මිලියන 210 ට වඩා නැරඹූ 2017 වසරේ ලොව සංවේදී ම වෙළඳ දැන්වීම
අමිත්, ඔහු වෘත්තියෙන් රූපවාහිනි සකසන්නෙක්. ඔහුට දිනක් සුන්දර කාන්තා කටහඬකින් ඇමතුමක් ලැබෙනවා.
“අමිත් කරුණාකරලා හතට කලින් එන්න පුලුවන් ද?”
ඔහු ඒ ඉල්ලීම ඉතා කාරුණිකව පිළි ගන්නවා.
මාර්ගය ඉතා දුෂ්කර එකක්. දුර්ග සහිත මාවතේ පාලම් මතින් සීතල දරාගනිමින් අමිත් සහ ඔහුගේ ආයතනයේ රියදුරා ඒ රූපවාහිනි අලුත්වැඩියාව වෙනුවෙන් ගමනේ යෙදෙනවා.
ප්‍රධාන මාර්ගයට ගසක් කඩා වැටී ඇති බැවින් ඔවුන්ට වඩා අපහසු මාර්ගයක් තෝරා ගන්න සිදු වෙනවා. එහෙත් ඔවුන් ආපසු හැරී යන්නේ නැහැ. අසීරු මාර්ගය ඔස්සේ ඉදිරියට ඇදෙන අමිත්ට නැවත බාධකයක් මුණ ගැසෙනවා.
ඒ සමඟම අර තරුණිය ඔහුට යළි ඇමතුමක් ලබා දෙනවා.
“අමිත්, ඔබ ප්‍රමාද ද?”
ඒ සමඟම බාධාව කුමක්දැයි ඇයට ඇසෙනවා.
” චන්දු මාමාගේ බැටළු රංචුව නේද?”
අමිත් කෝප ගන්නේ නැහැ. බැටළුවන්ගෙන් මඟ හෙළිපෙහෙළි කරගෙන ඔහු යලි ගමනේ යෙදෙනවා. සන්ධ්‍යා කළුවර කෙමෙන් පරිසරය වෙළා ගනිද්දී පවා ඔවුන් ආපසු හැරී යන්නේ නැහැ.ගමනාන්තයට ළගා වෙන ඔහු යන්නේ කුඩා කන්දක් මත පිහිටි පැරණි නිවසක් වෙත.
නිවසේ සීනුවට ප්‍රතිචාර දක්වමින් සුන්දර කටහඬ හිමි තරුණිය ඔහු වෙත පැමිණෙනවා.
අමිත් ඉතා පුදුමයට පත් වන්නේ ඇය අන්ධ තරුණියක වූ බැවින්. අන්ධ තරුණියකට රූපවාහිනියක් කුමටද? නමුත් ඉතා ඕනෑකමින් අමිත්ව රූපවාහිනිය ඇති තැනට කැඳවා යන තරුණිය නියමිත වෙලාවට එය ප්‍රතිසංස්කරණය කළ හැකි දැයි ඔහුගෙන් විමසනවා.

අමිත් එය සකසන තුරු ඇය නොසන්සුන්. ඔහු රූපවාහිනිය සකසා ක්‍රියාත්මක කරද්දී ඉන්දියාවේ ජනප්‍රියම රූපවාහිනි රියැලිටි වැඩසටහනේ ආරම්භක හඬ ඇසෙනවා.
තරුණිය අසුනෙන් නැගිට යන්නේ සතුටින්. ඇය පසෙක වූ සීනුව නාද කරන්නේ ද සතුටින්.
“ඉක්මනින් එන්න.. වැඩසටහන පටන් ගත්තා”
අමිත් දිගින් දිගටම පුදුමයට පත් වෙනවා. පඩිපෙළ බැස පැමිණෙන හැම දරුවෙකුම අන්ධ දරුවන්. එකිනෙකාට වාරු වී පැමිණෙන ඔවුන් ඉතා පිළිවෙලකට සාලයේ අසුන් ගන්නවා.
තරුණිය අමිත්ගෙන් දුරස්ථ පාලකය ඉල්ලාගෙන රූපවාහිනිය ක්‍රියා කරවනවා. රියැලිටියේ ප්‍රථම තරඟකාරියගේ නම ඇසෙන්නේ දරුවන්ගේ ඔල්වරසන් හඬ මැද. ඈ ගී ගයද්දී හැම දරුවෙකුම ඉතා සතුටින් එය විඳ ගන්නවා.
“ඇය අපේ නේවාසිකාගාරයේ. ඒ විතරක් නෙවෙයි. ඒ මගේ හොඳම යෙහෙළිය”.
තරුණිය ඉතා ප්‍රීතිමත් ව අමිත්ට පවසනවා. සියල්ල අදහා ගත නොහැකිව ඔබමොබ බලන ඔහු දරුවන් ඒ ගීතය රස විඳින සතුට ප්‍රීතියෙන් සහ සංවේදීව අත් විඳිනවා.
සබඳතා ගොඩ නැගෙන්නේ අප සිතනවාට වඩා බොහෝ වෙනස් ලෙස. ඒ සංවේදී කතාව ඉතා සුන්දර සහ බොහෝ සංවේදී රූපරාමු පෙළක් ලෙස ලෝකයේ ජනප්‍රියම සමාගමක් වූ සැම්සුන් සමාගමේ වෙළඳ දැන්වීමක් ව නිකුත් වන්නේ 2016 දෙසැම්බර් තිස් වැනිදා.
එය 2017 වසරේ ලෝකයේ වැඩිම පිරිසක් නැරඹූ වෙළඳ දැන්වීමයි. ඒ මිනිත්තු හතර ඔබට කියන්නේ අනෙකා වෙනුවෙන් කැපවීම, රැකියාවට අවංක වීම,මානුෂිකත්වය ගැන පමණක් නෙවෙයි.
අපේ සමීපතමයන් විඳ ගන්නට කුමන බාධාවක් යටතේ වුවත් අපට හැකි විය යුතුයි. ඔවුන් වෙනුවෙන් අත්පොළොසන් නගන්නට අවශ්‍ය වෙන්නේ අපට ඔවුන්ව හදවතට දැනීම පමණයි.
- Nibandhika Wanninayake
(අන්තර්ජාලයෙන් උපුටාගන්නා ලදී.)

සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..