News Category
From Date
To Date
Maximum Number of Result

සුළඟට ගසාගෙන ගොස් තැන් දෙකක වැටුණු ගිරව්

Oct 25, 2024 at 12:40 PM
|

දෙරණ නාලිකාව අතීතයේ සිටම  ප්‍රවෘත්ති සහ කාලීන තොරතුරු අතින් රට ගැන ජාතික වාදය ජාතික ආරක්ෂාව වෙනුවෙන් විශේෂයෙන් පෙනී සිටි නාලිකාවක් බැවින් එය මගේ ප්‍රියතම නාලිකාව විය. 

එය ඔපවත් කළ ගිරවුන් දෙදෙනෙක් අතරින් චතුර අල්විස්  ඉන් එක් අයෙකු වූ අතර අනෙකා වූයේ දැනට දෙරණේ නොමැති දිල්කා සමන්මලීය. 

දිල්කා සමන්මලීට මෙරට සෞඛ්‍ය නිදහස් අධ්‍යාපනය ජාතිකත්වය පිළිබඳ ඉතා මනා අවබෝධයක් තිබූ කාන්තාවක් වූ අතර ඇය තාපසාරාමයට වැටුණු හොඳ ගිරවියෙක් බව මගේ වැටහීමයි.

පෞද්ගලික කාරණා හේතුවෙන් විදේශගතවීම නිසා ඇය දැනට දෙරණේ නැත ඒත් ඇය නුදුරු  අනාගතයේදී හෝ දෙරණට එකතු වේ යැයි බලාපොරොත්තු වෙමි. 

අනිකා වූ දෙරණ ඔපවත් කළ චතුර අල්විස්ය  උගත් මාධ්‍යවේදියෙක් වශයෙන් මා හැඳින ගෙන සිටියත්  ඔහුගේ මාධ්‍ය භාවිතාව තුළදී විටින් විට කතා කරනු ලබන පෞද්ගලික විශ්ව විද්‍යාලවලට ඉඩදීමේ මාතෘකාව සම්බන්ධයෙන් දැනුවත් මාධ්‍යවේදියෙක් හැටියට මට ඇත්තේ විශාල කුකුසකි එබැවින් මට ඔහු පෙනෙනුයේ තාපස අරාමයට නොව අනිත් පිල හෙවත් විකිණීමේ පිලට වැටුණු  ගිරවා මෙනි. 

ඔහු අද 2024/10/25 දින daily mirror  පුවත්පතේ එංගලන්ත මහා කොමසාරිස්ගේ වැකියක් උපුටා දක්වමින් මෙරට පෞද්ගලික විශ්ව විද්‍යාල ඇති කළ යුතු බවත් විශාල මුදල් ප්‍රමාණයක් එමගින් රටට අහිමිවන බවත් වෘත්තීය සමිති ඉල්ලීම් වලට ඉඩදී පෞද්ගලික විශ්ව විද්‍යාල ඇති නොකිරීමට රජය කටයුතු නොකළ යුතු බවත් දන්වයි. 

උගත් මාධ්‍යවේදියෙක් හැටියට මට ඔහුගෙන් පහත සඳහන් ප්‍රශ්න ඇසීමට උවමනාව ඇත කවුරුන් හෝ ඔහුට එය සන්නිවේදනය කරන ලෙස කාරුණිකව ඉල්ලමි. 

මෙරට පෞද්ගලික විශ්ව විද්‍යාල විශාල ප්‍රමාණයක් ඇත එසේම මුදල් ගෙවා ඉගෙනීමට රාජ්‍ය අර්ධ රාජ්‍යය සහ පෞද්ගලික වශයෙන් සහ විදේශයන්හි විශ්ව විද්‍යාල අනුබද්ධිත ආයතන විශාල ප්‍රමාණයක් ඇත එබැවින් පෞද්ගලික විශ්ව විද්‍යාලට ඉඩ නොදෙන්නේ මන්ද යන්න ඔහුගේ කතාව කුකුසකි.

මේ පෞද්ගලික විශ්ව විද්‍යාල හැර වෙනත් පෞද්ගලික විශ්ව විද්‍යාල යනුවෙන් ඔහු අදහස් කරනුයේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලද යන්න බරපතළ සැකයක් පැන නැගී එයට හේතුව ඔහු වෘත්තිය සමිති මෙයට ඈඳාගෙන තිබීමයි 

මෙරට පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවලට එරෙහි ප්‍රධාන වෘත්තීය කණ්ඩායම වන්නේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වන අතර එහි උගත් රටට ආදරේ කරන වෛද්‍යවරුන් කතා කරන්නේ ප්‍රමිතිය සම්බන්ධයෙන් රෝගීන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙනි. 

චතුර කියන මේ වෘත්තිය සමිතිය යනු රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයද??? 

එසේම දැනට රාජ්‍ය වෛද්‍ය පීඨ වලට යා නොහැකි සිසුන්ට රුපියල් ලක්ෂ 125 ක් ගෙවා  රාජ්‍ය ආරක්ෂාව යටතේ ඉගෙනීමට රජය විසින් පාලනය කරනු ලබන කොතලාවල වෛද්‍ය පීඨයද ඇත .

එසේම විදේශීය සිසුන්ට මෙරට වෛද්‍ය විද්‍යාල වල සීයට පහක කෝටාවක්ද වෙන්කර ඇත බොහෝවිට එම විදේශ සිසුන් වන්නේ විදේශයන්හි පදිංචිය ඇති මෙරට සිසුන්ය. 

චතුර කියන පරිදි එංගලන්තයට යන පනස් තුන් දහස අතරෙන් වැඩි ප්‍රමාණයක් යන්නේ ඔහුගේ ඊනියා මිත්‍යාව වෙනුවෙන්ද. 

කොහෙත්ම නැත එංගලන්තයේ වෛද්‍ය විද්‍යාලයකට යා යුතු නම්  ඒ තුන ලබාගත් සිසුන් දහසය දෙනෙකුගෙන් කෙනෙකුට පමණක් වෛද්‍ය විද්‍යාලයට යා හැකි අතර මෙරටින් එංගලන්තයේ වෛද්‍ය විද්‍යාව හැදෑරීමට යන සිසුන් ප්‍රමාණය අතේ ඇඟිලි ගණනටත් අඩුය.  

එසේ අහඹු ලෙස ගියත් ඔවුන් නැවත ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ නැත .

එයට හේතුව ඔවුන් උගත්කම පමණක් නොව ඉතා විශාල මුදල් ප්‍රමාණයක් ඒ සඳහා අය කිරීමයි .

පශ්වාත් වෛද්‍ය උපාධිය හැදෑරීමට නම් මෙරට වෛද්‍යවරුන් එංගලන්තයේ බලා යෑම සුලභ කරුණකි දැනට එසේ යන අයවලුන්ද මෙරටට නොපැමිණීමේ ප්‍රවණතාවයක් තිබේ.

එසේම එරටට යන පනස් තුන්දහස අතරින් කීදෙනෙක් නැවත ශ්‍රී ලංකාවට පැමිණේද යන්න බරපතලව සිතා බැලිය යුතුව ඇත. 

එංගලන්තයේ ඉගෙන ගතහොත් එංගලන්තයේම අමතර රැකියාවක් කරමින් එම මුදල් ප්‍රයෝජනයට ගනිමින් ඉගෙන ගැනීමටත් පසුව එහි නේවාසිකව විසීමට අවසර ගැනීමටත් එම පිරිසෙන් බහුතරයක් කටයුතු කරනු ඇත. 

මෙරට පෞද්ගලික විශ්ව විද්‍යාල ගම පුරා දැමුවත් පිටරට යන එක නවතින්නේ නැත. 

අප කළ යුතු වන්නේ එසේ විදේශයන් වෙත යන සිසුන්ගෙන් වැය වන විදේශ විනිමය ප්‍රමාණය නැවත ශ්‍රී ලංකාවට ගෙන්වා ගත හැකි වැඩපිළිවෙළක් සැකසීමයි එසේ නැතුව ඔවුන් අධෛර්යමත් කිරීම නොවේ .

එබැවින් මෙරට සිසුන්ගේ ඉගෙනීමේ ගමනාන්තය යුරෝපා රටවල් වීම බොහෝ වෙලාවට නේවාසිකව සිටීම දක්වා ඈතට යයි. 

මෙරටින් ජපානයේ ඉගෙනීමට යන ශිෂ්‍යයෙක්  කිසිදු අවස්ථාවක ඉතාමත් කලාතුරකින් හැර නැවත ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ නැත. 

අනෙකුත් දියුණු  රටවලත් එසේය  එහෙත් සිංගප්පූරුව පමණක් එයට ඉඩ දෙන්නේ නැත අමතර රැකියාවල් කිරීම තහනම්ය. 

අඩු වියදමකින් ඉගෙන ගැනීමට නම් ප්‍රමිතිය ගැන විශ්වාසය තැබිය නොහැකි ඉන්දියාව වැනි දකුණු ආසියානු කලාපයේ රටවලට යාමට හැකියාවක් ඇත. 

ඒත් අපේ රටේ සිසුන් එවැනි ගමනාන්ත තෝරා නොගන්නා අතර ඔවුන් ඉගෙනීම සඳහා යාමට උත්සාහ කරන්නේ ඕස්ට්‍රේලියාව නවසීලන්තය ජපානය ඇමරිකාව කැනඩාව එංගලන්තය වැනි දියුණු රටවල්ය. 

අඩු වියදමකින් වෛද්‍ය විද්‍යාව ඉගෙන ගැනීමට නම් රුසියාව චීනය වැනි රටක් තෝරා ගන්නා අතර , දකුණු ආසියානු කලාපයේ රටවල් තෝරා ගැනීම ඉතාමත්ම අල්පය. 

වාර්තා අනුව මෙරටින් පිටවන සිසුන්ගෙන් සියයට දෙකක ප්‍රමාණයක් පමණක් වෛද්‍ය විද්‍යාව ඉගෙන ගැනීමට යන අතර වත්මන් අර්බුද හේතුවෙන් දැනට එයද සීමා වී ඇත. 

කොතරම් පෞද්ගලික විශ්ව විද්‍යාල වෛද්‍ය විද්‍යාල තිබුනත් අසල්වැසි ඉන්දියාවේ සිසුන් මේ කලාපයේ වැඩිම විදේශ අධ්‍යාපනය ලබන සිසුන් වන අතර වෛද්‍ය විද්‍යාව සඳහා පමණක් වාර්ෂිකව විසිපන්දහසක් පමණ ඉන්දියාවෙන් පිටතට යනු ලබයි  

මෙරට ඔහු කියන විශ්ව විද්‍යාල ඇති කිරීමට අවශ්‍ය ආචාර්ය මහාචාර්යවරු කොහෙන්ද යන්න ඔහු පෙන්වා දිය යුතුව ඇත.

මෙරට විශ්ව විද්‍යාල වලටත් වෛද්‍ය විද්‍යාල වලටත් ගුරුවරුන් හිඟය තදින් බලපාන අතර විදේශයන්හි සිට අඩු පඩියට මෙරටට ගුරුවරුන් ඒදැයි සැක සහිතය.

ගුරුවරුන් නොමැති වීම හේතුවෙන් තවත් විශ්ව විද්‍යාල දමාගැනීමට නම් මෙරට රාජ්‍ය විශ්ව විද්‍යාල වසා දැමිය යුතුව ඇත.

