව පස්සට ගිහිල්ලා ලොකු පාස්පෝට් පෝළිමක් නිර්මාණය වුනේ.
දැන් මෙතන තියන ප්‍රශ්නෙ තමයි අධිකරණ නඩුවෙදි සාකච්ඡා වුණේ ටෙන්ඩර් කැඳවීමේ දෝෂයක් ගැන නෙමෙයි. Epic Lanka සමාගම දිගින් දිගටම කියල තිබුණෙ ලංකාවේ පාස්පෝට් නිකුත් කිරීමේ නෛතික බලය තියෙන්නෙ ඔවුන්ට ඒක නිසා වෙනත් සමාගමකට මේක ලබා දෙනවනං ඒ සඳහා ගෙවීමක් අවශ්‍යයි කියලා. නමුත් ආගමන හා විගමන දෙපාර්තමේන්තුව ඒකට විරුද්ධ වුනා. නමුත් අන්තිමේදි අධිකරණය කියලා තිබුණෙ ගෙවනවනං එක් පාස්පෝට් එකක් සඳහා ඩොලර් 1.5ක් තමයි ගෙවිය යුත්තේ සහ එහෙම ගෙවනවද නැද්ද කියන කාරණය කමිටුවක් මගින් තමයි තීරණය වෙන්න ඕන කියලා. දැන් කමිටුවක් පත් කරල තියෙන්නෙ හැබැයි ඒ කමිටුව තවම නිර්දේශයක් ඉදිරිපත් කරල නෑ.
දැන් epic Lanka සමාගම ලිපියක් පෙන්නමින් යනවා ලංකාවේ පාස්පෝට් නිකුත් කිරීමේ බලය ඔවුන්ට තමයි තියෙන්නෙ කියලා ලංකාව ගිවිසුමකට එළඹිලා තියෙන්නෙ කියලා. නමුත් ආගමන විගමන දෙපාර්තමේන්තුව කියනවා එහෙම ලිපියක් තමන් සතුව නෑ කියලා. දැන් අපිට තියන ප්‍රශ්නෙ තමයි epic Lanka සමාගම කියන විදිහෙ ගිවිසුමකට ආගමන විගමන දෙපාර්තමේන්තුව අත්සන් කලාද ? ඒ ගැන වහාම විමර්ශනයක් කරන්න ඕන. දැනට පාස්පෝට් ලක්ෂ හතහමාරක් නිකුත් කරනවා just in time සමාගම. ඒ නිකුත් කරන හැම පාස්පෝට් එකකටම ඩොලර් 1.45 ගාණේ ගෙවන්න වෙලා තියනවා epic lanka සමාගමට. එතකොට මෙතන ඩොලර් මිලියනයක් විතර මුදල් ප්‍රමාණයක්. මේක අනවශ්‍ය සහ විශාල මහජන මුදල් විනාශයක්. වහාම රජය මේ සම්බන්ධයෙන් වහාම තමන්ගේ ස්ථාවරයක් රටට කියන්න ඕන.
දැන් ඔය කියන epic Lanka සමාගම තමයි මීට කලින් ජාතික ඖෂධ නියාමන සංස්ථාවේ දත්ත වංචාව සම්බන්ධ ඡෝදනාවට ලක් වුනේ.
ඒක නිසා ජන අරගල සන්ධානය විදිහට අපි රජයට කියන්නේ වහාම මේකට අදාලව විධිමත් පරීක්ෂණයක් කරන්න. ඒවගේම තමයි ඩොලර් මිලියනක් මහජන මුදල් නිකං සමාගමට දෙන්න රජයට කිසිම අයිතියක් නෑ. ඒක නිසා වහාම ඒ කටයුත්ත නවත්තන්න මැදිහත් වෙන්න.
– Repoter
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..
ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි
රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..
ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායකය 'දෙමළ ජන සංහාරයක්' නිල වශයෙන් පිළිගෙන නැහැ.. කොටි හිතවාදීන් ගොතන ලද ජන සංහාරක ප්‍රබන්ධය බිඳ වැටිලා.. - ආචාර්ය නෙවිල් හේවගේ
ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද..
"ජේවීපී එකෙන් මගෙ සිවුර ගලවනවා.. සිරගත වුනත් කවදාවත් මෙහෙම දෙයක් වෙලා නෑ මහත්තයෝ.." - අත්අඩංගුවට ගැනීමට පෙර ඥානසාර හිමි පැවසූ කතාව නීතිඥ සංජීව වීරවික්‍රම හෙළිකරයි..
අනුරාධපුර පූජා නගරය ගොඩනැගීමට ඉන්දියාවෙන් විශාල ආධාරයක් ලැබෙනවා.. - ජනපති ඉබ්බාගමුවේදී පවසයි
මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..
රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි
2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..
ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි