සුද්දන්ගේ කාලේ අපි කඩ්ඩ වනපු හැටි
👉 රූපයේ දැක්වෙනුයේ බි්‍රතාන්‍ය පාලනය පැවති 1883 වර්ෂයේ මෙරට ප්‍රසිද්ධ ඉගැන්වීමේ දෙපාර්තමේන්තු ප්‍රධානියා වූ එච්. ඩබ්. ග්‍රීන් විසින් සිය පරිපාලන වාර්තාවල තැබූ සටහනකි.
👉 එකල බි්‍රතාන්‍ය පාලනය යටතේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් ලබාදුන් අධ්‍යාපනයේ අසාර්ථක බව පිළිබඳ මෙය කදිම විවරණයක් වන අතර, එකල අධ්‍යාපනය භාරව සිටි සුදු නිලධාරීන්ගේ වාර්තාවල මෙවැනි ප්‍රකාශ බොහොමයක් දක්නට ලැබේ.
👉 එතැනින් නොනැවතී මව් භාෂාවෙන් අධ්‍යාපනය ලබාදීමේ වැදගත්කම අවධාරණය කරමින් ඊට අදාළ යෝජනාද එකල මුලින්ම ඉදිරිපත් කර ඇත්තේ ග්‍රීන් මහතා ඇතුළු යටත්විජිත නිලධාරීන් විසිනි.
👉 කන්නංගර මහතා විසින් පසුකාලීනව මව් භාෂා අධ්‍යාපනය රජයේ ප්‍රතිපත්තියක් බවට පත් කරනුයේ සියවසකට වැඩි කාලයක් තිස්සේ දෙස් විදෙස් විවිධ පාර්ශ්වවලින් මතු වූ යෝජනා, ඉල්ලීම් සැලකිල්ලට ගනිමිනි.
👉 බොහෝ දෙනා සිතා සිටින පරිදි මව් භාෂාවෙන් ඉගැන්වීම සහ බණ්ඩාරනායක අතර කිසිදු සම්බන්ධයක් නොමැති අතර, බණ්ඩාරනායක බලයට පත්වීමට දශකයකට පමණ පෙර එය ක්‍රියාවට නංවන ලද්දේ කන්නංගර මහතා විසිනි.
👉 එමෙන්ම ඊටත් පෙර සිට ක්‍රියාත්මක වූ සිංහල මාධ්‍යයෙන් උගන්වන පාසල් විශාල ප්‍රමාණයක් ලංකාව තුළ ක්‍රියාත්මකව තිබිණි.
👉 වැදගත්ම කාරණය වූයේ බි්‍රතාන්‍යයන් විසින් ඉංග්‍රීසි මාධ්‍යයෙන් ලබාදුන් අධ්‍යාපනය අසාර්ථක එකක් වීමය. සංගණන වාර්තා අනුව කෝල්බෲක් ප්‍රතිසංස්කරණවලින් වසර සීයකට ආසන්න කාලයකට පසුවත් ලංකාවේ ඉංග්‍රීසි දන්නා ජනගහනය සීයට හතක් තරම් සුළු අගයක පැවතිණි.
👉 එහෙත් මේ ඉතිහාස කාරණා කිසිවක් නොදන්නා ලංකාවේ උගත් නූගත් බොහෝ දෙනා තවමත් ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යාපනය ගැන පාරම් බාති. සුද්දන්ගේ කාලයේ ලංකාව එංගලන්තයක් වන්නට ඇතැයි සිතා සිටිති. ඒ සිහින දේශය අපට අහිමි කළේ බණ්ඩාරනායකගේ තනි පුද්ගල තීරණයක් නිසා යැයි සිතමින් තවමත් බණ්ඩාරනායකට බැණ වදිති.
👉 අප කළ යුත්තේ හැඟීම් හා හිතලු මත නොව කරුණු මත ඉතිහාසය පිළිබඳ නිගමනවලට එළැඹීමය.
- ඉසුරු ප්‍රසංග
මූලාශ්‍ර - ලංකාවේ අධ්‍යාපනය සියවස ප්‍රකාශනය 1 කාණ්ඩය (1969)

සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
"උසාවි එද්දි සිවුර ගලවන්න බෑ".. - වෛද්‍ය වසන්ත බණ්ඩාර බන්ධනාගාර නිත්‍ය නියෝග පෙන්වමින් හෙළිකරයි..
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..