චතුර කියන්නේ වෛද්‍ය විද්‍යාල  ගැන නම් මා ඔහු සමග කිසිසේත් එකඟ වන්නේ නැත. 

අඩු ගානේ ඔහුට මාධ්‍යවේදියෙක් වශයෙන් world health index  හෝ කියවා ගැනීමට උනන්දුවක් තිබිය යුතු ඇත නැතහොත් කියවා නැත. 

ඔහුගේ යටි හිත කියන පරිදි මෙරට පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ඇති කිරීමට ඉඩදී මෙරට සෞඛ්‍ය දර්ශක ඉන්දියාව පසුකර යෑමට අප කැමති නැත.

අප කැමැති වන්නේ ශ්‍රී ලංකාව සිංගප්පූරුව මෙන් වීමට දැකීමටය. 

ඔහුගේ නාලිකාවේ වැඩසටහනකට සහභාගි වූ එක්තරා උගත් මහාචාර්යවරයෙක් යැයි කියාගන්නා පුද්ගලයෙක් අප සිංගප්පූරුව මෙන් වීමට උත්සාහ කරන මුත් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල දැමීමට ඉඩ නොදෙන්නේ යැයි අතාර්කික බණක් දේශනා කරනු අප දැක ඇත. 

චතුර ඔවුන්ගෙන් බණ ඇසුවාදැයි අප දන්නේ නැත.

එහෙත් සිනහ යන කාරණාව නම් සිංගප්පූරුවේ  පෞද්ගලික වෛද්‍ය විද්‍යාල නැති බවයි.

එතරම් දියුණු සිංගප්පූරුව පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ඇති කිරීමට ඉඩ දෙන්නේ නැත මක්නිසාදයත් ප්‍රමිතිය ආරක්ෂා කළ යුතු බැවිනි. 

ඔවුන් ලෝක සෞඛ්‍ය දර්ශක වල පළවෙනි ස්ථානය පවා ලබාගෙන ඇත. 

චතුරට දෙරණේ ප්‍රමිතිය ආරක්ෂා කිරීමට හැකියාවක් ඇති මුත් ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය දර්ශක සෞඛ්‍ය ආරක්ෂාව බිඳ දැමීමට ප්‍රමිතිය විනාශ කිරීමට ඉඩ දීමට නොහැක. 

එය ඔහුට බණ කියන මහාචාර්යවරුන්ගෙන් නොව අඩුගානේ word  health index එක කියවා ගන්නා මෙන් කාරුණිකව දන්වමු.

