ප්‍රතිපත්තිවල ලොකු වෙනසක් නැති දෙමළ දේශපාලන පක්ෂ කෑලි කැඩෙන්නේ ඇයි? – උතුරේ සංචාරය කරද්දී දෙමළ දේශපාලකයින්ගෙන් ජුලී අසයි
පසුගිය බදාදා නිකුත් කරන ලද එක්සත් ජනපද තානාපති කාර්යාලයේ සංචාරක අනතුරු ඇඟවීමෙන් පසු, නැගෙනහිර වෙරළේ සංචාරකයන්ට එල්ල විය හැකි ප්‍රහාර පිළිබඳව සිය පුරවැසියන්ට උපදෙස් දෙමින්, එක්සත් ජනපද තානාපති ජුලී චුන්ග් උතුරු පළාතේ සංචාරය කරමින් විවිධ පුද්ගලයින් හමුවෙමින් සිටියාය.
ඇයට මුණගැසුණු අය අතර දේශපාලනඥයන්, සිවිල් සමාජ සංවිධාන, යුද්ධයෙන් දිවි ගලවාගත් අය සහ යුද්ධයෙන් පීඩාවට පත් ප්‍රජාවන්ගේ නියෝජිතයන් ඇතුළත් විය.
සමස්ත ලංකා දෙමළ කොංග්‍රසයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් සමඟ පැවැති සාකච්ඡාවේදී ඇය විමසා සිටියේ මහමැතිවරණයට නාමයෝජනා කැදවූ දා සිට බොහෝ දෙමළ ජනතාවගේ සිත්වල දැවෙන අදාළ ප්‍රශ්නයකි. එනම්, ඔවුන්ගේ ප්‍රතිපත්තිවල සැළකිව යුතු වෙනසක් නොතිබියදීත් දෙමළ පක්ෂ කණ්ඩායම් කිහිපයකට කැඩී යන්නේ ඇයි? යන්නය.
2010 දී දෙමළ ජාතික සන්ධානයෙන් ඉවත්වූයේ ජනවාර්ගික ගැටුමට විසඳුම ලෙස 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිගැනීමට පක්‍ෂය ගත් තීරණය නිසා බවත්, නමුත් මෑත කාලයේ සන්ධානය කැඩීයනතුරුම අනෙකුත් පක්ෂ එම ස්ථාවරයේම රැඳී සිටි බවත් පවසමින් පොන්නමබලම් ඊට ප්‍රතිචාර දැක්වීය.
“ඇතැම් දෙමළ ප්‍රශ්න සම්බන්ධයෙන් ඔවුන් සියලුදෙනාම සමාන ස්ථාවරයක සිටියත්, ඔවුන් වෙන වෙනම තරඟ කරන්නේ මන්දැයි අපි දන්නේ නැහැ” යනුවෙන් පවසා ඇති පොන්නම්බලම්, එක්සත් ජනපද නියෝජිතවරිය තම කටයුතුවලදී අනෙක් පාර්ශ්වවලින් කෙළින්ම ඒ පිළිබඳව විමසිය යුතු බව සඳහන් කර ඇත.
- ceylonwire
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට එරෙහිව අභියාචනාධිකරණයේ නඩු දමයි..
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..
ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි
රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..
ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායකය 'දෙමළ ජන සංහාරයක්' නිල වශයෙන් පිළිගෙන නැහැ.. කොටි හිතවාදීන් ගොතන ලද ජන සංහාරක ප්‍රබන්ධය බිඳ වැටිලා.. - ආචාර්ය නෙවිල් හේවගේ
ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද..
"ජේවීපී එකෙන් මගෙ සිවුර ගලවනවා.. සිරගත වුනත් කවදාවත් මෙහෙම දෙයක් වෙලා නෑ මහත්තයෝ.." - අත්අඩංගුවට ගැනීමට පෙර ඥානසාර හිමි පැවසූ කතාව නීතිඥ සංජීව වීරවික්‍රම හෙළිකරයි..
අනුරාධපුර පූජා නගරය ගොඩනැගීමට ඉන්දියාවෙන් විශාල ආධාරයක් ලැබෙනවා.. - ජනපති ඉබ්බාගමුවේදී පවසයි
මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..
රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි
2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..
ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි