තල් වවලා පොල් කඩන්න බැහැ
මිස් ,මගෙ වයිෆ් මන් එපා කියද්දිම එයාගෙ තාත්තව වැඩිහිටි නිවාසෙක නැවැත්තුවා ,
මන් බඳිනකොටම එයාගෙ අම්ම නැති වෙලා ,එයා කොළඹ බෝඩ් වෙලා හිටියෙ ඔෆිස් යන නිසා , බැඳපු දවසෙ ඉඳල ගමේ ගිහින් එමු කියල කොච්චර කිව්වත් මගෙ වයිෆ් අමාලි කැමති වුනේම නැහැ ,
එක දවසක් බලෙන්ම වගේ තමා මම මෙයාව ගමේ එක්කන් ගියෙ ,ඒ ගියාම එයාගෙ තාත්ත එයාලගෙ නෑයෝ වෙන ගෙදරක දුක් විඳ ඉන්නව බලන්න බැරි කමට මන් මැදිහත් වෙලා තමා ඒ තාත්තව අපේ ගෙදර ගෙනාවෙ ,
එදා ඉඳල අමාලිගෙ හැසිරීම ටිකක් අමුතුයි ,හුඟක් තරහ යනවා අපේ පුතාව වත් තාත්ත ලඟට යවන්නෙ නැහැ ,එයාගෙම තාත්තා වුනත් කිසිම ආදරයකින් සලකනවා මන් දැකල නැහැ ,
ගිය සතියෙ මම ගෙදර එනකොට හැමෝටම හොරෙන් එයා තාත්තව වැඩිහිටි නිවාසෙකට ගිහින් දාලා , ඒ ගැන ඇහුවම අමාලි මුකුත් කියන්නෙ නැහැ ,
අමාලි මගෙ දෙමව්පියන්ට හුඟක් හොඳට සලකනවා ,එහෙම එකේ එයාගෙ මේ හැසිරීම මට දරාගන්න අමාරුයි ,මෙයාට මොකක් හරි මානසික ලෙඩක්වත්ද ?
මේ ඊයෙ සෙෂන් එකකදී කෙනෙක් ගෙනාපු ගැටළුවක් ,
ඉතින් ,මේකේ අනිත් පැත්ත ගැන බලන්න අමාලිට කථා කළා,
ආර්ථික හයිය තියෙද්දිත් ,මහත්තයා මෙච්චර කියද්දීත් ඔයා ඔයාගෙ තාත්තව වැඩිහිටි නිවාසෙක නවත්තන්න හිතුවෙ ඇයි ?
පැය බාගයක් විතර තිස්සෙ මේ ප්‍රශ්නෙ එක එක විදිහට අහල අහල අන්තිමට අමාලි මට උත්තරේ දුන්නා ,
ඇත්තම කිව්වොත් ඔය මනුස්සයව සල්ලි ගෙවල නිවාසෙකට දැම්මෙත් හස්බන්ඩ් බනියි කියල බයට ,හරිනම් එයාට එහෙමවත් කරන්න වටින්නෙ නැහැ මිස් ,
මගෙ කරුමෙටද කොහෙද මට අවුරුදු තුන හතරෙදි වෙච්ච දේවලුත් තාම මතකයි ,
නමට තාත්ත උනාට ඔය මනුස්සය අම්මටයි අයියටයි මටයි දස වද දුන්නා ,
මන් ඉස්සරහම අම්මට ලාම්පුතෙල් හලලා ගිණි තියන්න හදල තියනවා ,පොඩි කාලේ හැමදාම රෑට මන් ඉන්නෙ පේර ගහ උඩ ගුටිකන්න බයට ,දවසක් ගහේම නින්ද ගිහින් නින්දෙන් ගහෙන් වැටිලා දවස් ගානක් ඉස්පිරිතාලෙත් හිටියා ,
එයා බීලා ඇවිත් කුණු හරප නොකියපු දවසක් නෑ ,එක වේලක් අපිට කන්න දීල නැහැ ,අම්මා ගෙවල් වල වැඩ කරල අපිට කන්න දුන්නෙ
ඒ ඔක්කොමත් හරි ඉස්සර ඔය තාත්ත කියන මිනිහා මායි අයියයි ඉස්සරහම අම්මව බලෙන් ඇදගෙන අම්ම එක්ක අහවල් වැඩේ කරනවා
අම්මා වැඳ වැඳ කියනවා අනේ මගෙ දරුවෝ දකියි කියල ,ඒත් ඒ මිනිහට ගානක් වත් නෑ ,
අය්ය මේව දරාගන්න බැරිම තැන පොඩි වයසෙන් හමුදාවට බැඳිලා අවුරුදු 24 න් මැරිලා ගියා ,
මට අවුරුදු 19 දී අම්මා මරුනා ,දුක් විඳලා විඳලා පපුවෙ අමාරුව හැදිලා ,ඔය තාත්ත කියන මිනිහා මිනිය උස්සන වෙලාවෙත් බීලා රණ්ඩු කළා ,මිනියටත් ගල් වලින් ගැහුවා ,මාව එදා රෑම ගෙදරින් එලෙව්වා ,
සංසාරෙ පිනකට ලොකු අම්මා ඒක දැකල උඹ යමන් මන් එක්ක කියල මාව කොළඹ ගෙනත් පුළු පුළුවන් විදිහට ඉගැන්නුවා ,මායි ලොකුඅම්මයි බෝඩිමේ ඉඳන් බත් පැකට් විකුණුවේ ,අපිදස දුක් වින්දා ,
තාත්ත කරපු දේවල් අමතක කරගන්න බැරුව මට කාලයක් සිහිය විකල් වෙලා වගෙත් හිටියා ,අවුරුදු ගානක් බෙහෙත් බීල ගොඩ ආවේ ,
විඳපු දුක් වැඩි නිසාම වෙන්න ඇති මන් කොහොම හරි ඉගන ගත්තා ,
පස්සේ තමා රසිකව මට හම්බුනේ ,රසික නිසා මන් ආයෙ ඉපදුනා ,හැබැයි තාත්තා කරපු දේවල් මතක් වෙද්දී අදටත් මට බයයි ,
මේවා මට රසිකට වත් කියන්න බෑ ,
එයාගෙ බලකිරීමට සමාව දෙන්න කියල හිත හදාගෙන තාත්තව ගෙදර ගෙනාවට මගෙ දරුවව් වත් එයා ලඟට දෙන්න මට හිතෙන්නෙ නැහැ ,මන් කොච්චර උත්සහ කලත් ඒ මනුස්සය් අම්මට මට අයියට දීපු වද කන්දරාව මට අමතක කරන්න බැහැ ,අම්ම මරුන විදිහ අමතක කරන්න බැහැ ,
ඇත්තම කිව්වොත් තාත්ත උනාට ඒ වැඩිහිටි නිවාසෙකටවත් ගිහින් දාන්න හොඳ මිනිහෙක් නෙමෙයි ,
ඊයෙ එතන ඉන්න මිස්ගෙන් ඇහුවමත් කිව්වෙ මෙතැන හොඳ දෙමව්පියෝත් ඉන්නවා ,හැබැයි මෙතනට එන දරුවෝ කියන විදිහට මේ ඉන්න හුඟක් මිනිස්සු දැන් හොඳයි වගේ පෙනුනට පුළුවන් කාලෙ එච්චර හොඳ මිනිස්සු වෙන්න බෑ කියල ..
පිට ඉඳන් බලනකොට මන් වැරදි ඇති ,හැබැයි මන් දන්නවා මන් වැරදි නැහැ ,අමාලි කිව්වෙ එහෙම ,
.......................
මගෙ උපදේශන ජීවිතේ මට මෙහෙම කථා ගොඩක් හම්බෙනවා ,අම්මා තාත්ත කියන නම ඇහුන ගමන් අපෝ මොන දේ උනත් දෙමව්පියන්ට සලකන්න ඕනෙ කියන සමාජයක් ඇතුලෙ වැඩිපුර කථා නොකලට දෙමව්පියෝ නිසා විනාශ වුන දරුවන්ගෙ ජීවිත ඕන තරම් තියනවා ,
දෙමව්පියො නිසා අසරණ වුනු මානසිකව ලෙඩ වුනු ජීවිතත් ඕන තරම් ඉන්නවා ,
ඒ නිසා කවුරු හරි කෙනෙක් මගෙ අම්මා තාත්ත මට මෙහෙම කරදර කළා කියද්දී අනේ කවදාවත් එහෙම කියන්න එපා අම්මල තාත්තල කවදාවත් දරුවන්ට එහෙම කරන්නෙ නැහැ කියන අන්තයට යන්න එපා ,
ඔබේ අම්මා තාත්ත හොඳ වුනු පමණින්ම මේ ලෝකෙ ඉන්න හැම අම්මා තාත්තම හොඳයි කියල තීරණය කරන්න බැහැ .
අම්ම තාත්ත කියන නම හම්බුන පමණින් ඒ මිනිස්සු දෙමව්පියෝ වෙන්නෙ නැහැ වගේම ,
දරුවො දෙමව්පියන්ට නොසලකු පමණින් ඒ දරුවො අපරාධකාරයො වෙන්නෙත් නැහැ ..
දෙමාපියෝ විදිහට පුළුවන් කාලෙ දරුවන්ට දස වද දීලා වයසට ගියාම අනේ අපේ දරුවො සළකන්නේ නෑ කියනවනම් ,කියන්න තියෙන්නෙ මෙච්චරයි ,
තල් වවලා පොල් කඩන්න බැහැ ,එච්චරයි ..
වැව්වේ තල් නම් කඩන්න වෙන්නෙත් තල් ම තමයි ...!!
අනිශා ජයකොඩි ✍️
Anisha Jayakody
(Psychological counsellor )
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
කන්කසන්තුරේ තිස්ස රජමහා විහාරය දෙකට කරමින් මැදින් පාරක්.. අමරපුර නිකායේ දැඩි විරෝධය..
''මේ රටේ ගෝඨාභය මරාදමා හෝ විදේශ මැදිහත් වීමෙන් අන්තර්කාලීන පාලනයක් ගොඩනගන්න හැදුවා.. ආණ්ඩුව පවාදීම් රැසක් මේ වන විට කර අවසන්.." - වෛද්‍ය වසන්ත බණ්ඩාර
සම්බුද්ධ ශාසනයේ ප්‍රධාන අංගයක් වන පෙරහැර විකාරයක් බව අගමැතිනිය කියන්නේ කොහොමද?.. - වෛද්‍ය වසන්ත බණ්ඩාර
සවුදිය, තුර්කිය සහ පාකිස්ථානය 'නේටෝ' වැනි යුද සංවිධානයකට අවතීර්ණ වෙයි.. 'මක්කා ඒකාබද්ධ ආරක්ෂක ගිවිසුම' අත්සන් තබයි..
විනිසුරුවන්ගේ විශ්‍රාම යෑමේ වයස අවුරුදු 67 දක්වා දිගු කිරීමට ජනමත විචාරණයක් අවශ්‍යයි.. - ශ්‍රේෂ්ඨාධිකරණය 2022 වසරේදී තීන්දු කරලා..
22වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ගැසට් කෙරේ..
වර්තමාන අර්බුද හමුවේ නාට්‍යකරුවන් අපේක්ෂාභංගත්වයට පත්වෙලා.. – නාට්‍යවේදී අඛිල සපුමල්
ලොවටම සහන සැලසූ චීනයේ ගෝලීය සංවර්ධන මුලපිරුමට වසර 5යි: ගෝලීය දකුණේ අනාගතය වෙනුවෙන් චීනයෙන් නව පොරොන්දුවක්..
බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණියව අයින් කරන්න ආණ්ඩුවට අවශ්‍ය වුනා.. ආණ්ඩුව දේශපාලනිකව පොලිසිය මෙහෙයවනවා ද යන්න ගැටළුවක්.. - නීතිඥ සංජීව වීරවික්‍රම
බෞද්ධ සභ්‍යත්වයට එරෙහිව දියත්වන ප්‍රහාර උච්ඡතම ස්ථානයකට පැමිණිලා.. ෂානක්කියන්ලා, සුමන්තිරන්ලාගෙන් බෞද්ධ උරුමය විනාශ කරන්න පුරාවිද්‍යා දෙපාර්තුමේන්තුවටත් බලපෑම්.. දළදා පෙරහැරේ කරඬුව වඩම්මන ඇතුන්ටත් තහංචි වැටෙන ලකුණු!
මැගසින් බන්ධනාගාරය තුළ නොසන්සුන්තාවක්..
උතුරු-නැගෙනහිර බෞද්ධ උරුමය විනාශ කිරීමට සැලසුම්සහගත ප්‍රහාරයක්.. පුරාවිද්‍යා වාර්තා වෙනස් කරන්න දෙමළ මන්ත්‍රීන්ගෙන් බලපෑම්.. - වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් සුවිශේෂී හෙළිදරව්වක්..
පළාත් සභා ඡන්දය ඉක්මනින් පවත්වන්නැයි ඉන්දියාවෙන් දන්වයි..
ඇමරිකානු - ඉරාන යුද්ධය අවසන් ද? - ආචාර්ය ජගත් චන්ද්‍රවංශගෙන් අනාවරණයක්
'පාස්කු ප්‍රහාරය ගැන විමර්ශකයින් පත්කරලා තියෙන්නේ කතෝලික පල්ලියෙන්' - අතරමැදි පෙත්සම්කරුවෝ අධිකරණයට කියති..
ගම්මන්පිල, විමල්, දිලිත් ඇතුළු හය දෙනෙක් අධිකරණයට අපහාස කිරීමේ ප්‍රකාශ ගැන අභියාචනාධිකරණයට දැනුම් දීමට තීරණ කළා.. - කොටුව මහේස්ත්‍රාත්