- වසන්ත අල්විස්

සම්බන්ධිත පුවත් | Related News

"සීනි" කියන්නේ අපේ ජීවිතේට කොච්චර සමීප දෙයක්ද කියලා ඔබ කවදාහරි හිතලා තියෙනවද? උදේට බොන තේ එකේ ඉඳන්, දවල්ට කන බත් එකට දාන සෝස් එක, අතුරුපස, සහ රෑට බොන කිරි එක වෙනකම් හැමදේකම සීනි තියෙනවා.
කොළඹ කොටුවේ චැතම් වීදියේ තියෙන 'New Chinese Shop' එකට කවදාහරි ගිහින් තියෙනවද? එතන ඉන්නවා වින්ග්ලී චෙං මහත්මයා. ඔහුගේ පවුල ලංකාවට ඇවිත් තියෙන්නේ දෙවැනි ලෝක යුද්ධයෙන් පස්සේ. එදා ඉඳන් ඔවුන් මේ රටේ මිනිස්සු. කොළඹ ඉස්කෝල කීපයකටම නිල ඇඳුම් මහන්නේ ඔහු. මේ වගේ කතා ලංකාව පුරාම හැංගිලා තියෙනවා.
නව ප්‍රභූ පන්තියේ වත්කම් හෙළිදරව් වීම වැළැක්වීම සඳහා රජය විසින් නව පනතක් ගෙන ඒමට සූදානම් වන බවට සමාජ මාධ්‍ය ඔස්සේ තොරතුරු අනාවරණය කරයි.
ලෝනි විලිසන් (Loni Willison) කියන්නේ "තවත් එක්කෙනෙක්" විතරක් නෙවෙයි.
මීගමුව බන්ධනාගාර ගැටුමට පළිගැනීමක් ලෙස බන්ධනාගාර පොලිස් නිලධාරීන් දිගින් දිගටම රැඳවියන්ගෙන් පළිගැනීමේ චේතනාවෙන් කටයුතු කළ බව නීතිඥ මේජර් අජිත් ප්‍රසන්න පවසයි.
අලුත් රඟහලක ලොව ඇති හොඳම නාට්‍යය එකතුව බලන්න එකතු වෙන්න. අසමා රූපණ සරසවියට එන්න..
අලුත් රඟහලක ලොව ඇති හොඳම නාට්‍යය එකතුව බලන්න එකතු වෙන්න.
සිංහල භාෂාව සම්බන්ධයෙන් ඉන්දියාවේ ලියැවී ඇති පැරණි ලේඛන පිළිබඳව අවධානය යොමු කරමින් වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වේ.
ජාත්‍යන්තර මූල්‍ය ආයතනය (IIF) මඟින් නිකුත් කරන ලද 2026 නවතම වාර්තාවට අනුව, ආයෝජක සබඳතා සහ ණය විනිවිදභාවය (Investor Relations and Debt Transparency) යන අංශවලින් ලොව වේගයෙන්ම ප්‍රගතියක් අත්කරගන්නා (Fastest-Improving) රටවල් අතර හතරවැනි ස්ථානය (4th) ශ්‍රී ලංකාවට හිමිව තිබේ...

ප්‍රධාන පුවත්

කන්කසන්තුරේ තිස්ස රජමහා විහාරය දෙකට කරමින් මැදින් පාරක්.. අමරපුර නිකායේ දැඩි විරෝධය..

කන්කසන්තුරේ පිහිටි ඓතිහාසික තිස්ස රජමහා විහාර භූමිය දෙකඩ කරමින් බලහත්කාරයෙන් මාර්ගයක් ඉදිකිරීමට වලිකාමම් උතුර ප්‍රාදේශීය සභාව දරන උත්සාහයට ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ ශ්‍රී කල්‍යාණිවංශ පාර්ශ්වය සිය බලවත් විරෝධය පළ කර සිටියි.

''මේ රටේ ගෝඨාභය මරාදමා හෝ විදේශ මැදිහත් වීමෙන් අන්තර්කාලීන පාලනයක් ගොඩනගන්න හැදුවා.. ආණ්ඩුව පවාදීම් රැසක් මේ වන විට කර අවසන්.." - වෛද්‍ය වසන්ත බණ්ඩාර

ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා මරාදමා හෝ විදේශ මැදිහත්වීමකින් අන්තර්කාලීන පාලනයක් ගොඩ නැගීමට උත්සාහ දැරූ බවත්, ඒ බවට සාක්ෂි ඇති බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

සම්බුද්ධ ශාසනයේ ප්‍රධාන අංගයක් වන පෙරහැර විකාරයක් බව අගමැතිනිය කියන්නේ කොහොමද?.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර

සම්බුද්ධ ශාසනයේ සහ මෙරට සංස්කෘතියේ ප්‍රධාන අංගයක් වන පෙරහැර මංගල්‍යය විකාරයක් ලෙස අගමැතිනිය විසින් හඳුන්වන්නේ කෙසේදැයි දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා ප්‍රශ්න කරයි.

සවුදිය, තුර්කිය සහ පාකිස්ථානය 'නේටෝ' වැනි යුද සංවිධානයකට අවතීර්ණ වෙයි.. 'මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුම' අත්සන් තබයි..

