අනිච්චානුගතව අභිප්‍රේරණයවූ 3% ට අයත් නොවූ ජවිපාවුන් මාලිමාවෙන් ප්‍රතික්ෂේප වීම අවිද්‍යාත්මකද?
පසුගිය ජනපතිවරණයේ ප්‍රථිඵල ලැබීමෙන් පසුව පෙර සබඳතා සිහිකරමින් හා සුබපතමින් විමල් වීරවංශ ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණයෙන් ඉවත් වුනා. විමල්ගේ එම ක්‍රියාව වාම කඳවුරේ ජයකින් අභිප්‍රේරණයක් නිසා සිදුවූ අනිච්ඡානුගත ක්‍රියාවක්ද යන්න තවම පැහැදිලි නැතිමුත් විමල්ගේ එම සුබපැතුම 3% නේ ජවිපාවෙක් හා මාලිමා ප්‍රභලයෙක් විසින් ඉතා අවඤ්ඤා සහගතව බැහැර කර තිබුනා. විමල් වීරවංශ සමග එක පතේ කාගෙන දේශපාලනයේ යෙදුන උදය ගම්මන්පිල විසින් මාලිමාව ඔලු දෙකේ යාන්ත්‍රණයක් ලෙස දක්වා තිබුනා.
විමල්ගේ සුබපැතීමේ මෙන්ම උදයගේ දර්ශණයේද ගැබ්ව ඇත්තේ වාම සහ ලිබරල්වාදී සංකලනයක් වන මාලිමාව අන්ත දෙකකින් යුක්තව ක්‍රියාත්මක වන බවයි.
එහෙත්, මේ ලියුම්කරුට නම් සිතෙන්නේ මාලිමාවට තවදුරටත් වාමවාදය වලංගු නොවන බවයි. එනම්, වාමවාදය නව ලිබරල්වාදීන් විසින් දියකර හරිනු ලැබීමෙන් පසුව ඒ දියර අවශෝෂණය වූ වාමවාදීන් තමුන් බෙලහීන වූ බවටවත් හැඟීමක් නොවන තරමට නව ලිබරල් ද්‍රාවණයේ සාන්ද්‍රණය වීමයි. එබැවින්, 3%ට වත් අයත් නොවන ගතානුගතික ජවිපාවුන්ට හිතෙන ආකාරයේ ආශ්වාදයක් ලැබීමට දෙයක් එම ජයග්‍රහණයේ තිබේද?
මෙහිදී 3%නේ පසුවූ පිළ 42% දක්වා වර්ධනය හෙවත් ඔවුන්ගේ භාෂාවෙන්ම හඳුන්වන්නේ නම් "ක්වොන්ටම් ලීප්" යක් ලැබීමත්, 52% ක්වූ පිළ යන්තම් 2.5% ට බැසීමත් අමතක කළ නොහැක. මෙම වර්ධකයට හේතුවූ 39% අනිවාර්යයෙන්ම කලින් 3% විසින් හඳුන්වන ලද නූගත් බයියන්ගෙන් විභේදනය වුනා වූ කොටසකි. ඔවුන්ට පරණ ජවිපෙ ක්‍රියාකාරකම් අදාලම නැත. ඊට විජේවීර ජවිපෙ පිහිටුවීම, විජේවීරගේ ඉන්දියානු විරෝධයට රූපාන්තරණය වීම, ජවිපෙ ජාතික කොඩිය ගැනීම, ජාතිකවාදීන් හිතන ආකාරයට ජාතික කොඩිය යළි අතහැරීම, ඔරුමිත්තනාඩුව දීම ආදී කිසිවක් වලංගු නැත.
සැබෑවටම ඔවුන් නව ලිබරල් වාදීන්ද නොවනු ඇත. ඔවුන්ගේ ඒකායන අභිප්‍රාය වන්නේ වරක් රැවටුවාවූ, හොරා නාමධාරීත්වයෙන් මිදීමට අසමත්වූ, රට බංකොලොත් කිරීමට දායකවීම හේතුවෙන් අධිකරණයෙන් පවා ඳඬුවම් ලැබුනා වූ, ඒ ඳඬුවම් යුද අපරාධ චෝදනා පිළිගත්තාක් මෙන් අවිවාදිතව පිළිගත්තාවූ, පාස්කුවේදී පුපුරවාගෙන මියයෑමට අන්තවාදීන් මෙහෙයවූ මහමොළකරුවන් විය යුතු යැයි සැකකලාවූ දේශ ද්‍රෝහීන් පිරිසක් පළවා හැරීමට දායක වූ දේශය ගලවාගත් අයමෙන් තමුන්වම සළකන්න වීමයි. එහි යම් ප්‍රමාණයක් යම්කිසි කාලයකදී ජවිපෙ කෙරෙහි යම් අනුකම්පාවක් දැක්වූවන් සිටියද ඔවුන්ද පරණ ජවිපාවුන් කෙරෙහි ආත්මිකව අනුකම්පා දක්වන්නන් නොවන බව පැහැදිලිවම සැළකිය හැකියි.
එසේම, අද වනවිට දැකිය හැකි අනෙක් ලක්ෂණය වන්නේ ඒ 3% සිටි සමහර ජවිපාවන් ද නව ලිබරල්වාදීන් හා ඊට ලැදි හෝ නාමිකව ලැදි ආගමික සංස්ථාද එකම ස්ථාවරයක සිට ගැනීමයි. මෙය ගම්මන්පිල විසින් පාස්කු ප්‍රහාරයේ ඉතිරි වාර්තා දෙක ප්‍රසිද්ධ කිරීමට ඉල්ලීමේ දී දැකගන්නට හැකිවිය.
මේ ලියුම්කරු පුද්ගලිකව අත්විඳි අත්දැකීමක් වන්නේ සති කිහිපයකට පෙර 3% ට අයත්වූ කොම්ෂන් වාර්තා හෙලිකරනු යැයි බලකර සිටි සමහර ජවිපානුවන් ද මේ හෙලිකිරීම ප්‍රකාශ කිරීම වැඩකට නොමැති ප්‍රලාඵ කියවීමක් ලෙසට සළකන බවයි.
එබැවින්, පැහැදිලිව පෙනීයන කරුණක්ව ඇත්තේ නව ලිබරල්වාදය අවශෝෂණය වීමෙන් කෙටි කලකදී ජවිපෙට ලැබුන බලය රෝමන්වරුන් පලවා හැරීමට සූරපප්පට වෙදපප්පාගෙන් ලැබුන බලයත් ඉක්මවා ඇති බවයි. ඒ බලය ආශිර්වාදයක් හා අත්‍යාවශ්‍ය සංඝටකයක් ලෙස දකින 3% හි ජවිපෙන් නැවත විප්ලවීය හෝ වාමවාදී හෝ ජාතිකවාදී ආදී වශයෙන්වූ ජවිපයක් දකින විමල් ආදීන් සමච්ඡලයට ලක්වීම අවිද්‍යාත්මක නොවනු ඇත.
සාම්ප්‍රදායික ජවිපෙක්ගේ කාර්යභාරය පරිණාමය වූ හෝ රූපාන්තරණය වූ ජවිපෙකුගෙන් බලාපොරොත්තු වීම දිඹුල් මල් පතා දිය ඇදීමක් වනු ඇත. විමල් ආදීන්ට ඔවුන්ගේ දැන් භූමිකාව වන්නේ නව ලිබරල්වාදී ද්‍රාවණයේ සාන්ද්‍රවූ වාමවාදීන්ට සුභ පැතීම යැයි සිතන්නේ නම් කෙතෙක් දුරට ඔවුන්ගේ තනුකතාවය පවත්වා ගැනීමට හැකිවේද යන්නේ ප්‍රථිඵලය ඊළඟ මැතිවරණ පරාසය තුලම නිරීක්ෂණය වනු ඇත.
මාලිමාවටද කෙදිනක හෝ යළි ප්‍රශ්නයක් වන්නේ මාලිමාවට අභිසරණය උනාවූ ඒ සැබෑ නව ලිබරල්වාදීන්ද නොවන 39% යේ විශ්වාසය මාලිමාව වෙත රඳවා ගැනීමය. ඒ විශ්වාසය පවත්වා ගැනීම සඳහා වාහන, බිත්තර, හොරාගත් ඩොලර්, කොමිෂන් වාර්තා ආදී රඟ දැක්වීම් ආදියෙන් කල හැකිද යන්න එහි සාර්ථකත්වය මත තීරණය වනු ඇත.
