රන්ජන්ගේ සුගතදාසෙ රැස්වීමෙන් පසු උණුසුම් තත්ත්වයක්... පොරොන්දු වූ ප්‍රවාහන පහසුකම් සහ මුදල් නොදුන් නිසා සුගතදාස ක්‍රීඩාංගනය අසල ගැටුමක්...
රන්ජන් රාමණායක මහතාගේ මූලිකත්වයෙන් අලුතෙන් නිර්මාණය කළ පක්ෂයේ සමුළුවකට සහභාගී වුනු විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් බොහෝ ප්‍රමාණයක් රැලියෙන් පසු ඔවුන්ට පොරොන්දු වූ ප්‍රවාහන පහසුකම් සහ මුදල් ලබා නොදුන්නා යැයි කියමින් සුගතදාස ක්‍රීඩාංගනය අසල ඇතිකරගත් ගැටුමක් පිළිබඳව පුවතක් වාර්තා වී තිබේ.
මේ සම්බන්ධයෙන් අන්තර්ජාලයේ පළවූ එක්තර සටහනක සඳහන් වන්නේ පසුගිය කාලයේ මැතිවරණ රැළි සඳහා මෑන්පවර් සමාගම්වලින් මුදලට සෙනග සපයන බව වාර්තා වූ බවත්, එදිනෙදා වියදම් සපයා ගැනීමට විශ්ව විද්‍යාලවල සිසුන් මේ සඳහා යොමු වීම පිළිබඳව සිතා බැලිය යුතු බවත්ය.
අදාළ සටහන පහළින්...
මැතිවරණ රැලි සඳහා මෑන් පවර් සමාගම් වලින් මුදලට සෙනග සපයනව කියල පසුගිය කාලේ කතා වුනා..
ඒ සඳහා විශේෂයෙන් නගරාශ්‍රිත වතු සහ නිවාස යෝජනා ක්‍රම වල ජීවත් වෙන අඩු ආදායම් ජනතාව වැඩි වශයෙන් යොදාගන්නව කියල තමයි කියවුනේ..
නමුත් මේ ඊයේ සිදුවීමෙන් පෙනෙන්නේ ඒකෙම වෙනස් මානයක්..

ජනප්‍රිය සිනමා නලුවෙක්ගේ මූලිකත්වයෙන් අලුතෙන් නිර්මාණය කළා යැයි කියන පක්ෂයක සමුළුවකට සහභාගී වුනු විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් බොහෝ ප්‍රමාණයක් රැලියෙන් පසු ඔවුන්ට පොරොන්දු වූ ප්‍රවාහන පහසුකම් සහ මුදල් ලබා නොදුන්නා යැයි කියමින් සුගතදාස ක්‍රීඩාංගනය අසල ඇතිකරගත් ගැටුමක්...
මේ අලුතින් බිහිවූ පක්ෂයට එහෙම විශාල විශ්ව විද්යාල සිසුන් ප්‍රමාණයක් සහභාගී වෙන්න තරම් විශේෂත්වයක් තියෙනව ද?
සාමාන්යෙන් විශ්ව විද්‍යාල තුල දේශපාලනය කරන පෙරටුගාමීන්ට හෝ ජනතා විමුක්ති පෙරමුණට ඒ හැකියාව සහ විභවය තිබුනත් මේ රටෙන්ම අපේක්ෂක ලැයිස්තුව පවා හදාගන්න සාමාජිකයන් නැති, තමන් නියෝජනය කරන ප්‍රතිපත්තිය වත් තවම පැහැදිලිව ප්‍රකාශ කරගන්න බැරි වෙච්ච පක්ෂයකට එතරම් ප්‍රමාණයක් විශ්ව විද්යාල සිසුන් ඉන්නව කියන එක අභව්‍යයි.
ඊයේ ගැටුම් කාරී තත්වය තුල ඔවුන්ගේ ප්‍රතිචාරවලින් පෙනෙන්නේ ඔවුන් ඒ පක්ෂයේ සාමාජිකයන් නොවනවා පමණක් නෙවෙයි,අඩුම තරමේ සුබ පතන්නන්වත් නොව, හුදෙක් පෙනී සිටීම සඳහා පමණක් පැමිණි පිරිසක් බව...
විශ්ව විද්‍යාල තුල සිටින දරුවන් තමන්ගේ එදිනෙදා වියදම් සොයාගැනීම සඳහා වෙන වෙන කුඩා රැකියා/ප්‍රවර්ධන වැඩසටන් ආදියට සම්බන්ධ වෙන එක සාමාන්‍ය දෙයක්.
නමුත් මෙලෙස මෑන් පවර් සමාගම් වල කාර්‍යභාරය වෙනුවෙන් විශ්ව විද්යාල සිසුන් පාවිච්චි වීම නැවත සිතා බැලිය යුතු කාරණයක්...
එය ඔවුන්ගේ පුද්ගලිකව මුදලක් උපයා ගැනීම වෙනුවෙන් ද? එසේත් නැත්නම් ඔවුන් මෙහෙයවන පක්ෂයක් විසින් මුදලට ඔවුන් සහභාගි කෙරෙව්වා ද?
මෑන් පවර් සමාගම් හරහා නිර්මාණය කරන මේ කෘතිම රැලි වල අවසන් අරමුණ මොකක්ද?
-යටියන ප්‍රදීප් කුමාර

සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..