සවුදි අරාබිය, තුර්කිය සහ පාකිස්ථානය එක්ව NATO ආකෘතියට සමාන අන්‍යෝන්‍ය ආරක්ෂක ගිවිසුමක් වන "මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුමට" (Makkah Joint Defence Agreement) අත්සන් තබා ඇත. සවුදි ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු, තුර්කි ජනාධිපති රෙසෙප් තයියිප් එර්ඩොගන් සහ පාකිස්ථාන අගමැති ෂෙහ්බාස් ෂරීෆ් විසින් අත්සන් කරන ලද මෙම ගිවිසුම මගින්, සාමාජික රටකට එල්ල වන ඕනෑම සන්නද්ධ ප්‍රහාරයක් අනෙක් රටවලටද එල්ල වූ ප්‍රහාරයක් ලෙස සැලකීමට එකඟ වී ඇත.

විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීමට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණය 2022 වසරේදී තීන්දු කරලා..

ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීම සඳහා ජනමත විචාරණයක් අවශ්‍ය බව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 2022 වසරේදී තීන්දු කර තිබේ.

වර්තමාන අර්බුද හමුවේ නාට්‍යකරුවන් අපේක්ෂාභංගත්වයට පත්වෙලා.. – නාට්‍යවේදී අඛිල සපුමල්

රටේ පවතින සමාජ, ආර්ථික හා දේශපාලන සංදර්භය හේතුවෙන් පොදු ජනතාව පමණක් නොව නාට්‍යකරුවන් පවා දැඩි අපේක්ෂාභංගත්වයකට පත්ව සිටින බව රාජ්‍ය සම්මානලාභී නාට්‍යවේදී අඛිල සපුමල් මහතා පවසයි.

ලොවටම සහන සැලසූ චීනයේ ගෝලීය සංවර්ධන මුලපිරුමට වසර 5යි: ගෝලීය දකුණේ අනාගතය වෙනුවෙන් චීනයෙන් නව පොරොන්දුවක්..

ලෝකය තවදුරටත් නොසන්සුන්කාරී සහ අස්ථාවර තත්ත්වයක පවතින, එමෙන්ම වැඩිවන සංවර්ධන අභියෝගවලට මුහුණ දෙන පසුබිමක, වඩා යහපත් අනාගතයක් නිර්මාණය කිරීම සඳහා චීන ගෝලීය සංවර්ධන මුලපිරුම (Global Development Initiative - GDI) එක්සත් ජාතීන්ගේ 2030 තිරසාර සංවර්ධන න්‍යාය පත්‍රය සමඟ ක්‍රමවත්ව ඒකාබද්ධ කිරීමට උත්සාහ කළ යුතු බව චීන විදේශ අමාත්‍ය වැං යී අඟහරුවාදා පැවසීය.

බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණියව අයින් කරන්න ආණ්ඩුවට අවශ්‍ය වුනා.. ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද යන්න ගැටළුවක්.. - නීතිඥ සංජීව වීරවික්‍රම

ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද? නැතිනම් අපරාධ නඩුවිධාන සංග්‍රහය යටතේ පොලිසිය මෙහෙයවනවා ද? යන්න බරපතළ ගැටළුවක් වී ඇති බව නීතිඥ සංජීව වීරවික්‍රම මහතා පවසයි.

බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර උච්ඡතම ස්ථානයකට පැමිණිලා.. ෂානක්කියන්ලා, සුමන්තිරන්ලාගෙන් බෞද්ධ උරුමය විනාශ කරන්න පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවටත් බලපෑම්.. දළදා පෙරහැරේ කරඬුව වඩම්මන ඇතුන්ටත් තහංචි වැටෙන ලකුණු!

