පාස්පෝට් තොගය ලැබුණේ අපි නිසා... වත්මන් ආණ්ඩුවේ මහන්සියෙන් නොවෙයි - ටිරාන් අලස් කියයි
විදෙස් ගුවන් ගමන් බලපත්‍ර තොගය මෙරටට හිමිවූයේ වත්මන් රජයේ මහන්සියෙන් නොව පසුගිය රජයේ තම මූලිකත්වය මත ගත් තීරණයක ප්‍රතිඵලයක් ලෙසින් යැයි හිටපු මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් මහතා පවසයි.
විදෙස් ගුවන් ගමන් බලපත්‍ර ප්‍රශ්නය සහ නව ගුවන් ගමන් බලපත්‍ර තොගය ලැබීම පිළිබඳ ජනාධිපති අනුර කුමාර දිසානායක සහ මහජන ආරක්ෂක ඇමැති විජිත හේරත් කළ ප්‍රකාශයන්ට ප්‍රතිචාර දක්වමින් හිටපු ඇමැති ටිරාන් අලස් මේ බව කියා සිටියේය.
"ගුවන් ගමන් බලපත්‍ර ලබාදීම වසර විසි එකක කාලයක් එකම සමාගමක් විසින් සිදුකර තිබෙනවා. ඒ සමාගම මේ කාලය තුළ පාස්පෝට් පොත් එක් කෝටි දස ලක්ෂයක් ලබාදීල තියෙනවා. විද්‍යුත් පාස්පෝර්ට් නිකුත් කිරීමේ අවශ්‍යතාව මත දෙස් විදෙස් සමාගම්වලින් ඊ පාස්පෝර්ට් සඳහා ටෙන්ඩර් කැඳවීමක් සිදුකර, සමාගම් තුනක් අතරින් තෝරාගත් සමාගමකින් පාස්පෝර්ට් පොත් ලක්ෂ පහක ප්‍රමාණයක් එක් හිස් පොතක් ඇමරිකන් ඩොලර් 5.6ක ලංසුවකට මිලදී ගැනීමට තීරණය කළා.
එම සමාගමේ ඇණවුම නොවැම්බර් මාසයේ දී ලැබීමට තිබුණත් හිස් පාස්පෝර්ට් ශේෂ වීම මත ඉලෙක්ට්‍රෝනික චීපය නොමැති පාස්පෝට් ප්‍රමාණයක් කඩිනමින් ලබාදෙන ලෙස අපි ඉල්ලිම් කළා. චීපය නොමැති පාස්පෝට් ප්‍රමාණයක් ලැබීමට තිබුණේ ඔක්තෝබර් 20. ඒ නිසා තමයි අපි 20 වැනිදා වෙනකල් අත්‍යවශ්‍යම අයට පමණක් පාස්පෝට් නිකුත් කිරීම සීමා කළේ. මේ පාස්පෝට් හිස් පොත් ලැබුණේ පසුගිය රජයේ මහන්සියක ප්‍රතිඵලයක් විදිහට"
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
චීන–ලාඕස දුම්රිය මාර්ගයේ වෙළෙඳ වටිනාකම යුවාන් බිලියන 100 ඉක්මවයි.. ලාඕසය කලාපීය ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් බවට..
ට්‍රම්ප්ගේ ආදර්ශය අනුව රුසියාව සමඟ ඩීසල් ගනුදෙනුවකට එළඹෙනු- ජර්මානු විපක්ෂය පවසයි
රුසියාව සහ යුක්‍රේනය බලශක්ති ප්‍රහාර අත්හිටුවීමට එකඟ වී තිබෙනවා – ට්‍රම්ප්
නේපාලයට යළිත් මහා ගංවතුරක් – නිවාස හා පාලම් ගසාගෙන යයි (වීඩියෝ)
හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල්ගත කෙරේ..
ඔන්ටාරියෝ ව්‍යවස්ථාදායකය 'දෙමළ ජන සංහාරයක්' නිල වශයෙන් පිළිගෙන නැහැ.. කොටි හිතවාදීන් ගොතන ලද ජන සංහාරක ප්‍රබන්ධය බිඳ වැටිලා.. - ආචාර්ය නෙවිල් හේවගේ
ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද..
"ජේවීපී එකෙන් මගෙ සිවුර ගලවනවා.. සිරගත වුනත් කවදාවත් මෙහෙම දෙයක් වෙලා නෑ මහත්තයෝ.." - අත්අඩංගුවට ගැනීමට පෙර ඥානසාර හිමි පැවසූ කතාව නීතිඥ සංජීව වීරවික්‍රම හෙළිකරයි..
අනුරාධපුර පූජා නගරය ගොඩනැගීමට ඉන්දියාවෙන් විශාල ආධාරයක් ලැබෙනවා.. - ජනපති ඉබ්බාගමුවේදී පවසයි
මමත් මාලිමාවට රැවටුනා.. ඥානසාර හාමුදුරුවෝ හිරේ ඉන්නකොට ගැටුමක් ඇතිකරලා කරන්න හදපු දේත් අපිට ආරංචි වුනා.. - මහාචාර්ය පූජ්‍ය පාතේගම ඤානිස්සර හිමිගෙන් ප්‍රබල අනාවරණයක්..
රුසියාවෙන් ඇමරිකාවට ඩීසල්.. ට්‍රම්ප් සහ පුටින් අතර ඓතිහාසික ගිවිසුමක්.. - යුක්රේනයට අලුත් ජනපති කෙනෙක් පත් කරගන්නැයි ට්‍රම්ප් කියයි
2022න් පස්සෙ ළමා රෝහලට ඩොනේෂන් ගත්තේ නැතිනම් ලැබිච්ච දේවල් වලට මොකද වුනේ?.. 2026 ඔක්තෝබර් වෙනකල් තොරතුරු වෙබ් අඩවියේ තිබුනා.. ඒත් දැන් නෑ.. - වෛද්‍ය චමල් සංජීවගෙන් බරපතළ හෙළිදරව්වක්..
ඥානසාර හිමිට දුන් ජනපති සමාව ගැන රනිල් හෙළි කරයි..
මාලිමා ආණ්ඩුව බටහිර "ප්‍රොක්සි" ආණ්ඩුවක්.. - ඥානසාර හිමි සිද්ධිය සහ රටේ වත්මන් තත්ත්වය ගැන වෛද්‍ය වසන්ත බණ්ඩාරගෙන් විශේෂ හෙළිදරව්වක්..
බලවත් ජාතීන්ගේ වුවමනා එපාකම් මත සිදුවන ගමන ආපසු හැරවිය නොහැකි බියකරු අන්තයකින් අවසන් විය හැකියි.. - මොහාන් සමරනායක අනතුරු අඟවයි
ඥානසාර හිමියන් වෙනුවෙන් "නිදහසේ පාද යාත්‍රාව" මහනුවර ශ්‍රී දළදා මාලිගාව අබියසින් ඇරඹෙයි..