- හේවා කන්කානම්ගේ
සම්බන්ධිත පුවත් | Related News
ප්‍රධාන පුවත්
බුද්ධ චීවරයට අත තැබූ ආණ්ඩුව හත් පොළේ ගාගෙන නිලධාරීන් පාවාදෙයිද..? - විමල්ගෙන් අනාවරණයක්..
සිවුරට මුවාවී ඉතිහාසයේ වැඩිම ගේම් ගහපු පිරිසක් ඉන්නේ මාලිමාවේ 159 අතරේ.. සිවුරු ඇරපු 50කට වැඩි පිරිසක් ඉන්න ආණ්ඩුවක් මේක.. - උලපනේ සුමංගල හිමි
ඉරාන තෙල් නෞකා 17කට ඇමෙරිකාවෙන් සම්බාධක..
ඥානසාර හිමියන්ගේ කටහඬ ගැන නොව, උන්වහන්සේ කියූ ජාතික කාරණා ගැන අවධානය යොමු කරන්න.. ඊළගට ජම්පරේ අන්දන්නේ මට ලු.. – මහාචාර්ය පූජ්‍ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි
එක් අයෙකු වෙනුවෙන් නීති නමන්න බෑ.. බන්ධනාගාර ආඥා පනතේ නීති රෙගුලාසි සමාලෝචනයට කමිටුවක් පත් කරනවා.. - ජනපති
රට වෙනුවෙන් කැපවූ භික්ෂූන් වහන්සේලා, රණවිරුවන් සහ ජාතික බලවේග මර්ධනය කිරීමට ආණ්ඩුවෙන් මෙහෙයුමක්.. - විමල්ගෙන් හෙළිදරව්වක්
ඇමරිකාව ප්‍රමුඛ කඳවුර අපේ රට තම ග්‍රහණයට නතු කරගෙන අවසන්.. - ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක
ඔය ගළවා දැම්මේ ඥානසාර හිමියන්ගේ සිවුර නොවේ.. මහා සංඟරත්නයේ බුද්ධ චීවරය.. පක්ෂ පාට වාද භේද නොසලකා එකාවන්ව නැගී සිටිය යුතුයි.. - විමල් වීරවංශ.
හෙළ ශාසනික ඉතිහාසයේ අඳුරුතම දිනය බවට 2026යේ ඔක්තෝබර් 6 වෙනිදා පත්වුණා.. සුදු අධිරාජ්‍යවාදීන් පවා කවදාවත් සිවුරට අත තිබ්බේ නෑ.. - උදය ගම්මන්පිල
ඥානසාර හිමියන්ට ගිහි වස්ත්‍ර ඇන්දවීම ගැන ත්‍රෛනිකායික මහානායක හිමිවරුන්ගෙන් දැඩි විරෝධය.. - බන්ධනාගාර කොමසාරිස්වරයාට විශේෂ ලිපියක්
ඤාණසාර හාමුදුරුවො වෙනුවෙන් රටපුරා මහා සංඝරත්නය කොළඹ මහාධිකරණයට..
යේමන ගැටුම කලාපීය යුද්ධයක් දක්වා උත්සන්න වෙයි
ඥානසාර හිමියන් ගේ සිවුර ගැලවීම වර්තමාන ආණ්ඩුවේ දැඩිි බෞද්ධ විරෝධී ප්‍රතිපත්තියේ දුෂ්ඨ පිළිබිඹුවක්.. - ජාතික සවිධානවලින චෝදනා..
සමාගම්වලට කැමති මිලකට ඉන්ධන විකුණන්න පුළුවන්- ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ. රාජකරුණා
කච්චතිව් ගිවිසුම් යළි විවෘත කරන්න අදහසක් නැහැ.. - ඉන්දීය මධ්‍යම රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි..
සුරේෂ් සලේ ගැන එක්සත් ජාතීන් ඇසූ ප්‍රශ්න හමුවේ ආණ්ඩුව මුනිවත රකියි..