වර්තමාන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව මෙරට බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර මාලාවේ උච්ඡතම ස්ථානයකට පැමිණ ඇති බවත්, පසුගිය කාලයේ යූටියුබ් සහ සමාජ මාධ්‍ය හරහා භික්ෂූන් වහන්සේලාට නින්දා අපහාස කිරීම මෙන්ම බුදුන් වහන්සේට පවා නින්දා අපහාස කරමින් ආගමික ඉගැන්වීම් පවා විකෘති කරමින් සිටින බවත් එහෙත් ඒ කිසිවකට එරෙහිව පියවර ගැනීම සිදුනොවන බවත් දේශහිතෛෂී ජාතික ව්‍යාපාරයේ මහ ලේකම් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා පවසයි.

උතුරු-නැගෙනහිර බෞද්ධ උරුමය විනාශ කිරීමට සැලසුම්සහගත ප්‍රහාරයක්.. පුරාවිද්‍යා වාර්තා වෙනස් කරන්න දෙමළ මන්ත්‍රීන්ගෙන් බලපෑම්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් සුවිශේෂී හෙළිදරව්වක්..

වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව බෞද්ධ ශිෂ්ටාචාරයට සහ උතුරු-නැගෙනහිර බෞද්ධ උරුමයන්ට එරෙහිව සැලසුම්සහගත ප්‍රහාර මාලාවක් ක්‍රියාත්මක වන බවට ජාතික සංවිධාන එකමුතුව චෝදනා කරයි.

පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් දන්වයි..

දිගු කලක් පුරා කල් ගොස් ඇති පළාත් සභා මැතිවරණ "හැකි ඉක්මනින්" පවත්වන ලෙසත්, දෙමළ ජනතාවගේ අභිලාෂයන් ඉටුකිරීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අදාළ ප්‍රතිපාදන සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරන ලෙසත් ඉන්දියාව ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් කළ බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනය කරයි.

ඇමරිකානු - ඉරාන යුද්ධය අවසන් ද? - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්

අන්තර්ජාල නාලිකාවක් සමග විශේෂ සංවාදයකට එක්වෙමින් ජාත්‍යන්තර දේශපාලන විශ්ලේෂක ආචාර්ය ජගත් චන්ද්‍රවංශ මහතා පෙන්වා දෙන්නේ ඇමරිකාව සහ ඉරානය අතර දැනට පවතින ගැටුම්කාරී තත්ත්වය හුදෙක් කෙටිකාලීන යුද්ධයකට වඩා ගැඹුරු භූ-දේශපාලනික බලපෑම් මත පදනම් වූ සංකීර්ණ සෙවනැලි යුද්ධයක් බවයි.

'පාස්කු ප්‍රහාරය ගැන විමර්ශකයින් පත්කරලා තියෙන්නේ කතෝලික පල්ලියෙන්' - අතරමැදි පෙත්සම්කරුවෝ අධිකරණයට කියති..

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම අභියෝගයට ලක් කරමින් ගොනු කර ඇති පෙත්සමට මැදිහත් වී කරුණු දක්වීම සඳහා ඉදිරිපත් කළ අතරමැදි පෙත්සම නිෂ්ප්‍රභ කරන ලෙස නීතිපතිවරයා අද (අගෝ: 04) අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටියේ ය.

ගම්මන්පිල, විමල්, දිලිත් ඇතුළු හය දෙනෙක් අධිකරණයට අපහාස කිරීමේ ප්‍රකාශ ගැන අභියාචනාධිකරණයට දැනුම් ‍දීමට තීරණ කළා.. - කොටුව මහේස්ත්‍රාත්

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන උදය ගම්මන්පිල, විමල් වීරවංශ, සහ අසංක නවරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර, සුගීෂ්වර බණ්ඩාර, මහින්ද පතිරණ යන පිරිස විසින් අධිකරණයට අපහාස වන අයුරින් මාධ්‍ය වෙත කරන ලද ප්‍රකාශ සම්බන්ධයෙන් අභියාචනාධිකරණයට දැනුම් දීමට තීරණය කරන බව කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා දැනුම් දෙන ලදී.

© 2024 Lanka Leader All Rights Reserved. | 
Powered By Smart eCampaign.